13/08/2026
අධික ලෙස සීනී අඩංගු ආහාර කෑවාම වෙන දේ සරළවම?
ස්වාභාවික ආහාරවල සීනි අඩංගු වන අතර ඒවා සුක්‍රෝස් (උක් පැණි), ප්‍රක්ටෝස් (ඉදුණු පළතුරු), මෝල්ටෝස් (කිරි ආහාර)ලෙස පවති. නමුත් ශරීරය තුළදී ඒවා ජීරණය වී ග්ලූකෝස් නැමති සරළ සීනී බවට පත්වේ. මෙම ග්ලූකෝස් යනු සියලුම ජීව ක්‍රියාවලට ශක්තිය සපයන ඉන්ධන වර්ගයයි.
නමුත් කෘතීම ආහාරවල අඩංගු අමතරව එකතු කළ සීනී (added sugar) ආහාරයට ගැනීමත්, කය වෙහෙසා වැඩ නොකිරීමත් නිසා මෙම අධික සීනී අපගේ මාරයා බවට පත්වන්නේ මෙසේය.
1.සීනී සහිත ආහාර අධිකව ගැනීම නිසා අග්න්‍යාශයෙන් අධික ලෙස ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය කිරීම.
2.මෙම අධ්ක ඉන්සුලින් හෝමෝනය මගින් රුධිරයේ ඇති අධික සීනී සෛල තුළට ඇතුළත් කිරීම.
3.නැවත නැවත සීනි අඩංගු අහාර ගැනීමත්, ඒවා දහනය වීමට ප්‍රමාණවත් තරම් ශරිර ක්‍රියාකරකම් නොවීමත් නිසා සෛල තුළට සීනී ඇතුළත් කර ගැනීම නැවතීම.
4.නමුත් අග්න්‍යාශයෙන් දිගටම ඉන්සුලින් ස්‍රාවය කිරීම නිසා රුධිරයේ ඉන්සුලින් ඉහල යාම.
5.මෙම ඉන්සියුලීන් මගින් කොලෙස්ටෙරෝල් ඔක්ෂීකරණය කර අහිතකර කොලෙස්ටෙරෝල් සැදීම.
6.මෙම අහිතකර කොලෙස්ටෙරෝල් රුධිර නාලවල තැන්පත්වීම නිසා හදවත, මොළයේ ලේ සැපයුම අඩාල වීම නිසා හදවත් රෝග සහ ආඝාතය (අංශභාගය ඇතිවීම.
📍කෘතීම ආහාර ගැනීමට පෙර ලේබළය කියවා සීනී සහ අහිතකර මේදය අඩංගුද යන්න දැනගන්න.
📍සීනි පරිභෝජන අඩු කරන්න. (දිනකට සීනි තේ හැඳි 6-9 අතර ප්‍රමානයක්. මෙය ස්වාභාවික ආහාර වලින් ලැබෙන සීනි හැර ඔබ ගත හැකි සියලුම අමතර සීනී වේ. උදා: විස්කෝතු,පාන්,uce cream, chocolate, සීනී)
📍කය වෙහෙසා වැඩ කරන්න.
📍ඔබගේ සීනි මට්ටම පරික්ෂා කරගන්න.