04/08/2026
(එල්නිනෝ ගැන කතා කරනකොට අසිරිමත් ලංකාව ගැන පරන SJB Voice පිටුවේ අපි ලියපු සටහන්.)
🌾 රජරට මහ පොළොවේ විද්යාව සහ අසිරිමත් ජීවන රටාව
ලෝකයේ තියෙන අතිශයම දියුණු, ඒ වගේම අතිශයම සංවේදී විද්යාවක් සහ ජීවන රටාවක් උරුම කරගත්තු, මහා පොළොවේ මිනිස්සු රැලක් ඒ තමයි මගේ රටේ රජරට මිනිස්සු! ආදරෙයි හුගාක් රජරට ගොවි මව් පිය වරුන්ට.💚💛
අද ලෝකේ ඉන්න ලොකු ලොකු විද්යාඥයෝ සැටලයිට් දාලා, සුපිරි පරිගණක දාලා "මෝසම් වැසි" (Monsoon Rains) ගැන, "සංවහන වැසි" (Convectional Rains) ගැන අනාවැකි කියද්දී, අපේ රජරට පාරම්පරික ගොවියා ඒ හැම දේම තමන්ගේ අත්දැකීමෙන් සනාථ කරලා ඉවරයි.
බලන්න ඒ ජීවන රටාවේ තියෙන සුන්දරත්වය සහ විද්යාත්මක පදනම හරි අපූරුයි....
අපේ මුතුන් මිත්තෝ නිරිතදිග මෝසම, ඊසානදිග මෝසම එනකම් බලාගෙන හිටියේ නෑ. ඔවුන් බැලුවේ අහසේ පියාඹන පක්ෂීන්ගේ රටා දිහා. කිරි කොකා පියාඹන දිශාවෙන්, කිරලා බිත්තර දාන උසින්, වැහි කූඹි හැසිරෙන විදියෙන් ඔවුන් හරියටම කිව්වා මෝසම් වැස්ස කඩා හැලෙන දවස. අන්න ඒ විද්යාවෙන් තමයි ඔවුන් කාලය කළමනාකරණය කළේ.
🪓 හේන් කපලා මහනුවරට ,කතරගමට යන පවුලේ චාරිකාව (Family Trip) හරි ලස්සනයි.
ජරට මහ කන්නයේ කුඹුරු සහ හේන් සේරම අස්වද්දන්නේ මේ ඊසානදිග මෝසම් වැස්සෙන්.
"සහෝදරවරුනි, අපේ මිනිස්සු අකුරු නොදත්තට, අහස පොළොව ගැන උපාධි නොගත්තට, බටහිර විද්යාවෙන් 'ඊසානදිග මෝසම' (North-East Monsoon) කියලා හඳුන්වන මහා වැසි කලාව හරියටම දැනගෙන හිටියා.
අගෝස්තු මාසේ ඇසළ පෙරහැර බලන්න නුවරට පයින් යන්නේ රජරට මහ පොළොව වියළි කච්චාන් සුළඟින් වේලිලා තියෙන කොටයි. කපපු කැලෑව වේලිලා, ඔක්තෝබර් - නොවැම්බර් වෙද්දී ඊසානදිග මෝසම් වැස්ස මුළු රජරටම සිපගන්න කොට, අපේ ගොවියා ලෑස්තියි මහ කන්නයේ වපුරන්න!
සැටලයිට් නැති ඒ කාලේ, සොබාදහමේ මේ ඊසානදිග මෝසම් රිද්මය තත්පරයට අඳුනගත්ත එකම විද්යාඥයා අපේ පාරම්පරික රජරට ගොවියා විතරයි!"
මහ කන්නයේ අස්වැන්න නෙලාගෙන, වී ටික අටු කොටුවල පුරවලා, රජරට ගොවියාට ලැබෙන පුංචි විවේකය ඔවුන් ගත කළේ කොහොමද?
අද කාලේ වගේ වාහන තිබුණේ නෑ. ඔවුන් කළේ හේන් වගාවට ඕන කරන කැලෑව කපලා, ඒ කොටන් ටික වේලෙන්න ඉඩ හැරියා. ඒක නිකම්ම නිකම් වේලීමක් නෙවෙයි, පාංශු ජීව විද්යාවට අනුව ඒකෙන් පස පෝෂණය වෙනවා.
අන්න ඒ දින කිහිපයේ, තමන්ගේ ආදරණීය බිරිඳ, දූ දරුවෝ, අම්මා තාත්තා එක්ක රජරට මිනිස්සු මහනුවර බලා පයින්ම පිටත් වුණා. .. ඒක තමයි අපේ ඉතිහාසයේ තිබුණු සුන්දරම, ආදරණීයම "ෆැමිලි ට්රිප්" (Family Trip) එක! දින ගණනාවක් පයින් යද්දී, එකට බත් මුල ලිහාගෙන කද්දී, දරුවන්ට පරිසරය කියා දෙද්දී ඒ පවුල් ඇතුළේ ගොඩනැගුණු ආදරය අද කාර් එකේ ඒසී දාලා යන අයට දැනෙන්නේ නෑ.
🌧️ දිය කැපීම, ගිනි තැබීම සහ බක්මහ අකුණු
මහනුවර ඇසළ පෙරහැර බලලා, දළදා සමිඳුන් වැඳලා, අවසාන දවසේ දිය කපන චාරිත්රය ඉවර වෙනකොටම රජරට ගොවියා ආපහු තමන්ගේ ගමට එනවා. ඔවුන් එන්නේ හිස් අතින් නෙවෙයි, සොබාදහමේ ආශිර්වාදය අරගෙන.
ගමට ආපු ගමන්, අර වේලිලා තිබුණු හේනට ගිනි තබනවා. ගිනි තියලා අළු වුණු ඒ පොළොවට, දිය කපලා ඉවර වුණාම එන පළමු මෝසම් වැහි බිඳුව වැටෙද්දී දැනෙන ඒ පස් සුවඳ... , ඒක විඳින්න පින් කරන්න ඕනේ! අළුත් එක්ක මුහු වුණු ඒ වැස්සෙන් පොළොව ස්වාභාවිකවම සාරවත් වෙනවා.
අන්න ඒ හේන් වගාවේ අස්වැන්න මාර්තු 15 වෙනකොට නෙලාගෙන අවසන් කරන්න අපේ මිනිස්සු දැනගෙන හිටියා. ඇයි දන්නවාද? මාර්තු 15න් පස්සේ එන්නේ මාරාන්තික "බක්මහ අකුණු" එක්ක එන සංවහන වැසි. ඒ අකුණුවලින්, ඒ මහා වැස්සෙන් තමන්ගේ රන්වන් අස්වැන්න බේරගන්න තරම් අපේ මිනිස්සු විද්යාත්මකව සන්නද්ධ වෙලා හිටියා.
නමුත් සහෝදරවරුනි, අද අපිට වැරදුණේ කොතනද?
"අද දේශපාලනය අපිට උගන්නලා තියෙන්නේ පොහොර මල්ලටයි, බීජ ටිකටයි ආණ්ඩුවලට අතපාන හිඟන්නෝ වෙන්න. අපේ අතේ තිබුණු ඒ මහා දේශගුණික විද්යාව අපි සල්ලිවලට පාවා දුන්නා. අද අපිට වැස්ස වහින වෙලාව දන්නේ නෑ, කුඹුරට බහින්න ඕන නැකත දන්නේ නෑ. අපි සොබාදහමෙන් ඈත් වුණා, ඒකයි අද රජරට ගොවියා ණය වෙලා, වකුගඩු ලෙඩ හැදිලා පාරට වැටිලා තියෙන්නේ!"
අකුරු නොදත් ඒ රජරට මිනිසා එදා සොබාදහම පාලනය කළා. අද අකුරු දත්, උපාධි ගත්තු මිනිස්සු සොබාදහම විනාශ කරනවා.
අපි ආයෙත් නැගිටින්න ඕනේ .අපිට ඕනේ නිකම්ම නිකම් සහන දෙන දේශපාලනයක් නෙවෙයි. අපේ මුතුන් මිත්තන්ගේ ඒ පාරම්පරික ඥානය, ඒ දේශගුණික විද්යාව, ඒ අසිරිමත් ජීවන රටාව සහ පවුලේ ඒ උතුම් බැඳීම ආයෙත් මේ රජරට පොළොව උඩ ප්රතිස්ථාපනය කරන දේශපාලනයක්!
වැවයි, දාගැබයි, කිරලාගේ අනාවැකියයි, බක්මහ අකුණයි අඳුනන රජරට ලේ තියෙන කිසිම කෙනෙකුට මේ පොළොවේ පැරදෙන්න බෑ. අපි නැගිටිමු! අපේ පැරණි විද්යාවෙන් මේ මහා පොළොව ආයෙත් අස්වද්දමු!
පරිසර හිතකාමී කෘෂිකාර්මික රජරට මිනිසා ඇති හැකි මිනිසෙකු කල හැකි එකම අනාගත නායකයා සජිත් ප්රේමදාස.
මතක තියාගන්න SP .
Sjb Voice
බොහෝම ස්තූතියි! ජයවේවා!