31/08/2022
#නිවසක_සිදුවූ_උපතක්_ලියාපදිංචිය
උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න.
ප්‍රකාශය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත හැක.
•දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
1.පියා
2.මව
3.උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
4.භාරකරුවන්
උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
•උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.
#ගාමීය_රෝහලක_සිදු_වූ_උපතක්_ලියාපදිංචි_කිරීම
උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට •සුදුසුකම් ලත් පුද්ගලයන්,
1.පියා
2.මව
3.දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්, 4.දරුවා භාරව සිටින පුද්ගලයන්
5.රෝහලේ වෛද්‍ය නිලධාරී
උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
•ඉදිරිපත් කළයුතු ලියවිලි
1.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
2.උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
ෝහලක_සිදු_වූ_උපතක්_ලියාපදිංචි_කිරීම
උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න.
උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට •සුදුසුකම් ලත් පුද්ගලයන්,
1.පියා
2.මව
3.දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
4.දරුවා භාරව සිටින පුද්ගලයන්
5.රෝහලේ වෛද්‍ය නිලධාරී
උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
•ඉදිරිපත් කළයුතු ලියවිලි
1.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
2.උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි
#පෞද්ගලික_රෝහලක_සිදු_වූ_උපතක්_ලියාපදිංචි_කිරීම
උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට •සුදුසුකම් ලත් පුද්ගලයන්,
1.පියා
2.මව
3.දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
4.දරුවා භාරව සිටින පුද්ගලයන්
5.රෝහලේ වෛද්‍ය නිලධාරී
උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
•ඉදිරිපත් කළයුතු ලියවිලි
1.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
2.උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
#ලියාපදිංචි_වත්තක්_තුළදී_සිදුවන_උපතක්_ලියාපදිංචි_කිරීම
උපත සිදුවී දින 07ක් ඇතුලත වතු අධිකාරිවරයා වෙත දැනුම් දෙන්න.
•දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
1.පියා
2.මව
3.උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
වතු අධිකාරිවරයා විසින් අයදුම්පත සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා යොමු කෙරේ.
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාලයෙන් උප්පැන්න සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.
#විදේශයක_සිදු_වූ_උපතක්_ලියාපදිංචි_කිරීම
ශ්‍රී ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
•උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
1.පියා
2.මව
3.භාරකරු
උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
•ඉදිරිපත් කළ යුතු ලියවිලි,
1.නිවැරදිව නම් කරන ලද ප්‍රකාශය
2.උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත් ලියාපදිංචි කරවා ගත හැක.
ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075