03/07/2026
සුභ දවසක් මිත්‍රවරැනි,
ජනප්‍රසාදයක් නැති, මිනිහෙකුට කඩෙි යන්න ලැජ්ජා නැද්ද යනුවෙන් අපේ "මාලිමාවෙි" සහෝදරවරැ අහනවා, රටවල් දියුණුවෙි මගට පිවිස ඇත්තේම, ජනප්‍රිය නොවන දේශපාලන තීන්දු ගත්, සෘජු ප්‍රතිපත්ති මත පිහිටා,
කටයුතු කල නායකයින් නිසාමයි,
ඉන්දියාවේ "මන් මෝහන් සිං"
චීනයේ "ෂියාවෝ පින්"
සිංගප්පූරුවෙි "ලී ක්වාන්යු"
වැනි නායකයින් එරටවල් තුල සිදුකල ආර්ථික ප්‍රතිසංස්කරණ නිසාම අද ඒ රටවල් කලාපීය බලවතුන් බවට පත්වී තිබෙනවා,
අද ඉන්දියාව නව Liberal ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා, එරට ලාභ ලබන ගුවන් තොටුපොළවල් පවා පුද්ගලීකරණය කර තිබෙනවා,
දියුණු ආර්ථිකයක් ඇති එන්ගලන්තයේ Telecom එක පාලනය වෙන්නේ ප්‍රංශ සමාගමක් මගින්,
අපිටත් එතනට යන්න තිබෙනවා,
"රනිල් වික්‍රමසිංහ" රට විකුණනවා කියමින් මෙහේ බෝඩි අල්ලගෙන මහ පාරේ වීදි සටන් කරනකොට ආයෝජකයන් එනවද,
සිංගප්පූරුව ගොඩනැගු "ලී ක්වාන්යු"
එක රැයින් වෘත්තීය සමිති මාෆියාවට තිත තබමින්, සේවකයින් දහස් ගණනක් රැකියා වලින් නෙරපමින්, විවෘත වෙලදපොල ආර්ථික ප්‍රතිපත්තිය, හරහා රට විවෘත කරමින්,
විදෙස් ආයෝජන සදහා ඉඩ සැලසු නිසාම අද සිංගප්පූරුව ලබා ඇති ආර්ථික ප්‍රගතිය කෙබදුද,
ඒ නිසා රනිල් වික්‍රමසිංහට කඩෙි යන්න ලැජ්ජා නැද්ද අහන ජනතා විමුක්ති පෙරමුණේ, අද ජාතික ජන බලවෙිගයේ, "මාලිමාවෙි"
මිතුරන්ට මතක්කර දෙන්න කැමතියි,
අපි පෙනී සිටින්නේ මෙි පරම සත්‍යය වෙනුවෙන්, ජනවරමක් නැතුව දශක ගණනාවක් පුරා, උපක්‍රමශීලීව රනිල් වික්‍රමසිංහ ලබාගත් සීමිත බලයන් තුල ඔහු කටයුතු කර ඇත්තේ ඔය පරම සත්‍යය වෙනුවෙන්මයි,
පැරදි පැරදීත්, නින්දා, අපහාස විදිමින් රනිල් වික්‍රමසිංහයන් මෙි සෘජු ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කරන නිසාම, ජනප්‍රිය දේශපාලනය නොකරන නිසාම, බලය වෙනුවෙන් බොරැ නොකියන නිසාම, ඔවි අපි ඔහුට කඩෙි යනවා,
ඔබ දේශපාලනය කරන්න, දැනගෙන, ජය පැරදුම නෙමෙයි වැදගත්, රටයි, රටෙි අනාගතයයි,
ශිරන්ත ද සිල්වා,
එජාප ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යය ලේකමි,
#එකමවිකල්පයරනිල්පමණි
#අකුදිපලගෙදර
#සියල්ලටමඋඩින්
#ළපයාපට්ටහොරා
#මෙිආන්ඩුවරටටසාපයක්