Anamaduwa Pradeshiya Sabha - Face book page

Anamaduwa Pradeshiya Sabha - Face book page *සෞභාග්‍යමත් පුරවරයක්*

10/08/2026

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කළ “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන අගෝස්තු 08 දින දිවයින පුරා සියලු ම ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් පැවැත්වුණු අතර ඊට සමගාමීව පුත්තලම, ආනමඩුව වැව අසල සංවිධානය කර තිබූ පවිත්‍රකරණ වැඩසටහනට පැවැත්විනි
ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන්, ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහචාර්ය චන්දන අබේරත්න පුත්තලම දිස්ත්‍රික් ලේකම්, ආනමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලේකම් ඇතුලු නියෝජිතයින්, ආනමඩුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

29/07/2026

ඇසල පුර පසලොස්වක පොහෝ දිනට සමගාමීව
ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින්
පළමු වරට සංවිධාන කරනු ලබන
*කහ බත් දන්සල*
මේ වන විට ආරම්භ කර ඇත.
ඔබ සැමට ආරාධනා !

ඇසල පුර පසලොස්වක පොහෝ දිනට සමගාමීව  ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින් පළමු වරට සංවිධාන කරනු ලබන *කහ බත් දන්සල* ආණමඩුව සතිපොළ ...
22/07/2026

ඇසල පුර පසලොස්වක පොහෝ දිනට සමගාමීව
ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින්
පළමු වරට සංවිධාන කරනු ලබන
*කහ බත් දන්සල*
ආණමඩුව සතිපොළ භූමියේදි
ජුලි මස 29 දින මධ්‍යහන 12 සිට පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා !

10/07/2026

ආණමඩුව ප්‍රාදේශිය සභාව, සෞඛ්‍ය ‍වෛද්‍ය නිළධාරි කාර්යාලය,ප්‍රාදේශිය ‍ ලේකම් කාර්යාලය.ආණමඩුව පොලීසිය යන ආයතන ඒකාබද්ධව සිදු කරනු ලබන අඛණ්ඩ ඩෙගු මර්දන වැඩසටහන් සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න.
ඔබේ නිවස,වෙළද ස්ථානය,ගෙවත්ත ඩෙංගු මුක්ත කලාපයක් කරගන්න.
නිරන්තරයෙන් පිරිසිදු කරන්න.

වර්තමානයේ  ඩෙංගු උවදුර නැවත හිස එසවීමේ තත්වයක් දක්නට පවති.මේ පිලිබද අවධානය යොමු කරමින් 2026.07.09 දිනයේදි ‍ඩෙංගු මදුරුවන...
10/07/2026

වර්තමානයේ ඩෙංගු උවදුර නැවත හිස එසවීමේ තත්වයක් දක්නට පවති.මේ පිලිබද අවධානය යොමු කරමින් 2026.07.09 දිනයේදි ‍ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම හා විශේෂ ශ්‍රමදාන කටයුතුතක් ශ්‍රි ලංකා යුධ හමුදාවේ නිළධාරින්ගේද සහභාගීත්වයෙන් සිදුවිය.
මේ සදහා මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් හා ආණමඩුව ප්‍රාදේශිය සභා නිළධාරින් ද සම්බන්ධ විය.
අප නගරය වන ආණමඩුව නගරය ඩෙංගු මදුරුවන්ගෙන් තොර සුරක්ෂිත නගරයක් බවට පත් කිරිමට යුධ හමුදාවේ නිළධාරි මහත්මයින් විසින් ලබා දුන් සහයෝගය ඉතා අගය කොට සලකමු.

අන්තර්ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමිව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ආණමඩුව ප්‍රාදේශිය සභාව හා ප්...
10/07/2026

අන්තර්ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමිව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ආණමඩුව ප්‍රාදේශිය සභාව හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ දිනයක් සංවිධානය කරන ලදි.මෙහිදි නගරයේ ප්‍රධාන පාසල් වන ආණමඩුව මධ්‍ය විද්‍යාලය,කන්නන්ගර විද්‍යාලය හා ආණමඩුව කාර්මික විද්‍යාලය යන අධ්‍යාපන ආයතනයන්හි දරුවන් සම්බන්ධ වීමෙන් පෙළපාළියක් හා දැන්වීම් පුවරු ප්‍රදර්ශනයෙන් නගරය දැනුවත් කිරිමසිදු විය.
මේ සදහා, ඖෂධ පාලක ජාතික මණ්ඩලය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය-ආණමඩුව,ප්‍රාදේශීය සභාව-ආණමඩුව,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ආණමඩුව හා පොලිස් ස්ථානය ආණමඩුව යන ආයතන මුලිකත්වය ගන්නා ලදි.

වර්තමානයේ පවතින දැඩි ඩෙංගු අවදානම් තත්ත්වය හේතුවෙන් ආනමඩුව නගරය අවට වි‍ශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන හා ආණමඩුව නගරයේ බස් නැවත...
03/07/2026

වර්තමානයේ පවතින දැඩි ඩෙංගු අවදානම් තත්ත්වය හේතුවෙන් ආනමඩුව නගරය අවට වි‍ශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන හා ආණමඩුව නගරයේ බස් නැවතුම්පල අවට පිිරිසිදු කිරිම 2026.07.02 දින ආණමඩුව ප්‍රාදේශිය සභාව,ප්‍ර‍ාදේශිය ලේකම් කාර්යාලය,ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,ආණමඩුව පොලිස් ස්ථානය යන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව පවත්වන ලදි.
මේ සදහා ප්‍රාදේශිය සභා සභාපතිතුමා,ලේකම්තුමා ඇතුළු නිළධාරි හා කාර්ය මණ්ඩලයද,මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් හා කීට විද්‍යා නිළධාරින්ද,ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු නිළධාරින්ද සම්බන්ද විය.

පොසෙ‍ාන් පොහොය දිනයට සමගාමිව ආණමඩුව මහජන පුස්තකාල පාඨක සමාජය හා ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින් සංවිධාන කරන  ලද අයිස්ක්‍රිම...
03/07/2026

පොසෙ‍ාන් පොහොය දිනයට සමගාමිව ආණමඩුව මහජන පුස්තකාල පාඨක සමාජය හා ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින් සංවිධාන කරන ලද අයිස්ක්‍රිම් දන්සල 2026.07.02 දින ප්‍රාදේශිය සභා සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදි අති සාර්ථක ලෙස පවත්වන ලදි.මේ සදහා ප්‍රාදේශිය සභා ලේකම්තුමන්,මන්ත්‍රි මණ්ඩලය ,පුස්තකාල පාඨක සමාජය ,ප්‍රාදේශිය සභා නිළධාරින් හා කාර්ය මණ්ඩලයද සහ සම්බන්ද විය

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය මගින් වාර්ෂිකව සංවිධානය කරන ලද විවාද තරගාවලියේ වයඹ පළාත් ශූරතාව දිනා ගැනීමට සමත් ව...
25/06/2026

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය මගින් වාර්ෂිකව සංවිධානය කරන ලද විවාද තරගාවලියේ වයඹ පළාත් ශූරතාව දිනා ගැනීමට සමත් වූ ආණමඩුව ප්‍රාදේශීය සභා විවාද කණ්ඩායමට මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි.

දක්ෂතාවය, කැපවීම, දැනුම සහ කණ්ඩායම් හැඟීම එක්වූ විට ජයග්‍රහණය අනිවාර්ය බව නැවත වරක් ඔප්පු කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කිරීමට ඔබ සැම සමත් වී ඇත.

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ නාමය වයඹ පළාත තුළ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාව තුළම ගෞරවයට පත් කළ මෙම ජයග්‍රහණය වෙනුවෙන් කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට මාගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමි.

ඔබගේ මෙම ජයග්‍රහණය ඉදිරි ජයග්‍රහණ රැසක ආරම්භයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්! 🌹🏆

ආලෝක බණ්ඩාර
සභාපති
ආණමඩුව ප්‍රාදේශීය සභාව

Address

Chilaw Road
Anamaduwa
41200

Website

Alerts

Be the first to know and let us send you an email when Anamaduwa Pradeshiya Sabha - Face book page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share