Convivial Democratic Union Front

Convivial Democratic Union Front ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පක්‍ෂයකි. CDUF

මුසෝලිනි ගේ ආගමනය ට සමාන අගමනයන්.රැල්ලට ගියොත් සුනාමි වලට අසු වීම.මේවා දේශපාලන උපදේශ
04/01/2024

මුසෝලිනි ගේ ආගමනය ට සමාන අගමනයන්.රැල්ලට ගියොත් සුනාමි වලට අසු වීම.මේවා දේශපාලන උපදේශ

දේශපාලන විද්‍යාව තම අතැඹුල කරගත් ප්‍රවීණ ආචාර්‍ය වරියකගේ තක්සේරුව.ප්‍රජාතන්ත්‍ර වාදය අගයන,එහි වටිනාකම ආරක්ෂා ක...

DigitALL
18/02/2023

DigitALL

"DigitALL: Innovation and Technology for Gender Equality"
Celebrating International Women's Day































13/01/2023

ලාල් කාන්ත හෙදියන්ගෙන් ලිංගිකත්වය ඉල්ලීම සහ self destruction අංක 2.
පහත වීඩියෝව මට ඒවා තිබුණේ මගේ මිතුරියකි..හෙදියන් අමතන රැස්වීමකදී ලාල් කාන්ත සිටියේ සිහියෙන් කොහේදැයි නොදනිමි.ලාල් කාන්ත කිවේ හෙදියන්ට ජිම් යාම අනිවාර්ය කළ යුතු බවය.ලාල් කාන්ත දොස්තර කෙනෙකු ලෙසද.රෝහලේ ප්‍රධානියා ලෙසද ලොක්කා ලෙසද සිහින දකිමින් කියන්නේ ඔහුට ආසා හිතෙන පරිදි කෙසඟ සිරුරකින් හා විශාල පියයුරු සහිතව හෙදියන් සිටිය යුතු බවය.ජිම් යාමෙන් එසේ වන බව ලාල් කාන්ත සිතන්නේය. විශ්වාශ කරන්නේය.ලාල් කාන්තට ස්පා සේවකයන්,ලිංගික ශ්‍රමිකයන් හා හෙදියන් පැටලී තිබේ.රෝගීන් හෙදියන්ට වෛද්‍යවරුන්ට ආදරය කරන බව නොරහසකි.එනයින් ලාල් කාන්ත ඉල්ලා සිටින ලිංගිකත්වය ලබා දීමට ලංකාවේ කිසිම කාන්තා හෙදියක් බැඳී සිටිය යුතු නැත.අනෙක් අතින් ඔහු කියන්නේ ලංකාවේ හෙදියන් මෙලෝ රහක් නැති බවය.මේ වීඩියෝව අසන ඕනෑම කෙනෙකුට එය වැටහෙනු ඇත.ලාල් කාන්ත පළමුව මේ ප්‍රකාශය මගින් හෙදියන් මානසිකව ලිංගික අතවරයට ලක් කර ඇත.අනෙක් අතින් ඔවුන්ගේ සේවය අමතක කර ඔවුනට ලිංගික ශ්‍රමිකයන් ලෙස හැසිරෙන්නට බල කර සිටී.මේ කරුණු දෙකටම ශ්‍රී ලංකාවේ කාන්තාපක්ෂයක් ගොඩ නැගු කාන්තාව ලෙස මම දැඩි සේ හෙලා දකිමි.එසේ හෙලා දකින්නේ,පළමුව හෙදියන්ගෙන් ලිංගිකත්වය අපේක්ෂා කරන බවට කරන ලද තුච්ඡ ප්‍රකාශයටය.දෙවනුව එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ තවමත් අදුෂිත එකම සේවය වන හෙද සේවය ඉලක්ක කරගෙන ප්‍රකාශ කිරීමය.
ලංකාවේ හෙදිය අල්ලස් නොගන්නා,වැඩ කල් නොදාන එකම සේවකයා ලෙස කලක් තිස්සේ අප හඳුනාගෙන සිටිමු.හෙද කාර්යමණ්ඩල වලින් 90% ක් ම කාන්තාවන්ය.ලාල් කාන්තට අමතක වී ඇති කරුණු නම්.මේ කාන්තාවන්,දරුවන්ගේ මව්වරුන් බවය.ඔවුන් දරුවන් සමග පැය 12 ක වැඩමුරය කළමනාකරණය කරගන්නේ හාස්කම් කිරීමෙන් බවය.රෝගීන් සමග හැප්පෙන ජිවිත,තම ජිවිතයේ පවුල් සංස්ථාව වෙනුවෙන් ද සේවයෙන් පසු වෙහෙස විය යුතු බවය.ලංකාවේ හැම කෙනෙකුටම ගෙදර ජිම් එකක් පවත්වාගෙන යන්නට තබා වැඩට එන්නට වාහනයක් නඩත්තු කරන්නට තරම් ආර්ථිකයක් නැති බවය.ජවිපයට හෙදිය තුල සිටින ගැහනිය පමණක් නොව ශ්‍රී ලංකාවේ කාන්තාව පෙනෙන හැටි ලාල් කාන්ත කීවේය.එය කිසිසේත්ම මානව හිතවාදී ප්‍රකාශයක් නොව ලිංගික ප්‍රකාශයකි.sexism හෙවත් ලිංගිකත්වය පදනම් කරගත් වෙනස්කමකට ලාල් කාන්ත ලංකාවේ හෙදියන් ප්‍රසිද්ධියේ ලක්කළේය.ඔහුගේ අනුගාමිකයන් මාක්ස් උපුටා දක්වමින් එය සාධාරණී කරණය කරන්නේද කලිසම් කමිස හැඳගෙනය.දියුණු රටක් මෙය සිදු වී නම්.ලාල් කාන්ත ට නීතීමය පියවර ගැනේ.එය ලාල් කාන්ත පෞද්ගලික ව හෙදියක් සමග යහන් ගතවෙමින් කල ප්‍රකාශයක් නොව,නිල ඇඳුමින් හෙදියන් රැස්වූ රැස්වීමක කියන ලද්දකි.
ලාල් කාන්ත ගේ ප්‍රකාශය පසුව ඔවුන්ගේ නෙවේ යයි කියන සේපාල් ගේ ලබ්බ ප්‍රකාශයේ අංක 02 යයි මට දේශපාලනිකව සිතේ.පළාත් පාලන මැතිවරණය අභියසදී ජවිපය තමන් විසින්ම විනාශ කර ගෙන නැවතත් ජනතාවට බැන බැන සිටීමට යන උපක්‍රමයට යමින් තිබේ.නැතහොත් උවමනාවෙන් පරාජය වී පොහොට්ටුව දිනවීමය.මේ දිනවල ඇති ජවිපෙ රැල්ල අනුව පළාත් පාලන චන්දයේදී වැඩි බලයක් ඔවුනට හිමිවිය යුතුය.කරඬුව වසර තුනක්ම හිසේ තැබූ සේපාල් එක්වරම ජවිපයේ සරම කඩා බිම දැම්මේය..අවසානයේ සේපාල් ජවිපයේ නොවන බව ජවිපය කියා සිටියේය.දැන් ලාල් කාන්ත ගේ ප්‍රකාශය නැවත ඉලිප්පී එයි.අපිට ජවිපයට සමීපව ලබන්නට දෙයක් නැතුවා සේම තඩි බා ලබාගන්නට ද දෙයක් නැත.එහෙත් ජවිපය ද අනෙක් පක්ෂ වලින් වෙනස් නොවන ජඩ පක්ෂයක් බව රැල්ලට හසු වී සිටින ජනතාවට වැටහෙන්නේ නැත.ජවිපය උදම් අනන විනය ලාල් ට සේපාල ට අදාළ නොවන්නේ මන්ද? මේ ප්‍රශ්න කිරීම් තුලින් හැඟෙන්නේ.ජවිපය එක්කෝ ජනතා බලයට බය බවය.නැතහොත් හැදීගෙන එන රැල්ල උවමනාවෙන් බිඳ දැමීමටකලින්ම සැලසුම් කර තිබු බවය.නැතහොත් එය සැලසුමේ කොටසක් බවය.
කෙසේ නමුත් ලාල් කාන්තගේ ප්‍රකාශය ට සමාව ගැනීම ජවිපයේ ජාතික ජන බලවේගයේ යුතුකමකි.උගතුන් සිටි යයි කියන ජනබලවේගය තුල Sexism ගැන ජවිපයට දේශනයක් දෙන්නට උගතෙක් ඇතැයි මම විශ්වාස කරමි.එසේ නම්...ජවිපයේ උඩ සිට පහලටම එම පාඩම කියා දිය යුතුය.වැඩිපුරම කියා දිය යුතු වන්නේ මාක්ස් උපුටා දක්වන ඉගෙන ගත් එකම උතුම් දෙය මාක්ස් ගේ ලබ්බ යයි සිතා සිටින මොළ සේදුණු සාමාජිකයන්ටය.මගේ ලැයිස්තුවේ එවන් කිහිප දෙනෙකු සිටි.මට නම් කල හැකිය.
අපිට පොදු සතුරා වනුයේ ජනතාව නොමග යවන දේශපාලන පක්ෂය.ජවිපය පිරිමි පක්ෂයකි.ගැහැණිය ගැන ජවිපය සිතන විදිය හා ප්‍රයෝගිකව ඔවුන්ගේ පෞද්ගලික ලිංගිකත්වය සංස්කෘතිය පරයන්නකි.එහෙත් ඒ විකෘතිය ගෙදරින් එලියට පැන හෙදියන් ඉදිරියට එනවිටම සීමාව පැන තිබේ.සාරිය ට විරුද්ද ජවිපය,ගුරුවරියන්ගෙන් ලිංගිකත්වය සමාජය ඉල්ලා සිටින්නේ යයි චෝදනා කරමින් කල ප්‍රචාරණය ඔබට මතක ඇතුවාට සැක නැත.ගුරුවරියට කලිසම් අන්දා..හෙදිය ගේ පියයුරු සිලිකොන් වලින් පුරවා දැකීමට ලාල් කාන්ත ආශා කලාට..හෙදියගේ භුමිකාවේ එකම එක දවසක් රැකියාවක් නොකරන ලාල් කාන්ත හෝ ජවිපයේ ඉහල පෙලේ නායකත්වය දැරිය යුතුය.නැතිනම් ඔවුන්ගේ බිරින්දෑවරු හෙදකමට හෙට පටන් යැවිය යුතුය.එවිට හෙදකම හා ස්පා හෝ ලිංගික ශ්‍රමිකයන් ගේ වෙනස ඔවුනට වැටහෙනු ඇත.https://www.facebook.com/watch/?v=566301425073895&extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=2Rb1fB&ref=sharing

රටේ බහුතරයක් අළුත් රටක් ඉල්ලන විට අමතකව හෝ ඉෂ්ට කරවා ගැනීමට දුෂ්කර යැයි සිතෙන එහෙත් උනන්දුව ඇත්නම් ඉෂ්ට කරවා ගත හැකි කාර...
22/04/2022

රටේ බහුතරයක් අළුත් රටක් ඉල්ලන විට අමතකව හෝ ඉෂ්ට කරවා ගැනීමට දුෂ්කර යැයි සිතෙන එහෙත් උනන්දුව ඇත්නම් ඉෂ්ට කරවා ගත හැකි කාර්යයක් වෙනුවෙන් අපි මැදිහත් වෙනවා..අපේ රටේ වසර 74 ක් තිස්සේ සිදුවෙච්ච අපරාධ ගැන වගවීම හා වගකීම පමණක් නෙවෙයි..වංචනික ලෙස රටින් පිටකරපු රාජ්‍ය බදු මුල්‍ය හා රාජ්‍ය ණය ආපසු අපේ රටට ගෙනවිත් අපේ දරුවන්ට උරුම කර දෙන එක.මෙයට දක්වන සහයෝගයට,ධෛර්යයමත් කිරීමට විදේශීය ,දේශීය හා විද්වත් ලාංකික ප්‍රජාවටත් ,විදේශීය උපදේශකයන්ටත් ,පුරවැසි ජනතාවටත් අපගේ විශේෂ ස්තුතිය.
https://www.justiceforsl.org
https://drive.google.com/.../1Xpo508cZOMbGKhjyk9e...
https://www.youtube.com/watch?v=Mv20Kc0j_YE

Complete accountability of politicians for crimes committed against Sri Lanka !Politicization of the administration of justice in Sri Lanka has severely abus...

අද 2022.03 08 දින.1975 සිට එක්සත් ජාතීන්  විසින් නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරන්නට යොදාගත්ත දිනය.එක්සත් ලාංක...
07/03/2022

අද 2022.03 08 දින.1975 සිට එක්සත් ජාතීන් විසින් නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරන්නට යොදාගත්ත දිනය.

එක්සත් ලාංකීය කාන්තා පක්ෂය බිහි වෙන්නේ ලංකාවේ කාන්තාව ට දිනාගන්නට ඇති දහසක් දේ වෙනුවෙන්.2014 සිට අපි වසර ගණනක් රටේ සාධනීය වෙනසක් වෙනුවෙන් කාර්ය භාරයක් කළා.අද පවතින ආර්ථික,සමාජීය හා දේශපාලන අර්බුධය එක්ක ශ්‍රී ලාංකීය කාන්තාව ඉතාම දරුණු ඛේද වාචකයක් අභියස ඉන්නේ.ඔවුන් ගේ පිබිදීමක් නැගිටීමක් අවශ්‍යයි.ඒ පිබිදීම නැගිටීම වෙනුවෙන් අපි දේශපාලනිකව සුදානම් වන අතරේ ලෝකයේ තිරසාර සංවර්ධනයේ අරමුණු ඉදිරියට ආවා,අපිට ඇත්තටම ලෝකයත් එක්ක එකට යන්නම ඕන නිසා අපේ පක්ෂයේ නම " සුහද එක්සත් ප්‍රජාතන්ත්‍ර වාදී පෙරමුණ" වශයෙන් වෙනස් කරන්නට සිදුවුණා.එහෙත් අපේ අරමුණු එකම එක දශමයකින් වත් වෙනස් වෙලා නැහැ.කාන්තාව ශක්තිමත් කිරීම තුළ දරුවා හා පවුල තිරසාර කිරීමේ වගකීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මේ පිටුවේ නමත් ළඟදීම වෙනස් වෙයි පක්ෂයේ වෙනස් වුණු නමත් සමගම.එය තමයි කරන්නට තිබෙන පළමු දැනුම් දීම.

ලාංකීය කාන්තාව වැඩි වැඩියෙන් දේශපාලනයට එක් කරගැනීමට,ඇගේ බහුතර ආර්ථික දායකත්වය ඇගයීමට වගේම කාන්තාවට අවශ්‍ය නිසි තැන ලබා දීමට අපිට දුර ගමනක් තිබෙනවා.මෙතෙක් ඒ ගමන ආපු ඒ සහෝදර සහෝදරියන් පිරිසට අපේ ගෞරවය හිමි වෙනවා.ඔවුන් තවත් මේ ගමන ශක්තිමත් කරන්න සුදානම්.ලාංකීය කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් අපි ඉදිරියේ දී මැතිවරණ වලට ඉදිරිපත් වෙනවා.මේ කරුණු ගැන නිල දැනුම් දීමක් අපේ පක්ෂයේ ලේකම්,සභාපති වරුන් විසින් ළඟදීම සිදු කරන්නට සියල්ල සුදානම්.

සාමජිය,සංස්කෘතික,ආර්ථිකමය හා දේශපාලනමය වශයෙන් ලාංකීය කාන්තාව ඉදිරියට ගෙන ඒම අපේ පැතුමයි.පිඩාවක් නැති සමාජයක් හා සරු ජිවන පැවැත්මක් අපි ලාංකීය හා ලෝකවාසී කාන්තාවට ප්‍රර්ථනා කරනවා.

සුභාෂිණි විප්ෆ්ලර්

ලංකාව තුළ මෙය කඩිනමින් සිදුවිය යුතුය...
25/11/2021

ලංකාව තුළ මෙය කඩිනමින් සිදුවිය යුතුය...

Film Titled Her-LET THE VOICE BE YOURS, is the Perfect answer every Woman would like to Give to Someone who objectifies her and tries to Harass in any way.A ...

14/08/2021

ජන ජීවිතය ආරක්ෂා කරමු.වචනයකින් හෝ රෝගී වූ අයෙකුට සහනයක් වෙමු.මේ දුෂ්කර අවස්ථාව ජයගමු.

කාන්තාවක ලෙස තමන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙමු.දික්කසාදය ගැන නීතිය සරලව
06/06/2021

කාන්තාවක ලෙස තමන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙමු.දික්කසාදය ගැන නීතිය සරලව

දික්කසාදයක් ලබා ගැනීමට සපුරාලිය යුතු අවශ්‍යතා සහ නීතිය මගින් දික්කසාදයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය

Address

TIKIRI DHARA. 601/72B Thammenna Kulama. Anuradhapura
Anuradhapura Town

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94252220108

Website

Alerts

Be the first to know and let us send you an email when Convivial Democratic Union Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Convivial Democratic Union Front:

Share