03/08/2026
උතුරු මැද පළාතේ කසළ කළමනාකරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින්, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සාකච්ඡාව අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සහ එහි නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් යන සහෝදරවරුන්ගේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ. පලිහේන, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර සහෝදරදරවරුන්ගේද ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
📌️ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන වැඩපිළිවෙළ
උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව මඟින් පහත සඳහන් නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත:
ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව: සෑම පළාත් පාලන බලප්‍රදේශයක් සඳහාම අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තියක් සැකසීම, අතුරු ව්‍යවස්ථා යාවත්කාලීන කිරීම සහ වාර්ෂික සැලසුම් සකස් කර ප්‍රගතිය පරීක්ෂා කිරීම.
පරිපාලන ව්‍යුහය: අපද්‍රව්‍ය කළමනාකරණ ඒකක සහ ප්‍රාදේශීය කමිටු හඳුන්වා දීම මෙන්ම, සෑම පළාත් පාලන ආයතනයකටම පරිසර හා ඝන අපද්‍රව්‍ය විෂයභාර නිලධාරියෙකු පත් කිරීම.
සෞඛ්‍ය හා සේවක සුබසාධනය: සෞඛ්‍ය සේවකයින් සඳහා 50%ක දීමනාවක් ලබාදීම සහ "රජරට සේවක අභිමානී" වැඩසටහන හඳුන්වා දීම.
📌️විශේෂ ව්‍යාපෘති:
සත්ව සෞඛ්‍ය: "ජලභීතිකාව දුරලමු - රජරටින් අරඹමු" තේමාව යටතේ සුනඛ වන්ධ්‍යාකරණ සහ එන්නත්කරණ නියමු ව්‍යාපෘතියක් ඇරඹීම.
පරිසර සංරක්ෂණය: "හැදෙන පොහොසත් රටකට - රජරටින් වැඩෙන ගහක්" තේමාව යටතේ රුක් රෝපණ ව්‍යාපෘතිය සහ "රජරට හරිත කැකුළු" වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
සංගණන: අපද්‍රව්‍ය පිළිබඳ සංගණනයක් සිදු කිරීම.
තාක්ෂණික යෙදවුම්: අපද්‍රව්‍ය එකතු කරන වාහන තාක්ෂණය භාවිතයෙන් අධීක්ෂණය කිරීම.
📌️සහභාගීත්වය
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ. පලිහේන, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ ඇතුළු පළාත් පාලන හා නාගරික කොමසාරිස්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.