06/07/2026
📖 #නුඹමවේද මාගේ නපුරා
පස්වැනි පරිච්ඡේදය (Chapter 05)
ශ්‍රියන්ත මහත්මයාගේ හඳුන්වා දීමෙන් පස්සේ මුළු මීටින් රූම් එකම මොහොතකට නිශ්ශබ්ද වුණා. අර්යන් ඉදිරියට ඇවිත් සේවකයින් දෙස බැලුවේ කිසිම හැඟීමක් නැති, සීතල බැල්මකින්. ඔහුගේ ඒ තියුණු නිල් දෑස් මුළු ශාලාව පුරාම සැරිසරද්දී හැමෝටම දැනුණේ ලොකු ආධිපත්‍යයක්.
"Good morning everyone," අර්යන් තමන්ගේ ගම්භීර, රළු කටහඬින් කතාව පටන් ගත්තා.
"මම ආර්යන් නිවේද් වික්‍රමසිංහ. අද ඉඳන් වැන්ගාර්ඩ් එකේ සම්පූර්ණ පාලනය මගේ අතට ගන්නවා."
ඔහු මේසයට දෑත් තබා මඳක් ඉදිරියට නැවුණා.
"මට එක දෙයක් පැහැදිලිවම කියන්න ඕනේ. මගේ තාත්තා ඔයාලට සලකපු විදිහ නෙවෙයි මම සලකන්නේ. මට ඕනේ රිසල්ට්ස් (Results) විතරයි. වැඩ කරන වෙලාවට වැඩ තියෙන්න ඕනේ. කිසිම ප්‍රමදයක්, කඩකිරීමක් මම ඉවසන්නේ නැහැ. වැරැද්දක් වුණොත්, ඒක කරපු කෙනා කවුරු වුණත් එතැනින්ම අයින් කරනවා.
ඒ නිසා මගේ නීතිවලට වැඩ කරන්න පුළුවන් අය විතරක් මෙතන ඉන්න."
අර්යන්ගේ ඒ දැඩි වචනවලට මීටින් රූම් එකේ හිටපු පරණ සේවකයෝ පවා බයෙන් එකිනෙකා දෙස බලාගත්තා.
මේධාවී හිටියේ බිම බලාගෙන, තමන්ගේ සාරි පොට ඇඟිලිවලින් තද කරගෙනයි. 'අම්මෝ... මූ නම් මනුස්සයෙක් නෙවෙයි, යකෙක්! මම ඉවරෙටම ඉවරයි,' ඇය හිතින් අඬන්න ගත්තා.
"That’s all. මීටින් එක ඉවරයි. හැමෝම තමන්ගේ වැඩවලට යන්න," අර්යන් කෙටියෙන් පවසා යන්න හැරුණා.
මීටින් එක ඉවර වුණාට පස්සේ ශ්‍රියන්ත මහත්මයා, අර්යන් සහ තිසල තුන්දෙනාම ප්‍රධාන විධායක නිලධාරී කැබින් එකට පියනැගුවා. අර්යන් තමන්ගේ ලොකු කැරකෙන පුටුවේ වාඩි වෙලා කෝට් එක ගලවලා පැත්තකින් තිබ්බා.
"පුතා... මම ඔයාට මගේ ප්‍රයිවට් සෙකට්‍රිරි හඳුන්වා දෙන්නම් ඉන්න," ශ්‍රියන්ත මහත්මයා සිනාසෙමින් මේසය මත තිබූ බෙල් එක නාද කළා.
තත්පර කිහිපයකින් කැබින් එකේ දොර හෙමින් ඇරුණා. බිම බලාගෙන, ගැහි ගැහී ඇතුළට ආවේ මේධාවී. ඇය ශ්‍රියන්ත මහත්මයා ළඟින් හිටගත්තේ අර්යන් දෙස බලන්නෙවත් නැතුවයි.
"පුතා... මේ මේධාවී අහස්නා. දුව අලුතෙන්මයි වැඩට ආවේ. ඒ වුණාට හරිම දක්ෂයි, බුද්ධිමත් ළමයෙක්. ඉතින් අද ඉඳන් ඔයාගේ Private Secretary විදිහට වැඩ කරන්නේ මෙයා තමයි," ශ්‍රියන්ත මහත්මයා ආදරයෙන් මේධාවීගේ උරහිසට තට්ටුවක් දැම්මා.
මේසය අයිනට වී හිටගෙන සිටි තිසලගේ ඇස් දෙක උඩ ගියා! ඔහු තමන්ගේ කට උඩ අත තබාගත්තේ පුදුමයෙන්. 'දෙයියනේ... මේ අර උදේ කොරිඩෝවේදී අර්යන් එක්ක රණ්ඩු වෙච්ච, කටකාර කෙල්ලනේ! මූ අද මූගේ නහරකාරකම මතු කරලා මේ කෙල්ලව අමුවෙන්ම කයිද දන්නේ නැහැ,' තිසල හිතින් හිතුවා.
අර්යන් පුටුවට බර වෙලා, දෑත් එකතු කරගනිමින් මේධාවී දෙස බැලුවේ ඉතාම කපටි, නපුරු බැල්මකින්.
"ආ... මෙයාද මගේ අලුත් සෙකට්‍රිරි ?" අර්යන්ගේ කටහඬේ තිබුණේ සමච්චලයක්.
"තාත්තා කිව්වට ඉතින්... මෙයා ඇත්තටම දක්ෂද, නැත්නම් කට විතරද දන්නේ නැ තියෙන්නේ කියලා මට බලන්න වෙනවා."
මේධාවීට කේන්ති ආවත්, ශ්‍රියන්ත මහත්මයා ඉන්න නිසා ඇය අමාරුවෙන් ඉවසගෙන හිටියා.
"මම මගේ උපරිමයෙන් වැඩ කරන්නම් සර්," ඇය හෙමින් කිව්වා.
"හොඳයි එහෙනම්... මම දැන් යන්න ලෑස්ති වෙන්නම්. ඔයාලා දෙන්නා වැඩ ටික බලාගන්නකෝ," ශ්‍රියන්ත මහත්මයා දෙන්නාටම සමුදීලා කැබින් එකෙන් පිට වුණා.
ශ්‍රියන්ත මහත්මයා පිට වුණු සැනින් කැබින් එක ඇතුළේ තිබුණු වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අර්යන් පුටුවෙන් නැගිටලා, හෙමින් සැරේ මේධාවී ඉන්න පැත්තට ඇවිදගෙන ආවා. ඔහුගේ ඒ උස, පිරිපුන් සිරුර තමන්ට ලං වෙද්දී මේධාවී පස්සට වෙන්න හැදුවත් ඇය පිටුපසින් තිබුණේ බිත්තියක්.
"ඉතින්... මිස් මේධාවී?" අර්යන් ඇගේ මුහුණට මඳක් නැඹුරු වුණා.
"උදේ කොරිඩෝවේදී මට මාර ටෝක්නේ එකක්නේ දුන්නේ? 'කවුරු වුණත් මට පාන්ද මනුස්සයෝ' කියලා ඇහුවේ? දැන් කියන්න බලන්න... මම කවුද කියලා තේරෙනවාද?"
තිසල වහාම මැදට පැනලා හිනාවෙන්න හැදුවා.
"එහ්... මචං අර්යන්, කෙල්ල අලුත්නේ බන්. අතහැරලා දාපන්."
"උඹ මැදට පනින්නේ නැතුව හිටපන් තිසල!" අර්යන් තිසලට සැර කළා. තිසල වහාම කට වහගෙන පස්සට වුණා.
මේධාවී තමන්ගේ ලොකු ඇස් දෙක උස්සා අර්යන්ගේ නිල් දෑස් දෙස කෙළින්ම බැලුවා. ඇගේ හිත ඇතුළෙන් බයක් දැනුණත්, ඇගේ උපතින්ම ආපු කටකාරකම ආයෙත් ඉස්සරහට ආවා. ඇය තමන්ගේ මුහුණ උස් කරලා කිව්වා,
"මම උදේ දන්නේ නැහැනේ ඔයා තමයි අලුත් බොස් කියලා. අනික වැරැද්ද ඔයාගෙත් තිබුණා. හැප්පුණාම සොරි කියන්නෙත් නැතුව මටනේ කෑගැහුවේ."
"කට වහපනවා!" අර්යන් මේසයට තදින් පහරක් ගැසුවා. ඒ සද්දෙට මේධාවී බය වෙලා ඇස් දෙක පියාගත්තා.
"මගේ ඉස්සරහා තමුන්ගේ ඔය කටකාරකම් දාන්න එන්න එපා.මොකද මට ඒ වගේ කෙල්ලෝ පෙන්න බැ තමුන් මේ වැන්ගාර්ඩ් එකේ ඉන්න ඕනේ නම් මම කියන දේ විතරක් කරන්න ඕනේ. පැහැදිලිද?" අර්යන් ඇගේ මුහුණටම එබී සීතල අයුරින් කිව්වා.
"පැහැ... පැහැදිලි සර්..." මේධාවී බිම බලාගෙන ගොත ගැසුවාය.
ඇගේ ඇස් දෙකට පුංචි කඳුළු බින්දුවක් උනන්න ලෑස්ති වුණා.
"හොඳයි... එහෙනම් දැන්ම වැඩ පටන් ගන්නවා. මට පැය භාගයක් ඇතුළත මේ අවුරුද්දේ Profit Reports ඔක්කොම ටේබල් එක උඩට ඕනේ.වැරදක් තියෙන්නත් බැ අනිත් එක.. එක විනාඩියක් හරි පරක්කු වුණොත්... තමුන්ගේ පළවෙනි දවසම අවසාන දවස වෙයි!" අර්යන් හැරිලා ආයෙත් තමන්ගේ පුටුවේ වාඩි වුණා.
"පැය භාගයකින්? අනේ සර් ඒක..." මේධාවී කියන්න හැදුවා විතරයි,
"Go!" අර්යන් තදින් පැවසුවා.
මේධාවී රවාගෙන, ගස්සාගෙන කැබින් එකෙන් එළියට දිව්වාය.
ඇය එළියට ගිය සැනින් තිසල හයියෙන් හිනා වෙන්න ගත්තා.
"අම්මෝ මචං... උඹ නම් මාර යකෙක්නේ බන්! අර අහිංසක කෙල්ලව බය කරපු විදිහ. හැබැයි මට නම් හිතෙන්නේ ඒ කෙල්ල උඹට ලෙහෙසියෙන් යටත් වෙන ජාතියේ එකියක් නෙවෙයි වගේ . බලපන්කෝ උඹේ මූණටම උත්තර දෙන ලස්සන."
අර්යන් තමන්ගේ පෑනත් අතැතිව දොර දෙස බලා සිටියා. ඔහුගේ හිත ඇතුළෙන් අමුතුම හැඟීමක් ඇති වුණා. ඒ කෙල්ලගේ දඟකාර, අකීකරු දෑස් ඔහුගේ හිතට තදින්ම වැදිලා තිබුණා.
"බලමු... ඒ කට කොච්චර දවස් තියෙයිද කියලා," අර්යන් තමන්ටම කියාගනිමින් නපුරු සිනහවක් දැම්මේය.
මතුවට......🤪
අවසානයී....🥰
#කර්තෘඅයිතියසුරකිමු
Novel Haven
⚠️️⚠️️© 2026 NETHMINI EKANAYAKA
සියලුම කර්තෘ අයිතිවාසිකම් සුරක්ෂිතයි.🚫🚫
මෙම කෘතියේ සම්පූර්ණ අන්තර්ගතය හා එහි සියලුම කොටස් කර්තෘගේ බුද්ධිමය දේපළ වේ. කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව මෙම කෘතියේ කිසිදු කොටසක් පිටපත් කිරීම, සංස්කරණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, බෙදාහැරීම හෝ වෙනත් ආකාරයකින් භාවිත කිරීම තහනම්ය.
Writer: NETHMINI EKANAYAKA✍️