Hakuruwela Chandaloka Thero

Hakuruwela Chandaloka Thero මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අන්තර්ජාතික ධර්මදූත භික්ෂු පුහුණු මධ්‍යස්ථානය.

-⛔ 1. 1505 / 1815 වැනි රාජ්‍ය අර්බුදයක් සහ බෙදුම්වාදී රූකඩ පාලනයක් නිර්මාණය වීම> ♦️ශ්‍රී ලංකාවේ රාජ්‍යය, රාජ්‍ය ආරක්ෂාව,...
30/08/2026

-
⛔ 1. 1505 / 1815 වැනි රාජ්‍ය අර්බුදයක් සහ බෙදුම්වාදී රූකඩ පාලනයක් නිර්මාණය වීම

> ♦️ශ්‍රී ලංකාවේ රාජ්‍යය, රාජ්‍ය ආරක්ෂාව, සංස්කෘතිය, බුද්ධ ශාසනය, රටේ සම්පත්, ආර්ථිකය 1505 / 1815 වැනි අවදානමකට ලක්ව ඇත. බෙදුම්වාදය සඳහා අවශ්‍ය රූකඩයන් මුලට ගෙන ඇත.

♦️1505 (පෘතුගීසි ආක්‍රමණය) සහ 1815 (උඩරට ගිවිසුම) යන අවස්ථාවලදී විදේශීය බලවේග ලංකාව යටත් කරගත්තේ සෘජු හමුදා බලයෙන් පමණක් නොවේ; අභ්‍යන්තර බෙදීම්, පාලකයින්ගේ දුර්වලතා සහ දේශීය ප්‍රභූන් අතකොළු කරගනිමිනි. වර්තමාන "දෙමුහුන් යුද්ධ" (Hybrid Warfare) යටතේ සිදුවන්නේද ආර්ථික අර්බුද සහ දේශපාලන අස්ථාවරත්වය මුවාවෙන් තදින් තීරණ ගත නොහැකි, විදේශීය බලපෑම්වලට යටත් වන පාලන තන්ත්‍රයන් ඉදිරියට ගැනීමයි. මෙයින් රාජ්‍යයේ ස්වෛරීභාවය බරපතල තර්ජනයකට ලක්වේ.

-
⛔ 2. උතුරු නැගෙනහිර ඓතිහාසික බෞද්ධ උරුමය සහ වඩුන්නාගල (වඩ්ඩමාන පබ්බත)

♦️ සිංහලයාගේ සිත පාරමින්, උතුරු නැගෙනහිර ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සිඳිමින් ඇත.එහි වාසය කරන සිංහලයන්ට සහ භික්‍ෂූන්ට ජාතිවාදීව හිරිහැර කරමින් ඇත. වවුනියාවේ වඩුන්නාගල යනු බෞද්ධයන් හට සුවිශේෂ පින්බිමකි. චූලෝදර නාග රාජයා ඇතුළු කෝටි තිහක් නාගයන් සිටියේ වඩ්ඩමාන පබ්බත හෙවත් වඩුන්නාගලය. වඩුන්නාගල බෞද්ධ පුදබිමකි.

♦️
වඩුන්නාගල (වඩ්ඩමාන පබ්බත) වැනි පුරාවිද්‍යා ස්ථාන යනු හුදෙක් ගල් කණු හෝ නබුන් නගර නොවේ; ඒවා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ දීර්ඝකාලීන භූගෝලීය සහ ඓතිහාසික අයිතිය තහවුරු කරන සජීවී සාක්ෂියි. යම් ප්‍රදේශයක ඓතිහාසික උරුමය විනාශ කිරීම හෝ එහි ආරක්ෂාව ලිහිල් කිරීම යනු එම ප්‍රදේශය මත ඇති ජාතික හා ආගමික අයිතිය මානසිකව සහ භෞතිකව අහෝසි කිරීමේ පූර්ව පියවරකි.

--

⛔ 3. බටහිර සහ ඉන්දීය භූ-දේශපාලනික මැදිහත්වීම්

> බෙදුම්වාදී අරමුණු ඉටු කර ගැනීමට බටහිර සංවිධාන හා ඉන්දීය මැදිහත්වීමෙන් වත්මන් ආණ්ඩුව පිහිට වූ බව උගතුන්ගේ පිළිගැනීමයි.

♦️ඉන්දියානු අසල මුද්‍රයේ ශ්‍රී ලංකාව පිහිටා ඇති උපායමාර්ගික ස්ථානය නිසා බටහිර සහ ඉන්දීය බලවතුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව තුළ තමන්ට හිතවාදී පාලනයක් පවත්වා ගැනීමටයි. ශක්තිමත්, ජාතිකවාදී පාලනයක් පවතින විට එම බලවතුන්ට තම භූ-දේශපාලනික හෝ ආර්ථික න්‍යායපත්‍ර (Geopolitical Agendas) ක්‍රියාත්මක කිරීම අපහසු වන බැවින්, අස්ථාවර හෝ විදේශ-ගැති පාලනයන් පවත්වා ගැනීමට ඔවුන් පෙළඹේ.

⛔4. බෞද්ධ භික්ෂු සංස්ථාවට සහ ප්‍රධාන විහාරස්ථානවලට පහර දීම

බෞද්ධ භික්ෂු සංස්ථාවට, නින්දා අපහාස, චෝදනා රාශියක් සංවිධානාත්මකව සිදුකරමින් ඇත. මල්වතු, අස්ගිරි, අනුරාධපුර මහාවිහාරය ශ්‍රී පාදස්ථානය, බෙල්ලන්විල, කැළණිය, කතරගම ආදී ස්ථාන සහ එම ප්‍රධාන විහාරවල භික්ෂූන් අපකීර්තියට පත් කිරීමට යූටියුබ්කරුවන්ට, සමාජවාද ක්‍රියාකාරීන් වෙත කෝටි ගණන් මුදල් සපයා ඇත.

♦️මෙය පස්වන පරම්පරාවේ යුධ උපක්‍රමයකි (Fifth-Generation Warfare). ජාතියක සමාජීය සංවිධානාත්මක ශක්තිය පවතින්නේ එහි ආගමික සහ සංස්කෘතික නායකත්වය මතයි. සිංහල බෞද්ධ සමාජයේ එම නායකත්වය දෙන්නේ භික්ෂු සංස්ථාවයි. සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මකව භික්ෂූන්ගේ වැරදි පමණක් විශාලනය කර පෙන්වීමෙන් ජනතාව තුළ තෙරුවන් කෙරෙහි ඇති ගෞරවය සහ විශ්වාසය බිඳ දැමිය හැක. නායකත්වය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු ජාතියක් පහසුවෙන් මෙහෙයවීමට සහ යටත් කරගැනීමට බාහිර බලවේගවලට හැකියාව ලැබේ.

-⛔ 5. මාධ්‍ය මෙහෙයුම් සහ සමාජය බිඳවැටීම (සිරියානු උදාහරණය)

ආගමට, සංස්කෘතියට, ජාතික නායකයන්ට, ඉතිහාසයට පහර දුන් විට එම ජාතිය බිඳවැටේ. සිරියාවේ රාජ්‍ය බිඳවීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙත ඩොලර් මිලියන 50ක් (රුපියල් කෝටි 1643) ඇමරිකාව වැය කොට තිබුණි.

♦️
සිරියාව, ලිබියාව වැනි රටවල සිදු වූ "අභ්‍යන්තර විප්ලව" පිටුපස විදේශීය මනෝවිද්‍යාත්මක සහ මාධ්‍ය මෙහෙයුම් විශාල ලෙස ක්‍රියාත්මක විය. ජාතික අනන්‍යතාවය සහ ඉතිහාසය විවේචනය කරන මතවාද ප්‍රචලිත කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යොදා ගැනීම හරහා රටක් ඇතුළතින්ම අස්ථාවර කර (Internal destabilization), හමුදාමය මැදිහත්වීමකින් තොරව රාජ්‍යයන් බිඳවැටීමට සැලැස්විය හැක.

-⛔ 6. ව්‍යාජ පුද්ගලයින් සිවුරු ගැන්වීම සහ සංස්කෘතික විකෘතිය

> දඹදිව බුද්ධගයාවේ බෞද්ධ භික්ෂුන් ඉවත්කොට හින්දු මිනිසුන්ට සිව් රු පොරවා , පත් කර ඇත. ඔවුන් භික්ෂූන් නොවේ.උතුරු නැගෙනහිරටද ඉන්දියන් හින්දු මිනිසුන් ගෙන්වා කහ සිවුරු පොරවා, විකෘති හින්දු බලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. හින්දු මිනිසුන්ට සිවුරු පොරවා බෞද්ධ විහාරවල තැබීමෙන් වන අනතුර කුමක්ද?

♦️ මෙයින් සිදුවන්නේ "අභ්‍යන්තර නාශක" (Infiltration) ක්‍රියාවලියකි. බෞද්ධ භික්ෂුවකගේ චරිතයට සහ විනයට පටහැනි ලෙස කටයුතු කරන ව්‍යාජ පිරිස් ස්ථාපිත කිරීමෙන්:

♦️ 1.ශාසනික හානිය: බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව බිඳ වැටී සැබෑ බෞද්ධ උරුමය සහ වන්දනාමාන නතර වේ.
♦️ 2. සංස්කෘතික පරිවර්තනය: අනාගතයේදී එම ස්ථාන බෞද්ධ ස්ථාන නොවන බවට මතයක් සාදා, ඒවා වෙනත් ආගමික ස්ථාන බවට පත්කිරීමට පහසු වේ.

⛔ 7. 1796 වෙහෙර විහාර විනාශය සහ "නිජබිම" පිළිබඳ අභියෝගය

> 1796 බෞද්ධ වෙහෙර විහාර 300 ක් වනසා දමා එම ගල් කණු ආදියෙන් කෝවිල් හා පල්ලි 300ක් ඉදිකළ බව පෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා සටහන් කොට තිබුණි. එහි එකදු හින්දු කෝවිලක් තිබී නැත. එසේ නම් අවුරුදු තුන්සීයක් ඇතුළත ඉන්දියාවෙන් ගෙනත් පදිංචි කළ අයට ලංකාවේ කොටසක් නිජබිම වශයෙන් දිය හැකිද?

♦️ ඓතිහාසික වශයෙන් උතුරු නැගෙනහිර පැවතියේ බෞද්ධ ශිෂ්ටාචාරයක් බව පුරාවිද්‍යාත්මක සහ ලේඛනගත සාක්ෂිවලින් තහවුරු වේ. ජාත්‍යන්තර නීතියට අනුව, යටත්විජිත සමයේ හෝ ආර්ථික අවශ්‍යතා සඳහා මෑත කාලීනව සංක්‍රමණය වූ පිරිසකට "සම්ප්‍රදායික නිජබිම" (Traditional Homeland) ලෙස ස්වාධීන භූමියක් ඉල්ලා සිටීමට නීත්‍යානුකූල අයිතියක් නැත. විහාරස්ථාන විනාශ කර වෙනත් පූජනීය ස්ථාන හැදීම යනු ඓතිහාසික අයිතිය මකා දැමීමට දැරූ උත්සාහයකි.

8. බුදුන් වැඩි ගමන සහ මහාවංශය බොරු කිරීමේ දේශපාලනය

>♦️ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියේ නැත, මහාවංශයේ තියෙන්නේ බොරුයයි ප්‍රකාශ කළ විට සිංහල බෞද්ධයාගේ මුදුන් මුල විනාශ වන අතර දෙමළ ඊලම ශක්තිමත් කිරීමට පාර සැකසේ.

මහාවංශය යනු සිංහල ජාතියේත්, බෞද්ධ ඉතිහාසයේත් ඓතිහාසික නීත්‍යානුකූල භාවය (Historical Legitimacy) සපයන ප්‍රධාන මූලාශ්‍රයයි. එම මූලාශ්‍රය අභියෝගයට ලක් කර "මෙය මිථ්‍යාවක්" ලෙස මතයක් හැදූ විට, සිංහල ජනතාවට මෙම භූමිය කෙරෙහි ඇති මුල් අයිතිය අභියෝගයට ලක් වේ. එය ඊලම් හෝ වෙනත් බෙදුම්වාදී මතවාදයන්ට "ඓතිහාසික හිස්තැනක්" (Historical Vacuum) නිර්මාණය කර දෙයි.

⛔ 9. ගෝලීය සංස්කෘතික ආරක්ෂණවාදය සහ සිංහල බලය

යුරෝපීය ජාතීන් ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරනවා. මෝඩි ජනාධිපතිවරයා හින්දි සංස්කෘතිය බලවත් කරනවා. ඉස්ලාම් ලෝකය ඉස්ලාම සංස්කෘතිය ආධිපත්‍යය ව්‍යාප්ත කරනවා. එසේ නම් සිංහල බලය මිය යන්න සැලැස්වීම හරිද?

♦️♦️
වර්තමාන ලෝකයේ ප්‍රධාන බලවතුන් තම ජාතික අභිලාෂයන් ඉටුකර ගන්නේ "ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවය" පෙරටු කරගෙනයි. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ බහුතර සංස්කෘතිය වන සිංහල බෞද්ධ උරුමය රාජ්‍ය මට්ටමින් රැක නොගතහොත්, එම හිස්තැන වෙනත් ගෝලීය සංස්කෘතික හෝ ආගමික බලවේග විසින් අත්පත් කරගනු ඇත.

⛔10. බුර්කිනා ෆාසෝ ජනාධිපති ඊබ්‍රහිම් ට්‍රයෝරේගේ දේශප්‍රේමී පුහුණුව

♦️ බුර්කිනා ෆාෂෝ රාජ්‍යයේ ජනාධිපති ඊබ්‍රහිම් ටාඕරේ තුමා එරට අනිවාර්ය දේශප්‍රේමී පුහුණුව ලබාදේ. විශ්ව විද්‍යාල සිසුන් 65,000කට දේශප්‍රේමි පුහුණුව ලබා දී රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ක්‍රියා කරන ලෙස ඉල්ලා ඇත.


නව යටත්විජිතවාදී (Neo-colonial) බලපෑම්වලට එරෙහිව නැගී සිටීමට නම් තරුණ පරපුර තුළ ස්වෛරීභාවය, ඉතිහාසය සහ ජාතික අභිමානය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පැවතිය යුතුය. ජාතික හැඟීමකින් තොර තරුණ පරපුරක් සිටින රටක අනාගතය පහසුවෙන්ම විදේශීය බලවේගවලට බිලි වේ.

♦️ 11. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ බටහිර NGO බලපෑම

⛔ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සමාජවාදී ශිෂ්‍ය සංගම් බටහිර එන්ජීඕ වලින් නඩත්තුවේ. මෙසේ සංගම් ක්‍රියා කරන්නේ බෞද්ධ සංස්කෘතියට එරෙහිවත් ශ්‍රී ලංකාව බෙදීම පිණිසත්ය.

♦️උසස් අධ්‍යාපන ආයතන යනු රටක අනාගත තීරකයන් බිහිවන ස්ථානයයි. පශ්චාත්-නූතනවාදී (Post-modernist) සහ සංස්කෘතික-විරෝධී මතවාද එන්ජීඕ හරහා තරුණයින් අතරට යැවීමෙන්, ඔවුන් තමන්ගේම ජාතියේ ඉතිහාසය සහ සංස්කෘතිය පිළිකුල් කරන තත්ත්වයට පත් කෙරේ. මෙයින් අනාගතයේදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින නායකත්වයක් බිහිවීම වැළැක්වේ.

⛔ 12. රාජ්‍ය නිලධාරීන් සහ පාලකයින් විදේශීය අතකොළු වීමෙන් වන අනර්ථය.

⛔ ශ්‍රී ලංකාව පාලනය කරන රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන්, සිංහල බෞද්ධ ඉතිහාසය, සංස්කෘතිය නොදන්නා, බෞද්ධ සංස්කෘතියට විරෝධී බහුතරයක් දක්නට ඇත. ඔවුන් ආර්ථිකය, කෘෂිකර්මාන්තය, පරිසරය රකින්නන් නොවේ. විදේශීන්ගේ අතකොළුවක් වූ විට රටට සිදුවන අනර්ථය කුමක්ද?

♦️ රාජ්‍ය පරිපාලනය සහ රාජ්‍ය තාන්ත්‍රික සේවය ජාතික හැඟීමෙන් තොර පිරිසක් අතට පත් වූ විට:

♦️13රටේ වටිනා භූමිය, වරාය, බලශක්ති සහ කෘෂිකාර්මික සම්පත් විදේශිකයන්ට පහසුවෙන්ම පැවරේ.

♦⛔2.ප්‍රතිපත්ති අස්ථාවර වීම: රටේ ආර්ථික සහ පරිසර ප්‍රතිපත්ති සැකසෙන්නේ ජාතික අවශ්‍යතාවයට නොව විදේශීය සංස්ථාවල වාසියටයි.
3. ස්වෛරීභාවය අහෝසි වීම තීරණ ගැනීමේ බලය දේශීය ජනතාවගෙන් ගිලිහී බාහිර බලවතුන්ගේ අතට යයි.
රාජ්‍යය සහ රටවැසියා , ජාතික ආරක්ෂාව රටේ ඒකීයභාවයය උදෙසා ආගම දහම සහ සංස්කෘතිය කෙතරම් ශක්තියක් වන්නේදැයි බුද්ධිමත් ජනතාව විමසා සිටිය යුතුවේ.

🟥   01  ශ්‍රී ලංකාවේ භික්ෂූව ජාතික ඒකාබද්ධතාවේ  කේන්ද්‍රයයි.භික්‍ෂූන් වහන්සේ  ලංකාවේ  ජාතික අනන්‍යතාවය  , භාෂාව සංස්කෘති...
25/08/2026

🟥 01 ශ්‍රී ලංකාවේ භික්ෂූව ජාතික ඒකාබද්ධතාවේ කේන්ද්‍රයයි.

භික්‍ෂූන් වහන්සේ ලංකාවේ ජාතික අනන්‍යතාවය , භාෂාව සංස්කෘතිය, භූමියේ ආරක්ෂා කිරීම පිණිස ප්‍රධාන භූමිකාවක් ඉටුකොට ඇත.

🚫 භික්ෂුවගේ බලපෑම අඩු කිරීම හෝ භික්ෂුව අපකීර්තියට පත් කිරීම ඒකාබද්ධතාවේ මූලික කුළුණක් ඉවත් කිරීමයි. පල්ලේගම නාහිමි ටූල් එකක් ලෙස යොදා සමස්ථ භික්ෂු ගෞරවය සිඳිමින් ඇත.

🟥☢️ මෙම කරුණ ඉදිරිපත් කරන්නේ 2026/08/21 දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හෝ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පාපිස්ස සම්බන්ධ DNA වාර්තාවක් දුන් බවට සමාජ වගකීමක් නැති , කුලියට බොරු ප්‍රචාරය කරන BBC ඇතුළු බෙදුම්වාදයෙන් ඉන්ධන ලබන පුද්ගලයන් ගෙනයන අසත්‍යය නිවැරදි කිරීම මෙහි අරමුණ වේ
🟥 සමාජ මාධ්‍ය මගින් අසත්‍යය ප්‍රචාරය කිරීමතුළ ජනතාව තුළ විශ්වාසය බිඳ වැටේ.

🚫 ( උදා : පුරාවිද්‍යා පනත අහෝසි කිරීම,උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයාගේ ඉඩම් පාලනය දුර්වල කිරීම වලට එරෙහිව කතා කරන විට එවිට භික්ෂූවට ජනතා සහයෝගය අඩුවේ.

🟥 භික්‍ෂු බලය දුර්වල වූ විට ජනතා ආරක්ෂාව හා , රාජ්‍යයේ ඉඩම් අඛණ්ඩතාව ආරක්ෂා කරන ස්වභාවික මානසික ආරක්ෂක රේඛාව දුර්වල වේ.

මේ සිදුවන්නේ යම්කිසි ආගමික සංවිධාන මෙන්ම තානාපති කාර්යාල සහයෝගය ඇතුව භික්ෂුව දුර්වල කිරීමයි.

🚫 ගම් මට්ටමින් පන්සලේ නායක හාමුදුරුවන්ට එරෙහිව කටකතා පැතිරුණොත් දායකයන් පන්සලෙන් ඈත් වී දේශීය මට්ටමේ ජාතික ව්‍යාපාර වලට සහයෝගය දීම අඩුවේ. ජාතික මට්ටමින් ගත් කල අටමස්ථානාදී කේන්ද්‍ර ස්ථාන දුර්වල වීම උතුරු නැගෙනහිර භූමි ආරක්ෂාව පිළිබඳ ජනතාවගේ අවධානය අඩුවේ. එය බෙදුණු රාජ්‍ය රාශියකට පාර තනයි. බෙදුණු රාජ්‍ය ප්‍රතිඵලය වන්නේ වත්මන් ඊශ්‍රායල් පලස්තීන මිනිස්සුසානයයි. මෙම කරුණු ජනතාව කෙසේ නම් තේරුම් ගනිද්ද?

🟥 භික්ෂුව වැටුණු විට බෙදුම් වාදයට මාවත විවෘත වේ. බෙදුම් වාදය බලවත් වේ. උතුරු කොරියාව දකුණු කොරියාව, ඉන්දියාව පාකිස්ථානය, ඊශ්‍රායල් පලස්තීන වැනි ඛේදනීය තත්ත්වයන් ඇතිවේ. ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ අතීතයේ සිටම ස්වෛරී භාවය වෙනුවෙන් දිවිඳුන්හ. වත්මන් වැව් කුඹුරු ආරක්ෂා වුණේ කුඩාපොළ හිමියන් සිදුකළ අසීමිත කැප කිරීම්වල ප්‍රතිඵලයක් වසයෙනි.

🚫 භික්‍ෂූන්වහන්සේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම, වැව් වනාන්තර සුරැකීම , ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිති. පළාත් සභා බලතල පුළුල් කිරීම, අධිකරණ බලතල පළාත්වලටට පැවරීම, වැනි ක්‍රියා වලදී, ඔවුන්ගේ හඬ නිහඬ කිරීම හෝ අපකීර්තියට පත් කිරීම එම විරෝධතා දුර්වල වීමට,මේ සමාජ මාධ්‍යයෙන් මේ පහර දීම හේතුවේ.

🟥 බෞද්ධ සමාජයේ සදාචාරාත්මක කේන්ද්‍රය දුර්වල කළ විට බාහිර බලපෑම්, අන්‍ය ආගමික කරණය, සංස්කෘතික ආක්‍රමණ, ඩයස්පෝරා බලපෑම,මේවට එරෙහි සමාජ බලපෑම අඩුවේ.

🚫 ජාතික ආරක්ෂාවේ soft power දුර්වල වේ.භූමිය ඉතිහාසය, සංස්කෘතිය ,ආර්ථිකය,ජනතාව ආරක්ෂා කිරීමේ මානසික අභිමානය බිඳවැටේ.

🟥 අනුරාධපුර මහාවිහාරය ,ශ්‍රී පාදය ,කතරගම ,මල්වත්ත වැනි ප්‍රධාන බෞද්ධ මූලස්ථාන ,හා ප්‍රධාන භික්ෂූන් වහන්සේලා මේ ආකාරයෙන් අපකීර්තියට, වෛරයට ලක් කළ විට ජාතික , ශාසනික අර්බුද ව්‍යසන හමුවේ භික්ෂුව නගන හඬ ජනතාව සවන් නොදේ.

🚫 එය දේශපාලනික දෘෂ්ටියෙන් බලා ප්‍රතික්ෂේප කළ විට පරාජයන් විපත්තින් සමුදායක් හට ගනී.

🟥 අසත්‍ය අභූත චෝදනා නිසා සාමය ශක්තිය, බලය සිඳේ. භික්‍ෂු විරෝධී , බටහිර හිතවාදී කොටස් බිහිවේ. ස්වෛරී භාවය වෙනුවට වහල් භාවය වැළඳ ගන්නා නූගත් දාස මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් බහුල වේ.

🚫 මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි අය සඳහා ඇති කළේද මෙබඳු ගොබෙල්ස් න්‍යායේ අසත්‍ය කරුණු සිය ගණනක් දහස් ගණනක් අසන්නට දකින්නට සිය දහස් වර සැලැස්වීමයි.

අසත්‍ය වුවද නිතර නිතර අසන විට එය සත්‍ය ලෙස අද හාගැනීම මිනිස් මොළයේ ස්වභාවය වේ.

අරගල වර්ණ විප්ලව ලෝකයේ සිදු කළේම අසත්‍ය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීමයි.

🟥 සමාජයේ වෛරී කතාබහ ගැටුම් අවිශ්වාසය ව්‍යාප්ත වේ.

🚫 රාජ්‍යයේ අභ්‍යන්තර ආරක්ෂාව දුර්වල කරයි. එදා බොරුවල ප්‍රථිපලය ලෙස අද සිදුවී ඇත්තේ එයයි. ජාතික ආරක්ෂාව යනු භූමිය පමණක් නොව ජනතාව අතර ඇති ඒකාබද්ධතාව පවත්වා ගැනීමයි.

මහාවංශය වැනි ග්‍රන්ථවලට පහරදීමෙන්, ඉතිහාසය , බුදු දහම විකෘතිකොට ප්‍රකාශ කිරීමෙන්, ගිහි පැවිදි කේන්ද්‍ර චරිතවලට මඩ ගැසීමෙන් සිදුවන්නේසිදුවන්නේද ජාතික ආරක්‍ෂාව දුර්වල වීයාමයි.

🟥 බෙදුණු බිඳුණු, අසමගි සමාජයක් අස්ථාවර මිනිස් සමූහයක් බාහිර බලවේගවලට ගොදුරු කර ගැනීම පහසුවේ.

🚫 ලංකාවේ ඉතිහාස විකෘති ධර්ම විකෘති, මහාවංසය බුත් සරණවැනි ග්‍රන්ථවලට අපහාසය ඇති කිරීම මේ තුළින් සිදුවන්නේ ද මහා වෘක්ෂයක මුදුන් මුල දිරාපත් වීමට සැලැස්වීමයි. මුදුන් මුල මැරුණු විට ගස වැටේ. කඳ මිය යයි.

🟥 භික්ෂු සංස්ථාවෙ බිඳවීම පෞද්ගලික අපහාසයක් පමණක් නොව ජාතික ඒකාබද්ධතාවයේ ස්වර්ණමය දාමය බිඳ දැමීමකි. සමාජ ස්ථාවරත්වයේ භෞමික අඛණ්ඩතාවයේ ස්වර්ණමය කේන්ද්‍රය මිය යන්නට සැලැස්වීමයි.

🚫 බෙදුම් වාදයේ, ගෝලීය සූරාකෑමේ , බාහිර බලපෑම්වලට මඟ සැකසී දොර විවෘත වෙයි.

🟥 දිනකට ළමුන් 36ක් පමණ අපයෝජනය වන ලංකාවේ ඒවා වැළැක්වීමට ක්‍රියා නොකොට , , පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතා කරන ලක්ෂ පහකට අධික පිරිසක් සිටින ලංකාවේ ඒ සඳහා විසඳුම් ක්‍රියාත්මක නොකොට, සංවාද මණ්ඩපයට නොගෙන , එදා සිට ජන ජීවිතය ,සසුන රට ආරක්‍ෂාකළ බෞද්ධ භික්‍ෂුවගේ ප්‍රතිරූපය දවන්නේ ශ්වේත වස්ත්‍ර පැළඳගත් , වෘකයන් පිරිසක් වේ. ඔබට නුවණ පහළ වේවා.

මව්බිමට සසුනට සෙත සැලසේවා.

ශ්‍රාස්ත්‍රපති හකුරුවෙල චන්දාලෝක හිමි.

⛔   පාපිස්සෝ  සහ පාපිස්ස.⛔  2026/08/21 දින අනුරාධපුර  මහේෂ්ත්‍රාත් අධිකරණ ය  ,පල්ලේගම නාහිමි   සම්බන්ධයෙන්  පාපිස්සේ  dn...
23/08/2026

⛔ පාපිස්සෝ සහ පාපිස්ස.

⛔ 2026/08/21 දින අනුරාධපුර මහේෂ්ත්‍රාත් අධිකරණ ය ,පල්ලේගම නාහිමි සම්බන්ධයෙන් පාපිස්සේ dna සැසදෙන බවක් ප්‍රකාශයට පත් කොට නැත. අපි ද එම අවස්ථාවේ අධිකරණ භූමියෙහි සිටියෙමු. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙහෙයවනු ලබන youtube කරුවන් බෙදුම්වාදීන් අධිකරණයෙන් ප්‍රකාශ නොකළ දෙයක් , ප්‍රකාශ කළා යැයි බොරුව සමාජගත කරමින් , බෞද්ධ සමාජය බිඳවමින් බෞද්ධ විහාරස්ථාන කෙරෙහි වෛරය වපුරමින් ඇත.

⛔ භික්ෂූන් වහන්සේ මෙයට නිහඬව නොසිත නිසි පිළිතුරු ලබා දිය යුතුය. එසේ නොවුවහොත් පිළියම් කළ නොහැකි මහා බිඳවීමක් සිදුවේ. කඩා වැටීමක් දක්නට ඇත.

⛔ අධිකරණය මගින් ප්‍රකාශ නොකළ දෙයක් ප්‍රකාශ කළා යැයි සමාජගත කිරීම බරපතල අධිකරණයට අපහාසයකි. සමාජය නොමඟ යැවීමකි. බෞද්ධ සමාජය බිඳවීමේ කොන්ත්‍රාත්තුව අන්‍ය ආගමික හස්තය මගින් මෙහෙයවනු ලබන , රාජ්‍ය බිඳවීමේ සමාජ මාධ්‍යකරුවන් සිදු කරමින් ඇත. මෙය බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි.

⛔ සමාජ මාධ්‍ය භාවිතා වන්නේ බලවත් රාජ්‍යයන්ගේ දේශපාලනයක ආර්ථික අරමුණු ජය ගැනීම සඳහා සමාජය රැවටීම, සමාජය බිඳවීම, රාජ්‍ය පෙරළීම සඳහාය,

එය ලෝකයේ රටවල් හැත්තෑවක පමණ සිදු කොට ඇත.

⛔ ලංකාවේ බෞද්ධ සංස්කෘතියට, භික්‍ෂූන්වහන්සේට, බෞද්ධ මහා විහාර මූලස්ථානවලට පෙරටුගාමී පසුගාමී මිනිසුන් හා තවත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් අපවාද , බිඳවීම සිදු කරමින් ඇත.

⛔ පල්ලේගම නාහිමි බාල වයස් වයස්කාර දැරියක් අපයෝජනය කළා යන පුවත සත්‍ය සිදුවීමක් නොව එක්තරා ආගමික සහ ආගමිකයන් විසින් මෙහෙයවනු ලබන දේශපාලන පක්ෂයක් විසින් ප්‍රචලිත කරනු ලබන අදහසකි. ඒ අරමුණ බෞද්ධ සමාජය බිඳවීමයි.

එහි අරමුණ භික්ෂු බලය විනාශ කිරීමයි.

⛔ පෙරටුගාමීන් කතා හැදීමෙහි ඉතා සමර්ථයෝය. එක්ස් කණ්ඩායමේ බෞද්ධ විරෝධී පෙරටුගාමී කාන්තාව ප්‍රකාශ කළේ පාපිස්සෙන් පිස දැමූ පුවතකි. අප නීතිඥ මහත්තුරු මගින් මේ විමසූ විට බී වාර්තාවේ එබඳු සටහනක් නොමැති බව ප්‍රකාශ කළේය.

⛔ ළමයි දාලා, කාන්තාවන් යොදාගෙන, රචනා ලියලා භික්ෂුවගේ ප්‍රතිරූපය විනාශ කරන්නේ කුමක් සඳහාද?

⛔ ඒ ඉන්දියානු ඇමෙරිකානු, සහ ඩයස්පෝරාවේ අරමුණු සඳහා 22 වන ව්‍යවස්ථා සංශෝධනය , පළාත්වලට අධිකරණ බලය ලබාදීම, ඊළාම් රාජ්‍ය සඳහා මාවත සකස් කිරීම,

⛔ විහාර දේවාලගම් පනත අහෝසිි කොට , විහාරස්ථාන සතු ඉඩකඩම් අහිමි කිරීම,

⛔ ව්‍යවස්ථාවේ නම වන වගන්තිය අහෝසි කොට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම බැහැර කිරීමත් , නිරාගමික රාජ්‍යයක් කිරීම,

⛔ පුරාවිද්‍යා පනත බල රහිත කිරීම, එම පනත අහෝසි කිරීමෙන් උතුරු නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාරවල ඉඩම්වල අයිතිය බෞද්ධයන්ට අහිමි වේ, එම ඉඩම් ඊලාම් ඉස්ලාමීය ආධිපත්‍යයට එවිට යටත් වේ.

⛔ භික්‍ෂුවට පහර දෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කොට එම අරමුණ සඳහාය.

⛔ 1819 ගාල්ලේදි රැස්වූ වෙස්ලියන් පල්ලිය , ලංකාව බෙදා වෙන් කළ යුතු බව තීරණය කළහ. මේ සිදුවන්නේ එයයි.

⛔ 1796 යාපනයේ විහාර 300ක් කඩා ඉවත් කොට එම ගොඩනැගිලි ද්‍රව්‍යවලින් කෝවිල් සහ පල්ලි 300 ක් ඉදි කළහ. බටහිරයන්ගේ අරමුණ ලංකාව බෙදුනු රාජ්‍යයක් කිරීමයි.

⛔ එදා සිට අද දක්වාත් ,බටහිරයෝ, පල්ලිය

භික්ෂුව සහ පන්සල , බෞද්ධ බලය ඉවසන්නේ නැත. භික්ෂුවට පහර දෙන්නේ ඒ දේශපාලනික අරමුණු සඳහාය.

⛔ ප්‍රධාන භික්‍ෂූන්වහන්සේලාගේ කට වසා ව්‍යවස්ථා සංශෝධන , ඊළාම් බලතල ලබාදීම සඳහා භික්‍ෂුවට පහර දෙමින්ඇත.

⛔ නේපාලය, බංග්ලාදේශය, නිතර ගුවාව, සිරියාව, ඉරානය, ලිබියාව, යන රාජ්‍යවල සම්පත් කොල්ල කෑමසඳහා බටහිරයෝ සහ බටහිර ආගමික සංවිධාන , ඉස්ලාම් සංස්කෘතියට, ඉස්ලාම් ආගමික නායකයන් කෙරෙහි වෛරය ඇති කිරීම, ඉස්ලාම් රාජ්‍ය නායකයන් කෙරෙහි වෛරය ඇති කිරීම සිදුකොට සමාජය බිඳවා , එම රාජ්‍යවල සම්පත් කොල්ලකෑම රූකඩ ආණ්ඩු පත් කිරීම සිදුකළහ

⛔ ශ්‍රී ලංකාවේ ජනතාවට වර්ණ විප්ලවය පිළිබඳ අවබෝධයක් තිබේ නම් මෙම කුමන්ත්‍රවලට හසු නොවී රටත් සමාජයත් ආරක්ෂා කර ගැනීමට නුවණ ලැබෙනු ඇත.

ශාස්ත්‍රපති හකුරුවෙල චන්දාලෝක හිමි.

22/08/2026

ඊළාම් සිහිනය උදෙසා, සමාජ බිදවීම හා ඇතුළු වූ   ගේට්ටුව .📌️  අටමස්ථානාධිපති    නාහිමි පාණන් වහන්සේ  කෙරෙහි  ත්‍රස්තවාදීන්ග...
22/08/2026

ඊළාම් සිහිනය උදෙසා,

සමාජ බිදවීම හා

ඇතුළු වූ ගේට්ටුව .

📌️ අටමස්ථානාධිපති නාහිමි පාණන් වහන්සේ කෙරෙහි ත්‍රස්තවාදීන්ගේ බෙදුම්වාදීන්ගේ බලවත් වෛරයක් පල කරනවා. උන්වහන්සේ ඝාතනය කළ යුතු බව ප්‍රකාශ කරනවා.

උන්වහන්සේව ත්‍රස්තවාදීන්ගෙන් මුදවා අධිකරණයට ගෙනයාමක් සිද්ධ වුණේ.

බටහිරයන්ගේ න්‍යාය පත්‍රය අනුව youtube page කරුවන් විවුස් පතා, ඩොලර් පිණිස භික්‍ෂුවට සහ, බෞද්ධ මූලස්ථානවලට, බෞද්ධ හර පද්ධතින් වලට ගහනවා. අසත්‍ය සමාජගත කරනවා. වෛරය වපුරමින් ඇත.

⛔ වෛරයක් ගොඩනගා ලිබියා ජනාධිපති ඝාතනය කලා වගේ බෞද්ධයාගේ මූලස්ථානය වන මහා විහාරය කෙරෙහි බෙදුම් වාදීන් වෛරයක්වපුරනවා. එනිසා උන්වහන්සේ ඉතාමත් ආරක්ෂා වෙන්න ඕන. ආරක්ෂා කරන්න ඕන.

⛔ නාහිමි පාණන් වහන්සේ කෙරෙහි ජනතා විරෝධයක් නොමැති අතර ngo බෙදුම්වාදීන්ගේ වෛරයක් නම් තියෙනවා. ඔවුන් භික්‍ෂුව සමග බෞද්ධ සංස්කෘතියසමඟ රාජ්‍ය සමඟ වෛරයෙන් පසු වෙනවා.

⛔ විනිසුරු තුමන්ලා එලියට බසින ගේට්ටුවෙන් තමයි සාමාන්‍ය ජනතාවත් උසාවියෙන් එළියට බසින්නේ. එම ගේට්ටුවෙන් තමයි නාහිමි ඇතුළු වුණේ. ඒක ආරක්ෂාව සම්බන්ධ කරුණක්.

⛔ අනුරාධපුර ප්‍රධාන පූජාභූමියේ භික්‍ෂූන්වහන්සේට ප්‍රමුඛතාවය හිමිවීම අවශ්‍ය දෙයක්.ඒක උරුම දෙයක්. ඒ උරුමයට වෛර කිරීම අන්‍ය ආගමිකයින්ගේ අරමුණක්.

⛔ උන්වහන්සේට ජීවිත අනතුරක් තියෙනවා. ත්‍රස්තවාදියෝ කීප දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා උන්වහන්සේ ඝාතනය කළ යුතු බව. මේ ගැන පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි.

⛔ අසත්‍ය සමාජගත කරන්න, වෛරය වපුරන්න ඇතැම් වෘත්තිකයන් අද පාවිච්චි වෙනවා. ඒකයි මේ සිද්ධවෙන්නේ.

⛔ උසාවියේ විශේෂ දොරටු නෑ . ඇතුල්වීම පිටවීම පමණයි. ඒ ගේට්ටුවෙන් තමයි ඇතුල් වුනේ පිටවුණේ.

⛔ මහා බෝධීන් වහන්සේ යට තුන්සියක පමණ බෞද්ධ ජනතාව, භික්‍ෂූන් වහන්සේ, සිල් මාතාවෝ, ඝාතනය කළේ අන්‍ය ආගමික හස්තයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදියෝ. වර්තමානයේ ශ්‍රී මහා බෝධියෙන් නාහිමිපාණන් වහන්සේට අපහාස කරන්නෙත් එම # #ගමික ජාලයේ මෙහෙය වීමට යි.

⛔ ශ්‍රී බෝධීන් වහන්සේගේ අත්තක් කපා දැමූ පුද්ගලයාද අන්‍ය ආගමිකයන් මෙහෙය වූ අන්‍ය ආගමිකයෙක්.

⛔ මහා විහාරයට නොයෙක් අපවාද කරන්නේත් අන්‍ය ආගමික සහ ඔවුන්ගේ ත්‍රස්තවාදීන්

⛔ ජනතාව මේ කුමන්ත්‍රණය තේරුම් ගන්න. එසේ නොවුනොත් ශ්‍රී ලංකාව කෑලි වලට කැඩීමේ න්‍යාය පත්‍රය සිද්ධ වෙනවා.

⛔ භික්ෂුව බිඳවීමේ අරමුණ ඊලම ලබාදීමේ පවිටු අරමුණු සඳහාය.

⛔ ලංකාවේ දිනකට ළමයි තිහක් තිස් හතරක් වගේ ප්‍රමාණයක් අපයෝජනයට ලක් වෙනවා. කෝ මේ රාජ්‍ය නොවන සංවිධාන මේ වෙනුවෙන් කතා කරනවා පෙනී සිටිනවා. සසුනට සංස්කෘතියට පහර දීම තමයි ඔවුන්ගේ රාජකාරිය.

⛔ ඔය කියන වයස දහතුනේ ළමයෙක් අටමස්ථානාධිපති නාහිමි අතින් අපයෝජනයට ලක් නොවූ බව සක්සුදක් සේ පැහැදිලියි. අධිකරණයෙන් එය සනාථ වුවත්,

පල්ලි ගැත්තන් විසින් භික්ෂු සමාජය පිළිකුට ලක් කිරීමේ, සමාජය බිඳවීමේ ක්‍රියාවලියට එරෙහිව බෞද්ධ ජනතාව මේ කරුණ ගැන දැනුවත් කිරීම අවශ්‍යයි.

⛔ ලංකාවේ වසරකට ළමා අපයෝජන දහදාහක් වැනි ප්‍රමාණයක් අලුතින් එකතු වෙනවා.

⛔ ළමා අපයෝජන සම්බන්ධ නඩු 42000ක් ගොඩ ගැසී ඇති බව සඳහන් වෙනවා. රාජ්‍ය නොවන සංවිධාන , youtube කරුවන් කවද්ද මේවා ගැන කතා කලේ.

⛔ ලංකාවේ සමාජය ආර්ථික දේශපාලනික, ගස්ටන හමුවේ නාය යමින් ඇත. කෝ මේ ත්‍රස්ත youtube කරුවන් මේ වෙනුවෙන් හඬ අවදි කළා.

මේ youtube කරුවන් සමාජ මාධ්‍යකරුවන් තව තවත් සිදු කරන්නේ සමාජය බිඳවන එකයි.

⛔ එක්තරා කාඩිනල්වරයෙක් පමණක් ළමයි දෙසීයකට අධිකව අපයෝජනය කලා, කායිකව දූෂණය කළා, කෝ ඒ ගැන හඬ අවදි කළා, ඒවට ඩොලර් හම්බවෙන්නෙ නැති නිසා නිශ්ශබ්දයි.

⛔ මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයේ දරුවන් 75ක් අපයෝජනය කලා, විකිණීම සිද්ධ කළා. ශරීර කොටස් විකුණනවා. කෝ මේ youtube කරුවන් කතාා කළා. ඒවා අපරාධ නොවේද?

⛔ තහවුරු නොවූ සිදු වෙච්ච නැති කතාවක් අල්ලාගෙන ඇයි බෞද්ධ සමාජය බිඳවන්නේ. #ල්ලියෙන් ලැබෙන මුදල් නිසා මේ අයුරින් සමාජය බිඳවීම මෙලොව වශයෙන් විඳවන්න සිද්ධ සිද්ධ වෙනවා.

⛔ අද බෞද්ධයා බිඳවන, සිංහලයා දුර්වල කරන, සංවිධාන දහස් ගණනක් ක්‍රියාත්මකයි.

⛔ මේ අවදානම තේරුම් ගන්න සැමට සිහිය ලැබේවා.

⛔ සමගිය බලය පිණිසත්,

වෛරය කඩා වැටීම පිණිසත් පවතිනවා.

මේ ඇත්ත තේරුම් ගනිත්වා.

හකුරුවෙල චන්දාලෝක හිමි.

නිවන් සම්පත් ලැබේවා
21/08/2026

නිවන් සම්පත් ලැබේවා

21/08/2026

ත්‍රස්තවාදීන්, ගේට්ටු ගැන කියන්නේ නාහිමිට වෙඩි තියන්න ?

🪷🙏 **නිවන් සුව ලැබේවා!** 🙏🪷💐💐💐🌸 **අමරණීය බොදු ගීත සාහිත්‍යයක් ලක්වැසි හදවත් තුළ තැබූ උතුම් යතිවරයාණන් වහන්සේට අපගේ උත්තම...
20/08/2026

🪷🙏 **නිවන් සුව ලැබේවා!** 🙏🪷
💐💐💐

🌸 **අමරණීය බොදු ගීත සාහිත්‍යයක් ලක්වැසි හදවත් තුළ තැබූ උතුම් යතිවරයාණන් වහන්සේට අපගේ උත්තමාචාරය** 🌸

අතිපූජ්‍ය **රඹුකන සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ** 2026 අගෝස්තු 18 වන දින අපවත් වී වදාළහ. 🙏🕊️

මාතර, කොටපොළ, මොරවක, රඹුකන ග්‍රාමයේ 1950 මැයි 22 ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ, ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයටත්, බොදු ගීත සාහිත්‍යයටත් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ගෞරවණීය භික්ෂූන් වහන්සේ නමකි. 🪷

🎶 **ගීතය තුළින් බුදුදහම ජනතාව අතරට**

උන්වහන්සේගේ නිර්මාණවල විශේෂත්වය වූයේ බුදුදහම, මෛත්‍රිය, කරුණාව, මනුෂ්‍යත්වය, ජීවිතයේ යථාර්ථය සහ බෞද්ධ සංස්කෘතික වටිනාකම් සරලව හා හෘදයාංගමව ජනතාව අතරට ගෙන යාමයි. 🙏🌿

🎵 උන්වහන්සේගේ අමරණීය නිර්මාණ අතර,

🪷 **බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති**
🌿 **ලා දළු බෝපත් සෙමෙන් සැලෙන සේ**
🙏 **පිහිටක් නැති සරණක් නැති**
🪷 **බුදු බණ ඇසුවා නිරන්තරේ**
🌸 **බණ කියන රටක් බණ අසන රටක්**
🌼 **සියක් ආයු ලැබ මගේත් ආයු ලැබ**
🌿 **අව්වට වැස්සට හුරු මිනිසුන්නේ**
💧 **සඳවතුරක් සේ මෙත් සොමි ගුණේනා**
🏵️ **පන්සලේ පල්ලියේ**
🌙 **මේ ඉර හඳ යට තනිවී**
⭐ **සඳ තරු මල්**
🌸 **මේ ප්‍රේම කතා නවතා මොහොතක්**
🙏 **හිමි සනරාමර**
❤️ **සෙනෙහස පුදා අම්මාවරුන් වගේ**

ආදී නිර්මාණ රැසක් දැක්විය හැකිය.

🌿 **උන්වහන්සේගේ මෙහෙවර ගීතයට පමණක් සීමා වූවක් නොවීය.**

🪷 බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය ජනහදවත් තුළ තවදුරටත් ජීවමාන කරවීම,
📚 ධර්මය හා සාහිත්‍යය ජනතාව අතරට ගෙන යාම,
🎶 බොදු ගීතය තුළින් යහපත් සිතුවිලි හා මානවීය වටිනාකම් සමාජගත කිරීම,
🌿 මිනිස් සිත් සැනසීමට හා යහපත් ජීවන දැක්මක් ඇති කිරීමට නිර්මාණාත්මක දායකත්වයක් ලබාදීම,
🙏 බෞද්ධ සමාජයේ ආගමික හා සංස්කෘතික උරුමයන් කලාත්මක මාධ්‍යයන් ඔස්සේ ඉදිරියට ගෙන යාම

වැනි ක්ෂේත්‍රයන් තුළද උන්වහන්සේගේ දායකත්වය සිහිපත් කළ යුතුය.

🌸 **එබැවින් රඹුකන සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ යනු ගීත රචකයෙකු පමණක් නොව, ගීතය ධර්මයේ හා මනුෂ්‍යත්වයේ පණිවිඩය ගෙන යන මාධ්‍යයක් බවට පත් කළ නිර්මාණශීලී යතිවරයෙකු ලෙස සිහිපත් කළ හැකිය.** 🪷

💭 ජීවත්ව සිටියදී මෙවැනි උතුමන්ගේ සේවය අගය කර, ඔවුන්ට ගෞරවය දැක්වීමට අපට හැකි වූයේ නම් එය තවත් වටිනා දෙයකි.

අප අතරින් උන්වහන්සේ සමුගෙන ගියද, 🎶 උන්වහන්සේගේ ගීතවලින් නැඟෙන ධර්මීය හැඟීම්ද, 📚 උන්වහන්සේගේ සාහිත්‍යමය දායකත්වයද, 🪷 බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් කළ සේවයද ජනහදවත් තුළ දිගු කලක් ජීවමාන වනු ඇත.

🙏💐 **ගෞරවණීය අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා!** 💐🙏

🪷🌸 **උන්වහන්සේගේ උතුම් මෙහෙවර සදා අමරණීය වේවා!** 🌸🪷

🙏 **සාධු! සාධු! සාධු!** 🙏 හකුරුවෙල චන්දාලෝක හිමි.

Address

Murungagasyaye Gnanissara Nahimi Intarnational Dharmadutha Bhikkhu Traning Center Gajaba Ashramaya, Abhayawewa, Anuradhapuraya
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Hakuruwela Chandaloka Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category