23/03/2026
*ඉරිදා දිනයන්හි උපකාරක පංති පැවැත්වීම හා ළමුන් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක්* 2026/03/20 දින ප.ව. 2.00ට අයගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා
* අයගම ගංගාරාම විහාරාධිපති අයගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රඹුක්පොත ධම්මදින්න ස්වාමීන් වසන්සේ
* අයගම ප්‍රාදේශීය ලේකම්තුමා
* අයගම ප්‍රාදේශීය සභා සභාපතිතුමා
* අයගම පොලිස් ස්ථානාධිපතිතුම
* අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන හෙද සොයුරිය
* කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලයේ ව්‍යාපෘති නිලධාරීතුමිය
* බෞද්ධ කටයුතු සමායෝජක
* අයගම නගරය තුළ පවතින උපකාරක පංති පවත්වන ආයතන හිමිකරුවන් සහභාගී වූ අතර
1. ඉරිදා දින
ප.ව.1.30න් පසුව උපකාරක පංති ආරම්භ කිරීම
2. උපකාරක ප්ංති තුළ දරුවන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
3. දරුවන් පංති
සදහා පැමිණෙන වෙලාවන් හා පිටවන වෙලාවන් සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කිරීම
4. උපකාරක පංති අතර කාල පරතරයන් අවම කිරීම සදහා එම පංති පවත්වන ආයතන එක්ව කාලසටහනක් සකස් කර ගැනීම
5. සවස 4.30න්
පසුව අයගමින් පිටත්වන බස් රථ නිසි වේලාවට යෙදවීම සදහා ක්‍රියාමාර්ග ගැනීම
වැනි වැදගත් තීරණයන් හා එකඟතාවන් රැසකට එළඹෙන ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුම ආයතන ප්‍රධානීන් හා නියෝජිත මහත්ම මහත්මීන්ට ස්තූතිවන්ත වන අතර දරුවන්ගේ උපරිම යහපත සැළසීම වෙනුවෙන් ඔබ සැමගේ දායකත්වය ඉදිරියේදීද අපේක්ෂා කරමි.
සංවිධානය - ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි ග්‍රාම නිලධාරී අයගම හා ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර