Badulla Pradeshiyasabha

Badulla Pradeshiyasabha සුපිරිසිදු බවින් හා කාර්‍යක්ෂමතාවයෙන් පෙරට

ගම්මැද්දේ කලාලය 2026.08.31 දින කැන්දගොල්ල අම්පිටිය පත්තිනි දේවාලය අසලදී සාර්ථකව සිදු කරන ලදි
01/09/2026

ගම්මැද්දේ කලාලය 2026.08.31 දින කැන්දගොල්ල අම්පිටිය පත්තිනි දේවාලය අසලදී සාර්ථකව සිදු කරන ලදි

වසර 14 ට අධික කාලයක් තිස්සේ කොන්ත්‍රාත් පදනම යටතේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ සේවය කොට, අද දින රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබ...
25/08/2026

වසර 14 ට අධික කාලයක් තිස්සේ කොන්ත්‍රාත් පදනම යටතේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ සේවය කොට, අද දින රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබන සහෝදර ඔබට බදුල්ල ප්‍රාදේශීය සභාවේ සුභපැතුම් !

මලංගමුව ප්‍රධාන මාර්ගයට වැටී තිබූ සවුක්කු ගසක් හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ඇතිවිය හැකි බාධාව හා අනතුරු අවදානම සැලකිල්ලට ග...
19/08/2026

මලංගමුව ප්‍රධාන මාර්ගයට වැටී තිබූ සවුක්කු ගසක් හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ඇතිවිය හැකි බාධාව හා අනතුරු අවදානම සැලකිල්ලට ගනිමින්, බදුල්ල ප්‍රාදේශීය සභාව මගින් කඩිනමින් මැදිහත්වී එම ගස කපා ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කරන ලදී. 🌿🛣️
ජනතාවගේ ආරක්ෂාව සහ පහසු ගමනාගමනය වෙනුවෙන් කඩිනම් සේවාවක් සැපයීම බදුල්ල ප්‍රාදේශීය සභාවේ වගකීමයි. 🤝

❤️ දිවියට සුවයක් – දැයට සවියක් ❤️අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු සමස්ත ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික සුවතාව උදෙසා  සං...
19/08/2026

❤️ දිවියට සුවයක් – දැයට සවියක් ❤️

අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු සමස්ත ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික සුවතාව උදෙසා සංවිධානය කරනු ලබන “දිවියට සුවයක් – දැයට සවියක්” විශේෂ සෞඛ්‍ය වැඩසටහන අගෝස්තු 22 වන දින පැවැත්වේ.

🗓️ දිනය: අගෝස්තු 22
⏰ වේලාව: පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා
📍 ස්ථානය: බදුල්ල මුතියංගන රජමහ විහාරස්ථානයේදී

ඔබගේ සෞඛ්‍යය පිළිබඳව දැනුවත් වීමටත්, අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමටත් මෙම අවස්ථාවට එක්වන්න. 🌿❤️

සුවපත් ජනතාවක් – ශක්තිමත් දැයක්! 🇱🇰

#දිවියටසුවයක්දැයටසවියක් #බදුල්ල #සෞඛ්‍යවැඩසටහන #බදුල්ලප්‍රාදේශීයසභාව

ඊයේ දින (17) ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ බදුල්ල නගරය ඇතුළු ප්‍රදේශවල පවතින අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු සඳහා ත...
18/08/2026

ඊයේ දින (17) ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ බදුල්ල නගරය ඇතුළු ප්‍රදේශවල පවතින අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු සඳහා තිරසාර විසඳුම් හඳුනා ගැනීම අරමුණු කරගනිමින් පැවති විශේෂ සාකච්ඡාවක් පැවති අතර,
බදුල්ල නගරයේ පිරිසිදුකම හා පාරසරික සුරක්ෂිතතාව තහවුරු කරමින්, ජනතාවට වඩාත් සෞඛ්‍ය සම්පන්න හා ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඝන අපද්‍රව්‍ය එකතු කිරීම, වෙන් කිරීම, ප්‍රවාහනය, ප්‍රතිචක්‍රීකරණය සහ අවසන් බැහැර කිරීම ඇතුළු ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, අදාළ ආයතන අතර වඩාත් ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින්, පවතින ගැටලු සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබාදීමත්, ඉදිරියේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන හා තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා බදුල්ල නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, බදුල්ල සහ සොරණාතොට ප්‍රාදේශීය සභාවල ගරු සභාපතිතුමන්ලා , නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමා, කම්කරු උසාවියේ සහකාර ලේකම්තුමා, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුතුමා, මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

♻️🌿 පරිසර හිතකාමී පුරවැසියෙකුට ඇගයීමක්! 🌿♻️දිරාපත් නොවන කසල නිසි ලෙස බෝතල් කර බදුල්ල ප්‍රාදේශීය සභාව වෙත ලබාදීමේ වැඩසටහන...
16/08/2026

♻️🌿 පරිසර හිතකාමී පුරවැසියෙකුට ඇගයීමක්! 🌿♻️
දිරාපත් නොවන කසල නිසි ලෙස බෝතල් කර බදුල්ල ප්‍රාදේශීය සභාව වෙත ලබාදීමේ වැඩසටහන යටතේ, පළමු වරට කසල ලබාදීමට ඉදිරිපත් වූ පුරවැසියා ලෙස මෙතුමා/මෙතුමිය අපගේ විශේෂ ඇගයීමට ලක් විය. 💚
පරිසරය සුරැකීමට ලබාදුන් මෙම ආදර්ශවත් දායකත්වය අගය කරමින්, ඉදිරියටත් මෙවැනි යහපත් ක්‍රියා සඳහා දිරිගැන්වීමක් ලෙස විශේෂ තිළිණයක් පිරිනමන ලදී. 🎁
ඔබේ කුඩා පියවරක්… අපේ පරිසරයට විශාල වෙනසක්! 🌍💚
#බදුල්ල_ප්‍රාදේශීය_සභාව ාකරණය #ප්‍රතිචක්‍රීකරණය #පරිසරය_සුරකිමු

බදුල්ල ප්‍රාදේශීය සභාව මගින් රු.මිලි 15 මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් ආදායම් උත්පාදනය සඳහා පස්සර පාර, 02 කණුව කඩ කාමර 03...
14/08/2026

බදුල්ල ප්‍රාදේශීය සභාව මගින් රු.මිලි 15 මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් ආදායම් උත්පාදනය සඳහා පස්සර පාර, 02 කණුව කඩ කාමර 03 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම.
2026 අගෝස්තු මස 14 වන දින පෙ.ව 9.21 ට යෙදුනු සුභ මොහොතින්,
ගරු සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය රුවන් රණසිංහ මැතිතුමාගේ, බදුල්ල මහ නගර සභාවේ ගරු නගරාධිපති නන්දන හපුගොඩ මැතිතුමාගේ, බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත අතුලසිරි ජයවර්ධන මැතිතුමාගේ ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.

බදුල්ල ප්‍රාදේශීය සභාව මගින් ඉදි කිරීමට යෝජිත ආදායම් උත්පාදනය සදහා කඩ කාමර 3ක් ඉදි කිරීම සදහා මුල්ගල තැබීමේ උත්සවය
13/08/2026

බදුල්ල ප්‍රාදේශීය සභාව මගින් ඉදි කිරීමට යෝජිත ආදායම් උත්පාදනය සදහා කඩ කාමර 3ක් ඉදි කිරීම සදහා මුල්ගල තැබීමේ උත්සවය

📚 හෙට දින ජයග්‍රහණයේ අඩිතාලම අද දින සවිමත්ව තබමු! ✨බදුල්ල ප්‍රාදේශීය සභාව මඟින් දෙමළ මාධ්‍ය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින...
31/07/2026

📚 හෙට දින ජයග්‍රහණයේ අඩිතාලම අද දින සවිමත්ව තබමු! ✨
බදුල්ල ප්‍රාදේශීය සභාව මඟින් දෙමළ මාධ්‍ය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කළ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්විණි.
මෙම සම්මන්ත්‍රණය තුළින් සිසුන්ට විභාගය සඳහා අවශ්‍ය දැනුම, මඟපෙන්වීම සහ ආත්මවිශ්වාසය ලබාදෙමින් ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් තැබීමට කටයුතු කරන ලදී.
🌟 "අද දින ලබාගන්නා දැනුම හෙට දින ජයග්‍රහණයේ පියවරයි."

📚 இன்றைய அறிவு... நாளைய வெற்றியின் அடித்தளம்! ✨
பதுளை பிரதேச சபையின் ஏற்பாட்டில் தமிழ் மொழி புலமைப்பரிசில் பரீட்சைக்கு தோற்றவுள்ள மாணவர்களுக்காக புலமைப்பரிசில் கருத்தரங்கு வெற்றிகரமாக நடைபெற்றது.
இந்நிகழ்வின் மூலம் மாணவர்களுக்கு பரீட்சைக்குத் தேவையான அறிவு, வழிகாட்டல் மற்றும் தன்னம்பிக்கை வழங்கப்பட்டதுடன், அவர்களின் எதிர்கால வெற்றிக்கான உறுதியான அடித்தளமும் அமைக்கப்பட்டது.
🌟 "இன்று கற்ற அறிவே நாளைய வெற்றியின் முதல் படி."

අද දවසේ දරු පරපුරේ අනාගත ජයග්‍රහණ වෙනුවෙන් තවත් වැදගත් පියවරක්. 📚✨ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන්ගේ දැනුම, ආත්මවි...
30/07/2026

අද දවසේ දරු පරපුරේ අනාගත ජයග්‍රහණ වෙනුවෙන් තවත් වැදගත් පියවරක්. 📚✨
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන්ගේ දැනුම, ආත්මවිශ්වාසය සහ සාර්ථකත්වය ඉහළ නැංවීමේ අරමුණින් බදුල්ල ප්‍රාදේශීය සභාව විසින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් සාර්ථකව පවත්වන ලදී.
සියලු දූ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සඳහා උණුසුම් සුබපැතුම්! ඔබගේ අනාගත සිහින සැබෑ වේවා! 🌟

Address

Udawela
Badulla
90000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Badulla Pradeshiyasabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share