21/08/2026
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදි සිදු කරනු ලබන නොදිරන කසළ එකතු කිරීමේ වැඩසටහනට සමගාමිව,
🗓️ හෙට එනම් 2026 අගෝස්තු මස 22 වන දින 🗓️
ඉඹුල්පේ හා අටවක්වෙල කොට්ඨාසවල පහත සඳහන් ප්‍රදේශ ආවරණය කරන අතර ඔබත් ඔබගේ නිවසේ ආයතනයේ එකතු වන නොදිරන කසළ 🔅ප්ලාස්ටික්, 🔅පොල්කටු, 🔅කඩදාසි, 🔅ටින්, 🔅යකඩ, 🔅ඇලුමිනියම් ආදිය
වෙන් කර, වෙන් වෙන් වශයෙන් බෑග්වලට දමා එහි විවරය හොඳින් ගැට ගසා මාර්ගය අසලින් තැබීමට කටයුතු කරන්න.
🗓️♻️🗓️♻️
2026 අගෝස්තු 22 වන දින නොදිරන කසළ එකතු කරන මාර්ගයන්
💠 අලුත්නුවර කොස්උල මාර්ගය - අලුත්නුවර දේවාලය අසල සිට කොස්උල දක්වා
💠 දෙනගම නෙල්ලිවල මාර්ගය - අලුත්නුවර පාලම අසල සිට කෙසෙල්කොටුව දක්වා
💠 උස්බිම් ජනපදය මාර්ගය - දෙනගම පාලම අසල සිට උස්බිම් ජනපදය පාසල දක්වා
🚫 කසළ එකතු කරන රථය අදාළ ස්ථානයෙන් ගමන් කළ පසු කසල මාර්ගයේ නොතබන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු. 🚫
♻️ බල ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරවීමට ඔබ දක්වන සහයෝගය බෙහෙවින් අගය කරන්නෙමු...♻️