16/05/2022
අරගලය ජය ගත යුතුමය.
"දේශපාලනයෙන් අපිට වැඩක් නෑ, අපි ඡන්දේ දෙන්න යන්නෙත් නෑ". "අපි හම්බ කලොත් අපි කනවා"
කියමින් සිටි ජනතාවක් දේශපාලන මැදිහත්වීමකින් තොරව, මැතිවරණයක් නොපැවැත්වෙන කාලසීමාවක දේශපාලන කාරණයක් උදෙසා අරගලයක නිරත වෙමින් පවතී. එම අරගලය මේ වන විටත් ජයග්‍රහණය රාශියක් අත්පත් කරගෙන ඇත.
2/3 බලයක් සහිතව විශාල ජන බලයක් ඇතිව සිටි මහින්ද රාජපක්ෂ අද ගෙදර යවා ඇත්තේ එම ජන අරගලය තුලිනි. රටේ ආර්ථිකය විනාශ කළ මුදල් ඇමති, මහ බැංකු අධිපති ගෙදරයවා ඇත. ඒ ජන අරගලය දැනට අත්පත් කරගෙන ඇති ජයග්‍රහණය කිහිපයකි.
ජන අරගලයේ පූර්ණ ජයග්‍රහණයෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියට විශාල පණිවිඩයක් ලබාදෙයි.
එනම් අකාර්යක්ෂම අදූරදර්ශි පාලනයක් ඕනෑම මොහොතක ජන බලයෙන් ගෙදර යැවිය හැකි බවයි.
ඒ ආදර්ශය පවතින සියලු දේශපාලන පක්ෂ වලට එල්ල වන දැවැන්ත අභියෝගයකි.
ඒ අනුව ඉදිරියට පත්වන සියළු නායකයන් සෑම අවස්ථාවක දීම ජනතාවට වගකීමට බැඳී සිටිය යුතුය .
මේ හේතුවෙන් වත්මන් 225+1+පෙ.ස.ප පවා මෙම අරගලය පූර්ණ ජයග්‍රහණයෙන් අවසන් වීමට අවස්ථාවක් ලබා නොදෙනු ඇත.
අරගලය පූර්ණ අවධානයෙන් ඉදිරියට ගොස් ජයග්‍රහණය අත්පත්කර ගත යුතුය .