08/07/2026
විසිතුරු මත්ස්‍ය වෙළඳ ප්‍රදර්ශනය හා මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රදර්ශනය Western Aqua - 2026
=========================
බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීම සහ සංවිධානය යටතේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) තාක්ෂණික දායකත්වය සමඟින් සංවිධානය කරනු ලබන "Western Aqua - 2026" විසිතුරු මත්ස්‍ය වෙළඳ ප්‍රදර්ශනය හා මිරිදිය මත්ස්‍ය ආහාර ප්‍රදර්ශනය 2026 ජුලි මස 09, 10 සහ 11 යන දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 7.00 දක්වා බත්තරමුල්ල පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් දිරිගැන්වීම හා ක්ෂේත්‍රයේ පවතින වෙළඳ පොළ ගැටලුවලට විසඳුම් ලබා දීම ප්‍රමුඛ කරගනිමින් පවත්වනු මෙම ප්‍රදර්ශනය තුළ අපනයන මට්ටමේ විසිතුරු මත්ස්‍ය වර්ග, නව හා දුර්ලභ මත්ස්‍ය ප්‍රභේද නැරඹීමට හා මිලදී ගැනීමටත්, නවීන මත්ස්‍ය වගා ක්‍රමවේද සහ උපකරණ ප්‍රදර්ශනය, මිරිදිය හා විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ වෘත්තීය පුහුණු සැසි, තාක්ෂණික උපදේශනය, මත්ස්‍ය සාම්පල හා ජලයේ ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම (ජංගම රසායනාගාර), "Fish Therapy" සහ ප්‍රණීත මිරිදිය මත්ස්‍ය ආහාර වර්ග රසවිඳීමේ විශේෂ අවස්ථාවන් ද ඇතුළත් වේ.