NIO Srilanka

NIO Srilanka Official page of National Intellectuals Organization

05/12/2024

මහවිරු සමරුව සහ ජාතිවාදී දේශපාලනය

05/12/2024

මන්ත්‍රී වරප්‍රසාද ගැන

05/12/2024

සහල් අර්බුදය ගැන පැහැදිලිකිරීමක්

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා සහභාගී වන ලෙස  සියලු වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවාඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළ...
05/12/2024

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා සහභාගී වන ලෙස සියලු වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවා
ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කෙරේ

ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර ඒ සඳහා සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ , අද (05) පස්වරුවේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී එම අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් අමතමනි.

ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දිළිඳුබව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මීට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යංශයක් පැවතුණු බව සිහිපත් කළ අතර මේ වන විට සෑම අමාත්‍යාංශයකින්ම සිදු කරන්නේද ඉදිකිරීම් පමණක් බවද කියා සිටියේය.

පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවලදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා සිදු කර නොමැති බවත් සිදු කර තිබෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සාකච්ඡා පමණක් බවත් ජනාධිපතිවරයා අනාවරණය කළේය.

කම්කරු අමාත්‍යාංශයට විශාල ගොඩනැගිලි දෙකක් තිබෙන නමුත් තවමත් ජනතාවගේ පෝලිම්වල අඩුවක් දක්නට නොලැබෙන බවත් ඒ සඳහා විසඳුම් ලබා දීමට නම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඉපැයීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණය ඉදිරි වසර පහ තුළ ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉංජිනේරු එරංග වීරරත්න මහතාද මෙම අවස්ථාවේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ICTA ආයතනයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවාජනපති විද්‍යුත් මාධ්‍ය ආයතතන ප්‍රධානීන් සම...
05/12/2024

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා
ජනපති විද්‍යුත් මාධ්‍ය ආයතතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී කියයි...

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක් ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් රජය පත් කර ගත් බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනා කළේය.

දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ අතර ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද කියා සිටියේය.

රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා අද වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය නියෝජනය කරන සාමාජිකයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සමූහ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

05/12/2024

මේ තරම් කාලයක් රට කරපු අයගේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ වත්මන් ආණ්ඩුවට...

ජනපති සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංගෙයි තමිල් අරසු ...
05/12/2024

ජනපති සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කළහ.

සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වූහ.

இலங்கை தமிழரசுக் கட்சி பாராளுமன்ற உறுப்பினர்களுடன் ஜனாதிபதி சந்திப்பு

ஜனாதிபதி அநுரகுமார திசாநாயக்க மற்றும் இலங்கை தமிழரசுக் கட்சி (ITAK) பாராளுமன்ற உறுப்பினர்களுக்கு இடையிலான சந்திப்பு இன்று (04) பிற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் நடைபெற்றது.

இதன்போது இலங்கை தமிழரசுக் கட்சி உறுப்பினர்கள் நீண்ட காலமாக வடக்கு மற்றும் கிழக்கு மக்கள் முகம்கொடுத்து வரும் பிரச்சினைகள் குறித்து ஜனாதிபதியிடம் விளக்கமளித்தனர்.

சிவஞானம் சிறீதரன், பத்மநாதன் சத்தியலிங்கம், சண்முகநாதன் குகதாசன், சாணக்கியன் ராசமாணிக்கம், ஞானமுத்து ஸ்ரீநேசன்,கவீந்திரன் கோடீஸ்வரன், இளயதம்பி சிறிநாத்,துரைராசா ரவிகரன் ஆகியோர் இதன்போது கலந்துகொண்டனர்.

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වයට මුහුණ දෙන ප්‍රදේශවලට ගොස් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න.උසස් පෙ...
27/11/2024

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වයට මුහුණ දෙන ප්‍රදේශවලට ගොස් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න
මුහුදු ගොස් සිටින ධීවර ජනතාව සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන්න

- ජනාධිපතිගෙන් ආපදා කළමණාකරණය හා සම්බන්ධ සියලු නිලධාරීන්ට උපදෙස්

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ සඳහා බිම් මට්ටමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ , ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා සැපයීම සදහා රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවති සාකච්ඡාවේදීය.

විපතට පත් ජනතාව ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද, එම ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ද ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් අධි අවධානමක් සහිත උතුරු නැගෙනහිර පළාත් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටද උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ මානසික තත්ත්වය සහ අපහසුතා පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටද දැනට මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටින ධීවර ජනතාව පිළිබඳව සොයා බලා ඔවුන්ව සුරක්ෂිතව ගොඩ බිමට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් ලබා දීමට ද මෙහිදී අවධානය යොමු විය.

විපතට පත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක සේවා සපයමින් එම ජනතාව සම්බන්ධයෙන් පසු විපරම් තොරතුරු ලබා ගැනීමට ද කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ,ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වයිෂ් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ කරුණානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

නියෝජ්‍ය ඇමතිවරු
22/11/2024

නියෝජ්‍ය ඇමතිවරු

කම්කරු අමාත්‍යමහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහභාගි වන මහජන දිනය අද(20) රාත්‍රී 10.00ට
20/11/2024

කම්කරු අමාත්‍ය
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහභාගි වන
මහජන දිනය අද(20) රාත්‍රී 10.00ට

මාලිමාවේ ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම...
18/11/2024

මාලිමාවේ ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම...

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්
17/11/2024

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

16/11/2024

අපි සති 06ක් තුළ තවත් ලක්ෂ 12කට අධික ජනතාවකගේ විශ්වාසය දිනාගත්තා...
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
SLBC | Swadeshiya Sevaya | subarathi | 2024-11-16

15/11/2024

Press Conference | පුනරුද යුගය ඇරඹීමට උර දුන් සැමට ස්තූතියි | NPP Srilanka | AKD | 2024.11.15

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!மறுமலர்ச்சி யுகத்தை ஆரம்பிக்க‌ தோள் கொடுத்த அனைவருக்கும் நன்றி!Thank you to all ...
15/11/2024

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!
மறுமலர்ச்சி யுகத்தை ஆரம்பிக்க‌ தோள் கொடுத்த அனைவருக்கும் நன்றி!
Thank you to all who voted for a renaissance!

11/11/2024


ජයග්‍රාහී ගම්පහ ජනතා රැලිය

Derana 360 | ජනාධිපති අනුර කුමාර දිසානායක | Anura Kumara Dissanayake
11/11/2024

Derana 360 | ජනාධිපති අනුර කුමාර දිසානායක | Anura Kumara Dissanayake

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා ...

11/11/2024


විජයග්‍රාහී අවසන් මහා රැලියෙන්...

Address

33, Sri Subhoothipura Mawatha
Battaramulla
10120

Telephone

+94777199524

Alerts

Be the first to know and let us send you an email when NIO Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NIO Srilanka:

Videos

Share