Ministry of Women, Child and Youth Affairs and Sports

Ministry of Women, Child  and Youth Affairs and Sports කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Ministry of Women and Child Affairs Ministry of Women and Child Affairs
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

"සෙනෙහසේ දෑත් දිගුකර - රකිමු වැඩිහිටි, ළමා පරපුර" යන තේමාවෙන් යුතුව, 2024 ලෝක ළමා දින හා වැඩිහිටි දින සැමරුම් උත්සවය ඔක්...
03/10/2024

"සෙනෙහසේ දෑත් දිගුකර - රකිමු වැඩිහිටි, ළමා පරපුර" යන තේමාවෙන් යුතුව,


2024 ලෝක ළමා දින හා වැඩිහිටි දින සැමරුම් උත්සවය ඔක්තෝබර් මස 01 දින බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයට සමගාමීව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද මුල් ළමාවිය දරුවන්ගේ දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයේ ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය හා ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර ප්‍රධානය ද සුහුරුපාය පරිශ්‍රයේ බිම් මහලේ පවත්වන ලදී.

දරුවන්, වැඩිහිටියන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ඇතුළු නිලධාරීන් හා ආරාධිත අමුත්තන් 1000කට අධික පිරිසක් මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය. වැඩසටහන කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා හා සමාජ ආරක්ෂක හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබුණි.

2024 ලෝක ළමා දින මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීම, "සිතුවිලි සිත්තම්" දීප ව්‍යාප්ත චිත්‍ර, පෝස්ටර් හා කාටුන් තරඟාවලියේ සමස්ත ලංකා ජයග්‍රහණ ඇගයීම, ඩිජිටල් ලොව දරුවා සුරකිමු කෙටි විඩීයෝ පට නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම ජාතික උත්සවයේ කැපී පෙනුණු අංග අතර විය. එමෙන්ම 2024 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ද සුවිශේෂී අවස්ථාවක් විය.

වැඩිහිටි නිවාස ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් වැඩිහිටි නිවාස ඇගයීම "සිප්-සවි" අධ්‍යාපන ආධාර පිරිනැමීමේ වැඩසටහන පුළුල් කිරීම සංකේතවත් කිරීම මෙන්ම වැඩිහිටි මහලේකම් කාර්යාලය සම්බන්ධ වාර්තාමය වැඩසටහන්, "සුවසරණ" නමින් වැඩිහිටි රක්ෂණාවරණයක් හඳුන්වාදීම ආදිය වැඩසටහනේ අනෙකුත් මූලිකාංග විය. මුල් ළමාවිය දරුවන්, පාසල් දරුවන් හා වැඩිහිටියන්ගේ විවිධ නර්තනාංගයන් රැසක් ද වැඩසටහනේ ඉදිරිපත් විය.

මෙම ජාතික උත්සවයේ ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා විසින් සිදුකරන ලදී.

ගරු අග්‍රාමාත්‍යතුමිය දරුවන් හා වැඩිහිටියන්ගේ වටිනාකම, සමාජ මෙහෙවර, ඔවුන් රැකබලා ගැනීමේ වගකීම් මෙන්ම සෙනෙහස පිරි සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීම පිළිබඳ රජයේ දැක්ම පැහැදිලි කරමින් සභාව ආමන්ත්‍රණය කරන ලදී. එමෙන්ම, ජනතා විශ්වාසය, එකමුතුකම, රාජ්‍ය ආයතන හරහා ඵලදායී ප්‍රශස්ත සේවාවක් ලබාදීමට සංවිධානය ව්‍යූහයන් ශක්තිමත් කිරීම, ජනතා අපේක්ෂා ඉටු කිරීමට ප්‍රායෝගික ගුණාත්මක වෙනසක් සිදු කිරීම, යහපත් සමාජයක් හා යහපත් පුරවැසියන් බිහිකිරීම සඳහා වටපිටාව ගොඬනැගීමේ නව රජයේ වැඩපිළිවෙලේ මූලාරම්භයන් ද පැහැදිලි කරන ලදී. මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති 5 වසර දරුවන්ගේ ශිෂ්‍යත්වය පිළිබඳ ගැටලුවේ දී දරුවාට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීම සඳහා රජය වශයෙන් අත්‍යාවශ්‍ය පියවර ගන්නා බවද එතුමිය තහවුරු කරන ලදී.

29/07/2024
12/07/2024

යමුනා පෙරේරා
ලේකම්, කාන්තා ළමා කටයුතු හා
සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය
ජූලි 13 සෙනසුරාදා උදේ 8.00 ට

We request you to express your respectful preference to appoint the official website of Ministry of Women, Child affairs...
10/07/2024

We request you to express your respectful preference to appoint the official website of Ministry of Women, Child affairs and Social Empowerment www.childwomenmin.gov.lk as the most popular website in the category of government websites in BestWeb.LK 2024 competition. .vote.bestweb.lk

We're excited to share that the Ministry of Child Women and Social Empowerment is taking part in the 2024 BestWeb.lk Com...
05/07/2024

We're excited to share that the Ministry of Child Women and Social Empowerment is taking part in the 2024 BestWeb.lk Competition in the 'Best Government Website' category! Please visit https://www.vote.bestweb.lk and follow the instructions to support MCWSE with your vote.

බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බෙන්තොට ප්‍රාදේශීය ලේකම් බන්දුල අබේසේකර  මහතාගේ ආරාධනයෙන් ගරු කාන්තා හා ළමා...
27/06/2024

බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බෙන්තොට ප්‍රාදේශීය ලේකම් බන්දුල අබේසේකර මහතාගේ ආරාධනයෙන් ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.06.24 වන දින බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

බෙන්තොට ආසනයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් දුලානි කුලරත්න මහත්මියගේ ආරාධනයෙන් ගරු කාන්තා හා...
27/06/2024

ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් දුලානි කුලරත්න මහත්මියගේ ආරාධනයෙන් ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.06.24 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

ඇල්පිටිය ආසනයේ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

19/06/2024

සංචාරක කර්මාන්තයට අදාළ රෙගුලාසි පිළිබද ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2024.06.18 වන දින පාර්ලිමේන්තුව අමතා සිදු කල කතාව

13/06/2024
පූර්ණ පෞරුෂයෙන් යුතු දරු පරපුරක් බිහි කිරීම උදෙසා වන ඉගෙනුම් ඉගැන්වීම් ක්රිපයාවලිය තුළ සිසුන්ගේ අඛණ්ඩ අධ්යායපනය තහවුරු ක...
07/06/2024

පූර්ණ පෞරුෂයෙන් යුතු දරු පරපුරක් බිහි කිරීම උදෙසා වන ඉගෙනුම් ඉගැන්වීම් ක්රිපයාවලිය තුළ සිසුන්ගේ අඛණ්ඩ අධ්යායපනය තහවුරු කිරීමේ අරමුණින් අධ්යා පනය අමාත්යසයාංශය මඟින් ශිෂ්ය් සුබසාධන වැඩසටහන් රාශියක් ක්රියයාත්මක කරනු ලබයි. එම වැඩසටහන් යටතේ ගරු අධ්යාඑපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේටමජයන්ත මැතිතුමාගේ මඟපෙන්වීම අනුව නව ව්යාමපෘතියක් ලෙස “වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිළදී ගැනීමට තිළිණ පත් ලබා දීමේ සමාරම්භක උත්සවය කාන්තාවන් සඳහා වන පාර්ලිමේන්තු සංසඳයේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්රි්නී සුදර්ශනී ප්රසනාන්දුපුල්ලේ මැතිණිය හා ගරු පාර්ලිමේන්තු මන්ත්රිිනී රෝහිණි කුමාරි විජේරත්න මැතිණිගේ සහභාගීත්වයෙන් හා ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්යය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්රකධානත්වයෙන් 2024.06.06 වන දින නාවල ජනාධිපති බාලිකා විද්යාමලයේ දී පැවැත්විනි.
වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 ක සහ සියළු පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්යා වන් ලක්ෂ 08 කට 2024 ජූනි මාසයෙන් ආරම්භ කර මාස 06 ක් සඳහා සනීපාරක්ෂක තුවා මිළදී ගැනීමට තිළිණ පත් ලබා දීමට අධ්යා පන අමාත්යාං ශය තීරණය කර ඇත. මේ අනුව එක් සිසුවියකට රු 1200/- ක් වටිනා තිළිණපතක් හිමිවේ.
මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 01 කි. මෙම අවස්ථාව සඳහා අධ්යාඑපන අමාත්යාංඳශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අධ්යා.පන අමාත්යාංාශයේ අතිරේක ලේකම් පී.සී.කේ. පිරිස්යාල මහත්මිය, අධ්යා පන අමාත්යාංවශයේ අධ්යාඅපන අධ්යයක්ෂ (පාසල් සෞඛ්යන හා පෝෂණ ශාඛාව) බී.ඩබ්.ජී. දිල්හානි මහත්මිය, සෞඛ්යා ප්ර්වර්ධන කාර්යංශයේ ප්ර්ජා වෛද්යේ විශේෂඥ අසන්ති බලපිටිය මහත්මිය, නාවල ජනාධිපති බාලිකා විද්යාිලයේ විදුහල්පතිනි, එච්.පී.එම්.පී.ඩී. හසන්ති පතිරත්න මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

Address

Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Ministry of Women, Child and Youth Affairs and Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of Women, Child and Youth Affairs and Sports:

Videos

Share