Coconut Cultivation Board

Coconut Cultivation Board The official page of Coconut Cultivation Board
(1)

26/08/2026

ජාත්‍යන්තර පොල් දිනය - 2026 සැප්තැම්බර් 02
සමගාමීව රටපුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ඇරඹේ....

22/08/2026

පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් තැඹිලි ගම්මාන 250ක් රටපුරා ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාව 2026 සැප්තැම්බර් මස 02- ජාත්‍යන්තර පොල් දිනයේදී....

සුළු පරිමාණ පොල් ඉඩම් අක්කර 85,000 ක් පුනරුත්ථාපනයට මූල්‍යාධාර! 🇱🇰✌️⭕ අක්කර 05 ක් හෝ ඊට අඩු පොල් ඉඩම් හිමියන් සඳහා අඛණ්ඩ...
12/08/2026

සුළු පරිමාණ පොල් ඉඩම් අක්කර 85,000 ක් පුනරුත්ථාපනයට මූල්‍යාධාර! 🇱🇰✌️

⭕ අක්කර 05 ක් හෝ ඊට අඩු පොල් ඉඩම් හිමියන් සඳහා අඛණ්ඩව වසර 03 ක් සඳහා පහත කාර්යයන් සිදුකිරීමට, වියදමින් 65% ක් රජයෙන්.

🔹. පොල් වගාවට පොහොර සහ ඩොලමයිටි යොදා වසුන් කිරීම - එක් පොල් ගසකට රු.700/=

🔹. පොල් වගාවට ඩොලමයිට් යොදා වසුන් කිරීම - එක් පොල් ගසකට රු.200/=

🔹. පොල් ඉඩමේ ජලසම්පාදනය - අක්කරයකට රු.50,000/=

12/08/2026

අක්කර 05ට අඩු පොල් ඉඩම් සදහා පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් විශේෂ පොල් ඉඩම් පුනුරුත්ථාපන සහනාධාර වැඩසටහන දැන් ක්‍රියාත්මකයි.

ඔබත් නොපමාව අයදුම් කරන්න.

12/08/2026

සුළු පරිමාණ පොල් ඉඩම් අක්කර 85000ක් පුනරුත්ථාපනයට මූල්‍යාධාර.

උතුරු පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක්පත් සහ පොල් පැළ 3,000ක් මුලතිව් පොල් වගාකරුවන් වෙත ප්...
07/08/2026

උතුරු පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක්පත් සහ පොල් පැළ 3,000ක් මුලතිව් පොල් වගාකරුවන් වෙත ප්‍රදානය කෙරේ
2030 වන විට ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දක්වාත්, වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 4,200ක් දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන "කප්තුරු සවිය" පරිවර්තනීය වැඩසටහන යටතේ "උතුරු පොල් ත්‍රිකෝණය" වැඩසටහනේ තවත් වැදගත් අදියරක් ලෙස රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක්පත් ප්‍රදානය කිරීම සහ පොල් පැළ 3,000ක් බෙදාදීම මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියවල ප්‍රදේශයේදී සිදු කෙරිණි.
පේදුරුතුඩුව, සිලාවතුර සහ කෝකිලායි ප්‍රදේශ සම්බන්ධ කරමින් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක පහම ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම ජාතික වැඩසටහන පසුගිය වසරේ ආරම්භ කෙරිණි. උතුරු පළාතේ පොල් වගාව ව්‍යාප්ත කිරීම, අක්‍රීය ඉඩම් නැවත වගාවට යොමු කිරීම, වගාකරුවන්ගේ ආදායම ඉහළ නැංවීම සහ ජාතික අපනයන ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීම එහි ප්‍රධාන අරමුණු වේ.
මෙහිදී උතුරු පොල් ත්‍රිකෝණය යටතේ පොල් ඉඩම් සඳහා ජල සම්පාදන පද්ධති ඉදිකිරීම වෙනුවෙන් පොල් වගාකරුවන් 443 දෙනෙකු වෙත සහනාධාර චෙක්පත් ප්‍රදානය කෙරුණු අතර, විශේෂ පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර වැඩසටහන යටතේ තවත් පොල් වගාකරුවන් 72 දෙනෙකු වෙත ද සහනාධාර චෙක්පත් පිරිනැමිණි. ඒ අනුව ප්‍රතිලාභීන් 515 දෙනෙකු වෙත සමස්තයක් ලෙස රුපියල් මිලියන 22.7ක සහනාධාර ප්‍රදානය කෙරිණි.
එමෙන්ම, උතුරු පළාතේ පොල් වගා ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පොල් පැළ 3,000ක් පමණ වගාකරුවන් වෙත බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
"කප්තුරු සවිය" පරිවර්තනීය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන "උතුරු පොල් ත්‍රිකෝණය" ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ උතුරු පළාත නව පොල් නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීම, පොල් වගාකරුවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම, පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අඛණ්ඩ අමුද්‍රව්‍ය සැපයුම තහවුරු කිරීම සහ ජාතික අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ.

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"මානව ගරුත්වය සුරකින, හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළගැසෙමු....
29/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"
මානව ගරුත්වය සුරකින, හික්මුණු හදවත් ඇති සුපිළිපන් සමාජයක් උදෙසා පෙළගැසෙමු. 🤝✨

පොල් වගාකිරීමේ මණ්ඩලයේ නව නිළධාරි පත්වීම් 18ක්...පොල් වගාකිරීමේ මණ්ඩලයේ නව නිළධාරි පත්වීම් 18ක් (ගොවිපල සැලසුම් නිළධාරින...
28/07/2026

පොල් වගාකිරීමේ මණ්ඩලයේ නව නිළධාරි පත්වීම් 18ක්...
පොල් වගාකිරීමේ මණ්ඩලයේ නව නිළධාරි පත්වීම් 18ක් (ගොවිපල සැලසුම් නිළධාරින්, ණය කළමනාකරණ නිළධාරි, තවාන් භාර නිළධාරින්) අද දින එනම් 2026 ජූලි මස 28 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

28/07/2026

"සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක් උදෙසා"

Address

9/428, Denzil Kobbekaduwa Mawatha
Battaramulla
94043

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112861331

Alerts

Be the first to know and let us send you an email when Coconut Cultivation Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Coconut Cultivation Board:

Shortcuts

Share