09/10/2023
දැව පදම් කිරීමේ ක්‍රියාවලිය….
රාජ්‍ය දැව සංස්ථාව දැව පදම් කිරීමේ ක්‍රියාවලිය එහි නිෂ්පාදන වල ගුණාත්මක භාවය සහ කල් පැවැත්ම ඉහළ නැංවීමේ තීරණාත්මක පියවරකි.අලුතින් පරිවර්තනය කරන ලද දැව (ඉරූ දැව ) වලින් ආරම්භ වන ක්‍රියාවලිය විශාල දැව පදම් කිරීමේ පෝරණු තුළ පාලනය කරනු ලබන තත්ත්ව යටතේ උෂ්ණත්වය හා ආර්දතාවය පාලනය කිරීම මගින් මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබයි.
පළමුව පදම් නොකළ ඉරු දැව උඳුන තුල ක්‍රමානුකූලව ගොඩ ගැසීම සිදු කළ යුතු අතර, ස්වාභාවික තෙතමනය ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නංවනු ලබයි.මෙලෙස ක්‍රමයෙන් උෂ්ණත්වය ඉහළ නැංවීම තුළ, දැව ඉරිතැලීම , විකෘති වීම හා දිරාපත්වීම වළක්වා කල්පැවැත්ම වැඩි කරනු ලබයි. මෙම පාලිත වියළීමේ ක්‍රියාවලිය සති කීපයක් පවතින අතර එමගින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට සුදුසු තෙතමන මට්ටමට දැවයෙ තෙතමනය අඩු කරනු ලබයි.
රාජ්‍ය දැව සංස්ථාව සතු නවීන තාක්ෂණික සංවේදක සහ ස්වංක්‍රීය පද්ධති සහිත උදුන් මගින් ක්‍රියාවලිය නිවැරදිව සිදුකරන අතර ,බලශක්ති කාර්යක්ෂමතාව සහ ක්‍රියාවලියේ නිරවද්‍යතාවය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීම සඳහා එය උපකාර වෙ. මෙලෙස නිවැරදිව පදම් කරනු ලබන දැව රාජ්‍ය දැව සංස්ථාව විසින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර, තිරසර හා පාරිසරික වගකීම් වලට අනුකූලව ඉදිකිරීම් කර්මාන්තය සඳහා උසස් තත්වයේ දැව නිෂ්පාදන ලබාදීමේ රාජ්‍ය වගකීම මැනවින් ඉටු කරනු ලබයි.
The State Timber Corporation's timber dry kiln seasoning process is a critical step in enhancing the quality and durability of its wood products. Beginning with freshly cut timber, the process involves carefully controlled temperature and humidity conditions within large kilns.
First, the green timber is stacked in the kiln, and the temperature is gradually raised to remove excess moisture, preventing warping, cracking, and decay. This controlled drying process lasts for several weeks, allowing the wood to reach its desired moisture content.
Latst technology sensors and automated systems ensure precise monitoring and adjustment of conditions, optimizing energy efficiency and resource conservation. Once the timber reaches the ideal moisture level, it is ready for further processing, ensuring that State Timber Corporation delivers top-quality timber products to meet the demands of construction and industry while adhering to sustainable and environmentally responsible practices.