02/09/2026
මහා වෘක්ෂයක් ප්‍රතාපවත්ව නැඟී සිටින්නේ අතු සහ පත්‍ර නිසා නොව එහි මුල් පස හා තදින් බැඳී ඇති තාක් පමණක් වන්නා සේම, රාජ්‍ය සේවයේ අභිමානය රැඳී පවතින්නේ නීති රීති මත පමණක් නොව එය මෙහෙයවන නිලධාරීන්ගේ සුපිළිපන් භාවය මතය.
වන වගාවකින් අනාගතයේදී සාර්ථක අස්වැන්නක් ලබා ගන්නට නම් එම වන වගාවේ පස සාරවත් විය යුතුයි. එසේම රාජ්‍ය සේවයේ අනාගතය ස්ථිර වීමට නම් රාජ්‍ය සේවය තුළ පාරදුෂ්‍යභාවය හා සාධාරණත්වය අනිවාර්ය විය යුතුයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මෙම උතුම් ගුණාංගය තවදුරටත් තහවුරු කරමින් "දූෂිත චර්යාවල අහිතකර බලපෑම" පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2026.09.01 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සප්ත මණ්ඩපයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.
වන සංරක්ෂණ ජනරාල් එස්.සී. පාලමකුඹුර මහතාගේ මඟපෙන්වීමෙන් සහ අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානී වන සංරක්ෂණ එච්.ජි. වසන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, වයඹ බස්නාහිර කලාප නියෝජ්‍ය වනසංරක්ෂක නුවන් කැකුළන්දර මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය විය. ඒ සඳහා වයඹ බස්නාහිර කලාප කාර්ය මණ්ඩලය, ආරක්ෂණ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශයේ වන පාලක චන්දිම කුමාර මහතා සහ කාර්ය මණ්ඩලය සමඟ එක්ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වටිනා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.