Boralesgamuwa Urban Council

Boralesgamuwa Urban Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Boralesgamuwa Urban Council, Government Official, No. 1, Abeyrathna mawatha, Boralesgamuwa.

පරිසර පොළ බෙල්ලන්විල දී2026/8/23
21/08/2026

පරිසර පොළ බෙල්ලන්විල දී
2026/8/23

10/07/2026

ඊයේ දින (9) බොරලැස්ගමුවේ පැවති ඩාංගු මර්ධන වැඩසටහන

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්, බොරලැස්ගමුව නගර සභාව මගින් පවත්වාගෙන යනු ල...
09/07/2026

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්‍රදීප් නිශාන්ත වෙදමුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්, බොරලැස්ගමුව නගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන අරුණලු පෙර පාසලේ දරු දැරියන් සඳහා නිල ඇඳුම් බෙදාදීමේ වැඩසටහන 2026 ජූලි 7 වන දින සාර්ථකව පැවැත්විණි.

දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා සහයෝගය ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවේදී, පෙර පාසල් සිසු සිසුවියන් වෙත නිල ඇඳුම් ප්‍රදානය කිරීම සභාපතිතුමාගේ අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට නගර සභාවේ නිලධාරීන්, ගුරු මණ්ඩලය සහ දෙමාපියන් ද එක්ව සිටියහ.

05/07/2026

අනුබුදු වන්දනා බොරලැස්ගමුව පොසොන් කලාපය
Drone Videography

04/07/2026

'අනු බුදු වන්දනා බැති ගී සරණිය' ප්‍රධාන සංවිධායකතුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු.

අපගේ බැති ගී කණ්ඩායම සහභාගි වූයේ 30 වන දින වූ අතර , එදින අපට දැනුණු විශේෂත්වයන් පහතින් පෙළ ගැස්වීමට සිතුවෙමි.

* නියමිත වේලාවට ම ආරම්භ කිරීමට උත්සාහ කිරීම කැපී පෙනුණි.
* ⁠ඇදුරුම් කම්වලට නොව පිළියන්දල වැනි දුරින් පැමිණෙන කණ්ඩායම්වලට මෙන් ම , දරුවන්ගේ වයස සලකා ප්‍රමුඛත්වය ලබා දීම පැසසිය යුතු යි. ඒ තරම් ම සංවේදී ව සංවිධානය කර තිබුණි.
* ⁠දරුවන් වෙහෙසකින් , තැතිගැන්මකින් තොර ව , නිදහස් මානසිකත්වයකින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම , දරුවන් ස්ථාන ගත කිරීමට අවශ්‍ය නම් ගුරුවරුන්ට පවා වේදිකාව මතට පිවිස අඩුපාඩු සැකසීමට කොන්දේසි විරහිත ව අවස්ථාව ලබාදීම පමණක් නොව , ඒ සියලු ම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම.(පියගැට පෙළ භාවිත කරන අවස්ථාවේ දී පවා.)
* ⁠සියලු ම දෙනාගේ ම සුහදත්වය , කාරුණික බව, පිළිවෙළ , මව්වත්භාවය, කිසිදු කලබලයකින් තොර ව ගලා යාම ද, කැපී පෙනුණි.
* ⁠දරුවන්ට මෙන් ම ගුරුවරුන්ට ද , ඉතා ඉහළ ඇගයීමක් ගෞරවාන්විත ව ලබා දීමේ අවස්ථාවන් ද දැක ගැන්මට ලැබුණි.
* ⁠කිසිවෙක් බලාපොරොත්තු නොවූ අවස්ථාවක් වූ , ත්‍යාග ලබා දීම මගින් දරුවන්ගේ සතුට ඉහ වහා ගිය අතර සංග්‍රහය සහ සහතික පත්‍ර ලබා දීම මගින් එයට තවත් අගනාකමක් ලැබුණි.
* ⁠යම්කිසි රංගනායතනයකින් ඉදිරිපත් කළ 'දුර පෙනෙන තැනිතලා ' ගීතය නෙත් කදුළින් තෙත් කර වන්නට විය. ඒ තරම් දක්ෂ ලෙස එම දරුවන් සියලු ම දෙනා ඉතා අලංකාර ව ගායනය ඉදිරිපත් කළ හ.

# මෙම පොසොන් කලාපය ප්‍රථම වතාවට පැවැත් වුව ද , ඒ බවක් නොහැගුණේ කිසිදු අඩුපාඩුවක් නොදැනුණු බැවිනි.

අනාගතයේ දී ද , තව තවත් විශිෂ්ට මට්ටමේ පොසොන් බැති ගී සරණියක් සංවිධානය කිරීමට ප්‍රධාන සංවිධායකතුමිය ඇතුළු සමස්ත සංවිධායක මණ්ඩලයට ශක්තිය , ධෛර්ය ලැබේවා!!!

** අප පාසල වෙනුවෙන් ඔබ සැමට හෘදයාංගම ස්තුතිය පිරිනමමු.
මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය ,
පිළියන්දල .

🪔☸️ අනුබුදු වන්දනා බොරලැස්ගමුව පොසොන් කලාපය 2026 ☸️🪔පහන් කූඩු තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වු...
04/07/2026

🪔☸️ අනුබුදු වන්දනා බොරලැස්ගමුව පොසොන් කලාපය 2026 ☸️🪔

පහන් කූඩු තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අවස්ථාවේ සොඳුරු මතක සටහන්.

පොසොන් උත්සවයේ අධ්‍යාත්මික අර්ථය හා සංස්කෘතික අභිමානය මනාව විදහා දැක්වූ සියලුම නිර්මාණකරුවන්ට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරමු.

ජයග්‍රාහකයින්ට හෘදයාංගම සුබ පැතුම් එක් කරමින්, මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලුම අනුග්‍රාහකයන් සහ සහභාගි වූ සැමට අපගේ ගෞරවණීය කෘතඥතාව පුද කරමු.

ධර්මාලෝකයෙන් සිත් සනසන, සාමය හා සෙත සපිරි සමාජයක් උදාවේවා! ✨

ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දෙවන දින (6/30) බක්ති ගීත වැ...
03/07/2026

ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දෙවන දින (6/30) බක්ති ගීත වැඩසටහන

#අනුබුදුවන්දනා #බක්තිගීත

ස්තූතියි ♥️🙏🏼
01/07/2026

ස්තූතියි ♥️🙏🏼

01/07/2026

අනුබුදු වන්දනා බොරලැස්ගමුව

Address

No. 1, Abeyrathna Mawatha
Boralesgamuwa

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94112517480

Alerts

Be the first to know and let us send you an email when Boralesgamuwa Urban Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Boralesgamuwa Urban Council:

Shortcuts

Share