Ministry of Fisheries -NWP

Ministry of Fisheries  -NWP වයඹ පළාත් ධීවර අමාත්‍යංශය

31/07/2026
විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපෘති හිමියන් සදහා නිෂ්පාදන සැලැස්ම සැකසීම සහ ජල පෙරණ තාක්ෂණ භාවිතයෙන් අධි ගහණ ඝණත්ව විසිතුරු ම...
30/07/2026

විසිතුරු මත්ස්‍ය වගා ව්‍යාපෘති හිමියන් සදහා නිෂ්පාදන සැලැස්ම සැකසීම සහ ජල පෙරණ තාක්ෂණ භාවිතයෙන් අධි ගහණ ඝණත්ව විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය පිළිබද එක් දින පුහුණු වැඩ සටහන.

විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රයට එක් වන නවක වගා කරුවන්ට තම ඉඩ ප්‍රමාණයෙන් උපරිම ආදායමක් ලබා ගැනීමටත්, තමන්ට වගා කල හැකි මත්ස්‍ය ප්‍රමාණය උපයා ගත හැකි ආදායම ඉලක්ක ගතව ලබා ගැනීමටත් නිෂ්පාදන සැලැස්මකට අනුව තම වගා ගොවිපල පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.මෙමගින් නවකයින්ට තම ව්‍යාපෘති වලින් ලබන ආදායම ඉලක්ක කර තම ව්‍යාපෘති පුළුල් කිරීම හා පවත්වා ගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත. භෞතිකව ජලය පෙරීම මෙන්ම බැක්ටීරියා වර්ග (Bacteria) වර්ග භාවිතයෙන් ජලයේ අහිතකර රසායන ද්‍රව්‍ය ඉවත් කිරීම මගින් විසිතුරු මත්ස්‍ය වගා ගොවිපල සදහා ප්‍රශස්ත ජල සැපයුමක් ලබා ගැනීමටත් අඩු ජල පරිමාවක් මගින් තම ව්‍යාපෘති පවත්වාගෙන යාමේ හැකියාවත් ලැබේ. මේ සදහා වු දැනුවත් කිරීමේ වැඩ සටහනක් වයඔ පළාත් ක්‍රියාකාරී විසිතුරු මත්ස්‍ය ග වගා කරුවන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2026.07.16 දින වයඔ පළාත් ධීවර අංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද අතර මේ සදහා සම්පත් දායකත්වය ජලජ ජෛව සම්පත් කළමණාකරණය පිළිබද ජ්‍යෙෂ්ට උපදේශක කපිල තිසේරා මහතා විසින් ලබා දෙන ලදී.


එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රජා ශක්ති කමිටු නිලධාරීන් දැනුවත් කිරීම මගින් විසිතුරු මත්ස්‍ය වගාව ග්‍රාමීය වශයෙ...
30/07/2026

එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රජා ශක්ති කමිටු නිලධාරීන් දැනුවත් කිරීම මගින් විසිතුරු මත්ස්‍ය වගාව ග්‍රාමීය වශයෙන් හදුන්වා දීමත් ,එමගින් වැඩි ව්‍යවසායකයින් ප්‍රමාණයක් මෙම කර්මාන්තයට එක් කර ගැනිම අපගේ අරමුණ වේ.මේ සදහා ප්‍රජා ශක්ති කමිටු නිලධාරීන් දැනුවත් කිරීම මගින් ග්‍රාමීය මට්ටමේ හැකියාවක් සහිත මෙවැනි ව්‍යවසායකයින් ක්ෂේත්‍රයට එක් කර ගැනීම පහසු කිරීම සදහා ප්‍රජාශක්ති නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් 2026.07.20 දින මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලද අතර මේ සදහා මහවැව ප්‍රාදේශීය ලේකම්තුමිය, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය හා වයඔ පළාත් ධීවර අධ්‍යක්ෂ හා ධීවර අංශයේ නිලධාරින් සහභාගි විය.


වාර්ෂික ජලාශ වල මත්ස්‍ය අස්වනු බහුල කිරීම සදහා නිසි කළමණාකරනය හා ව්‍යාපාරික සැලැස්මකට අනුකූලව වසර පුරාම මත්සය ඇගිල්ලන් ත...
28/07/2026

වාර්ෂික ජලාශ වල මත්ස්‍ය අස්වනු බහුල කිරීම සදහා නිසි කළමණාකරනය හා ව්‍යාපාරික සැලැස්මකට අනුකූලව වසර පුරාම මත්සය ඇගිල්ලන් තැන්පත් කිරීම සිදු කල යුතුවේ .ඒ සදහා මත්ස්‍ය ඇගිල්ලන් මිලදි ගැනිම සදහා ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් නොමැති මිරිදිය ජලාශ සදහා ජලාශය තුල ස්ථාපනය කර ඇති දැල් කූඩු තුල මත්ස්‍ය ඇසිත්තන් තැන්පත් කර වර්ධනය කර ඇගිල්ලන් බවට පත් කර එම ජලාශයන්ටම මුදා හැරීම මගින් ඉතා අඩු මුදලකට ජලාශය සදහා අවශ්‍ය මත්ස්‍ය ඇගිල්ලන් නිෂ්පාදනය කර ගැනීමට හැකියාව ලැබේ.මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ධීවර සමිතිවල දායකත්වය අත්‍යවශ්‍ය වේ.මෙම වැඩසටහන සදහා නිකවැරටිය මාගල්ල ජලාශය වසර ගණනාවකට පසු එක් කර ගැනිමට හැකි විම අප ලද ජයග්‍රහණයක් වන අතර ජලාශයේ මෙම වැඩ සටහන සදහා අවශ්‍ය දැල්කූඩු 03 ක් හා මත්ස්‍ය ඇසිත්තන් 100,000 ක් තැන්පත් කර ආරම්භ කිරීමේ වැඩ සටහන සදහා 2026.07.23 වන දින නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නිලන්ත බණ්ඩාර මැතිතුමා ඇතුළු ප්‍රාෙද්ශීය සභාවේ මන්ත්‍රීතුමන්ලා සහ ධීවර සමිති නියෝජතයින් මෙන්ම වයඔ පළාත් ධීවර අමාත්‍යංශයේ නිලධාරීන්ද සහභාගි විය.


වයඹ පළාතේ විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් සදහා  ආර්ටිමියා Artemia නිෂ්පාදනය කර ලබා දීම මගින් ලබන ජෛවීය වටිනාකම පිළිබද හදු...
28/07/2026

වයඹ පළාතේ විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකයින් සදහා ආර්ටිමියා Artemia නිෂ්පාදනය කර ලබා දීම මගින් ලබන ජෛවීය වටිනාකම පිළිබද හදුන්වා දීමේ හා දැනුවත් කිරීමේ වැඩ සටහනක් 2026.07.22 පුත්තලම Artemia ආර්ටිමියා ගම්මානයේදි පවත්වන ලද අතර ,මෙහිදී පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ පිළිබද උනන්දුවක් දක්වන විසිතුරු මත්ස්‍ය වගා කරුවන් 50 දෙනෙකු සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙදින වයඔ පළාතේ Artemia නිෂ්පාදන අවශ්‍යතාව සහිත ප්‍රතිලාභීන් සදහා Artemia ලබා ගැනීමේ අවශ්‍යතාව තම ගොවිපල දක්වාම ප්‍රවාහනය කර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට හැකියාව ලැබුනි. මේ සදහා මුලිකත්වය වයඔ පළාත් ධීවර අමාත්‍යංශයේ විසිතුරු මත්ස්‍ය සංවර්ධන අංශය මගින් ලබා දෙන ලදී.

වයඔ පළාත් ධීවර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සහන පොලී ණය අරමුදල යටතේ කල්පිටිය ප්‍රා.ලේ කොට්ඨාසයේ ප්‍රතිලාභීන් සි...
24/07/2026

වයඔ පළාත් ධීවර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සහන පොලී ණය අරමුදල යටතේ කල්පිටිය ප්‍රා.ලේ කොට්ඨාසයේ ප්‍රතිලාභීන් සිව් දෙනෙකු හට කරදිය හා විසිතුරු කර්මාන්තය සදහා රුපියල් මිලියන 4.5 ක මුදලක් ලබා දී ඇති අතර එමගින් විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ධාරිතාව වැඩි කර ගැනීමටත් ධීවර යාථා සදහා නව එන්ජින් ලබා ගැනීමටත් හැකියාව ලැබී ඇත.

වයඔ පළාත් ධීවර අමාත්‍යංශය මගින් පවත්වන ලද විසිතුරු මත්ස්‍ය මුලික පුහුණු වැඩ සටහන් හා සම්බන්ධ වී එමගින් ලබා ගත් දැනුම උපය...
24/07/2026

වයඔ පළාත් ධීවර අමාත්‍යංශය මගින් පවත්වන ලද විසිතුරු මත්ස්‍ය මුලික පුහුණු වැඩ සටහන් හා සම්බන්ධ වී එමගින් ලබා ගත් දැනුම උපයෝගී කර ගනිමින් දංකොටුව ප්‍රා.ලේ කොට්ඨාසයේ සිදු කරන ලද ප්‍රාෙයා්ගික පුහුණුව.

මහවැව ප්‍රා.ලේ කොට්ඨාසයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්යේ නිරත වන ජේ.ඒ .ඈන් සෝබානි පෙරේරා මහත්මිය හට වයඔ පළාත් ධීවර අංශය මගින්...
24/07/2026

මහවැව ප්‍රා.ලේ කොට්ඨාසයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්යේ නිරත වන ජේ.ඒ .ඈන් සෝබානි පෙරේරා මහත්මිය හට වයඔ පළාත් ධීවර අංශය මගින් සහන පොලීණය අරමුදල මගින් ඇයගේ විසිතුරු කර්මාන්තය වැඩි දියුණු කර ගැනීම සදහා රුපියල් මිලියන 01 ක මුදලක් ලබා දෙන ලදී.

පන්නල ප්‍රා.ලේ කාර්යාගයේ ප්‍රජාශක්ති කමිටු නිලධාරීන් 100 ක් සදහා පවත්වන ලද විසිතුරු මත්ස්‍ය පුහුණු වැඩ සටහන 2026.07.06 ද...
22/07/2026

පන්නල ප්‍රා.ලේ කාර්යාගයේ ප්‍රජාශක්ති කමිටු නිලධාරීන් 100 ක් සදහා පවත්වන ලද විසිතුරු මත්ස්‍ය පුහුණු වැඩ සටහන 2026.07.06 දින පන්නල ප්‍රා.ලේ කාර්යාගයේදි පවත්වන ලදී. මේ සදහා පන්නල ප්‍රාදේශීය ලේකම්තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා,සහ වයඔ පළාත් ධීවර අධ්‍යක්ෂ සහභාගි විය.

වයඔ පළාත් ධීවර අමාත්‍යංශය මගින් විසිතුරු මත්ස්‍ය ධීවර කර්මාන්තය සදහා ලබා දෙනු ලබන සහන පොලී ණය අරමුදල යටතේ ආරච්චිකට්ටුව ප...
22/07/2026

වයඔ පළාත් ධීවර අමාත්‍යංශය මගින් විසිතුරු මත්ස්‍ය ධීවර කර්මාන්තය සදහා ලබා දෙනු ලබන සහන පොලී ණය අරමුදල යටතේ ආරච්චිකට්ටුව ප්‍රා.ලේ කොට්ඨාසයේ බී.බී.රවීන්ග එස් .පෙරේරා මයාගේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘති ධාරිතාව වැඩි කර ගැනීම සදහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබා දෙන ලදී.

Address

Kurunegala Road, Chilaw
Chilaw Town

Alerts

Be the first to know and let us send you an email when Ministry of Fisheries -NWP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share