02/05/2022
𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭𝐬 𝐟𝐨𝐫 𝐌𝐢𝐧𝐨𝐫𝐬
වයස අඩු (බාල වයස්කාර) අයදුම්කරුවන් / දරුකමට හදාගත් ළමුන් සඳහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර (වලංගු කාලය අවුරුදු 3 හෝ 10)
01. බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?
වයස අවු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ.
02. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ගැනීම සඳහා බාලවයස්කරුවෙකු අයදුම් කරන්නේ කෙසේද?
අයදුම්පත් බාරදීම සඳහා අයදුම්පත් භාරගන්නා කාර්යාලයට අයදුම්කරු පැමිණෙන විට ස්වකීය මව සහ පියා හෝ නිත්‍යනුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය. දෙමව්පියන්ගේ හෝ නිත්‍යනුකූල භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් අයදුම් පතෙහි ඇමිණිය යුතුය.
03. සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අවශ්‍ය ලිපිලේඛන කවරේද ?
i. අයදුම්කරුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
ii. ඡයාරූප ශාලා ලදු පත
iii. දෙමවුපියන්ගේ ගමන බලපත්‍රය (දත්ත පිටුවේ හා ළමුන්ගේ විස්තර ඇතුලත් පිටුවේ ඡායා පිටපත් සමඟ).
iv. දෙමව්පියන්ට ගමන් බලපත්‍රයක් නොමැති නම් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
v. දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය සමඟ අනිවාර්යෙන් දෙමවුපියන් හෝ නිත්‍යනුකූල භාරකරුවන් පැමිණිය යුතුය
04. දරුකමට හදාගත් ළමයෙකු සඳහා ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන්නේ නම් පහත සඳහන් අමතර ලියකියවිලි අවශ්‍ය වේ.
i. දරුකමට හදාගත් බවට සහතිකයක්
ii. ඒ සඳහා උසාවි නියමය
iii. ළමා හිමිකම් හා ළමා ආරක්ෂණ කොමසාරිස්ගෙන් ලිපියක්
විශේෂ දැන්වීමයි - ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්ථාවන්හිදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.
දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබා ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය.
අයදුම්කරුගේ දෙමාපියන් සතුව වලංගු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් නොමැති නම්, ඒ බව තහවුරු කරමින් දිවුරුම් ප්‍රකාශයක් හා ජාතික හැඳුනුම්පත.
දෙමාපියන් මිය ගොස් ඇත්නම් මරණ සහතිකය, නීත්‍යානුකූල භාරකරුගේ හඳුනාගැනීමේ ලේඛනය, නීත්‍යානුකූල භාරකරු විසින් නිකුත් කරන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරනු ලදුව ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද වාර්තාව.
දෙමව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් විදේශගත වී ඇත්නම්, ඔවුන් විසින් ලබාදෙන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රවල පිටපත් අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුයි.
දෙමව්පියන් දෙදෙනොම විදේශගත වී ඇත්නම් නීත්‍යානුකූල භාරකරුට දෙමව්පියන් විසින් ලබාදෙන ලද පිළිගත හැකි බලය පැවරීමේ ලිපිය අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුය.
දෙමව්පියන් දික්කසාද වී සිටිත් නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් ලබාදෙන ලද අධිකරණ නියෝගය.
දරුවා දෙමව්පියන් විසින් අත්හැර දැමූවෙකු නම් පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරනු ලදුව ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් සනාථ කිරීමේ ලිපියක්.
සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ?
වලංගු කාලය අවුරුදු 3 සඳහා
සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00
වලංගු කාලය අවුරුදු 10 සඳහා
සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 15000.00