14/08/2022
ඓශ්චර්යා කියන්නේ අභිෂේකගේ දේවතාවිය වුනාට....
සල්මන් ඛාන්ගේ දාසිය....
ඓශ්චර්යා රායි බච්චන් මහත්මිය කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාව ලෙස හඳුන්වන ගැහැණිය.
ඇය ලෝක රූ රැජින වුනා.
ඇගේ සැමියා ඉතාම ඉහල පවුලක කෙනෙක්.
ඇයට වඩා වසර 4 ක් බාලයි.
ඔහු හැම වෙලේම ඇයට කතා කරන්නේ " මම හරි වාසනාවන්තයි ලෝකේ ඉන්න ලස්සනම ගැහැණිය සමීපයේ නිදා ගන්න අවසර ලැබෙන මිනිහා හැටියට" කියල බොහොම ගරු නම්බු දීල.
මොකද ඒ වාසනාවන්ත, වැදගත්, උසස් මිනිහට තමන්ට ලැබිච්ච දේ වටිනාකම තේරෙනවා.
නමුත් හැමෝම දන්නවා ඊට පෙර ඇය විවාහ වෙන්න හිටපු සල්මන් ඛාන් කියන නළුවා අභිෂේක් වගේ පවුල් පසුබිමක් තිබ්බ කෙනෙක් නෙවේ.
හොඳ නමක් ඇති මිනිහෙක් නෙවේ. ඓෂ්ට වඩා වසර ගණනක් වැඩිමහල්.
ඇය ඔහු ගැන හැමෝටම කියනවා "ඔහුට ආදරේ ලැබිල නැහැ.
නමුත් මම ඔහු වෙනස් කරනවා.
ඔහු හරිම හොඳ කෙනෙක්" කියල.
ඒ වගේම ඇය මේ සම්බන්ධෙ නිසා දෙමාපියන්ගේ හිත රිදවනවා.
නමුත් ඒ දුෂ්ටයා ඇයට පෙරලා සංග්‍රහ කරන්නේ පහර දීල. එතනින් නැවතෙන්නේ නැතුව ඇය අභිෂේක් එක්ක විවාහ වෙන්න කිට්ටු වෙද්දී ඔහු පුවත් පත් වලට කියනවා,
" අපෝ ඔය අභිෂේක් කර ගහන්නේ මම අවුරුදු ගානක් තියාගෙන හිටපු ගෑණිව.
ඒ වගේම මම ඒ දවස් වල ඓෂ්ට පහර දීලත් තියනවා " කියල.
නමුත් අබි මේ මෝඩයාගේ මෝඩ වාචාලාප නිසා විවාහය නවත්වන්නේ නැහැ.
ඒ තමා වැදගත් මිනිහෙක් හැසිරෙන පිළිවෙල සහ
නොවැදගත් මිනිහෙක් හැසිරෙන පිළිවෙල.
මම මේක අහපු ගමන් කීවේ එකම දෙයයි " He doesn't deserve such a wonderful lady " කියල.
ඔව් ඇත්තටම අයිෂ් ඒ වගේ අමනයෙක්ට ගැලපෙන්නේ නැහැ.
ජීවිතේ සමහර වෙලාවට අපි කොතරම් අනුකම්පා කලත් අමනයන්ට අපි සුදුසු වෙන්නේ නැහැ.
කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බැහැනෙ.
ඒ වගේ අපි සමහර සම්බධකම් වල එල්ලිලා හිටියට ඒ මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ නරකම නම් නැවත වරක් හිතන්න.
ඒ මොකද ඔබ වෙනුවෙන් සුන්දර තව කෙනෙක්, සුන්දර අනාගතයක් සූදානමෙන් ඉන්නවා.
ඔබ කරන කැපවීම් අගයන්න, ඒ දේවල් වල වටිනාකම දන්නා මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.
හොඳම දේ තමන් අවප්‍රමාණය කරන මිනිස්සු, සම්බන්ධකම් වලින් පස්ස නොබලා හැරිලා දුවන එකයි.
රොමැන්ටික් සම්බන්ධකම් විතරක් නෙවේ....
හැම සම්බන්ධෙකදීම මේ දේ අදාළ වෙනවා.
ඒ වෙලාවට කරන්න ඕනේ ඒ වැනි මිනිස්සු වහ කදුරු වගේ දුරෙන්ම දුරු කරලා දාන එකයි.
එතකොට වාසනාවත ඔබෙන් සැප විඳින්න පින් කරපු මිනිස්සු ඔබට ලං වෙනවා.
අවසානයේ ඓශ්වර්යා රායි බච්චන් මහත්මිය දරුවෝ ලබල සතුටින් ඉද්දි,
ඉන්දියාවේ මහා පුරුෂයා අමිතාබ් ජී ගේ ලේලි වෙද්දී,
අභි oh I am so lucky to have the world's most beautiful woman කියද්දී,
අර සලමන් ඛාන් විවිධ ගැහැණු එක්ක ජීවත් වුනා.
ඒ හැමෝම ඔහුව දාල ගියා.
තාමත් ඔහු තනිකඩයි.
ඔබ වෙනුවෙන් මේ වචන කිහිපයත් මෙයට අමුණන්නම්....
ජීවිතය සුන්දර කරන අයෙක් ඔබේ ජීවිතය කර ගන්න.
මොන තැනක,මොන තරාතිරමක අයෙක් උවත් ඔබව රකිනවා නම්....
නමට, තනතුරට සහකාරියක් සහකාරයෙක් හොයා ගන්න එපා
ඔබව පරිස්සම් කරන ඔබව වටින කෙනෙක් ලඟ නවතින්න...
වැදගත් ඔබේ සතුට..
ලෝකයක් සතුටු කරන්න ඔබේ ජීවිතය ගිනි ගෙයක් කරගන්න එපා....
උපුටාගැනීමකි