28/08/2026
කන්තෝරු නෝනා - කුමාරි දයානන්ද
—--------------------------------------------------------
කන්තෝරු නෝනා වාගෙම ඔයාලට අලුත් චරිතයක් නෙවෙයි. හැබැයි එයාලා එදාට වඩා අද ගොඩක් වෙනස්! ඔව්… සෑහෙන්න වෙනස්!
පොත අතට එනකල් පහල තියෙන කොටස් කියවලා සැනසෙන්න එහෙනම්.
—-------------------------------
බිරිඳක් වුණාම දැනගන්ඩම ඕනෑ කාරණාවක් තමයි තමන්නෙ ස්වාමිපුරුෂයාගේ මානසික ඒකාග්‍රතාව ඇති කරන ක්‍රම සහ විධි. ඒකටනෙ ඉතිං ඔය උපතින්ම හැඳි මිටක් හම්බෙලා තියෙන්නෙ. කට්ටිය හැටහතර උඩ තියන් නැටුවට මොකද හැටහතර කියන්නෙ අමතර බෝනස් එකක්. නැද්ද හා...?
—-------------------------------
කවුද හිතුවේ බස්සෙකේ මෙහෑටි හිරවිල්ලක් හිරවෙයි කියලා. බහින්ඩ ගිහිං හිර වෙච්චි පාරට හැට්ට කටු විතරක් ඉතුරු වෙයියෑ. පට පටෝං ගාලා කට්ටෙං කට්ට කැඩි කැඩී යද්දි මගෙ බොක්කත් ඒ වේගෙම්ම රත් වුණා. බැහැල බලද්දි සාරි පොට ෆුට්බෝඩ්ඩෙකේ. හැට්ටෙ අස්සෙ තිබ්බ සබ්බ සකලාංගෙම එළියේ!
වෙච්චි විලිලැජ්ජාවට වඩා හොඳයි එතනම මළා නං. මං ඔක්කෝටම කලින් බැලුවෙ තිස්ස අඳුරන කවුරු හරි ඉන්නවද කියලයි. කවුරු හරි ඕක ගිහිං තිස්සගෙ කනේ ගිහිං තිබ්බොත් මීට වඩා විලිලැජ්ජවක්නෙ ගෙදරදි වෙන්නෙ.
මේ ලෝකෙ කිසි දෙයක් සදාකාලික නෑ කියන්නෙ ඕං ඕකයි. හැඳිමිටක් වුණත් අසීරු අවස්ථාවක කුඩු පට්ටං වෙන්ඩ පුළුවං. නැද්ද හා...?
—-------------------------------
ඔෆිස්සෙකේ නැහිල නැහිල රෑට රෑ වෙලා ගෙදර එන්නෙ. ඒ ඇවිත් ගෙදර සුමෙත් කරල, ළමයින්ගෙ සුමෙත් කරල, තව එයාගෙ එකී මෙකී නොකී සුමයවලුත් කරලා තව මල්වතුත් වවන්ඩ නං තිස්සට තිබුණෙ යකින්නක් බැඳ ගන්ඩයි. එහෙම නැතුව මහන්සි දැනෙන, නිදිමත හැදෙන, හිටපු ගමන් ලෙඩත් හැදෙන, මනුස්ස දුවක් බැඳගෙන යකින්නක් බැඳගත්ත වාගේ වැඩ ගන්ඩ බෑනෙ. නැද්ද හා ...?
—-------------------------------
උන් ඔක්කොම සෙට් වෙලා අපට නාට්‍ය පෙන්නනවා. අපිත් කට බලියං බලං ඉන්නවා. අඬනවා. සාප කරනවා. අන්තිමට ඔය ඔක්කෝම දැන දැනත් ඡන්දයක් තිබ්බාම හුරේ දාගෙන ගිහිං හොඳම නළුවන්ට ඡන්දෙ දෙනවා. අම්මපා අපි වාගෙ බත් කන හරක් නං මේ තුන් ලෝකෙම නැතුවැති.
—-------------------------------
හැබැයි මං ගෙදර ඇවිල්ල නං හිතෙන් විතරක් කරල නිකං හිටියේ නෑ. මල නොතලා රොන් ගන්න හැටි තිස්සට කියා දුන්නා දේවානම්පියතිස්ස සිහිවෙන්ඩම.
තේරිලා වැඩිකමට වෙන්ඩැති පොරෝන රෙද්දයි, කොට්ටෙයි ඇරං ගිහිං සැටියෙ නිදියෑවෙ. අනේහ්! මගෙ නං බල්ලටවත් පාඩු වෙන්නෑ, එයා සැටියෙ නෙවෙයි දර මැස්සෙ නිදියෑවත්.
ඇයි අනේ... රෑ තිස්සෙ හීන බල බලා ගොරවන්ඩ මිනිහෙක් ළඟ තියං ඉන්ඩෝනෑ. මෙච්චර කල් අමාරුවෙන් ලී මෝලක නිදියලා කාලෙකට පස්සෙ නිසංසලේ නිදාගන්ඩ හම්බුණ එකම මදෑ. නැද්ද හා...?
—-------------------------------
“නියමයි අක්කෙ. එහෙම තමයි ඉන්ඩෝනෑ. අපිත් හරි අමාරුවෙන් මේ බස්වල යන්නෙ.”
මගෙ එහා පැත්තෙ හිටපු ගෑනු ළමය එහෙම කියද්දි මට දුවව මතක් වුණා. කෙල්ල තාම දෙකේ පංතියේ හන්දා ගමන් බිමන් අපි එක්ක විතරයි. ඒත් තව අවුරුදු හත අටකින් මේ වයසට ආවාම අපට පුළුවනෑ පස්සෙන් යන්ඩ. කෙල්ලව බයක් සැකක් නැතුව පංතියකටවත් යවන්නෙ කොහොමද කියලයි මට කල්පනා වුණේ.
හැබැයි මට වැඩියම දුක ඒකට නෙවෙයි. කලබල කරන්නැතුව ආරක්ෂක අවශ්‍යතාවලට ළඟ තියාගෙන ඉන්න හැට්ට කට්ටෙන් නිසි ප්‍රයෝජනේ ගත්තා නං මදනයකා උන්නැහැට ඔය කාරිය බස්වල විතරක් නෙවෙයි ගෙදර ගිහින්වත් කරන්ඩ බැරි වෙන්ඩ පාඩමක් උගන්නන්ඩ තිබුණා. අපරාදේ... ස්ත්‍රී සංහතියටම බරපතල පාඩුවක් වුණේ.
—-------------------------------
“පුතාල ආස රයිස්වලටද පීසවලටද?”
පුතා නං ගත් කටටම “පීසා” කිව්වා. දුව අහපු එකට නං මගෙ බඩ පපුවත් දාලා ගියා.
“පීසා කියන්නෙ මොනවද තාත්තේ?”
දුව තියා මාත් මෙහෙම තැනකට ගොඩ වුණාමයිනෙ මේ. හැබැයි ඉතිං උපන් දිනවලට හෙම තිස්ස මේ දෙන්නට දෙතුං පාරක්ම පීසා ගෙනත් දීලා තියෙනවා. මේ පොඩි එකීට ඉතිං ඕවා මතක තියෙයියෑ. ළමයි කාල ඉතුරු බිතුරු ඇබිත්තක් කටේ දාගත්තට මටවත් ඒ කාපුවෑ රහ හරියකට මතක නෑ.
—-------------------------------
“නෑ පුතේ මං ගහන්නෑ...”
මට එහෙම කියන්ඩ ඕනෙ වුණත් කියවුන්නෑ. පපුව හිරවෙච්චි පාරට මගෙ කටින් පිට වුණේ හුස්ම විතරයි. මං පුතාව තුරුලු කරන් දුව ළඟින් ඇල වුණා. චුල්බූලිව බදාගෙන හීනෙන් හිනාවේවී නිදියන කෙල්ල දැක්කම මගේ පපුව ඇවිළිලා රෑට කාපුවත් දාලා පිච්චිලා ගියා.
ඔක්කෝම කරන්නෙ මේ පැටවු දෙන්න වෙනුවෙන් වුණාට කොහේ හරි තැනක මටයි තිස්සටයි වැරදුනා කියලමයි මට හිතෙන්නේ.
ඇත්තටම අපට වැරදුනාද?
—-------------------------------
සාමටයි, තිස්සටයි වැරදුණාද, හරිගියාද කියලා නම් පොත කියවලාම තමයි දැනගන්න වෙන්නේ. 💚🩵💚
වෙනත් පොත් සදහා https://sithuwilibooks.lk/shop/
ඔබට අවශ්‍ය ඕනෑම නවකතා, පරිවර්තන පොත් සිතුවිලි බුක්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව වේ .
ඒ සදහා ඔබ කල යුත්තේ
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp 071 916 4747 සේවා වලට
හෝ https:// sithuwilibooks .lk/shop/ පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
මිලදී ගැනීමේ හැකියාව වේ .
අවශ්‍ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්‍රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
😀ශ්‍රී ලංකාව තුල ඕනෑම තැනකට ප්‍රවාහන ගාස්තුව රු.350/=
( 1000/= වැඩි ඇණවුම් සඳහා)
😀රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්‍රවාහනය නොමිලේ❤️
😀ප්‍රවාහන ගාස්තුව රු.450/=
( 1000/= අඩු ඇණවුම් සඳහා
#අලුත්පොත් #කියවමු