20/02/2025
වන අලි දුම්රියේ ගැටීම අවම කරගැනීම සදහා රජය ගත් නවතම තීරණ
# # # # # # # # # # # # # #
අදාල සියලුම අංශ නියෝජනය වන කමිටුවකින් ක්ෂණික
විසඳුම්
# # # # # # # # # # # # # #
සියලුම අංශ වල බලධරයන් වහාම අදාල ස්ථානයට ගොස් පිළියම් සෙවීමට සූදානම්
# # # # # # # # # # # # #
අද උදෑසන ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මියයාමත් සමඟ ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව සහ මීට අදාල ආයතන වල ඉහළ නිලධාරීහු ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද එක් ව පාර්ල්මේන්තු පරිශ්‍රයේ දී රැස් වූහ. මේ විශේෂ කමිටුව මගින් දීර්ඝ සංවාදයකින් පසු තීරණ රැසක් ගනු ලැබ ඇත.
ඒ අතර,
* අලි අනතුරු බහුල මේ පෙදෙසේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීම,
* ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම,
* මෙය විසඳීමට ප්‍රජා මූල කණ්ඩායම් සෘජුව ම සහභාගී කරවාගැනීම,
* දුම්රිය වල ආලෝක පද්ධතීන් ඉදිරියට මෙන් ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමට සළකා බැලීම
ආදිය මූලික විය.
එමෙන් ම සාකච්ඡාවේ දෙවන අදියර ලෙස අනිද්දා, එනම් පෙබරවාරි 22 වන සෙනසුරාදා උදෑසන මෙම අනතුරු සිදුවන ස්ථානයට උක්ත සියලුම පාර්ශවයන් ගොස් පුළුල් නිරීක්ෂණයක් කර අදාල තීරණත් තවත් යම් සළකා බැලීම් ඇත්නම් ඒවාත් ක්‍රියාත්මක කිරීමට සූදානම් ය.
මෙම සුවිශේෂ සාකච්ඡාවට සහභාගී වූ අය අතර ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ පරාසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන් ම නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් යන මහත්වරු ද පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරු ද උක්ත සියලු ආයතන වල ප්‍රධාන නිලධාරීවරු ද සහභාගී වුහ.
-මාධ්‍ය අංශය.
ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය.