එතෙර අපි Ethera Api

එතෙර අපි Ethera Api Sri Lankan Diaspora

වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නිසා ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක්මැදපෙරදිග ඇවිලී  ඇති යුධ ගැටුම හේතුවෙ...
20/08/2026

වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නිසා ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක්

මැදපෙරදිග ඇවිලී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නිසා සමස්ථ ලෝකයටම අහිතකර බලපෑමක් ඇති වුවද , එය ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවෘත කිරීමට සමත් වී තිබෙනවා .

ඒ අනුව ඉතාලියේ නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14 ක් , එරට සිට මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරාය වෙත ගෙනැවිත් , එතැන් සිට අඩි 40 ක් දිග බහාලුම් 07 ක බහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඉන්පසු ඒවා විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පටවා , කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ .

මෙම එක් මෝටර් රථයක අවම මිල ශ්‍රි ලංකා රුපියල් කෝටි 50 ක් වන අතර එහි ස්පෝට්ස් කාණ්ඩයේ රථයක මිල රුපියල් කෝටි 100 ක් පමණ වන බවත් , ඒ අනුව නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය නිසා ශ්‍රී ලංකාවට ද ආර්ථික වශයෙන් වාසිදායක තත්වයක් උදා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ .

මෙම මෝටර් රථ මීට දින කීපයකට පෙර හම්බන්තොට වරායට ගෙනැවිත් තිබූ අතර හෙට දින 21 දින උදෑසන මෙම මෝටර් රථ තොගය රැගත් ගුවන් යානය ඩුබායි සහ දෝහා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතයි.

ඇතුලෙම ඉඳන්..
13/08/2026

ඇතුලෙම ඉඳන්..

12/08/2026

12/08/2026

විදේශගතව සේවය කරන අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට විශේෂ පණිවිඩයක්! 🇱🇰
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලද පරිදි, විදේශගත ශ්‍රමිකයන්ගේ ආයෝජන කටයුතු දිරිගැන්වීම සඳහා රජයේ ඌන උපයෝජිත ඉඩම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 💡🌳
(මෙම තීරණය 2026-08-11 දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගන්නා ලදී.)
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු සහ ඉදිරි ක්‍රියාමාර්ග දැනගැනීම සඳහා දිගටම අප සමඟ රැඳී සිටින්න.
#විදේශගත
#ආයෝජන #කැබිනට්තීරණ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවතින අතර 2026 වර්ෂයේ ජුනි 30 වන ...
12/08/2026

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවතින අතර 2026 වර්ෂයේ ජුනි 30 වන විට කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 125ක (රුපියල් කෝටි 4000) විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. මෙය 2025 වර්ෂයේ ජුනි වන විට ඇමරිකානු ඩොලර් මිලියන 100ක විදේශ විනිමයක් ලැබී තිබුණු අතර, මෙය පසුගිය වර්ෂය හා සංසන්දනය කරන විට ඇමරිකානු ඩොලර් මිලියන 25ක ( රුපියල් කෝටි 800 ) වැඩිවීමකි. ලංකා කුරුඳු සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින අධික ඉල්ලුම මෙයට හේතු වී ඇත.

මේ වන විට කුරුඳු නිෂ්පාදන සඳහා ඉහළ මිලක් දේශීය පුරුදු වගාකරුවන්ට ලැබෙන අතර, ඇල්බා ශ්‍රේණියේ කුරුඳු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 7500.00 සහ C පහ ශ්‍රේණියේ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 5500ක - රුපියල් 6000ක මුදලක් ලැබේ. මෙය ඉතිහාසයේ වැඩිම මුදලකට කුරුදු අලෙවි වන අවස්ථාවකි. 2026 වර්ෂයේ අවසන් වන විට කුරුදු කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

2026 අගෝස්තු මුල් දින හයට පමණක් සංචාරකයින්ගේ පැමිණීම 42,000 ඉක්මවයි .
12/08/2026

2026 අගෝස්තු මුල් දින හයට පමණක් සංචාරකයින්ගේ පැමිණීම 42,000 ඉක්මවයි .

2026 මුල් මාස 7 තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ  ඇමෙරිකා ඩොලර් මිලියන පන්දහසේ සීමාව ඉක්මවද්දී රජයේ ආදායම ද සියයට 27කින් ඉහළ ග...
10/08/2026

2026 මුල් මාස 7 තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන පන්දහසේ සීමාව ඉක්මවද්දී රජයේ ආදායම ද සියයට 27කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා වන පළමු මාස 7 තුළයි මෙසේ ඩොලර් මිලියන පන්දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ.
අයවැය ශේෂයේ ද රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා කර ඇති බවයි මහ බැංකු වාර්තා සදහන් කරන්නේ.

මෙසේ රජයේ ආදායම සහ ප්‍රදානයන් සියයට 27.1කින් ඉහළට යද්දී මූල්‍ය රාජ්‍ය වියදම් සහ ශුද්ධ ණය දීම් සියයට 7.9කින් ඉහළ ගොස් තිබෙනවා.
එය රුපියල් බිලියන 2,946.5ක් ලෙසයි වාර්තා වන්නේ.

2025 වසරේ මුල් මාස හයේ දී රුපියල් බිලියන 405.6ක හිගයක් වාර්තා වූ අතර 2026 ජූනි මාසයෙන් අවසන් වූ මුල් මාස 6 තුළ එය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් බවටයි පත්ව ඇත්තේ.

2025 අනුරූප කාලපරිච්ඡේදයේ පැවති රුපියල් බිලියන 525.6ක ශුද්ධ දේශීය මූල්‍යකරණයට සාපේක්ෂව 2026 මුල් මාස 6 තුළ රුපියල් බිලියන 42.1ක ශුද්ධ ආපසු ගෙවීමක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව සමස්ත විදෙස් ප්‍රේෂණ ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 5,382.4ක්.
පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වී තිබුණේ ඇමෙරිකා ඩොලර් මිලියන 4,435.2ක ප්‍රේෂණ ප්‍රමාණයක්.

ඒ අනුව පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මේ වසරේ දී විදෙස් ප්‍රේෂණ ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 947.2කින් සැලකිය යුතු වර්ධනයකින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතර 2026 ජූලි මාසයේ දී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 777.6ක් ලෙස සටහන් වී තිබෙනවා.

එය ඉකුත් ජූනි මාසයේ වාර්තා වූ ඇමෙරිකා ඩොලර් මිලියන 697.3ක අගය හා සැසදීමේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 80.3ක ධනාත්මක වර්ධනයක්.
පසුගිය සතිය තුළ ප්‍රාථමික සහ ද්විතියික වෙළඳපලවල භාණ්ඩාගාර බිල්පත් ආදායම බොහෝ දුරට ස්ථාවරව පැවතුනා.

පසුගිය සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ වෙන්දේසියේ දී ආසන්න වශයෙන් දෙකයි දශම හතර ගුණයක අධි දායකත්ව අනුපාතයක් වාර්තා කර තිබෙනවා.

10/08/2026

😃😃
10/08/2026

😃😃

06/08/2026

Address

Colombo

Telephone

0719191198

Website

Alerts

Be the first to know and let us send you an email when එතෙර අපි Ethera Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share