Deputy Minister of Buddhasasana, Religious and Cultural Affairs - Media

Deputy Minister of Buddhasasana, Religious and Cultural Affairs - Media මාධ්‍ය අංශය නිකුත් කරන නිල පුවත්

බුද්ධශාසන සභාව රැස්වෙයිශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව සහ උන්නතිය වෙනුවෙන්, සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහි...
02/09/2026

බුද්ධශාසන සභාව රැස්වෙයි

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව සහ උන්නතිය වෙනුවෙන්, සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති “බුද්ධශාසන සභාව” සැප්තැම්බර් 01 දින බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්විය.

පූජනීය මහා සංඝරත්නයේ පූර්ණ මැදිහත්වීමෙන් පැවති මෙම හමුවේදී ශාසනික හා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම හමුවේදී පසුගිය කාලය තුළ සිදුකළ කටයුතු සමාලෝචනය කිරීම සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සිදුකෙරිණි. අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්විය.

ජාතික නැකත් කමිටුව විසින් සම්පාදනය කරන ලද 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව පූජනීය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම පළමුවෙන්ම සිදුකෙරිණි.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක “අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සහ යතිවර මාපිය නිවහන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

විශේෂයෙන්ම, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සහ භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදුකෙරිණි.

තවද, දහසක් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක “උරුමයට ජීවයක්” වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදුකෙරිණි. උසස් ප්‍රමිතියකින් සහ විනයානුකූල ප්‍රතිපත්තිවලට අනුකූලව අටපිරිකර සැකසීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු සුවිශේෂ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික පූජ්‍ය උතුමන් උදෙසා ක්‍රියාත්මක “දිවියට සුවයක් දහමට සවියක්” ජාතික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම, මහා සංඝරත්නය මුහුණපාන කාලීන ගැටලු සහ විවිධ අභියෝග පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නය විසින් කරුණු පෙන්වා දෙන ලදී. ඒ සම්බන්ධයෙන් ගත හැකි රාජ්‍ය මැදිහත්වීම් පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා විසින් පැහැදිලි කිරීම් සිදුකරන ලදී.

වියට්නාමයේ ජනවාර්ගික, සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටු ප්‍රධානී  නියෝජ්‍ය අමාත්‍ය නගුයෙන් හායි ට්‍රන්ග් (Nguyen Hai T...
31/08/2026

වියට්නාමයේ ජනවාර්ගික, සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටු ප්‍රධානී නියෝජ්‍ය අමාත්‍ය නගුයෙන් හායි ට්‍රන්ග් (Nguyen Hai Trung) මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා අතර හමුවක් අගෝස්තු 29 දින පස්වරුවේ හැනෝයි නුවරදී පැවැත්විණි.
මෙම හමුව සදහා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා මහතා , ජනවාර්ගික සුළුතර හා ආගමික කටයුතු පිළිබඳ කමිටුවේ විවිධ අංශවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයන් ද සහභාගි වූහ.
මෙම හමුවේදි වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සම්ප්‍රදායික මිත්‍රත්වය තව තවත් තහවුරු වූ අතර දෙරට අතර සබදතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩව ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම මෙහිදී සාකච්ඡා කෙරිණි.

31/08/2026

වියට්නාමයෙ හැනෝයි නගරයේ "vinh Trang pagoda" විහාරස්ථානයේ දී ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරය රෝපණය කිරීමේ අවස්ථාව.
මෙම අවස්ථාවට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ද සහභාගි විය.
(වියට්නාම් රූපවාහිනියේ ප්‍රචාරය වූවකි.)









30/08/2026

වියට්නාමයෙ හැනෝයි නගරයේ "vinh Trang pagoda" විහාරස්ථානයේ දී ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරය රෝපණය කිරීමේ අවස්ථාව.
මෙම අවස්ථාවට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ද සහභාගි විය.









30/08/2026

වියට්නාමයෙ හැනෝයි නගරයේ "vinh Trang pagoda" විහාරස්ථානයේ දී ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරය රෝපණය කිරීමේ අවස්ථාව.
මෙම අවස්ථාවට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා ද සහභාගි විය.
(ව්යට්නාම් රූපවාහිනියේ ප්‍රචාරය වූවකි.)









30/08/2026

වියට්නාමයෙ හැනෝයි නගරයේ "vinh Trang pagoda" විහාරස්ථානයේ දී ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරය රෝපණය කිරීමේ අවස්ථාව... (වියට්නාම් රූපවාහිනියේ ප්‍රචාරය වූවකි.)









වියට්නාමයෙ හැනෝයි නගරයේ "vinh Trang pagoda" විහාරස්ථානයේ ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරයක් රෝපණය කිරීමේ...
29/08/2026

වියට්නාමයෙ හැනෝයි නගරයේ "vinh Trang pagoda" විහාරස්ථානයේ ශ්‍රී ලංකාවෙන් වැඩමවන ලද ජය ශ්‍රි මහාබෝධි අංකුරයක් රෝපණය කිරීමේ අවස්ථාව 29 වෙනිදින පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා, වියට්නාම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සමග බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, වියට්නාම් තානාපති, බෞද්ධ කොමසාරිස් ජනරාල් ආර්.එම්.සේනාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක මහතා ද මෙම විශේෂ අවස්ථාට සහභාගි විය.

29/08/2026

"අදුරු නෙතට අරුණලු"
ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ප්‍රජා සත්කාරයකි.






#ශ්‍රීලංකාඅක්ෂිදානසංගමය
#ඇස්කණ්නාඩි
#සමාජසත්කාරය

42 වන ජාතික මීලාද්–උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මාතලේ සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය (YMMA) සහ මාතලේ නගර ජුම්මා පල්ල...
28/08/2026

42 වන ජාතික මීලාද්–උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව මාතලේ සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය (YMMA) සහ මාතලේ නගර ජුම්මා පල්ලියේ භාරකාර මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ මීලාද්–උන් නබි මහෝත්සවය මාතලේ නගර ජුම්මා පල්ලියේදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 26 දින පැවැත්විය.
මේ අවස්ථාව සඳහා සර්වාගමික පූජකවරුන් , මාතලේ නගර සභාවේ නගරාධිපති අජිත් කොට්ටහච්චි මැතිතුමා , මාතලේ දිසාපතිතුමා ඇතුලු පිරිසක් සහභාගි විය.

ජාතික සමගිය, සහජීවනය සහ සංහිඳියාව වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන අතරම යළිදු කිසිදු ආකාරයේ ජාතිවාදයකට ඉඩ නොතබන අතර නබිනායකතුමාගේද ඉගැන්වීම වූ නීතිය ඉදිරියේ සැවොම සමානයි යන්නට පණ පෙවීමට ආණ්ඩුව ගතවූ කාලය තුළ කැපවී කටයුතු කරමින් සිටියි.

25/08/2026

ජාතික භික්ෂු දින සැමරුම

Address

අංක 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Deputy Minister of Buddhasasana, Religious and Cultural Affairs - Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share