Ministry of Labour

Website

Ministry of Labour Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of Labour, Government Organization, 6th floor, "Meheware Piyesa", Narahenpita, Colombo 05, Colombo.

බලහත්කාරයෙන් වැඩ ගැනීම වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ඇල්පිටියේ දී කම්කරු අමාත්‍යාංශයේ සහ ...
04/09/2026

බලහත්කාරයෙන් වැඩ ගැනීම වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ඇල්පිටියේ දී

කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවය යටතේ දකුණු පළාත ආවරණය කරමින් පවත්වනු ලබන බලහත්කාරයෙන් වැඩ ගැනීම වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන 2026.09.02 වන දින පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ කුඩා හා මධ්‍ය පරිමාණ පෞද්ගලික තේ වතු හිමියන් ඇතුළු කළමනාකාරීත්වයේ සමාජිකයින් සහභාගී වූ අතර දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු ආශ්‍රිතව රැකියාවේ නියුතු වතු කම්කරුවන් වෙනුවෙන් සුනිසි ශ්‍රම නියාමනය, බලහත්කාර ශ්‍රමය යනු කුමක්ද හා ඊට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳව මෙහිදී දැනුවත් කෙරිණි. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ වතු කේෂ්ත්‍රය තුළ බලහත්කාර ශ්‍රමය ලෙස පැවැතිය හැකි සේවකයන්ගේ හැඳුනුම්පත් භාරයට ගෙන තබා ගැනීම, සේවකයන්ගේ මුල් සහතික රඳවා තබා ගැනීම, සේවකයන්ගේ ගමන් බිමන් සීමා කිරීම, බිය හෝ විකල්ප නොමැතිකම හේතුවෙන් සේවකයින්ට රැඳී සිටීමට බල කෙරෙන තත්වයක් රැකියාව තුළ නිර්මාණය කිරීම, වැඩකරන වේලාව අධික ලෙස දීර්ඝ කිරීම ආදී තත්ත්වයන් දැක්විය හැකිය.

ඊට අමතරව, ළමා ශ්‍රමය පිටු දැකීම, මූලික කම්කරු නීති පිලිබඳ දැනුම, සේවාස්ථානය තුල වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන් පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කරන ලදී.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ගරු මහින්ද ජයසිංහ මහතා සහභාගී වූ අතර සභාව අමතමින් ඒ මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් වැඩ ගැනීම හා ළමා ශ්‍රමය තුරන් කරලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි.

මෙම වැඩසටහන හා සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකාව හා මාලදියින කාර්යාලයේ නේවාසික අධ්‍යක්ෂ ජෝනි සිම්සන් මහත්මිය විසින් බලහත්කාරයෙන් වැඩ ගැනීම හා ළමා ශ්‍රමය තුරන් කරලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පැසසුමට ලක් කළාය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් එම්.ඩී.එන්.කේ වටලියද්ද මහත්මිය ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් බලහත්කාරයෙන් වැඩ ගැනීමේ අවදානම් හඳුනා ගැනීම, වගකීම්සහගත රැකියා පිළිවෙත් අනුගමනය කිරීම සහ ප්‍රජාවන් තුළ බලහත්කාරී ශ්‍රමය වැළැක්වීම සඳහා දායක වීමට දිරිගැන්වීම අපේක්ෂා කරනු ලැබේ.

10/08/2026
මහජනතාව වෙත කරනු ලබන කාරුණික නිවේදනයයි!
28/07/2026

මහජනතාව වෙත කරනු ලබන කාරුණික නිවේදනයයි!

TL Care Campus ආයතනය විසින් NIOSH නිල ලාංඡනය අනවසරයෙන් භාවිත කිරීම.TL Care Campus නම් පෞද්ගලික ආයතනයක් විසින් ඔවුන්ගේ සි...
20/05/2026

TL Care Campus ආයතනය විසින් NIOSH නිල ලාංඡනය අනවසරයෙන් භාවිත කිරීම.

TL Care Campus නම් පෞද්ගලික ආයතනයක් විසින් ඔවුන්ගේ සිය මෑත කාලීන ෆේස්බුක් (Facebook) ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ (NIOSH) නිල ලාංඡනය කිසිදු අවසරයකින් තොරව භාවිත කර ඇති බව මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

TL Care Campus නම් පෞද්ගලික ආයතනය සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) අතර කිසිදු අනුබද්ධතාවයක්, හවුල්කාරිත්වයක් හෝ නිල සබඳතාවයක් නොමැති බව ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) ප්‍රකාශ කර සිටියි. එපමණක් නොව, එම ආයතනය සහ TL Care Campus නම් පෞද්ගලික ආයතනය අතර කිසිදු ආකාරයක ගනුදෙනුවක්, ගිවිසුමක් හෝ ව්‍යාපාරික සබඳතාවයක් පවත්වා නොමැති බව ද ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

මෙලෙස TL Care Campus නම් වන ආයතනය විසින් NIOSH ලාංඡනය භාවිත කිරීම අනවසර ක්‍රියාවක් වන අතර, එමගින් NIOSH ආයතනය සහ TL Care Campus අතර නිල සබඳතාවයක් පවතින බවට මහජනතාව නොමග යා හැකිය. එබැවින්, මේ පිළිබඳව දැඩිව විමසිලිමත් වන ලෙසත්, NIOSH ආයතනයේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ ඊට අදාල තොරතුරු තහවුරු කරගන්නා ලෙසත් මහජනතාවට මෙයින් දැඩි ලෙස උපදෙස් දෙනු ලැබේ.

Address

6th Floor, "Meheware Piyesa", Narahenpita, Colombo 05
Colombo
00500

Alerts

Be the first to know and let us send you an email when Ministry of Labour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share