02/03/2026
බදුල්ල අවට කුඩු බෙදු යුවල නීතියේ රැහැනට කොටු විය...
මොවුන් ඊෂිකෑස් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් තිබිණ.
කන්දකැටිය පොලීසිය විසින් පසුගියදා සොරණාතොට බුදුගේකන්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කල ප්‍රශ්න කිරීම හමුවේ මෙම තොරතුරු වැඩි දුරටත් තහවුරු කර ගෙන තිබූ බවයි පොලීසිය සඳහන් කලේ.
එහිදි අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල හම්බාවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිද වන 23 හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දි එම පුද්ගලයා සන්තකයේ හෙරොයින් මිලිග්රැම් 5,200ක් හා කාන්තාව සන්තකයේ මිලිග්රැම් 5,350 ක් තිබි හමුවූ බවද පොලිසිය පවසයි.
ඌව දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජෙසිරි ,බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහ සහකාර පොලිස් අධිකාරි වේහිත දේශප්‍රිය යන නිලධාරීන් ගේ ඝෘජු අධීක්ෂණය යටතේ,
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපාල් ජයතුංග, උපොප නවරත්න, පොසැ වීරසිංහ (70204) පොකො ප්‍රියන්ජිත් (88115) පොකො තිලක් (95777) පොකො කුරුප්පු (90411) කාපොකො (8882) දීපිකා සහ පොකොරි (19580) චන්දන යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.