Department of National Zoological Gardens - Sri Lanka

Department of National Zoological Gardens - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of National Zoological Gardens - Sri Lanka, Government Organization, Dehiwala.

Sri Lanka’s Wildlife Under One Roof! 🌿
🐘 Visit Dehiwala Zoo, Pinnawala Zoo & Elephant Orphanage, and Ridiyagama Safari Park — all managed by the Department of National Zoological Gardens.
🦁 Conservation • Education • Family Fun

අපේ "බොතම්" වෙනුවෙන් විශේෂ වෛද්‍ය සැත්කමක්!දෙහිවල සත්වෝද්‍යානයේ වසර ගණනාවක් පුරා අප සැවොම බෙහෙවින් ආදරය කරන, ඔබ සැමගේ නෙ...
03/09/2026

අපේ "බොතම්" වෙනුවෙන් විශේෂ වෛද්‍ය සැත්කමක්!

දෙහිවල සත්වෝද්‍යානයේ වසර ගණනාවක් පුරා අප සැවොම බෙහෙවින් ආදරය කරන, ඔබ සැමගේ නෙත් සිත් පිනවූ "බොතම්" (Botham) මුහුදු සිංහයාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද අපි සූදානම් වෙන්නේ.

අපි ආදරය කරපු "බොතම්" (Botham) මුහුදු සිංහයා පසු ගිය කාල වකවානුවේ දී ඉතා අසනීප තත්වයෙන් පසුවුනේ. මේ ගැන සොයා බැලීමේ දී "Squamous cell carcinoma" කියන පිළිකා රෝගී තත්ත්වයෙන් බොතම් පීඩා විඳින බව අනාවරණය කර ගත්තා. මේ රෝගී තත්වය සඳහා විසඳුම් සොයන්න සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු මින් මැඳුරේ කාර්ය මණ්ඩලය, පශු වෛද්‍ය නිලධාරීන් වගේ ම සියලු ම ‌කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්තා. ඉතිං ඒ උත්සාහයන්ගේ සාර්ථක ප්‍රතිඵලයක් විදියට මෙම රෝගී තත්වය වෙනුවෙන් සිදු කල හැකි විශේෂ සැත්කමක් සිදු කිරීමට නිර්දේශ වෙන්නේ, බොතම් පරීක්ෂා කර බලන්න ආව විදේශිය විශේෂඥ වෛද්‍යවරයකුගේ අනු දැනුම යටතේ.

පරිසර අමාත්‍යාංශයේ මඟ පෙන්වීම වගේ ම අධීක්ෂණය යටතේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්වෝද්‍යානය තුල දී 2026.06.30 දින මේ සුවිශේෂිත සැත්කම සිදු වෙන්නේ, මෙවන් සැත්කමක් ශ්‍රී ලංකා ඉතිහාසය තුල සිදුවන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙමින්.

මෙම සතුන් පිළිබඳ විශේෂඥ, හොංකොං Ocean Park හි අධ්‍යක්ෂ පශු වෛද්‍ය Paolo මහතා විසින් මෙම සත්වයා පරීක්ෂා කර බලා, නිර්දේශ කරන ලද පරිදි සිදු කරනු ලබන මෙම සුවිශේෂි සැත්කම විදේශීය විශේෂඥ පශු වෛද්‍ය Paolo මහතා ඇතුළු කණ්ඩායම සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පශු වෛද්‍ය නිලධාරීන් එක්ව සිදු කරනු ලැබුවා. මෙම සැත්කම සඳහා සම්බන්ධ වූ විශේෂඥ පශු වෛද්‍ය Paolo මහතා ඇතුළු කණ්ඩායම සිය සේවය ජාතික සත්වෝද්‍යාන දෙපාර්ත්මේන්තුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ම ලබා දීම විශේෂත්වයක්.

දෙහිවල සත්වෝද්‍යානයේ මින් මැඳුර අංශය හා පශ්‍ර වෛද්‍ය අංශය මෙන් ම දෙහිවල සත්වෝද්‍යානයේ හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය මෙම කාර්යය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබා දෙනු ලැබූ අතර සැත්කම සාර්ථකව නිම කිරීමෙන් පසු දැඩි පශු වෛද්‍ය නිරීක්ෂණ යටතේ සත්වයා හොඳින් රැක බලා ගැනීමේ කටයුතු මේ වන විට සිදු ‌වෙනවා. ඉතිං මේ සාර්ථක සැත්කමෙන් පසු සත්ත්වයා ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව ඔබට සතුටින් දැනුම් දෙන්න අපි කැමති.

ආදරණීය “බොතම්”, ඉතා ඉක්මනින් සුවය ලබා නැවතත් වෙනදා දැක ගැනීම ට නුදුරේ දීම හැකි වේවි.

හිපෝ බබාට නමක් තියමු. | Let’s Name Our Baby Hippo! | குட்டி நீர் யானைக்குப் பெயரிடுவோம் ! 🦛✨සතුන්ට ආදරය දක්වන ඔබේ අවධානය...
02/09/2026

හිපෝ බබාට නමක් තියමු. | Let’s Name Our Baby Hippo! | குட்டி நீர் யானைக்குப் பெயரிடுவோம் ! 🦛✨

සතුන්ට ආදරය දක්වන ඔබේ අවධානයට! දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උපත ලබා ඇති නයිල් හිපෝ පැටවාට සුදුසු නමක් යෝජනා කිරීමේ අවස්ථාව දැන් ඔබට ලැබී තිබේ.. ⚠️ ⚠️

සහභාගී වන ආකාරය:
මෙම link එක click කර එහි සඳහන් තොරතුරු පුරවා ඔබ යෝජනා කරන නම අප වෙත එවන්න. : https://forms.gle/TE1LVndMqtBMva1fA

වැදගත්: ⚠️

නම් කිරීමේ තේරීම සඳහා සුදුසුකම් ලැබීමට, ඔබ අපගේ නිල ෆේස්බුක් පිටුවට like කර Follow කර තිබීම අනිවාර්ය වේ!👇❤️
මේ සඳහා සහභාගී වීමේ හැකියාව ඇත්තේ වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා පමණි.

Attention animal lovers! You now have the opportunity to suggest a suitable name for the Nile hippo calf born at the Dehiwala National Zoo..

How to participate:
Click on this link, fill in the information provided and send us your suggested name.

https://forms.gle/TE1LVndMqtBMva1fA

Important: ⚠️

To be eligible for the naming contest, it is mandatory that you like and follow our official page!👇❤️
Only children under the age of 12 are eligible to participate in this.

விலங்குப் பிரியர்களே கவனியுங்கள்! தெஹிவளை மிருகக்காட்சிச் சாலையில் பிறந்த நைல் நீர்யானைக் குட்டிக்கு பொருத்தமான பெயரைப் பரிந்துரைக்க உங்களுக்கு இப்போது ஒரு வாய்ப்புக் கிடைத்துள்ளது.⚠️ ⚠️

பங்கேற்பது எப்படி:

இந்த இணைப்பைக் Click செய்து, கொடுக்கப்பட்டுள்ள தகவல்களைப் பூர்த்தி செய்து, நீங்கள் பரிந்துரைக்கும் பெயரை எங்களுக்கு அனுப்புங்கள்.

https://forms.gle/TE1LVndMqtBMva1fA

முக்கியம்: ⚠️

இந்தப் பெயர் சூட்டும் போட்டியில் தகுதி பெற, எங்கள் அதிகாரபூர்வ Face Book பக்கத்தை Like செய்து Follow செய்வது கட்டாயமாகும்!👇❤️

12 வயதிற்குக் குறைந்த பிள்ளைகளுக்கு மட்டுமே இப்பெயர் சூட்டும் வாய்ப்பு அளிக்கப்பட்டுள்ளது

පාසල් නිවාඩු වාරයත් සමඟ නරඹන්නන් 10,634 දෙනෙකු 2026.08.26 දින සත්වෝද්‍යානය නැරඹීමට පැමිණ සිටි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර...
01/09/2026

පාසල් නිවාඩු වාරයත් සමඟ නරඹන්නන් 10,634 දෙනෙකු 2026.08.26 දින සත්වෝද්‍යානය නැරඹීමට පැමිණ සිටි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් R.C රාජපක්ෂ මහතා පැවසූ අතර එදින රුපියල් මිලියන 2.5ක වාර්තාගත ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

සත්වෝද්‍යානයේ සාමාන්‍ය දෛනික නරඹන්නන් සංඛ්‍යාව 2,500ක් පමණ වන නමුත් එදින පැමිණි පිරිස එය මෙන් සිව් ගුණයකටත් වඩා වැඩි බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පසුගිය වසරේ ලැබූ රුපියල් බිලියන 1.6ක සමස්ත ආදායම ඉක්මවා යෑමට මේ වසරේදී හැකියාව ලැබෙනු ඇතැයි ද කියා සිටියේය.

මෙම සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන් හට ද, දෙහිවල සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලයේ සියලු නිලධාරීන් හට ද සිය ස්තුතිය පල කරනා බව ප්‍රකාශ කරන ලද අධ්‍යක්ෂ ජනරාල්තුමන් මේ සඳහා කාර්ය මණ්ඩලය මෙහෙයවීම සිදු කරන ලද මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන් වෙත ද සිය ස්තුතිය පල කර සිටින ලදී.

මේ වන විට අභ්‍යන්තර නරඹන්නන්ගේ පහසුකම් වැඩිදියුණු කර ඇති අතර, පාසල් ළමුන් සඳහා දිනපතා විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. එමෙන්ම විවිධ සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ, දැනට අඩුවක්ව පවතින පිරාෆ් සතුන් වෙනුවෙන් ලබන ඔක්තෝබර් මාසයේ දී උගන්ඩාවෙන් පිරාෆ් ජෝඩු දෙකක් සහ ආමේනියා වෙන් සීබ්‍රා ජෝඩුවක් ගෙන ඒමට සැලසුම් කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Invitation for Bids (IFB)MINISTRY OF EnvironmentDepartment of National Zoological GardensProcurement Notice(National Com...
24/08/2026

Invitation for Bids (IFB)
MINISTRY OF Environment
Department of National Zoological Gardens

Procurement Notice
(National Competitive Bidding)

Dehiwala zoo , Pinnawala Elephant Orphanage and Pinnawala zoo
Development Projects

The Chairman, Departmental Procurement Committee (DPC), Department of National Zoological
Gardens, invites sealed Bids under National Competitive Bidding procedure from eligible and
qualified Bidders for the following Construction works.

ගී හඬ නිහඬ වුවද… සොබාදහමේ සදා පිපෙන මලක් වන්නී…ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා ...
21/08/2026

ගී හඬ නිහඬ වුවද… සොබාදහමේ සදා පිපෙන මලක් වන්නී…
ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ නික්ම යාම පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ හෘදයාංගම සංවේගය සහ ගෞරවණීය උපහාරය පුද කර සිටිමු.
දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ඇගේ ගැඹුරු, සවිමත් මෙන්ම මධුර හඬ මුළු මහත් දැයක් අවදි කළේය.සුවපත් කළේය. සංස්කෘතික හා සමාජීය මතකයේ නොමැකෙන සලකුණක් තැබුවේය. ඇය හුදු ගායිකාවක පමණක් නොව, ශ්‍රී ලාංකීය ආත්මයේ මහා නාදය විය.
ඇගේ නාමය සොබාදහමේ රමණීයත්වයට ද මුසු වී තිබීම සුවිශේෂී ය.
ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය (Orchid Circle) විසින් ඇයට උපහාරයක් ලෙස නම් කරන ලද "Ascocenda Nanda Malani" උඩවැඩියා මල, ඇගේ නාමය සොබාදම් මාතාවගේ තුරුලේ අමරණීය කළ සංකේතයකි.
ගී හඬක් නිහඬ විය හැකිය — එහෙත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැක. මලක් පරවී බිම වැටිය හැකිය — එහෙත් ඒ මල සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයනු ඇත.
ඇගේ නමින් පිබිදෙන ඒ සොඳුරු මල් සේම, ඇය ගැයූ ගීතාවලිය ද දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වනු නොඅනුමානය.
කලා කෙත අස්වැද්දූ, සොබා සුන්දරත්වයට මුසු වූ ඒ යුගාන්තකාරී හඬට සදාතනික උපහාර!
ආදරණීය මහා ගාන්ධර්විනියනි, ඔබ අපෙන් සමුගත්ත ද… ඔබේ ගී හඬ දැයේ හදවත් තුළ සදා දෝංකාර දෙනු ඇත. ඔබේ නාමය සොබා තුරුලේ සදා මල්වර වනු ඇත.

පරිසර අමාත්‍යාංශය

குரல் ஓய்ந்தாலும்... இயற்கையின் மடியில் என்றும் மலரும் மலராய் அவள்...
இலங்கையின் நற்பண்புசார் இசைக்கலையின் பெரு கலங்கரை விளக்கமாகத் திகழ்ந்த முனைவர் விஷாரத நந்தா மாலனி அவர்களின் மறைவையிட்டு, சுற்றாடல் அமைச்சு தனது ஆழ்ந்த அனுதாபங்களையும் கௌரவமிக்க அஞ்சலிகளையும் தெரிவித்துக் கொள்கிறது.
ஆறு தசாப்தங்களுக்கும் மேலாக, அவரது கம்பீரமான, ஆழமான மற்றும் மதுரமான குரல் முழு தேசத்தையும் தட்டியெழுப்பியது; ஆற்றுப்படுத்தியது; கலாசார மற்றும் சமூக நினைவுகளில் அழியாத சுவடுகளைப் பதித்தது. அவர் வெறுமனே ஒரு பாடகி மட்டுமல்ல, ஒட்டுமொத்த இலங்கை ஆன்மாவின் மகா குரலாகத் திகழ்ந்தவர்.
அவரது நாமம் இயற்கையின் பேரழகோடு பின்னிப் பிணைந்திருப்பது ஒரு தனித்துவமான சிறப்பம்சமாகும். இலங்கை ஓர்க்கிட் வட்டம் (Orchid Circle) அவருக்குச் செலுத்திய கௌரவமாகப் பெயரிடப்பட்ட "Ascocenda Nanda Malani" என்ற ஓர்க்கிட் மலர், அவரது நாமத்தை இயற்கை அன்னையின் மடியில் என்றும் அழியாது நிலைநிறுத்திய ஒரு வரலாற்றுச் சின்னமாகும்.
ஒரு குரல் மௌனமாகலாம் — ஆனால் அந்தக் குரல் விழித்தெழுப்பிய மனசாட்சியை ஒருபோதும் மௌனமாக்க முடியாது.
ஒரு மலர் வாடி உதிரலாம் — ஆனால் அது இயற்கைக்கு ஈந்த நறுமணத்தை ஒருபோதும் அழித்துவிட முடியாது.
அவரது பெயரில் மலரும் அந்த எழில்மிகு மலர்களைப் போலவே, அவர் பாடிய அமரத்துவமிக்க கீதங்களும் தலைமுறை தலைமுறையாக இலங்கை மக்களின் இதயங்களில் வாடாத நறுமணமாய் என்றும் மலர்ந்திருக்கும்.
கலை உலகை வளப்படுத்தி, இயற்கை வனப்போடு ஒன்றிணைந்த அந்த யுக நாயகியின் குரலுக்கு எமது நித்திய அஞ்சலிகள்!
அன்பிற்குரிய இசைப் பேரரசியே,
நீங்கள் நம்மை விட்டுப் பிரிந்தாலும்…
உங்கள் குரல் இந்தத் தேசத்தின் இதயங்களில் என்றும் எதிரொலித்துக் கொண்டே இருக்கும்.
உங்கள் நாமம் இயற்கை அன்னையின் மடியில் என்றும் மலர்ந்து மணக்கும்.

சுற்றாடல் அமைச்சு

Though the Voice Falls Silent… She Blooms Forever in Nature’s Embrace…
The Ministry of Environment extends its profound condolences and heartfelt tribute on the demise of Dr. Visharadha Nanda Malani, the peerless beacon of Sri Lankan classical and contemporary music.
For over six decades, her deep, powerful, and melodious voice awakened and healed an entire nation, leaving an indelible imprint upon our cultural and social consciousness. She was far more than a vocalist; she was the resonant soul of Sri Lankan identity.
Remarkably, her legacy remains forever intertwined with the beauty of nature. The orchid hybrid named in her honour by the Orchid Circle of Sri Lanka, "Ascocenda Nanda Malani," stands as a living testament to her eternal bond with Mother Nature.
A voice may fall silent—yet the conscience it awakened can never be muted.
A flower may fade and fall—yet the fragrance it gifted to the earth shall never wane.
Just like the blossoms that carry her name, the timeless melodies she breathed into life will continue to bloom as an enduring fragrance in the hearts of generations to come.
Eternal tribute to that epochal voice that enriched the arts and blossomed within the splendour of nature!
Beloved Maestro,
Though you have departed from us…
Your voice will forever resonate within the nation’s soul.
Your name will eternally bloom in nature’s tender embrace.

Ministry of Environment

දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා ඊයේ රාත්‍රියේ දී (18) මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්...
19/08/2026

දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා ඊයේ රාත්‍රියේ දී (18) මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 😢

මෙම ජිරාෆ් සත්ත්වයා මිය යන විට වයස අවුරුදු තිහකට ආසන්න වේ. සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25ක් පමණ වන අතර, මනා පරිපාලනයක් සහිත සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකිය. ඒ අනුව, මෙම ජිරාෆ් සත්ත්වයා දිගු ආයු කාලයක් භුක්ති විඳ ඇති බව සඳහන් කළ හැකිය.

මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නො තිබූ අතර, සත්ත්වයා වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදු ව ඇති බව නිරීක්ෂණය වන අතර වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දින (19) සිදු කිරීමට නියමිත වේ.

සත්වෝද්‍යාන පරිසරයක් තුළදී සත්ත්වයන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සැලසීම, ඔවුන්ගේ අවශ්‍යතා අනුව පෝෂ්‍යදායී හා සමබර ආහාර ලබාදීම, පිරිසිදු හා සුදුසු වාසස්ථාන පවත්වාගෙන යාම මෙන්ම නිරන්තර අධීක්ෂණය සහ අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් මෙම සත්වයා හට වසර තිහකට ආසන්න කාලයක් වැනි දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳීමට හැකියාව ලැබී තිබුණි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ, මෙම වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුගල දෙකක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතය.

ඒ අනුව, ජිරාෆ් සත්ත්වයන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මහජනතාවට ඉදිරියේදී නව ජිරාෆ් සතුන් දැක බලා ගැනීමේ අවස්ථාව ද උදා වනු ඇත.

#ජිරාෆ්

13/08/2026

පින්නවල අලි අනාථාගාරයේ දී පවත්වන ලද ලෝක අලි දින සැමරුම් උලෙළ
2026.08.12

සෑම වර්ශයකම  අගෝස්තු මස 12 දිනට යෙදෙන ලෝක අලි දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ඊයේ දිනයේ ( 12 ) පින්නවල අලි අනාථාගාරයේ ද...
13/08/2026

සෑම වර්ශයකම අගෝස්තු මස 12 දිනට යෙදෙන ලෝක අලි දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ඊයේ දිනයේ ( 12 ) පින්නවල අලි අනාථාගාරයේ දී පැවැත්වුණා.

සත්ත්ව සංරක්ෂණය හා සුබ සධනය මූලික අරමුණු කරගත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්ත්මේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරය, වසර ගණනාවක් මුළුල්ලේ අලි ඇතුන් සංරක්ෂණයේ පුරෝගාමී මෙහෙවරක් සිදු කරනු ලබන ආයතනයකි. අලි ඇතුන්ගේ සංරක්ෂිත ගහණයක් පවත්වාගෙන යමින්, අනාගත පරපුර උදෙසා අලි ඇතුන් රැක ගැනීමේ අවශ්‍යතාවය නැවත නැවතත් සිහිපත් කරනු ලබන පින්නවල අලි අනාථාගාරය මෙවර ලෝක අලි දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී.රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී විය.

මෙහි දී පැමිණි ආරාධිත පිරිස අලි ඇතුන් වෙනුවෙන් ආහාර ලබා දීම සිදු කල අතර, ජාතික සම්පතක් වන අලි ඇතුන් රැක ගැනීමේ වැඳගත්කම සහ ඒ සම්බන්ධය සියලු දෙනා සිය උපරිම සහායෝගය ලබා දීම සිදු කල යුතු බවට අදහස් ඉදිරිපත් විය.

මීට අමතරව පැමිණ සිටි ආරාධිත අමුත්තන් අලි අනාථාගාර පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සඳහා ද සම්බන්ධ විය. මෙම සුවිශේෂි අවස්ථාව දැක බලා ගැනීමට එදින පින්නවල අලි අනාථාගාරය වෙත පැමිණි දේශිය මෙන් ම විදේශීය සංචාරකයින් විශාල පිරිසකට ද අවස්ථාව ලැබිණ.

සියලු දෙනාගේ ආදරය මෙන් ම අවධානය නිරන්තරයෙන් දිනාගන්නා වඩාත් විශේෂිත මෙන් ම ආකර්ශණිය සත්ත්ව විශේෂයක් වන අලි ඇතුන් රැක ගැනීම මෙන් ම පරිසරය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳ නැවත නැවතත් සිහිපත් කරවමින්, පින්නවල අලි අනාථාගාරයේ සිදු කරන ලද මෙම කර්තව්‍යයේ සුවිශේෂි අවස්ථා කිහිපයක් මෙලෙස කැමරාකාචන්හි සටහන් විය.

අලි අපේ උරුමයයි – ඔවුන්ගේ අනාගතය අපේ වගකීමයි | World Elephant Day 2026 🌿🐘💚අද ලෝක අලි දිනයයි. අපගේ පරිසර පද්ධතියේ අත්‍යවශ...
12/08/2026

අලි අපේ උරුමයයි – ඔවුන්ගේ අනාගතය අපේ වගකීමයි | World Elephant Day 2026 🌿🐘💚

අද ලෝක අලි දිනයයි. අපගේ පරිසර පද්ධතියේ අත්‍යවශ්‍ය කොටසක් වන අලි සම්පත ආරක්ෂා කිරීම, ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීම සහ අලි - මිනිස් සහජීවනය ශක්තිමත් කිරීම අප සැමගේ වගකීමකි.

අලි පරපුර සුරකිමු… සොබාදහමේ හෙට දවස සුරකිමු! 🐘🌏



Pinnawala zoo Pinnawala Elephant Orphanage Ridiyagama Safari Park

Address

Dehiwala

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Department of National Zoological Gardens - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of National Zoological Gardens - Sri Lanka:

Shortcuts

Share