Sri Lanka Green Alliance

Sri Lanka Green Alliance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Green Alliance, Divulapitiya.

ශ්‍රී ලංකා හරිත සන්ධානයේ අප පරිසර හිතකාමී තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් වන දේශපාලනයක් මගින් අපේ රටේ අනාගතය බලගන්වන දේශපාලන ව්‍යාපාරයකි.

අප උත්සහ කරන්නේ තිරසාර සංවර්ධන මගක රට ඉදිරියට ගෙනයැමටයි . රටන ඕනේ අලුත් දේශපාලනයක්. අපිට ගැලපෙන අලුත් ක්‍රමයක්, අලුත් රටක්.

අපට අවශ්‍ය රට ගොඩ නගන්න පුළුවන් ප්‍රයෝගික වැඩපිළිවෙලක්. ලෝකේ දියුණු රටවල් හැම එකක්ම කල වගේ අපත් ගොවිතැන ඉහලටම ඔසවා තැබිය යුතුයි. දෙවනුව ඒ

ශක්තිමත් පදනම මත ග්‍රාමීය කර්මාන්ත තිරසාර ආකාරයෙන් ගොඩ නැගිය යුතුයි. මේ සියල්ල කරන්න අප ගමයි පන්සලයි වැවයි දාගැබයි මත ශක්තිමත්ව ගොඩ නගන ආර්ථිකයකින් පමණයි. අපේ අනාගතය රැදිලා තියෙන්නේ කළු සුද්දෝ කියන ආකාරයට IMF වන්දනා කිරීමෙන් නොවෙයි.

අපට නැගිටින්න තියන එකම මග තියෙන්නේ ගමයි පන්සලයි එක්ක. අප කලක් ලොබ ධනවත්ම වෙළද රාජ්‍ය වුනේ අන්න ඔය කියපු ක්‍රමයට.

18/02/2026

ඉතිහාසය අනිවාර්ය විෂයක් විය යුත්තේ ඇයි?

ඉතිහාසය අනිවාර්ය විෂයක් විය යුත්තේ මේවැනි තරුණයන් රටටත් සමාජයටත් වැඩදායි පුරසියන් ලෙස ගොඩ නැගීම සදහා රට පිළිබද නිවැරදි ඒයිතිහාසික දැනුමක් ලබා දිය යුතු නිසාය.

මොහු මේ පෙන්වන අමන වර්ගවාදය එම තරුණයාගේ ප්‍රශ්නයක් පුත්ගලික ප්‍රශනයක් පමණක් නෙමෙයි. අපි පත්කරපු සියලු රජයන් රටේ ඉතිහාසයත්, ෆැසිස්ට්වාදී කොටින් ඇතුළු අනෙත් කණ්ඩායම් ගෙනගිය වාර්ගික බෙදුම්වාදයේ සැබෑ ඉතිහාසය රටෙ සියලු දරුවන්ට අනිවාර්යයෙන්ම ඉගැන්වීම මග ඇරීමේ අමනකම රටේ අනාගතයවිනාශ කරන්නේ මේ අයුරින්. සිදු කල යුත්තේ ඉතිහාසය අනිවාර්ය විෂයක් කරමින් නැවත කොටි ම්ලේච්චයන් වැනි සංවිධානයකට දේශපාලනිකව වැට බැදීමට ඔවුන්ගේ ම්ලේච්ච දේශපාලනය ගැන නිවැරදි අධ්‍යාපනයක් ලබා දීමයි. ජර්මනිය නාසිවාදය අතුගා දැමුවේ එලෙසිනි.

ජනතා විමුක්ති පෙරමුණත් එහි එල්ලී බලය ඩැහැ ගත් නුගත් නව ලිබරල්වාදී හරිනි අමරසූරිය වැන්නන්ගේ මනස්ගාත අත්හදාබලන විද්‍යාගාරයක් බවට ලක්දිව අධ්‍යාපනය පත්වීම අනාගත විනාශයක මුලයි. ආක්‍රමණික යුධ නායකයන් ලංකාවේ රජවරුන් ලෙසත් යාපනය නම් වූ ප්‍රාදේශීය බල කේන්ද්‍රය ස්වාධින රජධානියන් ලෙස අනුරාධපුර ශිෂ්ටාචාරයට සමගාමිව මවා පෙන්වන වියාජ කදන්දර ඉතිහාසය ලෙස සිසුන්ට බලහත්කාරයෙන් පෙවීමෙන් සිදු වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ පරිහානිය ඉක්මන් වීම පමණි.

සංඛ චන්දිම අභයවර්ධන

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මාලිමා පාර්ලිමේන්තු කැණිමඩල ගිනි තබයි...ඊයෙ ඔහු විසින් කතානායක ජගත...
03/02/2026

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මාලිමා පාර්ලිමේන්තු කැණිමඩල ගිනි තබයි...

ඊයෙ ඔහු විසින් කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා..

ඒ පැමිණිල්ලෙ බරපතල චෝදනා ගොඩයි...

සමහර චෝදනා හරිම පිලිකුල්, විලිලැජ්ජා සහගතයි..

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ, වරෙන් පාර්ලිමේන්තුව වටලලා බලය අල්ලමු කියූ ජවිපෙට සොබා දහම විසින් සිත්පිත් නැති අයුරින් පන්න පන්න දඬුවම් කරමින් ඉන්නවා...
ඒ චෝදනා නම්....

📕 වාහන අවභාවිතය

කථානායකතුමාගේ පරිහරණය සඳහා උපරිම වශයෙන් නිල වාහන දෙකක් ද, එකී වාහන සඳහා උපරිම ඉන්ධන ලීටර් 900ක් ද විය යුතුය. එහෙත් ඔහු නිල වාහන 03ක් තම භාවිතයට ගනු ලැබේ.

ඔහු විසින් මෙවන විට ද තමාට නිල වශයෙන් හිමි වාහන දෙකට අමතරව, පාර්ලිමේන්තුව සතු WP NC 4923 දරන වෑන් රථය තම පෞද්ගලික පරිහරණයට භාවිතා කරන අතර, ඉහතින් අනුමත ඉන්ධන දීමනාවන්ට අමතරව මාස 06කට අධික කාලයක් තිස්සේ එකී රථය සඳහා ද ඉන්ධන ලබාගෙන ඇත.

📕 iනීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම

ඉහත i හි සඳහන් පාර්ලිමේන්තු මහ ලේකම්ගේ හා ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛ වලට අනුව කථානායකවරයාට නිල වශයෙන් හිමි වන්නේ උපරිම වාහන දෙකක් හා ඉන්ධන ලීටර් 900ක් වන අතර, වර්තමාන ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා එකී තනතුරට පත්වූ 2024.12.17 දින සිට 2025 නොවැම්බර් මස දක්වා ඉහත ඉන්ධන දීමනා වලට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් ලීටර් 568ක පමණ ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇත. .

ඒ අනුව, අදාළ කාලය සඳහා රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000/-) පමණ මුදලක් පාර්ලිමේන්තු ගිණුමෙන් කිසිදු අනුමැතියකින් තොරව නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන ඇත.

📕 පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය

ඔහුට පාර්ලිමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය තුළ පෞද්ගලික මාධ්‍ය ඒකකයක් සඳහා නිලධාරීන් අනුමත නොමැති අතර, එහෙත් එතුමා විසින් නීති විරෝධී ආකාරයෙන් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු කැමරා උපකරණ තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා යොදාගෙන ඇත.

මෙමගින් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ඔහු විසින් "දූෂණය" නැමැති වරද සිදුකර ඇති බව ඔබගේ අවධානයට යොමු කරමි.

📕 නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම ( ඊයා ඕයි....)

කථානායකවරයා වෙත ආහාර සැපයීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් ඔහුගේ වැටුපෙන් එක අයෙකුට දිවා ආහාර ලබාදීම වෙනුවෙන් අයකරගනු ලබන නිශ්චිත මුදලක් අයකරගනු ලබයි.

නමුත් ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ද ඔහු සමඟ කථානායකවරයා දිවා ආහාර ලබා ගන්නා කාමරයෙන් දිවා ආහාර ලබා ගනු ලැබේ.

එසේ කථානායකවරයාගේ අමුත්තෙක් වශයෙන් ඔහුගේ දිවා ආහාර ලබා ගන්නා කාමරයේදී දිවා ආහාර ලබා ගන්නා අයෙකු වෙනුවෙන් එක් දිවා ආහාර වේලක් සඳහා රු. 900/-ක මුදල් අයකර ගනු ලැබිය යුතු වුවත් ඒ වෙනුවෙන් චමීර ගාල්ලගේ මහතාගේ වැටුපෙන් අයකරනු ලබනුයේ රු. 150/-ක මුදලක් පමණි.

( මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු ආ දවසෙ සිටම ඔවුන්ට තිබූ ලොකුම ප්‍රශ්ණය මේ ආහාර ප්‍රශ්ණයයි. කෑම කා ඔතාගෙනද යනවා යැයි ඔවුන්ට චෝදනා එල්ල විය)

📕 නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත්කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීමට හා ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.

මීට පෙර ඉහතින් දක්වන පරිදි වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මා කෙරෙහි ඇති කරගත්තා යැයි විශ්වාස කරන ද්වේෂ සහගතභාවය හේතුවෙන් ඔහු විසින් අමාත්‍ය මණ්ඩල තීරණයන්ට හා රජයේ චක්‍රලේඛයන්ට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව නොමඟ යවමින් විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු වන එස්.කේ. ලියනගේ යන අය මා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නීතිවිරෝධී ආකාරයෙන් පත්කර, ඔහු වෙත රු. 274,975/- ක මුදලක් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවා ඇත.

( මේ සම්බන්ධයෙන් අවස්ථාවන් රැසකදීම සමාජ මාධ්‍ය හරහා ඔහුට චෝදනා එල්ල වී ඇත. කතානායකවරයා එනකොට ගමෙන් කැන්දන් ආ කුප්‍රකට PHI මොහුය )

📕 නීතිවිරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම

පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ නිල නිවාස ආයතන සංග්‍රහයේ XVIII වැනි පරිච්ඡේදය යටතේ උපලේඛනගත නිල නිවාසයකි. එසේ එකී නිල නිවාසය හිමිව තිබියදී වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් රාජකාරී හා පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කරමින් ඊට අමතරව නීති විරෝධී ලෙස කොළඹ 04, ලොරිස් පටුමග පිහිටි රජයේ නිල නිවාසයක් 2025 ජනවාරි මස සිට තම නමට වෙන් කරවා ගෙන භාවිතා කරනු ලබයි.

📕 තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ හා වංචා ක්‍රියාවන් යටපත් කර ගැනීමට උත්සාහ කිරීම

සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, මාධ්‍ය ඒකකය හා ඔවුන් භාවිතා කරන නිල රථ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇතත්, කථානායකවරයා විසින් එම තොරතුරු ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීන් වෙත ලිඛිතව නියෝග ලබාදී ඇත.

📕 පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනිතික ලෙස මැදිහත්වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65වන වගන්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය පත් කිරීම සඳහා කථානායකවරයාගේ අනුමැතිය ලබාගත යුතු අතර, විනය හා පරිපාලන බලධාරියා පාර්ලිමේන්තු මහ ලේකම් වේ. එහෙත් වර්තමාන කථානායකවරයා එම බලතල අභිබවා නිලධාරීන්ගේ උසස්වීම්, විදේශ ශිෂ්‍යත්ව හා වැටුප් සඳහා නීති විරෝධී ලෙස මැදිහත් වේ.

මේ ඒ චෝදනා සංක්ෂිප්තවයි... ( සම්පූර්ණ චෝදනා පත්‍රය කමෙන්ටු වල ඇත.. )
ජනතාව විසින් පාරිශුද්ධත්වයෙ දෙවඟන යැයි සිතා බලයට ගෙන ආ අනුර සහ අනුරගෙ ආණ්ඩුව ලිබර්ටි ප්ලාසා එකේ ජිනා ඇන්ටිටත් වඩා හොඳින් රෙද්ද උස්සමින් ඇත.

අනුර සහ ඔහුගෙ ආණ්ඩුවෙ කන්‍ය පටලයේ පවිත්‍රත්වයෙ ලේ බ්ංඳුව වෙනුවට එන්නෙ කරගැට කැඩී ගලනා සැරවය...

කපුවා දේවාලයෙ මළපහ කරමින් ඇත..

මේ වර්තමාන කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ලැබුණු දෙවෙනි පැමිණිල්ලයි..
මේ චෝදනා නැගෙන්නෙ මේ රටේ තෙවැනි පුරවැසියාටයි. ඒ නිසා මේ චෝදනා සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකිය..

මා දකින්නේ මේ චෝදනා වල මුල්‍ය අවභාවිතයට වඩා ඇත්තෙ සදාචාරාසම්පන්න බවේ ප්‍රශ්ණයකි. තමන්ගෙ පෞද්ගලික චර්යාවන් සහ අභිලාෂයන් වෙනුවෙන් රටේ සම්පත් අවභාවිතා කිරීම ලැජ්ජා සහගතය..

අනුර සහ ආණ්ඩුව දැන්වත් ඔවුන්ගේ නොහැකියාව තේරුම් ගෙන ලැජ්ජාවක් තියෙනවා නම් ජනතාව පාරට බැද එලවන්නට පෙර පුටුවෙන් බැස යා යුතුය..

නිලන්ත සත්සර ගමගේ ✍️

නව යෝජනා විදුලි ප්‍රතිපත්තිය පිළිබඳ සත්‍යය
20/01/2026

නව යෝජනා විදුලි ප්‍රතිපත්තිය පිළිබඳ සත්‍යය

17/01/2026

ශ්‍රී ලංකා හරිත සන්ධානයත් පාර්ශව කරුවෙකු වන ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති පෙරමුණ මගින් පසුගිය වසරේ රටට ඉදිරිපත් කරණ ලද සැලැස්ම රටේ සැම පුරවැසියෙකුගේම අනාගතයට වැදගත් වනවා. 2050දී 100% පුනර්ජනනීය සැලැස්ම - විදුලි බලේ දැන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවක්ද නැතිනම් සියඹලා ආණ්ඩුවක්ද? යන මාතෘකාව යටතේ රටේ ප්‍රමුඛතම බලශක්ති සැලසුම්කරු වන ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන මහතා විසින් අපගේ යෝජනාවලිය ඉදිරිපත් කරන ලදී.

Press Release: රට වනසන තාප බලාගාර මාෆියාවට වෙළදපල සකසන වියාජ විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ල හැකිලිය යුතුයි.පුනර්ජනනීය බලශ...
14/01/2026

Press Release: රට වනසන තාප බලාගාර මාෆියාවට වෙළදපල සකසන වියාජ විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ල හැකිලිය යුතුයි.

පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ විසින් රජය විසින් ගෙන ඒමට නියමිත දුෂිත වියාජ විදුලිබල ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව නියමිත පටිපාටියන් උල්ලංගණය කරමින් මෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ බලයද අතික්‍රමණය කරමින් සිදුකරගෙන යමින් පවතින අත්තනෝමතික ක්‍රියාවලිය සදහා කිසිදු සහයක් නොදැක්වීමට අප තීරණය කර ඇත. මේ ප්‍රතිපත්තියෙන් සිදුවන්නේ හැකිලුනු තාප විදුලි බලය සදහා ඇති ඉල්ලුම කෘතිමව නැවත ඉහල දැමීම බව පැහැදිලිය. මේ සදහා පුනර්ජනනීය බලශක්ති ජනනය අධෛර්යමත් කිරීම සදහා නිල්ලජ්ජිත ලෙස ක්‍රියාකිරීමට මේ දුෂිත විදුලිබල ප්‍රතිපත්ති ලියවිල්ල උත්සහ දරයි. මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දුව වූ අඩුමිල වෙනුවට දිනෙන් දින අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහල දමමින් තිබේ. සුර්ය බල පද්ධති සවිකිරීම නිසා තිබෙන විදුලි බිල තවත් ඉහල නැංවෙන ආකාරයකට මේ ප්‍රතිපත්තිය සකසා තිබීම පුදුම සහගතය. එම නිසා මේ ලියවිල්ල සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ජනතාවගේ අභිලාෂයන් පාවාදීමක් ලෙස අප දකිමු.

පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ ලංකාවේ සියලු පුනර්ජනනීය බලශක්ති පාර්ශවකරුවන් එක්ව ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය වෙනුවෙන් පිහිටුවා ගත් සංවිධානයකි. පසුගිය වසර පුරාවට රජය මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙනුවට ගල් අගුරු ඛනිජ තෙල් වැනි රටේ ආර්ථිකයටත් පරිසරයටත් විනාශකාරී වන බලශක්ති ප්‍රභව ප්‍රවර්ධනය කිරීමට ගත් අමනෝඥ පියවරයන් නැවත හැරවීම සදහා කැපවුනි. ජලවිදුලි බලාගාර පුත්ගලිකකරණය කිරීමට ගත් උත්සාහය අප ගත් ඒකාබද්ධ ශේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් පරාජය කිරීමට හැකිවිය. එමෙන්ම නීති විරෝධී අන්දමින් වහල මත ඉදිකරන සුර්ය බල පද්ධති සදහා ගෙවන මුදල සංශෝදනය කිරීමට එරෙහිවද අප ශේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගයක් දැනටම ගෙන ඇත. පසුගිය වසරේදී "2050 දී 100% පුනර්ජනනීය බලශක්තිය" යනුවෙන් "ශ්‍රී ලංකා මාර්ග සිතියමක්" පවා මහජන ලියවිල්ලක් ලෙස එළිදැක්වීමට කටයුතු කළෙමු. මිට අමතරව පාර්ශව සියගණනක අත්සනින් යුක්තව ජනතා සංදේශයක් ජනාධිපති ලේඛම් වරයාට භාර දීමටද උත්සහ කල නමුදු එම ලියවිල්ල බාර ගැනීම පවා ජනාධිපති ලේඛම් වරයා ප්‍රතික්ෂේප කරන ලද බව කණගාටුවෙන් වුවද සදහන් කරමු. මහජන යෝජනා අදහස් කිසිවෙකුට රජය ප්‍රතිචාර නොදැක්වීම කණගාටුදායක කටයුත්තකි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ගැටළු විසදීමට ඇති ප්‍රධානතම බාදාව ජාතික මට්ටමේ දේශපාලන උවමනාව නොමැතිවීම වන අතර ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් මෙන්ම එහා සැබැදුන ජාතික විදුලි බලශක්ති ප්‍රතිපත්තියක් නොමැති වීමයි. ගල් අගුරු ඩිසල් මාෆියාවට යටවුන දේශපාලන නායකත්වයකින් රටේ බලශක්ති ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය රැකෙයැයි අප බලාපොරොත්තු නොවෙමු. එම නිසා ඉදිරි සති කිහිපය තුල රටට යහපත් අනාගතයක් උදෙසා අවශ්‍යවන "මහජන බලශක්ති ප්‍රතිපත්තියක්" එලි දැක්වීමට අප කටයුතු යොදා ඇත. බලශක්ති ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය රැකෙන අනාගතයක් උදෙසා ඉදිරියට යමු.

සංඛ චන්දිම අභයවර්ධන
කැදවුම්කරු, පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ
14 01 2026

ඔබ, 1981 ඡන්ද හිමි නාම ලේඛනය අනුව යාපනය ඇතුළු උතුරේ පදිංචිව සිටි පවුලක සාමාජිකයෙකු නම්, කතා කරන්න. මෙම හැකිතාක් Share කර...
27/10/2025

ඔබ, 1981 ඡන්ද හිමි නාම ලේඛනය අනුව යාපනය ඇතුළු උතුරේ පදිංචිව සිටි පවුලක සාමාජිකයෙකු නම්, කතා කරන්න. මෙම හැකිතාක් Share කරන්න.
076 648 3664 -

ජාතික දේශපාලනයේ සුවිශේෂී  නායකයකු සහ න්‍යායාචාර්යවරයෙකු වන ආචාර්ය ජේෂ්ඨ නීතිඥ හරිශ්චන්ද්‍ර විජේතුංග මැතිතුමා ගේ ජන්ම දින...
25/10/2025

ජාතික දේශපාලනයේ සුවිශේෂී නායකයකු සහ න්‍යායාචාර්යවරයෙකු වන ආචාර්ය ජේෂ්ඨ නීතිඥ හරිශ්චන්ද්‍ර විජේතුංග මැතිතුමා ගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.... තෙරුවන් සරණයි... මැතිඳුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා...

වෙනසක සිහිනය. අපි හැමෝටම තියනවා හැමෝටම සතුටින් ඉන්න පුළුවන් රටක් හදන වෙනසක් ඇතිකරන්න සිහිනයක්.
10/10/2025

වෙනසක සිහිනය.

අපි හැමෝටම තියනවා හැමෝටම සතුටින් ඉන්න පුළුවන් රටක් හදන වෙනසක් ඇතිකරන්න සිහිනයක්.

බලශක්ති ඇමති  කුමාර ජයකොඩිගේ වංචා පිළිබඳව ෆයිල් එකක් අල්ලස් කොමිසමට!  බලශක්ති ඇමතිගේ දූරයෙන් ඉවත් කරන ලෙස  ජනපතිගෙන් ඉල්...
19/08/2025

බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ වංචා පිළිබඳව ෆයිල් එකක් අල්ලස් කොමිසමට!

බලශක්ති ඇමතිගේ දූරයෙන් ඉවත් කරන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටියා.

බල ශක්ති අමාත්‍ය වරයා පොහොර සංස්ථාවේ සේවය කරද්දී දූෂිත ටෙන්ඩර් ගණුදෙනු සිදුවීම පිළිබඳ සම්පූර්ණ ෆයිල් එක අපි අද බාර දුන්නා.

බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ වංචා පිළිබඳව ෆයිල් එකක් අල්ලස් කොමිසමට! බලශක්ති ඇමතිගේ දූරයෙන් ඉවත් කරන ලෙස ජනපතිගෙ....

මන්නාරම සුළං බලය අදානිට පවරන කැබිනට් තීන්දුව සහ බලශක්ති ස්වෛරීභාවය වනසා රටේ ජීවනාලිය වන බලශක්ති සැපයුමේ පාලනය ඉන්දියට පව...
30/06/2025

මන්නාරම සුළං බලය අදානිට පවරන කැබිනට් තීන්දුව සහ බලශක්ති ස්වෛරීභාවය වනසා රටේ ජීවනාලිය වන බලශක්ති සැපයුමේ පාලනය ඉන්දියට පවරන ඉන්දියා-ශ්‍රී ලංකා අධි වෝල්ටීයතා සෘජු ධාරා අන්තර් සම්බන්ධතා (India–Sri Lanka high-voltage direct current interconnection) වියාපෘතිය ස්ථිරව අහෝසි කරන්න.

පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය ඉහලට ඔසවා තැබීමට අවශ්‍ය බැටරි පද්ධති සහ උපකරණ සදහා අධික බදු අය කිරීම අත්හිටුවන්න. එමෙන්ම දේ...
30/06/2025

පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය ඉහලට ඔසවා තැබීමට අවශ්‍ය බැටරි පද්ධති සහ උපකරණ සදහා අධික බදු අය කිරීම අත්හිටුවන්න. එමෙන්ම දේශීය ආයෝජකයන් සහ ඔවුන්ගේ සමුපකාර සදහා බැටරි බලශක්ති ගබඩා පද්ධති, (Battery Energy Storage Systems, BESS) සදහා ආයෝජනය කිරීමට අවශ්‍ය කටයුතු කරන්න.

වහල මත ඉදි කරන සුර්ය බල පද්ධති අධෛර්යමත් කරන මහජන උපයෝගිතා කොමිසමේ අවසරයකින් තොරව සිදුකල සියලු මිල වෙනස් කිරීම් වහාම අවල...
30/06/2025

වහල මත ඉදි කරන සුර්ය බල පද්ධති අධෛර්යමත් කරන මහජන උපයෝගිතා කොමිසමේ අවසරයකින් තොරව සිදුකල සියලු මිල වෙනස් කිරීම් වහාම අවලංගු කරන්න. එමෙන්ම වහල මත සුර්ය බලාගාර සදහා ඉඩකඩ අහුරන පසුගිය රජය විසින් මුල්‍ය පටිපාටියෙන් බැහැරව කැබිනට් අනුමැතියෙන් බෙදා දුන් විදුලි ව්‍යාපෘති සම්බන්ධව පරීක්ෂණයක් සිදු කර නීත්‍යානුකූල ව්‍යාපෘථි වලට පමණක් ඉඩ කඩ සලසන්න.

Address

Divulapitiya

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Green Alliance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share