Neville Wijerathna

Neville Wijerathna trade union

ආයෙත් ඇවිල්ල දවස් දෙක  තුනක්  ඉදල යන්ට එන්ට...❤️❤️🙏
16/12/2025

ආයෙත් ඇවිල්ල දවස් දෙක තුනක් ඉදල යන්ට එන්ට...❤️❤️🙏

26/11/2025
දුනිත් වෙල්ලාලගේ පියාගේ හදිසි මරණ පරික්ශනය මා විසින් පැවැත්වූ අතර ඒ පිළිබඳව සටහනක් *කවිදු පීරිස්* වන මා විසින් මෙසේ තබන ...
19/09/2025

දුනිත් වෙල්ලාලගේ පියාගේ හදිසි මරණ පරික්ශනය මා විසින් පැවැත්වූ අතර ඒ පිළිබඳව සටහනක් *කවිදු පීරිස්* වන මා විසින් මෙසේ තබන ලදී. දුනිත් වෙල්ලාලගේ සහා ඔහුගේ මවගේ සහා බාල සොයුරාගේ අවසරයද ඇතිව මෙසේ සටහනක් තියමි,

මොරටු හදිසි මරණ පරික්ශක වන මා හට අද උදෑසන පැමිණි දුරකථන ඇමතුම ලබා දුන්නේ මොරටුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් විජේසිංහ මහතා විසින් එම පණිවිඩය වූයේ ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා මිය ගොස් ඇති අතර එම මෘත දේහය පානදුර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බැවිනි. මුලින්ම එම ස්තානයට පොලිස් මහතා ගොස් තිබු අතර මම එම ස්ථානයට යන විට දුනිත් වෙල්ලාල එම ස්ථානයට පැමිණ සිටි අතර ඊයේ රාත්‍රියේ මැච් එක අවසන් වූ පසු මාගේ තාත්තා මිය ගිය ඇති බව මාහට කියු පසු ඔහුගේ මුලුලෝකෙම සහා ඔහුගේ ශක්තිය නැතිවි ගියාසේ ඔහුට හැඟිණි යැයි මාසමග කියා සිටියහ. ඉන් පසු ඔන්වුන් මට කියා සිටියේ එම දේහය පශ්චාත් මරණ පරික්ශනයට යොමුකරන ලෙසය ඉන් පසු මම දුනිත් වෙල්ලාලගේ සහා ඔහුගේ මව බාල සොයුරා සමග අධිකරණ වෛද්‍ය මුදිත කුඩාගම මහතාව හමු වූ අතර එහිදි ඉක්මනටම පස්චාත් මරණ පරීක්ශනය පවත්වා එම වාර්තාව මා වෙත හැකි ඉක්මනින් ලබාදෙන බව එම මහතා ප්‍රකාශ කර සිටී. ඉන් පසුව දුනිත් වෙල්ලාලගෙන් සහා මවගෙන්, බාල සොයුරාගෙන් මියගිය ඔවුන්ගේ පියාගෙ අක්කාගෙන් සාක්ෂි ගත් අතර ඊයේ රාත්‍රියේ 9.45 p.m පමණ දුනිත්ගේ පියා ක්‍රිකට් තරගය නරභන අතර තුර (ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම පන්දුවට පහර දෙන අවස්තාවේදි) ඔහු විසින් වතුර බීමට යන අවස්තාවේදි එක වරම වැටෙනවා වගේ දැනුන නිසා ඔහුගේ බාල පුතා සහා බිරිඳ විසින් අල්ලාගෙන ඇති අතර අවට අසල් වැසියන්ගේ උදව් ඇතිව ඔවුන්ගේ මෝටර් රථයට නංවාගෙන ගොස් ඇති අතර පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන අතර තුර එහි සිටි වෛද්‍යවරු කියා සිටියේ ඔහු රෝහලට රැගෙන එන විටත් මිය ගොස් ඇතිබැවිනි. මෙහි සංවේදීම අවස්තාව වන්නේ දුනිත්ගේ පියා කල කැපකිරීම පවසන මොහොතේදි දුනිත් වෙල්ලාලගේ ඇස් වල කඳුළු පිරි තිබුණි.

▫️️උපුටා ගැනීම,

මොරටුව ජුබිලිය පහල ෆාම් ශොප් එක කරන්නේ මහත්තයා අපට තව ව්‍යාපාර කිහිපයක් තිබුණා එම ව්‍යාපාර කිහිපයම නැති උනේ දුනිත්ට ඉගැන්වීමටය එයට හේතුව මහත්තයා කරපු කැප කිරීම පාන්දර 5.00 a.m නැගිට පුතාව ප්‍රැක්ටිස් කරන්න ගිහිල්ලා දාලා නැවත්ත සවස 2.00 p.m ප්‍රැක්ටිස් වලට ගිහිල්ලා දාලා පුතා එනකන් බලාගෙන ඉන්නවා පිට්ටනියට වෙලා එයාට ඒ නිසා ව්‍යාපර කරන්න වෙලාවක් තිබුණේ නෑ නමුත් අද මගේ පුතා / එයාගේ පුතා අද තාත්තාගේ හීනේ හැබෑකරලා තියෙනවා එයා ඒ ගැන හරි ආඩම්බරෙන් සිටියේ.

එය පවසන මොහොතේ දුනිත්ගේ සහා බාල සොයුරාගෙ ඇස්වල කඳුළු පිරී තිබුනි .

දුනිත් වෙල්ලාලනම් චරිතයක් ඔහුගේ පියා වන සුරංග නිරෝශන් වෙල්ලාලගේ කැප කිරීම නොමැතිනම් බිහි නොවන බව මට වැටහේ. දුනිත් මාත් සමග කතා කල අතර ඔහුගේ පියාගේ දේහය බැලීමට (පශ්චාත් මරණ පරීක්ශනයෙන් පසුව) පුලුවන්ද යන වග එම මොහොතේදීම අම්මා පැවසූවේ හිත ශක්තිමත් කර ගෙන ගිහින් බලලා එන්න. එහිදි අධිකරණ වෛද්‍ය නිලධාරි කුඩා ගම සර් අවයව පෙන්වමින් දිගුකාලිනව පැවති හෘද රෝග තත්වය මත ඇති වූ හෘදයාබාධය හා අදික රුධිර පීඩනය හේතුව නිසාවෙන් සිදු වූ මරනයක් බව තවුරු කරන ලදි.

▫️️සැ.යු :- දුනිත් වෙල්ලාලගේ තම පියාගේ සිහින සැබෑ කර ඇති අතර තවත් සිහින ඇති බැවින් ඔහු සමග කතා කිරිමෙන් මට වැටහුණි අවුරුදු විසි දෙකක පොඩි කොල්ලෙක් මෙය කෙසේ දරාගැනීමට ශක්තියක් ඇති දැයි මා හට වැටහුණි. ඔහු අනිවාර්යයෙන්ම මුලු ලෝකෙම ජය ගන්නා බව මට විශ්වාසයි

සැ.යු :- *දුනිත් වෙල්ලාල සමග ගත කල පැය කිහිපයේ ඔහුගේ නිහතමානිත්වය, අවංකබව, ගුණ ගරුක බව එතන සිටි අප සියලුම දෙනාට හොදින් වැටහුණි මෙවැනි දරුවෙකු නිර්මාණය කල එම දෙමාපියන් ට ගොඩාක් පිං!*

මෙයට,

දුනිත් වෙල්ලාලගේ පියාගේ මරණ පරික්ශනය පැවැත්වූ,
මොරටු හදිසි මරණ පරික්ශක
*කවිදු පීරිස්*

2025 / 09 / 19
පානදුර මූලික රෝහලේ සිට
පස්වරු 12.15 p.m

උපුටාගැනීමකි

කවදා හරි ඔයාට දැනිලා තියෙනවද "මං හරි පව්" කියන හැඟීම...... මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කිය...
17/08/2025

කවදා හරි ඔයාට දැනිලා තියෙනවද
"මං හරි පව්" කියන හැඟීම......
මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා.

තමන් පව් කියලා දැනෙන වෙලාවක ඊළඟ තතපරේම ඔයත් මමත් හිතන්න ඕනෙ දේවල් තියෙනවා.

හිතවතුනි,
මතක තියා ගන්න...
සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ.
කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ.
ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ.

ඉතිං
මතක තියා ගන්න....
සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි.
අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න.

https://youtu.be/HaE8uZsUxNk
29/05/2024

https://youtu.be/HaE8uZsUxNk

📌Don't forget to subscribe 🔔📌 ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සමග සිදුකළ විශේෂ සාකච්.....

08/03/2024

Address

Alugolla
Dolosbage

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Neville Wijerathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share