UNP Ella

UNP Ella එක්සත් ජාතික පක්ෂය ඇල්ල - ஐக்கிய தேசியக் கட்சி எல்ல

එක්සත් ජාතික පක්ෂයේ ශෝක නිවේදනය.ඇල්ලේ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් සියලු ජනතාවගේ පවුල් වෙත සාතිශය සංවේගය පළ කර සිටිමු....
06/09/2025

එක්සත් ජාතික පක්ෂයේ ශෝක නිවේදනය.

ඇල්ලේ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් සියලු ජනතාවගේ පවුල් වෙත සාතිශය සංවේගය පළ කර සිටිමු.

අනතුරින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු පහළොස් දෙනාගේ මියයාම සම්බන්ධයෙන් ශෝක වන සමස්ත ජන ප්‍රජාව සමඟ අපිද එක්වන්නෙමු.

මෙවැනි ඛේදාන්ත යළි යළිත් අවධාරණය කර සිටින්නේ රිය ධාවනයේදී ජනතාව පරීක්ෂාකාරී විය යුතු බවයි. නැවතත් මෙවැනි අනතුරු ගැන අසන්නට නොලැබේවායි යන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාර්ථනයයි.

26/08/2025
💚පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, ගම හදන අපේකම පිරුණු අපේ කණ්ඩායම🐘X
26/04/2025

💚පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, ගම හදන අපේකම පිරුණු අපේ කණ්ඩායම🐘X

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, මිල්ලගම කොට්ඨාශයෙන්. 🐘X
26/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, මිල්ලගම කොට්ඨාශයෙන්. 🐘X

🐘💚 2025 පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ ඇල්ල ප්‍රාදේශීය සභාව හරහා දියත් කිරීමට බලාපොරොත්ත...
25/04/2025

🐘💚 2025 පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ ඇල්ල ප්‍රාදේශීය සභාව හරහා දියත් කිරීමට බලාපොරොත්තු වන අපේ ග්‍රාමීය වැඩසටහන 🐘💚
_________________

1. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල යටිතල පහසුකම් සංවර්ධනය සහ රාජ්‍ය සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාම.
• මාර්ග හා ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම – ග්‍රාමීය මාර්ග අලුත්වැඩියාව, ප්‍රාදේශීය බස් සේවා වැඩිදියුණු කිරීම සහ බස් සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.
• කසළ කළමනාකරණය සහ ප්‍රදේශයේ පිරිසිදුකම – කසළ වෙන් කිරීම, පරිපාලන බලප්‍රදේශ වලට නිසි අයුරින් කසළ අස්කර ගැනීම, ප්ලාස්ටික් භාවිතාව අවම කිරීම, කසල වෙන් කරගන්නා අකාරය පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීම.
• වීථි ලාම්පු ස්ථාපනය සහ ජන සුරක්ෂිතතාවය තර කිරීම – අපරාධ හා රිය අනතුරු අවම කිරීම සඳහා ප්‍රධාන වීථි හා හැකි සෑම අතුරු මාර්ගයක්ම ආලෝකමත් කිරීම.
• ජල සැපයුම් හා ජලාපවාහන නල වැඩිදියුණු කිරීම – පිරිසිදු ජලය සැපයීම සහ වියළි හා වැසි කාලවල ජලය පිරිසිදුව පවත්වා ගැනීම. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට වැඩපිලිවෙලක් සකස් කිරීම.
• මහජන වැසිකිලි හා කැසිකිලි වඩාත් තාක්ෂණික අතින් උසස් තත්වයට ගෙන ඒම සහ පවත්වාගෙන යාම - දියුණු රටවල වැසිකිලි කැසිකිලි ඉතා ඉහල තාක්ෂණය භාවිතා කොට නිර්මාණය කොට ඇත. ප්‍රධාන බස් නැවතුම්පලවල අනිවාර්යෙන් වැසිකිලියක් ඉදිකිරීමට සභාවට යෝජනා කිරීම.
• ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ සහ ගලි බව්සර් යම් දැරිය හැකි මුදලකට ලබාදීම සහ ඉතා පහසුවෙන් එම සේවාවන් ප්‍රාදේශීය සභාව හරහා ලබාගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම.
• වතු ආශ්‍රිත මාර්ග පද්ධති සංවර්ධනය කිරීම සහ වතුකරයේ ජනතාවට අවශ්‍ය කරන පානීය ජලය, විදුලිය, සනීපාර්ක්ෂක කටයුතු සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාව මුල්වී කටයුතු කිරීම.
________________________________________
2. ආර්ථිකය හා ජීවිකා සංවර්ධනය
• කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා බැංකු මෙන්ම වෙනත් මූල්‍ය ආයතනවල සහාය ලබාගැනීමට කටයුතු කිරීම – අඩු පොලී සහිත ණය පහසුකම් ලබාදීම වැඩපිලිවෙලක් සකස් කිරීම, කුඩා ව්‍යාපාර දිරිමත් කිරීම.
• කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන දැනුම වගේම ග්‍රාමීය නිශ්පාදන සදහා අවශ්‍ය කරන දැනුම ලබාදීමට වැඩමුළු සංවිධානය කිරීම.
• ප්‍රාදේශීය සංචාරක සංවර්ධනය – ප්‍රදේශීය සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කර නව රැකියා නිර්මාණය කිරීම. මෙහිදී ප්‍රදේශයේ සංචාරකයන් සදහා අලෙවිකල හැකි දෑ නිර්මාණය කිරීමට ජනතාව උනන්දු කරවීම. ඒ සදහා අවශ්‍ය කරන තාක්ෂණික උපදෙස් ලබාදීම. මෙහිදී විශේෂයෙන් ඇල්ල නගරය, ආරුක්කු නවය පාලම අවට ප්‍රදේශය සහ ප්‍රවේශ මාර්ගය, රක්ඛිත කන්ද විහාරස්ථානය, ඇල්ල Rock, කූරුලන්ගල කුරුළු පර්වතය, රාවණා ගුහාව, රාවණාඇල්ල පුරාණ විහාරය, රාවණා ඇල්ල, නිල්දිය පොකුණ, ඇල්ල පුංචි සිරිපාදය, වලස්බැද්ද දෙමෝදර දුම්රිය ගැටය ආශ්‍රිත ඉහල View Point, දෙමෝදර දුම්රිය ස්ථානය, මහමෙව්නාව ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ගෙන යාමට විදිමත් ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් නිරන්තරයෙන් ප්‍රාදේශීය සභාව හරහා ඉටු කිරීම. වාහන නැවත්වීම සඳහා සුදුසු රථ ගාල් ඉදිකිරීමට සභාවට යෝජනා කිරීම.
• රැකියා හා කුසලතා සංවර්ධනය – තරුණයින් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන්, රැකියා පොලවල් වාර්ෂිකව සංවිධානය කිරීම.
• පැරණි දේශීය ආහාර අලෙවි කිරීමට ස්ථාන ඇති කිරීම සහ එම ආහාර පිලියෙල කිරීමට ප්‍රදේශයේ ජනතාව උනන්දු කරවීමේ වැඩමුළු සංවිධානය කිරීම.

________________________________________
3. අධ්‍යාපනය සහ තරුණ සංවර්ධනය
• විභාග ඉලක්ක කරගත් වාර්ෂික සම්මන්ත්‍රණ සංවිධානය කිරීම.
• ශිෂ්‍යත්ව වැඩසටහන් – අඩු ආදායම් ලබන සිසුන්ට මූල්‍යමය සහාය ලබාදීම සදහා කටයුතු කිරීම.
• තරුණ සහභාගීත්ව වැඩසටහන් – ක්‍රීඩා, තොරතුරු තාක්ෂණය (IT) පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම කටයුතු කිරීම සහ ඒවා නිවැරදි අධීක්ෂණයක් යටතේ පවත්වාගෙන යාම.
________________________________________
4. සෞඛ්‍යය හා ජනතා සුබසාධනය
• වෛද්‍ය නිලධාරීන් සහභාගීකරගෙන සෞඛ්‍ය සායන පැවැත්වීමට අවශ්‍ය සහය ලබාදීම, වාර්ෂිකව පවත්වන සෞඛ්‍ය සායන ප්‍රමාණය වැඩි කිරීම, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අවශ්‍යකරණ සහය ලබාදීම.
• ග්‍රාමීය ප්‍රදේශවල නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ කරගැනීමට අවශ්‍ය කරන ජංගම සායන ඇතිකිරීම.
• මානසික සෞඛ්‍ය සවිමත් කිරීම – ආතතිය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ ආතති සහන වැඩසටහන්. බොහෝ තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍ය කෙලෙසන අවස්ථා පිලිබඳව වැඩිහිටියන් දැනුවත් කිරීම.

________________________________________
5. පාරිසරික සංරක්ෂණය
• වනයකරණය සහ හරිත වැඩපිළිවෙල – වාර්ෂිකව ගස් සිටුවීම, ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සදහා සභාව හරහා ක්‍රියාමාර්ග ගැනීම.
• පිරිසිදු ජලය සහ වාතය – ජල සහ වායු දූෂණය අඩු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම.
• නවීන බලශක්ති ව්‍යාපෘති – සූර්ය බලශක්ති සහ තිරසාර බලශක්ති සභා බල ප්‍රදේශය තුල ප්‍රවර්ධනය.
• කඳු ගිණි තැබීම් ඇල්ල ප්‍රදේශයේ බහුලව මෑත කාලයේ දක්නට ලැබෙන අතර, එම ගිණිතැබීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම, ගිනි පැතිරීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ගිණිතැබීම නිසා සිදුවන ආදීනව පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම. හදිසි අවස්ථාවන්ට මුහුණදීමට කුඩා කණ්ඩායම් පුහුණු කරවීම.
________________________________________
6. ඩිජිටල් හා ප්‍රදේශයේ විද්‍යාත්මක පාලනය
• E-Governance සහ පාලන පරිපාලනය සුපිරිසිදු කිරීම – පළාත් පාලන සේවා ඩිජිටල් පද්ධතිකරණය කිරීම. වංචා දූෂණය පිටු දැකීම.
• නාගරික හා ග්‍රාමීය ජනතා ප්‍රතිචාර සදහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම – ජනතාවට ගැටළු වාර්තා කිරීමට, ඒ ගැටළු වල ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට මෝබයිල් යෙදුමක් හා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සභාව යොමුකරවීම. වෙබ් අඩවිය හරහා සභාවේ සිදුවන ක්‍රියාකාරීත්වය පිලිබදව විනිවිදව ජනතාවට තොරතුරු දැනගැනීමට ඉඩ සැලැස්වීම.
• ප්‍රදේශයේ තරුණ කොටස් සහභාගි කරගෙන සමාජ ජාල ක්‍රියාකාරීන් පිරිසක් බිහිකරගැනීම, ඔවුන් සක්‍රීය ලෙස සභා බල ප්‍රදේශයේ පාලනයට දායක කරගැනීමට වැඩ පිලිවෙලක් හා ඔවුන්ට අවශ්‍ය නායකත්ව සහ තාක්ෂණික වැඩමුළු පැවැත්වීම.
• ඩිජිටල් ප්‍රවර්ධනය මගින් ප්‍රදේශයේ ඇති සංචාරක ස්ථාන ශ්‍රී ලංකාව තුල සහ ලෝකයේ ප්‍රචලිත කිරීමට ජනතාව දායක කරගැනීම ඒ සඳහා මාධ්‍ය වැඩමුළු පැවැත්වීම.
• ප්‍රදේශයේ ඩිජිටල් මාධ්‍ය කවයක් පිහිටුවීම සහ ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සහය පුහුණුව තරුණ තරුණියන්ට ලබාදීම.

________________________________________
7. කාන්තා සහ ප්‍රජාබල ව්‍යාපෘති
• ගෘහස්ථ ව්‍යාපාර සඳහා සහාය – කුඩා ව්‍යාපාර සඳහා මූල්‍ය සහාය බැංකු පද්ධතිය සම්බන්ධ කරගෙන ලබාදීම.
• දරුවන් භාරගැනීම් මධ්‍යස්ථාන සහ මව්වරුන්ගේ දැනුම සංවර්ධනය – වැඩ කරන මව්වරුන් සඳහා ළදරු සන්සුන් මධ්‍යස්ථාන පිහිටුවීම සහ ළදරු පාසැල් නියාමනය කොට එවාහි ඉගැන්වීම් කරන ගුරුවරියන් සදහා NVQ 4 සහතිකය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම.
• ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සේවා – නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීම සහ ආරක්ෂිත වැඩිහිටි නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

🐘💚 2025 உள்ளுராட்சி மன்ற தேர்தல் ஐக்கிய தேசிய கட்சியின் தேர்தல் கொள்கைகள் மற்றும் எல்ல பிரதேச சபையூடாக செயற்படுத்த எதிர்பார்க்கப்படும் எமது கிராமிய வேலைத் திட்டங்கள். 🐘💚
---------------‐---------------------------------------------
1. பிரதேச சபைக்கு உள்ளடங்கும் பகுதிகளி்ல் உட்கட்டமைப்பு வசதிகளை அபிவிருத்தி செய்தலும் அரச சேவைகளை முறையாக நடாத்தி செல்லலும். வீதிகள் ம‌ற்றும் போக்குவரத்து வசதிகளை மேம்படுத்தல்---கிராமிய பாதைகளை புனரமைத்தல், பிரதேசத்துக்கான பஸ் சேவைகளை விரிவாக்களுடன் அவற்றின் தரத்தையும் மேம்படுத்தல். கழிவகற்றல் முகாமைத்துவம் மற்றும் சுத்தம்--கழிவுகளை பிரித்தெடுத்தல், முறையாக கழிவகற்றல், பிளாஸ்டிக் பாவனையை குறைத்தல், கழிவுகளை பிரித்தெடுத்தல் தொடர்பாக மக்களை தெளிவுபடுத்தும் செயலமர்வுகளை ஒழுங்குபடுத்தல். வீதி விளக்குகளை நிர்மானித்தல் மற்றும் மக்கள் பாதுகாப்பை உறுதிப்படுத்தல்--குற்றங்கள் மற்றும் வாகன விபத்துக்களை குறைப்பதற்கென பிரதான வீதி மற்றும் முடிந்தளவான கிளைப் பாதைகளையும் ஒளியூட்டல். நீர் வழங்கல் மற்றும் நீர்க்குழாய்களை மேம்படுத்தல்.--சுத்தமான நீரை வழங்குவதோடு வறட்சி மற்றும் மழை காலங்களில் நீரை சுத்தமான முறையி்ல் பேணல். நீரேற்று பகுதிகளை பாதுகாப்பதற்கான வேலைத்திட்டமொன்றை உருவாக்கல். பொது மலசலகூடங்களை உயர் தொழில்நுட்ப வசதியுடன் உருவாக்கலும் பாதுகாத்தலும்--வளர்ந்த நாடுகளில் மலசலகூடங்கள் உயரிய தொழில்நுட்ப வசதிகளுடன் கூடியதாக உருவாக்க பட்டுள்ளன.பிரதான பஸ் தரிப்பிடங்களில் கட்டாயமாக மலசலகூடமொன்றை நிறுவ வேண்டி சபைக்கு பிரேரணை முன் வைத்தல்..பிரதேசத்தில் சிறிய மற்றும் நடுத்தர அளவிளான வியாபாரங்களை நடாத்தும் பொழுது தேவையான யந்திர உபகரணங்கள் மற்றும் கலீபவுஸர் என்பவற்றை ஏற்றுக்கொள்ளக் கூடிய கட்டணத்திற்கு பெற்றுக் கொள்ளவும் அச் சேவைகளை பிரதேச சபையூடாகவே இலகுவாக பெற்றுக் கொள்ளவும் முறையான செயற்பாடொன்றை உருவாக்கல்.
தோட்டப் புறங்களை அண்டிய வீதிகளை அபிவிருத்தி செய்வதற்காகவும் அம்மக்களுக்கு தேவையான குடி நீர், மின்சார,சுகாதார வசதிகளை மேம்படுத்துவதற்காகவும் பிரதேச சபை முன்னின்று செயற்படல்.
‐---------------------------------------------
2.பொருளாதார மற்றும வாழ்வாதார அபிவிருத்தி சிறிய மற்றும் நடுத்தர அளவிளான வர்த்தகங்களுக்கு (SME)வங்கிகள் போலவே ஏனைய நிதி நிறுவனங்களினதும் உதவிகளைப் பெற்றுக் கொள்ள ஏற்பாடு செய்தல்--குறைந்த வட்டியிலான கடனுதவிகளை பெற வழி சமைத்தல், சிறு தொழில்களை ஊக்குவித்தல்சிறு மற்றும நடுத்தர அளவிளான வர்த்தகத்திற்கு தேவையான அறிவூட்டல் போன்றே கிராமிய உற்பத்திக்கான அறிவூட்டல்களையும் பெற்றுக் கொடுக்க செயலமர்வுகளை ஒழுங்கு செய்தல். பிரதேச சுற்றுலா அபிவிருத்தி--பிரதேச சுற்றுலா ஈர்ப்பு சக்தியை அதிகரித்து புதிய தொழில் வாய்ப்புக்களை உருவாக்கல். அத்தோடு சுற்றுலா பயணிகளுக்கான விற்பனை பொருட்களை உருவாக்க மக்களை ஊக்குவித்தல்.அதற்கான தொழில்நுட்ப அறிவை வளர்த்தல். இதில் விசேடமாக எல்ல நகரம், ஆர்ச் ஒன்பது பாலத்தை சுற்றியுள்ள பிரதேசம் மற்றும் நுழைவாயில், ரக்பீத கந்த விகாரை, எல்ல ரொக், குருலன்கல குருலு பர்வதய, இராவணன் குகை, இராவணா எல்ல புராதன விகாரை, இராவணா நீர்வீழ்ச்சி, நில்திய பொக்குன, எல்ல சின்ன ஸ்ரீபாத, வலஸ்பெத்த தெமோதர ரயில் முடிச்சை சேர்ந்த மேல் View point,
தெமோதர ரயி்ல் நிலையம்,மஹமெவ்னாவவை அண்டிய பிரதேசத்தில் சுற்றுலா கைத் தொழிலை மேம்படுத்த முறையான வேலைத்திட்டமொன்றை ஏற்படுத்தவும் அதற்கான உட்கட்டமைப்பு வசதிகளை தடையின்றி பிரதேச சபையூடாக நடைமுறைப்படுத்தவும்
பொருத்தமான வாகன தரிப்பிடங்களை நிர்மாணிக்கவும் சபைக்கு பிரேரணை சமர்ப்பித்தல். தொழில் மற்றும் திறன் அபிவிருத்தி---வருடாந்தம் இளைஞர்களுக்கான தொழில்பயிற்சி முகாம், தொழில் பேட்டைகள் என்பவற்றை ஒழுங்கு படுத்தல்.
.பண்டைய தேசிய உணவு வகைகளை விற்பதற்கான நிலையங்களை உருவாக்களும் அவ்வுணவு வகைகளை தயாரிப்பதற்கு பிரதேச மக்களை ஊக்குவிப்பதற்கானவேலைத்திட்டங்களை ஒழுங்குபடுத்தல்.

‐---------------------------------------------

3. கல்வி மற்றும் இளைஞர் அபிவிருத்தி பரீட்சைகளை இலக்காக கொண்டு வருடாந்த கருத்தரங்குகளை ஒழுங்குபடுத்தல்.புலமை பரிசில் வேலைத்திட்டம்----குறைந்த வருமானம் பெறும் மாணவர்களுக்கு நிதியுதவி பெற்றுத்தர ஆவன செய்தல். இளைஞர் இணைப்பு வேலைத்திட்டம்------விளையாட்டு, தகவல் தொழில்நுட்ப(IT) பயிற்சி நிலையங்களை நிறுவுதலும் அவற்றை சரியான மேற்பார்வையுடன் நடாத்தி செல்லலும்.
‐---------------------------------------------

4.சுகாதார மற்றும் மக்கள் நலன்புரி--- மருத்துவ அதிகாரிகளை இணைத்துக் கொண்டு சுகாதார முகாம்களை நடத்த தேவையான உதவிகளை பெற்றுக் கொடுத்தல், வருடாந்த சுகாதார முகாம்களை அதிகரித்தல், குடும்ப நல தாதியருக்கு தேவையான அனுசரணைகளைப் பெற்றுக் கொடுத்தல். கிராமிய பிரதேசங்களில் இலவ சிகிச்சைக்கான நடமாடும் மருத்துவ முகாம்களை உருவாக்குதல்.
கிராமிய பிரதேசங்களில் இலவ சிகிச்சைக்கான நடமாடும் மருத்துவ முகாம்களை உருவாக்குதல். உளவள சுகாதாரத்தை மேம்படுத்தல்---மன அழுத்தம், போதைக்கு அடிமையாதல் தொடர்பான மீட்பு வேலைத்திட்டம். பெரும்பாலான இளம் சிறார்களின் உளச் சுகாதாரம் பாதிக்கப்படும் சந்தர்ப்ப ங்கள் தொடர்பாக மூத்தோர்களை தெளிவுப் படுத்தல்.
----------------------------------------------
5. சுற்று சூழல் பாதுகாப்புவனவாக்கம் மற்றும் பசுமை வேலைத்திட்டம்----வருடாந்த மர நடுகை, இயற்கை வளங்களை பாதுகாப்பது தொடர்பாக சபையினூடாக செயற்பாடுகளை மேற்கொள்வது.சுத்தமான நீரும் வாய்வும்-------நீரும் காற்றும அசுத்தமடைவதை தடுப்பது தொடர்பாக மக்களை தெளிவுப்படுத்தல். நவீன மின்வலுசக்தி வேலைத்திட்டம்----சூரிய சக்தியை முழுமையாக சபைக்குள்ளான பிரதேசத்தில் விஷ்தரித்தல். அன்மை காலங்களில் எல்ல பிரதேசத்தில் காட்டுத்தீ அதிகளவாக காணப்படுகின்றது.
தீ வைப்பதை நிறுத்த நடவடிக்கை எடுத்தல், தீ பரவுவதை தடுக்க வேண்டிய நடவடிக்கை எடுத்தல்,தீ வைப்பதால் ஏற்படும் தீமைகள் தொடர்பாக மக்களை தெளிவூட்டல், அவசர நிலைமைகளுக்கு முகங் கொடுக்க கூடிய சிறு குழுக்களை பயிற்றுவித்தல்.
----------‐-----------------------------------

6. டிஜிட்டல் ம‌ற்றும் பிரதேசத்தின் விஞ்ஞான ரீதியான கட்டுப்பாடு E-Governanceமற்றும் ஆட்சி நிர்வாகத்தை சுத்தப்படுத்தல்---உள்ளூராட்சி சேவைகளை டிஜிட்டல் மயமாக்கல்,லஞ்ச ஊழலை இல்லாதொழித்தல். நகர்ப்புற மற்றும் கிராமிய மக்களின் எதிரொலிப்பிற்கான நடைமுறை ஒன்றை உருவாக்கல்.
-----
மக்களின் பிரச்சனைகளை எடுத்துக் கூறவும் அதற்கான தீர்வுகளை உடனுக்குடன் அறிவிக்கவும் மொபைல் முறையொன்றும் வெப் சைட் ஒன்றும் நிர்மாணிக்க சபையை வழிநடத்தல். நேர்மையான முறையில் மக்களை தகவலறியச் செய்தல்,
பிரதேச இளைஞர்களை பயிற்றுவித்து அவர்களை சமூக ஊடகங்கள் ஊடாக இணைந்து பிரதேச சபை ஆட்சியில் பங்கெடுக்க செய்தல்,
அவர்களுக்கு தலைமைத்துவ பயிற்சி அளித்தல், பிரதேசத்தில் ஊடக வட்டத்தை நிர்மாணித்து இளைஞர்களை வலுவூட்டி எமது நாட்டின் சிறப்புகளை உலகறியச் செய்தல்.
---------------------------------------------
7. மகளிர் ம‌ற்றும் பொது மக்களை வலுவாக்கல் வேலைத் திட்டம்-----உள்ளக வியாபாரங்களுக்கான அனுசரணை--சிறு வியாபாரங்களுக்கு வங்கிகள் மூலமாக நிதி அனுசரணையை பெற்றுக் கொடுத்தல். சிறுவர் பராமரிப்பு நிலையங்கள் மற்றும் தாய்மார்களுக்கான பயிற்சி அபிவிருத்திகள்----தொழில் புரியும் தாய்மார்களின் குழந்தைகளை ஆசுவாசப் படுத்தும் நிலையங்களை ஸ்தாபிக்கவும், சிறுவர் பள்ளிகளை நோக்காக கொண்டு அவற்றில் கற்பிக்கும் ஆசிரியைகளுக்கு NVQ 4 சான்றிதழை பெற்றுக் கொடுப்பதற்கு ஆவன செய்தல்.மூத்த குடிமக்களுக்கான சேவைகள்----'இலவச மருத்துவ பரசோதனைகளுடன் மருத்துவ முகாம்களை ஒழுங்கு செய்தல் மற்றும் பாதுகாப்பான முதியோர் இல்ல வேலைத் திட்டமொன்றை செயற்படுத்தல்.

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, හල්පේ, කිරින්ද කොට්ඨාශයෙන්. 🐘X
25/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, හල්පේ, කිරින්ද කොට්ඨාශයෙන්. 🐘X

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, දෙමෝදර කොට්ඨාශය. 🐘X
24/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව, දෙමෝදර කොට්ඨාශය. 🐘X

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව බැද්දෙවෙල කොට්ඨාශය. 🐘X
22/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව බැද්දෙවෙල කොට්ඨාශය. 🐘X

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව මිල්ලගම කොට්ඨාශය. 🐘X
22/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව මිල්ලගම කොට්ඨාශය. 🐘X

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව පුපුල කොට්ඨාශය. 🐘X
22/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව පුපුල කොට්ඨාශය. 🐘X

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව. 🐘X
21/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025 ඇල්ල ප්‍රාදේශීය සභාව. 🐘X

Address

Ella
90090

Alerts

Be the first to know and let us send you an email when UNP Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share