Elpitiya Pradeshiya Sabha

Elpitiya Pradeshiya Sabha elpitiya

🌱 දේශීය ආහාර සංස්කෘතියට නව පණක්! ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ දැවැන්ත සංවර්ධන පියවරක් මුල්ගල තැබේ! 🌾✨​පළාත් පාලන ආයතනවල ආදා...
16/08/2026

🌱 දේශීය ආහාර සංස්කෘතියට නව පණක්! ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ දැවැන්ත සංවර්ධන පියවරක් මුල්ගල තැබේ! 🌾✨
​පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන රුපියල් මිලියන 2500ක ව්‍යාපෘති ප්‍රතිපාදන යටතේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද දේශීය ආහාර නිෂ්පාදන අලෙවි සැල සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
​දේශීය ගොවියාගේ සහ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයාගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළඳපොළක් නිර්මාණය කරමින්, ප්‍රදේශයේ ආර්ථිකය සක්‍රීය කිරීම සහ ප්‍රාදේශීය සභාවේ ආදායම් මාර්ග වර්ධනය කරගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
​මෙම අභිමානවත් අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් රැසක් එකමුතුව සහභාගී වූහ.
​🤝 සහභාගී වූ ගරු ආරාධිත අමුත්තන්:
​ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා
​ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා
​ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා
​කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා
​ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ගරු උප සභාපතිතුමා
​🏛️ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්:
​පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුතුමා
​ප්‍රාදේශීය ලේකම්තුමිය
​ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්.
​දේශීය නිමැවුම්කරු ඉහළටම ඔසවා තබන, ප්‍රදේශයට නව සංවර්ධන අරුණලු කැඳවන මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දායක වූ සහ සහභාගී වූ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️🇱🇰

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල මඟින් පවත්වනු ලබන සාහිත්‍ය තරඟාවලියට සමගාමීව ...
13/08/2026

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල මඟින් පවත්වනු ලබන සාහිත්‍ය තරඟාවලියට සමගාමීව පවත්වන විවෘත අංශයේ කෙටි කතා තරඟය සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

අයදුම්පත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ඇල්පිටිය, ඥානප්‍රදීප, කහදුව, කැටපල හා අමුගොඩ මහජන පුස්තකාල මඟින් ලබා ගත හැකි අතර ග්‍රාම නිලධාරී මඟින් පදිංචිය තහවුරු කිරීම අනිවාර්ය වේ. වයස් සීමාවක් අදාල නොවන අතර වචන 500 ට වැඩි ස්ව නිර්මාණයක් පැහැදිලි අත් අකුරින් හෝ පරිගණක භාවිතා කර ඉදිරිපත් කල හැකිය.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026.09.14 වේ.

"ගම්බද ව්‍යවසායකයන්ට නව මාවතක් විවර කරමින්... 🌾 අලුත් බලාපොරොත්තුවක් සමඟින්... ඇල්පිටිය ප්‍රදේශයේ දේශීය ආහාර සංස්කෘතියට ...
11/08/2026

"ගම්බද ව්‍යවසායකයන්ට නව මාවතක් විවර කරමින්...
🌾 අලුත් බලාපොරොත්තුවක් සමඟින්... ඇල්පිටිය ප්‍රදේශයේ දේශීය ආහාර සංස්කෘතියට නව ජවයක්! 🍽️
​දේශීය ආහාර නිෂ්පාදකයන්ට නව වෙළඳපළ අවස්ථා උදාකරමින් සහ පාරිභෝගික ජනතාවට සෞඛ්‍යාරක්ෂිත, ගුණදායක දේශීය ආහාර ලබා දීමේ අරමුණින්, ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ මූලිකත්වයෙන් නව දේශීය ආහාර අලෙවිසැල සඳහා මුල්ගල තැබීම අගෝස්තු මස 14 වන දින ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කෙරේ!

ඒ සදහා ඔබට කෙරෙන ඇරයුමයි !.....


සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් " ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවමින් ඇල්පිටිය ...
27/07/2026

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් " ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය 2026 07 27 දින සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම සිදු කරන ලදී

ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව ක්‍රියාකරමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට අද සිට කැපවෙමු. 🤝
27/07/2026

ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව ක්‍රියාකරමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට අද සිට කැපවෙමු. 🤝

🎵 සංගීතයේ මියුරු නාදයෙන් හැඟුම්බර වූ අපූරු සන්ධ්‍යාවක්... 🎶​ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කහදුව මහජන පුස්තකාලය සහ එහි පාඨක ස...
27/07/2026

🎵 සංගීතයේ මියුරු නාදයෙන් හැඟුම්බර වූ අපූරු සන්ධ්‍යාවක්... 🎶
​ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කහදුව මහජන පුස්තකාලය සහ එහි පාඨක සමාජය එක්ව සංවිධානය කළ "ගීත රසවින්දන වැඩසටහන" පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් සහ සාර්ථකව නිමාවට පත්විය. 🌟
​කලාකාමී හදවත් එකතු වූ මෙම අපූරු අවස්ථාව, සංගීතයට ආදරය කරන සැමට අමතක නොවන අත්දැකීමක් විය. ගීතයේ අරුත, රසය සහ සංගීතයේ ගැඹුර අර්ථවත් ලෙස විඳගනිමින් ගත කළ මේ සුන්දර මොහොත අපගේ පුස්තකාල ප්‍රජාවට එකතු කළේ අපූරු එළියකි. ✨
​මෙම උත්සාහය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ ගරු ප්‍රාදේශීය සභා බලධාරීන්ට, පාඨක සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයින්ට සහ සහභාගී වූ සියලුම කලාකාමී හදවත් වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු! 🙏

පොත් කියවා තෑගි දිනන්න අනගි අවස්ථාවක් ...!ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන, පොත පතට ලැදි සියලුම පාඨකයන් වෙත සත...
10/07/2026

පොත් කියවා තෑගි දිනන්න අනගි අවස්ථාවක් ...!

ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන, පොත පතට ලැදි සියලුම පාඨකයන් වෙත සතුටුදායක පණිවිඩයක්....

ඔබගේ කියවීමේ රුචිකත්වය ඉහළ නැංවීම සහ ඔබව ඇගයීම වෙනුවෙන් අප සභාව මගින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

💡 තරඟ කොන්දේසි:

තරඟ කාලසීමාව: 2026 ජනවාරි මස සිට 2026 සැප්තැම්බර් 01 දින දක්වා.

සුදුසුකම්: ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සියළුම මහජන පුස්තකාලවල ලියාපදිංචි සාමාජිකයන් වීම.

ජයග්‍රාහකයන් තේරීම: ඉහත කාල සීමාව තුළ පුස්තකාලයෙන් වැඩිම පොත් සංඛ්‍යාවක් ලබාගෙන කියවා ඇති පාඨකයන්..

🏆 තරඟ අංශ:
ළමා පාඨක අංශය වැඩිහිටි පාඨක අංශය

නියමිත කාලය තුළ වැඩිම පොත් ප්‍රමාණයක් කියවන ළමා සහ වැඩිහිටි අංශයේ දක්ෂතම පාඨකයන් තෝරා, ඔවුන් වෙනුවෙන් වටිනා ත්‍යාග සහ සහතික පත් පිරිනමනු ලැබේ.
අදම ඔබේ ළඟම පිහිටි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලයට පැමිණ, සාමාජිකත්වය ලබාගෙන/ අළුත් කර වැඩි වැඩියෙන් පොත් කියවා වටිනා ත්‍යාග දිනාගන්න!

අනුග්‍රහය :- ඇල්පිටිිය ප්‍රාදේශීය සභාව

අනාගතය දිනන දරුවන්ට මඟ පෙන්වමින්... 📖🎓ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කැටපල මහජන පුස්තකාලය සහ පාඨක සමාජය එක්ව සංවිධානය කළ...
07/07/2026

අනාගතය දිනන දරුවන්ට මඟ පෙන්වමින්... 📖🎓
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කැටපල මහජන පුස්තකාලය සහ පාඨක සමාජය එක්ව සංවිධානය කළ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පසුගියදා ගනේගොඩ මහා විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්වුණි.
​ගනේගොඩ මහා විද්‍යාලය, ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය, මැටිවිල කනිෂ්ඨ විද්‍යාලය, ඕමත්ත මහා විද්‍යාලය සහ හිඹුටුගොඩ කනිෂ්ඨ විද්‍යාලය නියෝජනය කරමින් සිසුන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.
​සිසු දරුවන්ගේ දැනුම පෝෂණය කරමින් මෙම සම්මන්ත්‍රණය ඉතා විශිෂ්ට ලෙස මෙහෙයවූ ප්‍රවීණ විශ්‍රාමික ගුරුතුමිය වන ජනිතා මහත්මියට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ ලබා දුන් මේ වටිනා සහයෝගය නිසැකවම ඔවුන්ට මහත් පිටුවහලක් වනු ඇත.

ඇල්පිටියෙන් ඩෙංගු තුරන් කරමු! - සාර්ථක නිවාස පරීක්ෂාවකින් පසු... 🦟🚫​ජුනි මස 30 වන දින, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ ඇල්පි...
03/07/2026

ඇල්පිටියෙන් ඩෙංගු තුරන් කරමු! - සාර්ථක නිවාස පරීක්ෂාවකින් පසු... 🦟🚫
​ජුනි මස 30 වන දින, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් ඇල්පිටිය නගරය සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි ඉතා වැදගත් සහ බැරෑරුම් මෙහෙයුමක් දියත් කෙරිණි.
​එහිදී නිවාස 1000කට ආසන්න ප්‍රමාණයක් ඉතා සුපරික්ෂාකාරීව පරීක්ෂාවට ලක් කළ අතර, කණගාටුවට කරුණක් ලෙස ස්ථාන රැසක මදුරුවන් බෝවන කීටයන් හඳුනා ගැනීමට අපට හැකි විය. වගකීම් විරහිත ස්ථාන හිමියන්ට මෙහිදී දැඩි අවවාද කිරීම් සිදු කළ අතර, නීතිමය පියවර ගැනීමටද සිදු විය.
​මෙම අභියෝගාත්මක කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ශක්තියක් වූ:
✅ ශ්‍රී ලංකා පොලිසිය - ඇල්පිටිය
✅ 162 වන පාබල බල සේනාව
✅ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
✅ ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලය
✅ කෘෂිකර්ම නිලධාරීන් සහ ප්‍රජාශක්ති සමූහයේ සියලුම සාමාජිකයින්ට අපගේ ප්‍රණාමය!
​ප්‍රිය ඇල්පිටිය වැසියනි,
ඩෙංගු උවදුර එක් දිනක මෙහෙයුමකින් පමණක් අවසන් කළ නොහැකියි. ඔබේ නිවස සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීම ඔබ සතු යුතුකමකි. අපි එකතු වෙමු - ඇල්පිටිය නගරය ඩෙංගුවෙන් තොර සුරක්ෂිත නගරයක් කරමු!
​ #ඇල්පිටිය #ඩෙංගු_මර්දනය

පොසොන් පෝය අරමුණු කරගනිමින්, අමුගොඩ මහජන පුස්තකාලය සහ පාඨක සමාජය විසින් සංවිධානය කළ දහම් දේශනාව සහ බෙලිමල් දන්සල පසුගිය ...
02/07/2026

පොසොන් පෝය අරමුණු කරගනිමින්, අමුගොඩ මහජන පුස්තකාලය සහ පාඨක සමාජය විසින් සංවිධානය කළ දහම් දේශනාව සහ බෙලිමල් දන්සල පසුගිය ජුනි 28 වන දින ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
​සමාජයට යහපතක් වන මෙවැනි උතුම් වැඩසටහන් දියත් කිරීමට සහාය දුන් සැමටත්, දන්සල සාර්ථක කර ගැනීමට උපකාර කළ අපේ සියලුම හිතවතුන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ.

Address

Town Council Road
Elpitiya

Alerts

Be the first to know and let us send you an email when Elpitiya Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Elpitiya Pradeshiya Sabha:

Shortcuts

Share