10/09/2024
රද්දැල්ල ඔය (Raddella Nature Bathing)
01. ව්‍යාපෘතිය පිලිබඳ හැදින්වීම
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාරංගස්පිටිය ග්‍රාම නිලධාරී වසමේ රඹුකන්ඔයහි රද්දැල්ල ආශ්‍රිතව මෙම සුන්දරවූත් ආකර්ෂණීයවූත් ස්ථානය පිහිටා ඇත.
විශාලත්වය - ව.ග.මී.600
පිහිටීම -
උතුරින් - තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
දකුණින් - යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
නැගෙනහිරින් - හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
බටහිරින් - රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ජනගහනය - 75604
වාර්ෂික වර්ෂාපතනය - මි.මි. 2000-2500
උෂ්ණත්වය - සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අ. 17- 29
රද්දැල්ල ඔය (Raddella Nature Bathing) එන ඔබට අත් විදිය හැකි දේ.
හතරලියද්ද නාරංගස්පිටියේ ග්‍රාම නිලධාරී වසමේ මෙම ස්ථානය ආකර්ෂණීය ස්ථානයකි.
නොකැලැල් පරිසරයක පිහිටා ඇති පිරිසිදු ජලයේ පහස විදිමින් ගතෙහි දාහය නිවා ගැනීමට කදිම ස්ථානයකි.
ජල ක්‍රීඩා කිරීමට හැකියාව ඇත.
විනෝදකාමීව කාලය ගත කිරීමට මෙහිදී හැකියාව ඇත.
වර්තමානයේ දේශීය සංචාරකයින් මෙම ස්ථානයට සංක්‍රමණය වේ.
එමෙන්ම මෙම ස්ථානය සංවර්ධනය කිරීමෙන් විදේශීය සංචාරකයින්ද ආකර්ෂණය වනු ඇත.
පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින් හට මෙම ස්ථානය නැරඹීමටද හැකියාව ඇත.
ඊට අමතරව,
• වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මහාවිහාරය සහ සංස්කෘතික මධ්‍යස්ථානය,
• වෙලගම රජමහා විහාරය,
• වැලිකන්ද රජමහා විහාරය,
• අලගල්ල කන්ද
වැනි ඓතිහාසික මෙන්ම සුන්දර ස්ථාන දැක බලා ගැනීමේ හැකියාව පවතින අතර,
• මේ වන විටත් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ඇති රංගමුව ලබුගොල්ල වත්තේ අතිශය සුන්දර වටපිටාවක පිහිටි Greenacres Leisure Resort හෝටලයෙහි නවාතැන් පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.