Echo Lence

Echo Lence Where strength has a voice. Inspired by the elephant's memory and the power of the wild...

🐘❤️💫
16/07/2026

🐘❤️💫

ශ්‍රී ලංකාවේ දැනට ඔබ දකින හීලෑ අලින් එම අවස්ථාවන් සදහා සපයාගැනීම් ක්‍රම කීපයක් ඔස්සේ සිදුවිය. අලි ගාල්, බලපත්‍ර ක්‍රමයට අලි අල්ලා වෙන්දේසි කිරීම්, ජන ජීවිතයට පිඩා ගෙනදෙන අලින් ව,ස,දෙපාර්තමේන්තුව හරහා අල්ලා වෙන්දේසිකිරීම්, විදේශ රටවලින් පරිත්‍යාගය ලෙස ලැබීම ඒ ක්‍රමයයි.

1950 පනාමුර අලි ගාල නවතාදැමීය. ඉන්පසු බලපත්‍ර ක්‍රමයට අවශ්‍ය අලි ඇතුන් අල්ලා වෙන්දේසි කිරීමේ ක්‍රමය ආරම්භ විය. අලි ඇල්ලීම සදහා එකල බොහෝ ප්‍රසිද්ධියක් ලැබී තිබුනේ කෑගලු ප්‍රදේශයේ පාරම්පරික ක්‍රමයටම අලින් ඇල්ලීමට පුරුදු වූ මුස්ලිම් ජාතිකයන් ය.

අවශ්‍ය අලි පැටවුන් උගුල්, මදු ගසා අල්ලා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනු ලැබීය. බොහෝ ප්‍රභූන් සහ ධනවත් ව්‍යාපාරිකයන් වැඩිපුර සොයනු ලැබුවේ දළ ඇතුන්ය. ශ්‍රීලංකාවේ වැඩිම දල ඇතුන් බිහිවීමක් සහ වාර්ථාවීමක් සිදුවූයේ සියබලන්ගමුව වැව කේන්ද්‍ර කරගත් ගල්ගමුව මීගලෑව ප්‍රදේශතුලයි. එමනිසා ශ්‍රීලංකාවේ වැඩිම අලි ඇල්ලීම් සිදුවූයේ මීගලෑව ගල්ගමුව ප්‍රදේශවලය. මහවැලි සංවර්ධන යටතේ ජනාවාස ඇතිකිරීමට කැලෑ එලිකිරීම් නිසාත් අලි ඇල්ලීම ගල්ගමුවේ ප්‍රසිද්ධියක් ඉසිලුවේය.

උගුල් සහ මදු නිසා අල්ලන අලි ප්‍රමාණය මෙන්ම මියයන අලි ගනනද ඉහල අගයක් පැවතීම නිසා බලපත්‍ර ලබාදිම නවතා දැමිමට රජය කටයුතු කරනු ලැබීය. ඒ අනුව අවසාන වන අලින් අල්ලා වෙන්දෙසි කිරීම මීගලෑව රැස්වෙහෙර විහාර භූමියේදී 1986 සිදුවිය. ඉන්පසු බලපත්‍ර ක්‍රමය නීත්‍යානුකූලව නවතාදැමීය. රැස්වෙහෙර විහාර භූමියේ සිදුවූ අලි වෙන්දේසිය ශ්‍රීලංකාවේ බලපත්‍ර ක්‍රමයට අලි අල්ලා වෙන්දේසිකල අවසාන අලි වෙන්දේසියයි.

ඉන්පසු රජය සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනජීවිතයට පීඩා ගෙනදෙන අලි පමනක් ඇල්ලීමට සහ පුවත්පත් මගින් වෙන්දේසි දින ප්‍රසිද්ධ කර ප්‍රසිද්ධියේ අලින් වෙන්දේසි කිරීම සිදුකරනු ලැබීය. අතීතයේ යන්ත්‍රෝපකරණ භාවිතය නොමැති නිසාත් දුෂ්කර ස්ථානවල ගස් කපා කොට ඇදීමට අලින් මිලදීගැනීම විශාල ලෙස ඉහල ගියේය. දළ ඇතුන් පමනක් ප්‍රභූන් පෙරහැර වැනි රාජකාරි සදහා මිලදීගැනුනි.

1991 වර්ෂයේ සියබලන්ගමුව වැවු රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ගල්ගමුව, මීගලෑව, ඇහැටුවැව, රැස්වෙහෙර, සියබලන්ගමුව , ප්‍රදේශය භීතියට පත්කරමින් තරුණ වන අලින් දෙදෙනෙකුගේ ජන ජීවිතයට ගැටලු ඇතිකරන පීඩාකාරී හැසිරීම් වාර්ථාවීම් ඉහලයන්නට පටන්ගත්තේය. දේපල සහ ජීවිත හානි වාර්ථාවීම් නිතර සිදුවිය. ගම්වැසියන්ගෙන් නිරන්තරයෙන් පැමිනිලි වනජීවි දෙපාර්තමේන්තුවට වාර්ථාවීම් ඉහල ගියේය.

එක් අලියෙකු වැඩිපුරම වට්ටක්කා ආහාරයට ගැනීමට පුරුදුවී එම වගාවන්ට හානි කිරීමටත් වගාවන් ආරක්ෂාකරන පුද්ගලයන්ට පහරදීමටත් ජීවිත හානි කිරීමටත් පුරුදුවී සිටියේය. කුඩා පනු දල දෙකක් සහ පිරිපුන් සිරුරක් හිමි මේ අලියා "වට්ටක්කයා" නමින් ගල්ගමුව කා අතරත් භීතියට පත්කරන නාමයක් හිමිකරගත්තේය.

අනෙක් අලියා එක් කුඩා පනුදලක් සහිත නලලේ කලු පැහැති කැලකක් සහිත අලියෙක් විය. ගණදෙවි රූපයට සමාන බව ගම්වැසියන් නිතරම කතාබහ කලේය. නමුත් මෙම අලියා නිවාස කඩාබිද දැමීමටත් වී වැනි ධාන්‍ය කොපමන තිබුනත් මුලුතැන්ගෙයි ඇති වලන් මුට්ටි බිද බත් ආහාරට ගැනික්මට පුරුද්දක් ඇතිකර ගත්තේය. ආහාර පිලියෙල කරගන්නා බිම් පැල් විනාශකර එහි ඇති බත් කෑමටත් නිවෙස් මුලුතැන්ගෙවල් බිද ආහාර සදහා බත් සෙවිමත් නිසා මෙම අලියාට "බත්මුට්ටියා" නම පටබැදුනි. දේපල හා ජීවිත හානිද වාර්ථාවීම් අඩුවක් නොමැතිවිය.

ලැබෙන පැමිනිලි ප්‍රමාණය වැඩි නිසා වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිසාපති කාර්‍යාලය සහ වයඹ පලාත්සභාව මෙම අලින් ඇල්ලීමට වනජීවි දෙපාර්තමේන්තුවට භාර දෙන ලදි. (එකල මහඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා)

ව,ස,දෙපාර්තමේන්තුව මෙම අලින් අල්ලාගනු ලැබීය. අලි තුන්දෙනෙකු සහිත එම වෙන්දේසිය දිනමිණ පුවත්පතේ ප්‍රසිද්ධ කරනලද දැන්වීමකට අනුව 1991 මැයි 7 කුරුණෑගල කච්චේරි භූමියේදී ප්‍රසිද්ද වෙන්දේසියක් පවත්වා මෙම අලි දෙදෙනා වෙන්දේසි කිරීමට කටයුතු කලේය. වැඩිම ලංසුව තැබූ රත්නසිරි අරංගල්ල මහතා විසින් මෙම අලින් හිමිකරගනු ලැබීය. ඉන්පසු වට්ටක්කයා "ගජබා" ලෙසත් බත්මුට්ටියා "ගැමුණු" ලෙසත් නම් තබනු ලැබීය. ඉතිරි වූ අලියා වාසල නමින් එවකට දේශපාලන අධිකාරිය විසින් ඇත්කද විහාරයට පූජා කලේය.

ගජබා අරංගල්ල මහතාගේ සහෝදරියකට බාර කලේය පසුව 2012 වර්ෂයේ යක්කල මොරැන්නවත්ත දේවාලයට ගජබා අලියා විකිනීම සිදුවිය. වර්ථමානයේ රංජිත් විජේසිංහ මහතා භාරයේ (රංජිත් සාදු) ගජබා හස්ථියා රැකවරණය ලබමින් සිටී. හීලෑ අලින් අතර විශාලතම අලියා ලෙස "යක්කල ගජබා" පෙරහැර රාජකාරීන් සදහා එක්වීම දැකගත හැකිය.

ගැමුණු හස්ථියා අරන්ගල්ල මහතා භාරයේම හැදීවැඩුනි. වර්ථමානයේ මහේෂ් විජේසේකර මහතා භාරයේ අත්තනගල්ල විහාරයේ සිටින "වේයන්ගොඩ ගැමුණු" පෙරහැර රාජකාරීන් සදහා එකවන අලංකාර අලියෙකි.

දැන්ට කිසිදු කරදරයක් නොවී සිටියත් බොහෝ විට ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේ උග්‍රව ඇති අලි මිනිස් ගැටුම් හමුවේ මෙම අලින් ජීවත් වූවානම් මේ වනවිට මියගොස් තිබීමට ඇති සම්බාවිතාව 100% කි. බොහෝ දෙනෙක් පැවසුවේ ලංකා ඉතිහාසයේ රජය සහ වනජීවි දෙපාර්තමේන්තුව සතෙකු වෙනුවෙන් ගත් නිවැරදිම තීන්දුව මෙය කියාය. නමුත් පරිසර සංරක්ෂණ විශය තුලදී සතෙකු සංරක්ෂණය වියයුත්තේ ඔවුන් ජීවත්වන භූමිය තුලමය. පරිනාමයේ ඉදිරියට යන්නේ ඒ ඒ පරිසර ස්භාවික අභියෝග ජයගෙන නොනැසී ජීවත්වන සතුන්ය.

වනයේ ස්භාවික ආහාර භාවිතයේදී අලින්ට සිදුවන ප්‍රධාන ගැටලුවක් දත් ගෙවීමයි (වයස 45-50) නමුත් වන අලින්ට වඩා අවුරුදු කීපයක් හීලෑ අලින් ජීවත්වීම (වයස 60-70) පෝෂණීය මෘදු ආහාර රටාව හේතුවක් වේ. රජය සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කලයුත්තේ නීති අනපනත් සංශෝධනය සිදුකර සියලුම වනජීවීන් පරිසරපද්ධති ආරක්ෂාකර ගැනීමට කටයුතු කිරීමයි..

දැන් බොහෝ දෙනෙකුට "අලි අල්ලලා හීලෑ කරානම් හරිනෙ" පැවසීමට පුලුවන. නමුත් ලංකාවේ පින්නවල අලි අනාතාගාරයේ වාර්ථාවිම් තිබුනත් හීලෑ අලින් අතර පැටවුන් බිහිවීමක් වාර්ථා වී නොමැත. නමුත් වැදගත්ම දෙය අල්ලන අලින් බොහෝ ආයු කාලය ජීවත්වී මියගියත් ජාන පරම්පරාව ව්‍යාප්තවීමේ දුර්වලතාවය නිසා අලින් වදවීයාමේ ක්‍රියාවලියට එය මූලිකව බලපාන නිසාය. වනසතෙකුගේ ලිංගික, ආහාර, විවේකය වැනි ස්භාවික ක්‍රියාවලි සියල්ලට අප ඉඩදිය යුතුය..

නිවැරදිව අලි පරපුර රැකගැනීමට නම් අල්ලා හීලෑකිරීමේ ක්‍රියාවලියට නොව ස්භාවික පරිසරයේ සංරක්ෂණ ක්‍රියාවලියට අප සියලුදෙනා එක්විය යුතුය. ලොව කිසිදු සත්ව ගහනයක පාලනය මිනිසා සතු නොවන අතර ස්භාදහමට අයිති එම කාර්‍යයේ මිනිසාද එක් කොටසක් පමනක් බව අප සැමදෙනා හොදින් සිහිතබාගත යුතුය..

#සොබාදහරා #යක්කලගජබා #වේයන්ගොඩගැමුණු

16/06/2026

❤️

09/04/2026

මීගලෑව වැලියාව ප්‍රදේශයේ ලිඳට වැටී සිටි හ‍ස්තියා මීගලෑව වන්ජීවී කාර්යාලයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එක හස්තියා බේරා ගෑනීමට සමත් විය...

සියඹලංගමුව වැවු රක්ශිතය තුල ඉදිරි පාදයේ සැරව ගලන තුවාල සහිතව සිටි සද්දන්තයා හට මීගලෑව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන්  දින ග...
08/04/2026

සියඹලංගමුව වැවු රක්ශිතය තුල ඉදිරි පාදයේ සැරව ගලන තුවාල සහිතව සිටි සද්දන්තයා හට මීගලෑව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් දින ගණනාවක් ප්‍රතිකාර කලද එම සද්දන්තයා අවසන් සුසුම් හෙලා ඇත.

නිවන් සුව 🐘🥺🙏

26/03/2026

ලොකු දෙයක් මෙ ගැන කතා කරපු එකනම් 👌

Address

Galgamuwa
60750

Website

Alerts

Be the first to know and let us send you an email when Echo Lence posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Echo Lence:

Shortcuts

Share