Assistant Commissioner of Local Government Office Galle

Assistant Commissioner of Local Government Office  Galle Official page of the ACLG Office – Galle.

This page provides public information, announcements, and updates related to Local Government institutions in the Galle District.

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් 2026 වර්ෂය තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ඇගයීමේ විශේෂ...
29/08/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් 2026 වර්ෂය තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ඇගයීමේ විශේෂ සමාලෝචන වැඩසටහනක් 2026 අගෝස්තු 28 වන දින සාර්ථකව පවත්වන ලදී.

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, දිස්ත්‍රික්කයේ මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් හා ගුණාත්මකව නිමකිරීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් රසිකා එන්. ද සිල්වා මහත්මිය, දකුණු පළාත් සැලසුම් හා ඉංජිනේරු සේවා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ දමිත් සමරවික්‍රම මහතා, ගාල්ල, පළාත් පාලන සහකාර කොමසාරිස් පසන් රාහුල මධුසංඛ මහතා සහ ප්‍රධාන ඉංජිනේරු ජයනන්දන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

තවද, ගාල්ල මහ නගර සභාවේ ගරු නගරාධිපතිතුමන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්, අදාළ සභා ලේකම්වරුන් සහ තාක්ෂණික නිලධාරීන් ද මෙම ප්‍රගති සමාලෝචන හමුවට සක්‍රියව දායක විය.

දකුණු පළාත් කසළ කළමනාකරණ සැලැස්ම සකස් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් 2026.08.14 වන දින  සාර්ථකව පැව...
18/08/2026

දකුණු පළාත් කසළ කළමනාකරණ සැලැස්ම සකස් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් 2026.08.14 වන දින සාර්ථකව පැවැත්වන ලදි.

දකුණු පළාත් කසළ කළමනාකරණ සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් බහු පාර්ශ්වීය අදහස් ලබාගැනීමේ ගාල්ල දිස්ත්‍රික් සාකච්ඡාව පසුගියදා ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් පසන් රාහුල මධුසංඛ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ නියෝජිතයින් විශාල පිරිසක් සක්‍රියව සහභාගී වූහ.

සාකච්ඡාවේ ප්‍රධාන අවධානය සහ අරමුණු:

දත්ත මත පදනම් වූ උපාය මාර්ග: ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැති කසළ විගණනයෙන් අනාවරණය වූ කසළ ප්‍රමාණයන් සහ ඒවායේ සංයුතිය පිළිබඳ දත්ත සලකා බලමින්, දිස්ත්‍රික්කයට ගැළපෙන තිරසාර කසළ කළමනාකරණ උපාය මාර්ග හඳුනාගැනීම.

පූර්ව අත්දැකීම් සමාලෝචනය: මින් පෙර සකස් කරන ලද සැලසුම් අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා නොවීමට බලපෑ හේතු පිළිබඳව පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා විසින් මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන ලදී.

සමස්ත පාර්ශ්වයන්ගේ දායකත්වය: පවතින ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීම උදෙසා බහු පාර්ශ්වීය මැදිහත්වීමේ ඇති වැදගත්කම 'ක්ලීන් ශ්‍රී ලංකා' පළාත් සම්බන්ධීකාරක කේ. එම්. සංජය ධනුෂ්ක මහතා විසින් අවධාරණය කරන ලදී.

ප්‍රායෝගික ගැටලු හඳුනාගැනීම: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රජා සංවර්ධන නිලධාරීන් විසින් ක්ෂේත්‍රයේදී මුහුණ දෙන නීතිමය හා ප්‍රායෝගික ගැටලු රැසක් සාකච්ඡාවට ලක් කෙරිණි.

සහභාගී වූ ආයතන සහ නියෝජිතයින්:

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් වෛද්‍ය දිලිනි පල්ලවගේ මහත්මිය, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. සී. බමුණුසිංහ මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ නයනා පතිරණ මහත්මිය, ගාල්ල මහ නගර සභාව, හික්කඩුව සහ අම්බලන්ගොඩ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ප්‍රජා සංවර්ධන නිලධාරීන් සහභාගී වූහ.

ඊට අමතරව ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තදාසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිසර නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් සහ පරිසර පොලිස් නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය සහ ඉදිරි පියවර:

'සෙවණත' සහ 'නෝවා පැක්ට්' (NOVA PACT) යන රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එම ආයතන නියෝජනය කරමින් ප්‍රධාන නීති උපදේශක නීතිඥ එච්. ජී. සී. ජයතිස්ස, බී. ජී. ජී. ධනපාල, ෂාන් ෂන්මුගරාජා සහ ළහිරු උඩුමලගල යන මහත්වරු සම්පත් දායකයින් ලෙස කටයුතු කළහ.

මෙම වැඩසටහනට සමගාමීව ඉදිරියේදී නිලධාරීන්ගේ ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඉදිරිපත්වූ සියලු යෝජනා සලකා බලමින්, අදාළ රාජ්‍ය නොවන සංවිධානවල ද සහයෝගය ඇතිව අගෝස්තු මාසය අවසන් වීමට පෙර ගාල්ල දිස්ත්‍රික් කසළ කළමනාකරණ සැලැස්ම සකස් කර අවසන් කිරීම ට නියමිත බව පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා වැඩිදුරටත් සඳහන් කළේය

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.07.16 වන දින ලබුදුව දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණයේ රැස්...
21/07/2026

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.07.16 වන දින ලබුදුව දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණයේ රැස්වීම් ශාලාවේදී පැවැත්වන ලද අතර දකුණු පළාත්,පලාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා,ප්‍රධාන ඉංජිනේරු ඕ.සී ජයන්නදන මහතා,නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන ) - ඩී.එල්.ඩී.ඩබ් සමරවික්‍රම මහතා,පළාත් පාලන සහකාර කොමසාරිස් - එම.එච්.පසන් රාහුල මධුසංඛ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මේ සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ගරු සභාපතිවරුන්, පළාත් පාලන ආයතනවල තාක්ෂණ නිලධාරීන් ,පලාත් පාලන දෙපාර්තමේන්තුවේ විෂය නිලධාරීන් හා පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්‍යාලයේ විෂය නිලධාරීන් මේ සදහා සහභාගී විය.

මෙහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පලාත් පාලන ආයතනයවල සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිලිබද සාකච්ඡා කරන ලදි.

ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සතු ආයුර්වේද වෛද්‍ය සේවාවේ ප්‍රගතිය, වෘත්තීය ගැටලු සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශ...
15/07/2026

ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සතු ආයුර්වේද වෛද්‍ය සේවාවේ ප්‍රගතිය, වෘත්තීය ගැටලු සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සමාලෝචනයක් 2026.07.14 වන දින පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මඟින් පවත්වාගෙන යනු ලබන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානවල වත්මන් ප්‍රගතිය ඇගයීම, වෘත්තීය ගැටලු හඳුනා ගැනීම සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක්, පළාත් පාලන සහකාර කොමසාරිස් තුමාගේ මූලිකත්වයෙන් පසුගියදා පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන නිලධාරී මහතා, ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවලට අනුයුක්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් මෙන්ම සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

🎯 සාකච්ඡාවේ ප්‍රධාන අවධාරණයන් සහ එළඹි සම්මුතීන්:
කාර්ය සාධන දර්ශක (KPI) සඳහා පොදු සම්මුතියක්: ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සේවාවන්හි ඵලදායිතාව සහ ප්‍රමිතිය නිවැරදිව තක්සේරු කිරීම වෙනුවෙන්, සියලු දෙනාගේ එකඟතාවයෙන් යුතුව සකස් කළ විධිමත් කාර්ය සාධන දර්ශක (KPI) පද්ධතියක් සහ පොදු ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මෙහිදී සාර්ථකව සම්මුතියකට එළඹිණි.

ජනතා සුභසිද්ධිය උදෙසා සුවිශේෂී මානව සම්පතක්: පළාත් පාලන ආයතනයක ප්‍රධානතම අරමුණක් වන බලප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධිය සහ සෞඛ්‍ය සංවර්ධනය ඇති කිරීම උදෙසා සෘජුවම දායකත්වය සපයන සුවිශේෂී මානව සම්පතක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් හඳුනාගන්නා බව සහකාර කොමසාරිස්තුමා මෙහිදී පෙන්වා දුන්හ.

ආදායම් උත්පාදන විභව්‍යතාව සහ සංචාරක ක්ෂේත්‍රය: ආයුර්වේද වෛද්‍යවරුන් ජනතාවගේ සෞඛ්‍ය නගාසිටුවීමට පමණක් නොව, පළාත් පාලන ආයතන සඳහා නව ආදායම් මාර්ග බිහිකිරීමේ විභව්‍යතාවක් සහිත පිරිසක් බව සහකාර කොමසාරිස්තුමා අවධාරණය කළේය. ඒ අනුව, ඉදිරි සංවර්ධන සැලසුම්වලදී, විශේෂයෙන්ම සංචාරක කලාප ආශ්‍රිත පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති හඳුනාගැනීමේදී මෙම විශේෂඥ පුහුණුව ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දායකත්වය සෘජුවම ලබාගැනීමට අපේක්ෂා කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

🛠️ හඳුනාගත් ගැටලු සහ විසඳුම්:
සාකච්ඡාව අතරතුරදී ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණපාන ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳවද අවධානය යොමු විය:
- ආයුර්වේද බෙහෙත්ශාලා පරිශ්‍රයන්හි පිරිසිදුකම හා සනීපාරක්ෂාව උසස් මට්ටමක පවත්වා ගැනීම.
- කාර්ය මණ්ඩල හිඟය සහ නිසි වෘත්තීය පුහුණුවක් නොමැති ඖෂධ සංයෝජකවරුන් (Pharmacists) හේතුවෙන් මතුවන ගැටලු.

පවතින ඖෂධ හිඟය සහ ඊට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග.
වෛද්‍ය නිලධාරීන්ට ආයතනික දූරාවලිය හරහා විශේෂ පුහුණු අවස්ථා කඩිනමින් ලබාගැනීමේදී පවතින බාධාවන්.
🚀 ධාරිතා සංවර්ධනය සඳහා ඉදිරි පියවර:
මෙම ගැටලුවලට පිළියමක් ලෙසත්, වෛද්‍යවරුන්ගේ සහ ඖෂධ සංයෝජකවරුන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන්, වක්වැල්ල කළමනාකරණ පුහුණු ආයතනය හරහා විශේෂ ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවක් කඩිනමින් සම්බන්ධීකරණය කරන ලෙස පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා විසින් දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන නිලධාරී මහතා වෙත උපදෙස් ලබා දෙන ලදී.

ගාල්ල දිස්ත්‍රික්කයේ පොදු මහජනතාව වෙත වඩාත් ඵලදායී, ගුණාත්මක මෙන්ම දේශීය අනන්‍යතාව රැකගන්නා සෞඛ්‍ය සේවාවක් සහ තිරසාර සංවර්ධනයක් ළඟා කරදීම අපගේ අරමුණයි.

පොසොන් පෝය නිමිත්තෙන් ගාල්ල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින්  හපුගල සෙනෙහසේ නවාතැන වැඩිහිටි නිවාසයේ...
02/07/2026

පොසොන් පෝය නිමිත්තෙන් ගාල්ල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් හපුගල සෙනෙහසේ නවාතැන වැඩිහිටි නිවාසයේ මව්පියවරුන් උදෙසා 2026.07.02 දින දහවල් දානය පිළිගන්වනු ලැබීය.

හික්කඩුව නගර සභාවේ මූල්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීම සහ පොදු මහජන අයිතීන් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු ක...
02/07/2026

හික්කඩුව නගර සභාවේ මූල්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීම සහ පොදු මහජන අයිතීන් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගත් 2026 වර්ෂයේ දෙවන කාර්තු විගණන සාකච්ඡාව පසුගියදා සභා ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම විශේෂ සාකච්ඡාව හික්කඩුව නගර සභාවේ ගරු සභාපතිතුමා, ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා, සහ විගණන අධිකාරීතුමාගේ ප්‍රධානත්වයෙන් හා සහභාගීත්වයෙන් පැවැත්වුණි.

හික්කඩුව නගර සභාව විසින් විගණන ගැටළු අවම කර ගැනීම සහ මූල්‍ය විනය තහවුරු කිරීම වෙනුවෙන් මෑතකාලීනව ගෙන ඇති කඩිනම් හා සාධනීය ක්‍රියාමාර්ග මෙහිදී ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ ඇගයීමට ලක් විය.

මේ වන විට ප්‍රයෝජනයට නොගෙන පවතින හික්කඩුව මාළු වෙළඳ සැලේ උඩු මහල, මහජනතාවට වඩාත් සහනදායී සේවාවක් සැපයිය හැකි ලංකා සතොස (Sathosa) වෙළඳ සැලක් සඳහා ලබා දීමට නගර සභාව දැනට ගෙන යන සාකච්ඡා තවදුරටත් සාර්ථකව ඉදිරියට කරගෙන යාමට සහ එකී පරිපාලනමය කටයුතු කඩිනම් කිරීමට සහකාර කොමසාරිස්තුමා විසින් නාගරික ලේකම්වරයා වෙත අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට හික්කඩුව නගර සභාවේ සහ සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Address

S. H. Dahanayaka Mawatha, Southern Province
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Assistant Commissioner of Local Government Office Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share