Divisional Secretariat - Rathgama

Divisional Secretariat - Rathgama New Divisional Secretariat

24/04/2026
අලුත් අවුරුද්දට සුභාශිංශන සමගින් කාර්යාල රාජකාරි ආරම්භ කරමින්......🙏🙏🙏
20/04/2026

අලුත් අවුරුද්දට සුභාශිංශන සමගින් කාර්යාල රාජකාරි ආරම්භ කරමින්......🙏🙏🙏

50වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමිව දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යශය මෙහෙයවිමෙන් රත්ගම ප්‍රදේශිය ලේකමි කාර්යාලය සංවිධානය ක...
16/04/2026

50වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සමගාමිව දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යශය මෙහෙයවිමෙන් රත්ගම ප්‍රදේශිය ලේකමි කාර්යාලය සංවිධානය කරන ලද අන්තර් ක්‍රිඩා සමාජ මලල ක්‍රිඩා තරගාවලිය 2026.04.09 දින රත්ගම බණ්ඩරවත්ත ක්‍රිඩා පිටියෙදි පැවත්විණි. ජය සංකේත ප්‍රදානය ප්‍රාදේශිය ලේකමි තුමාගේ ප්‍රදානයෙන් පැවත්වු අතර සහභාගි වු හා සහයෝගය ලබා දුන් සියළු දෙනාටම ස්තුතියි..🙏🙏🙏

පුරාණයේ සිට පැවත එන හිසතෙල් ගෑමේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රය කිරිමැටිය ශ්‍රී නිකේතනාරාම විහාරස්ථානයේදී , ප්‍රාදේශීය ලේ...
15/04/2026

පුරාණයේ සිට පැවත එන හිසතෙල් ගෑමේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රය කිරිමැටිය ශ්‍රී නිකේතනාරාම විහාරස්ථානයේදී , ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා රත්ගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ හා රත්ගම කොට්ඨාසයේ ප්‍රභුවරුන්ගේ හා කාර්යාල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් හා සහයෝගයෙන් 2026.04.15 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී.....සහයෝගය ලබා දුන් හා සහභාගි වු සියළුදෙනාටම ස්තුතියි..🙏🙏🙏

සුබ අලුත් අවුරුද්දක් වේවා...
15/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා...

රත්ගම කොට්ඨාශයේ සියළුම පෙර පාසල් ගුරුතුමියන් සදහා සාමුහිකත්වය හා ආකල්ප වර් ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහනක් 2026.03.30 දින ...
08/04/2026

රත්ගම කොට්ඨාශයේ සියළුම පෙර පාසල් ගුරුතුමියන් සදහා සාමුහිකත්වය හා ආකල්ප වර් ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහනක් 2026.03.30 දින රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රාවණාගාරයේදී පවත්වන ලදී.
මේ සදහා සම්පත් දායකත්වය දකුණු පළාත් කොමිෂන් සභාවේ සභාපති කමල් රණසිංහ මැතිතුමා විසින් සිදු කල අතර , අනුග්‍රහය රත්ගම පෙර පාසල් ගුරු සංගමය මගින් සිදුකරන ලදී . සහයෝගය දැක්වූ සියළුම දෙනාට බෙහෙවින් තුති......

 #ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි "වත්සර පියවර වාර් ෂික සංස්කෘතික ක්‍රියාවලිය"  අනුව ගර් භනී මව්වරුන් උදෙසා පවත්වන්න...
02/04/2026

#ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි "වත්සර පියවර වාර් ෂික සංස්කෘතික ක්‍රියාවලිය" අනුව ගර් භනී මව්වරුන් උදෙසා පවත්වන්නට යෙදුණු සෙනෙහස වැඩසටහන 2026.03.27 රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර් යාල ශ්‍රවණාගාරයේදී ඉතා සාර් ථකව පවත්වන ලදි.

#එම වැඩසටහන සඳහා අනුග්‍රහ දායතක්වය සංස්කෘතික බල මණ්ඩලය,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර් යාලය හා රත්ගම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සම්පත්දායකත්වය ද ගීත රසවින්දන ය හා ගිත ගායනයෙන් උපදේශන නිලධාරී මහත්මීය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහෝදර නිලධාරීන් දායකත්වය ලබා දෙන ලදි.👩‍🎤🧑‍🎤
# මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහයෝගය ලබා දුන් අනුග්‍රාහකත්වය සැපයූ සියලූම දෙනා හා නිලධාරි මහත්ම මහත්මීන්ට බෙහෙවින්ම ස්තූතියි......🙏🙏💐🤰

"දැය නං වන සපිරි ගමක්"  ප්‍රජා ඵලදායීතා වැඩසටහන රෙජ්ජිපුර ගලතොට ග්‍රාමයේදී 2026 මාර් තු මස 16 වන දින සාර්ථකව පවත්වන ලදී....
23/03/2026

"දැය නං වන සපිරි ගමක්" ප්‍රජා ඵලදායීතා වැඩසටහන රෙජ්ජිපුර ගලතොට ග්‍රාමයේදී 2026 මාර් තු මස 16 වන දින සාර්ථකව පවත්වන ලදී. මේ සඳහා රත්ගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති රත්න ගමගේ මැතිතුමා, රත්ගම ප්‍රාදේශීය ලේකම් තුමා තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වන ලදී.ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ සදහා සහභාගි වු සියළුම ආයතනයන් හි නිලධාරී මහත්ම මහත්මීන්ට හා ප්‍රදේශවාසී ජනතාවට ස්තුතිය පුද කරමි.🙏🙏🙏 🙏🙏🙏🙏

රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර් යා ලයීය  ක්‍රීඩා අංශය මගින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර නිලධාරීන්ගේ සුහදත්වය වර්ධනය උදෙසා,...
23/03/2026

රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර් යා ලයීය ක්‍රීඩා අංශය මගින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර නිලධාරීන්ගේ සුහදත්වය වර්ධනය උදෙසා, සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලිය 🏏🏆🏆2026.03.13 දින රත්ගම බණ්ඩරවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
*මේ සදහා හික්කඩුව,බද්දේගම,ගෝනාපීනුවල,වදුරඹ යන ප්‍රා දේශීය ලේකම් කාර්යාලයීය නිලධාරින් සහභාගී වු අතර පිරිමි ශුරතාවය🏆🥇 හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද අනු ශුරතාවය🥈🏆 වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද ජයග්‍රහණය කරන ලදි.
*කාන්තා ශුරතාවය 🏆🥇රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය STARS කණ්ඩායම හා අනු ශුරතාවය🥈🏆 ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කණ්ඩායම විසින් ද ලබා ගන්නා ලදි.
*මේ සදහා සහභාගි වු වදුරඹ ප්‍රාදේශීය ලේකම්තුමන් හා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු සියළුම නිලධාරින්ට ස්තුතිය පුද කරමි. 🙏🙏🙏

දකුණු පළාත් සමාජ සුබ සාධන පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ළමා අපචාර හා අපයෝනය, දරුවන්ගේ ගැටළ...
13/03/2026

දකුණු පළාත් සමාජ සුබ සාධන පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ළමා අපචාර හා අපයෝනය, දරුවන්ගේ ගැටළු හදුනා ගැනීම හා එම ගැටළු හමුවේ දෙමාපියන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන 2026.03.12 දින රත්ගම මහාමණ්ඩලාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත් වූ අතර එ සදහා සම්පත් දායකත්වය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් හා පරිවාස නිලධාරිතුමිය ලබා දෙන ලදි. මේ සදහා රත්ගම කොට්ඨාසයේ වසම් පහක ප්‍රජාව සහභාගි වූ අතර රාජ්‍ය නිලධාරින්ද එ සදහා දායකත්වය ලබා දෙන ලදි.......🙏🙏🙏🙏 🙏🙏🙏🙏

2026 වසර සඳහා රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් 21 ක  පෙර පාසල් දරුවන් 388 දෙනෙකුට උදෑසන අහාර වේල ක්‍රියාත්මක ක...
03/03/2026

2026 වසර සඳහා රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් 21 ක පෙර පාසල් දරුවන් 388 දෙනෙකුට උදෑසන අහාර වේල ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත...... 🙏🙏🙏🙏

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර අහාර සැපයුම් කරුවන්, දෙමාපියන් හා ගුරුතුමියන් සදහා අහාර සැකසීම හා දරුවන්ට පිලිගැන්වීමේදී ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් දැනුවත් කිරීමක් 2026.02.12 වන දින කාර් යාලයීය ශ්‍රවනාගාරයේ දී සිදු කරන ලදී..........

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය - 2025/2026 පාසල් අංශයේ අයදුම් පත්‍රය සම්පුර්ණ කිරිම  පිළිබද ප්‍රායෝගික පුහුණු වැඩසටහන......
26/02/2026

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය - 2025/2026 පාසල් අංශයේ අයදුම් පත්‍රය සම්පුර්ණ කිරිම පිළිබද ප්‍රායෝගික පුහුණු වැඩසටහන..............

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට යොමු කිරිමේ අරමුණින් ඵලදායිතා සම්මාන තරගාවලියේ අයදුම් පත්‍රය සම්පුර්ණ කිරිම පිළිබදව ප්‍රායෝගික පුහුණු වැඩසහනක් රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2026.02.20 දින පෙ.ව 9.00 සිට පවත්වන ලදි.

මෙම වැඩසටන සදහා කොට්ඨාසයේ පාසල් හතරක් සහභාගී වු අතර කාර්‍යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරී ඩබ්. ඩී. ගයාන් මහතා සහ වාසනා දිලුක්සි මහත්මිය මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

මේ සදහා සහය දක්වන ලද සියලුම දෙනාට ස්තුතියි ! 🙏🙏🙏🙏

Address

Galle
80260

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94912267741

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Rathgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Rathgama:

Share