16/02/2023
පෙබරවාරි මස 10,11 සහ 12 තෙදින තුළ ග්‍රීසියේ ඇතැන්ස් නුවරදී ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වන ග්‍රීසියේ කොමියුනිස්ට් තරුණ සංවිධානයේ 13 වන සමුළුව පවත්වන ලද අතර ඒ සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහෝදරයාද සහභාගී විය. මෙම සමුළුවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සහ සමාජවාදී තරුණ සංගමයේ සුබ පැතුම් එක් කිරීමත් සහභාගී වූ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වල නියොජිතයින් සමග ද්විපාශර්වික සාකච්ඡා පැවැත්වීමත් සිදුකරන ලදි. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ඇතුලු ජාත්‍යන්තර සංවිධානය බොහෝමයක නියෝජිතයින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
13th Congress of the Communist Youth of Greece (KNE) was held during 10th, 11th and 12th of February. Communist Youth of Greece is the youth wing of the Communist Party of Greece(KKE). Representing Socialist Students Union its National Organizer Comrade Rangana Dewapriya participated in this occasion. Comrade Rangana Devapriya extended the well wishes of the SSU and SYU towards the congress and also took part in several bilateral discussions with the delegates of other international organisations.