Gampaha Puwath

Gampaha Puwath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gampaha Puwath, Government Organization, District Media Unit, District Secretariat, Gampaha.

 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ස්වශක්ති  බක් මහා උළෙල බියගම දී.......................................................
19/05/2026



විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ස්වශක්ති බක් මහා උළෙල බියගම දී..................................................................

බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවි ගෙවන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ දරුවන් උදෙසා සංවිධානය කරන ලද ස්වශක්ති බක් මහා උළෙල පසුගියදා බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද තෙල් සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ස්වශක්ති සංවිධානය සහ බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද මෙම බක් මහ උළෙල දරු දැරියන්ගේ නැටුම් ගැයුම් වලින් විචිත්‍රවත් විය.මෙහිදී අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය ඇතුළු තරඟ රැසක් පැවැත්වුණු අතර, තරඟ සංවිධානය සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගය ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී කස්තුරි ආරච්චි, සංවර්ධන නිලධාරී (සමාජ සේවා) පුෂ්පිකා, බ්යගම සමාජ සේවා නිලධාරී ඩිලානි, ස්වශක්ති සංවිධානයේ සභාපති කලුගම්පිට්ය, ලේකම් වසන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ දරුවන් ඇතුළු 150කට ආසන්න පිරිසක් සහභාගි වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ගම්පහ

 මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් බියගම දී......................................................................බියගම Streac...
18/05/2026



මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් බියගම දී......................................................................

බියගම Streachline පුද්ගලික ආයතනයේ සේවක මණ්ඩලය වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

මේ සඳහා සම්පත් දායකත්වය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මිය හා පුනරුත්ථාපන කාර්යාංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් මංජුල කොස්තා මහතා විසින් සිදු කරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ගම්පහ

      පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුවේ දී.............................................................
18/05/2026



පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මීගමුවේ දී..............................................................

දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මීගමුව BCI Campus ශ්‍රවණාගාරයෙදී පැවැත්විණි.

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ මග පෙන්වීම මත පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ප්‍රාදේශීය ලේකම් තුමිය සහ කාන්තා හා ළමා ඒකකයෙ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට පෙර පාසල් ගුරුවරියන් 150ක් සහ කාර්යාලයීය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ගම්පහ

 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පළමු  අදියර දිවුලපිටියේදී...........................................................බස්නාහ...
12/05/2026


50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පළමු අදියර දිවුලපිටියේදී...........................................................

බස්නාහිර පළාත් සභාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙහෙයවනු ලබන 50වන ජාතික මහා ක්‍රීඩා උළෙල පළමු අදියර පසුගියදා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීණි.

පාසල් සහ විවෘත යන අංශ දෙකෙන් සමන්විතව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සදහා පාසල් දරුවන් සහ ක්‍රීඩා සමාජ වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික පිරිසක් සහභාගි වූ අතර වීවෘත අංශයෙන් තරග ඉසව් 30ක් සහ පාසල් මට්ටමින් තරග ඉසව් 18ක් පවත්වන ලදී.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී ශාලිත රාමනායක මහතා විසින් සංවිධාන කරන ලද මෙම ක්‍රීඩා උළෙල සඳහා පාසල් මට්ටමින් ක්‍රීඩා ගුරුවරුන් සහ මීරිගම, කටාන ක්‍රීඩා නිලධාරීන්ගේ සහයෝගය ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් තමාලී අමරසිංහ, සැලසුම් අධ්‍යක්ෂ ආර්.පී සෝමලතා යන මහත්මීන් සහ දිවුලපිටිය වසමේ ග්‍රාම නිලධාරි ආර්.ජේ. විජේසිංහ මහතා මෙන්ම කාර්යාලීය නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වුහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ගම්පහ

 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වසන්ත උදානය බක් මහා උළෙල දිවුලපිටියේදී................................................
02/05/2026



විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වසන්ත උදානය බක් මහා උළෙල දිවුලපිටියේදී....................................................................

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවි ගෙවන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ දරුවන් උදෙසා සංවිධානය කරන ලද වසන්ත උදානය විශේෂ බක් මහා උළෙල පසුගියදා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ස්වශක්ති සංවිධානය සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද මෙම බක් මහ උළෙල ආරම්භ කරමින් කටානේ ධම්මරක්ඛිත හිමිපාණන්, පිරිස පංච ශීලයේ පිහිටවූ අතර ඉන්පසු අනුශාසනයක් ද සිදු කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම මත පැවැති මෙම බක් මහ උළෙල දරු දැරියන්ගේ නැටුම් ගැයුම් වලින් විචිත්‍රවත් වූ අතර අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය ඇතුළු තරඟ රැසක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී කස්තුරිරත්න, මිනුවන්ගොඩ සමාජ සේවා නිලධාරී චන්ද්‍රසෝම යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ගම්පහ

GMUආබාධ සහිත පුද්ගලයින්ගේ බක් මහ උළෙල මිනුවන්ගොඩදී..............................................................මිනුවන්ග...
02/05/2026

GMU
ආබාධ සහිත පුද්ගලයින්ගේ බක් මහ උළෙල මිනුවන්ගොඩදී..............................................................

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බහු ආබාධ සහිත පුද්ගලයින්ගේ ස්වශක්ති සංවිධානය එක්ව සංවිධානය කළ ආබාධ සහිත පුද්ගලයින්ගේ බක් මහ උළෙල පසුගියදා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විණි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පැවති මෙම බක්මහ උළෙල සඳහා ප්‍රදේශයේ ආබාධ සහිත පුද්ගලයින් සහ දරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

බෝටියාවත්ත සිත් සහන පදනමේ දරුවන්ගේ ගැයුම් වැයුම් වලින් සමන්විත වූ මෙම බක්මහ උළෙලේදී සාම්ප්‍රදායික අලුත් අවුරුදු තරඟ සහ අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුළු තරග රැසක් පැවැත්විණි.

මෙහි සංවිධාන කටයුතු සමාජ සේවා නිලධාරී ඩී.ජී චන්ද්‍රසෝ මහතා ඇතුළු සමාජ සේවා අංශය මගින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සී. කස්තුරිආරච්චි මහතා, වයි ජයන්ති කලායතනයේ අධ්‍යක්ෂිකා ආශා වෛජයන්ති මාලා මහත්මිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ගම්පහ

 දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් නිවාස යළි ඉදිකිරීම ඇරඹේ ..........................................................
01/05/2026


දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් නිවාස යළි ඉදිකිරීම ඇරඹේ ..................................................................

2025 නොවැම්බර් මස දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපෑ දිට්වා සුළු කුණාටුවෙන් පූර්ණ හානියට පත් වූ නිවාස අතරින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස නැවත ඉදිකිරීම් කටයුතු පසුගියද(29)දා දිවුල්දෙනිය ග්‍රාම නිලධාරී වසමේදී සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඩබ්. මානෙල් දමයන්ති කුමාරි මහත්මිය, දිවුල්දෙනිය වසමේ ග්‍රාම නිලධාරී කේ.ඒ.එස්.එන්. කෑරගල මහත්මිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ගම්පහ

 අහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ 6 දිනය වන අද (27) උදෑසන 6.45ට  වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රධාන භ...
27/04/2026


අහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ 6 දිනය වන අද (27) උදෑසන 6.45ට වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා දහතුන් නම ඇතුලු සංඝයා වහන්සේලා යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේ සිට පාද යාත්‍රාව ආරම්භ කළහ .

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

23/04/2026
 අවිහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන  හෙට ඇරඹේ-------------------------------- අවිහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍...
21/04/2026


අවිහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන හෙට ඇරඹේ
--------------------------------

අවිහිංසාවාදය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන හෙට(22) සිට ලබන 28 දින දක්වා මෙරටදී පැවැත්වීම සඳහා වියට්නාම භික්ෂූන් වහන්සේ නමක් වන පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වන්සේලා අද(21) උදෑසන අත්තනගල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කළහ.

උන්වහන්සේලා කටුනායක ගුවන්තොටුපොළේ සිට අත්තනගල්ල රාජමහා විහාරස්ථානය වෙත අද (21) උදෑසන වැඩම කිරීමෙන් අනතුරුව අත්තනගල්ල රජමහා විහාරාධිපති පන්නල ශ්‍රී ආනන්ද නා හිමියන් විසින් පිළිගනිමින් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු සාම පා ගමන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් එම විහාරස්ථානයේදී ම සිදු කෙරිණි. මේ අවස්ථාවට ආලෝක සුනඛයා ද සහභාගි විය.

මෙහිදී විහාරාධිපති ආනන්ද නා හිමියන් පා ගමන සම්බන්ධයෙන් පැහැදිලි කරමින්, භික්ෂූන් වහන්සේලා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වෙත වැඩමවා එහිදී සිදු කරන ආගමික වතාවත්වලින් පසු ව හෙට (22) සාම පා ගමන දඹුල්ල විහාරයෙන් ආරම්භ වී මාතලේ අළුවිහාරයෙන් අවසන් කෙරෙන බව සඳහන් කළහ.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ පා ගමනේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ඇමරිකාවේ ටෙක්සාස්හි ගෝතම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති මේල්පිටියේ විමලකිත්ති හිමියන් මෙසේ සඳහන් කළහ.
"පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරනු ලබන මෙම සාම පා ගමන ලබන 23 වෙනි දින පෙරවරු 7.00ට මාතලේ අළුවිහාරයෙන් ආරම්භ වී මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ළඟා වන අතර එදින පස්වරු 4.00ට මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීම සහ ශ්‍රී දළදා වන්දනාව සිදු කිරීමට නියමිත බව පැවසීය.

ශ්‍රී දළදා මාලිගාවෙන් 24 වැනිදා පෙරවරු 6.45ට ඇරැඹෙන පා ගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා පැමිණෙන අතර 25 වෙනි දින පෙරවරු 6.30ට ඇරැඹෙන පා ගමන තෝලංගමුව ජාතික පාසලෙන් අවසන් කෙරෙනු ඇත.”

26 වෙනි දින පෙරවරු 6.00ට තෝලංගමුව ජාතික පාසල් පරිශ්‍රයෙන් පා ගමන ආරම්භ කොට යක්කල අබේසේකරාරාමය දක්වා පැමිණ පසුදින (27) පෙරවරු 6.00ට එම විහාරස්ථානයෙන් ඇරඹෙන පා ගමන එදින කැලණිය රජමහා විහාරය වෙත පැමිණෙන බවද උන් වහන්සේ සඳහන් කළහ.

පා ගමනට සහභාගී වූ භික්ෂූන් වහන්සේ කැලණිය රජමහා විහාරයේදී 28 වෙනි දින පෙරවරු 11.00ට වැඩසටහන් කිහිපයකට සහභාගී වන බවත් එදින පෙරවරු 11.30ට කැලණිය රජමහා විහාරයෙන් පා ගමන ආරම්භ කර කොළඹ නිදහස් චතුරස්‍රය තෙක් ගමන් කිරීමට නියමිත බවත් විමලකිත්ති හිමියෝ පැවසූහ.

අනතුරුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් එදින පස්වරු 4.00ට පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී මහා බෝධි අංකුරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පූජා කිරීමේ රාජ්‍ය උත්සවය පැවැත්වෙන බවත් එදින පස්වරු 5.30ට භික්ෂූන් වහන්සේ පෙරහරින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය තෙක් වැඩම කෙරෙන අතර එම පෙරහර එදින පස්වරු 7.00ට ගංගාරාම විහාරස්ථානයට ළඟා වනු ඇති බවත් උන් වහන්සේ සඳහන් කළහ.

මෙම සාම පා ගමන පැවැත්වීම පිණිස අවශ්‍ය කටයුතු සලසාදීම සම්බන්දයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු ශ්‍රී ලංකා රජයටත් පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත් ස්තූති කරන බවත් පා ගමන සිදු කෙරෙන අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේලාට බාධා නොවන සේ කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පා ගමන දැකබලා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් උන් වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී , පා ගමනේ මූලිකත්වය ගෙන කටයුතු කරන වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් සහ වියට්නාමයේ රතනගුණ හිමියන් ද අදහස් දැක්වූහ.

මෙහි පැවති ආගමික වතාවත් සිදු කරනු ලැබූ අවස්ථාවට මෙරට සංඝයා වහන්සේලා ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, උපුල් අබේවික්‍රම ,ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙම සාම පාගමන සදහා සහාය දැක්වීම සිදු කරනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබූ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා, පොලිස් හා හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

Address

District Media Unit, District Secretariat
Gampaha

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94332221914

Alerts

Be the first to know and let us send you an email when Gampaha Puwath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gampaha Puwath:

Share