Binu’s Diaries

Binu’s Diaries 𝓑𝓲𝓷𝓾’𝓼 𝓓𝓲𝓪𝓻𝓲𝓮𝓼���

අහබු ආදරය (Part 04)සෙනිති රට යන දිනහෙමින් හෙමින් ලං වෙන්න ගත්තා.කැලැන්ඩරේ පිටුඇයට ඉක්මනට පෙරළෙනවා වගේ දැනුණා.පාසල් කාලයෙ...
23/03/2026

අහබු ආදරය (Part 04)
සෙනිති රට යන දින
හෙමින් හෙමින් ලං වෙන්න ගත්තා.
කැලැන්ඩරේ පිටු
ඇයට ඉක්මනට පෙරළෙනවා වගේ දැනුණා.
පාසල් කාලයෙන් පස්සේ
සෙනිති.,
පවිත්ව මුහුණට මුහුණ දැකලා තිබුණේ නෑ.
ඒ හිස් තැන
දැන් හිතට බරක් වෙලා තිබුණා.
“එයාව එක පාරක්වත් බලන්න ඕනෙ…”
ඇගේ හිත ඉල්ලුවා.
ඒ නිසාම
සෙනිතිගේ උපන්දින සාදයට
පවිත්ට ආරාධනා කළා.
ඔහු තනියම එන්නේ නැති වෙයි කියලා හිතපු නිසා
ඇය උසස් පෙළ යාලුවෝ කීප දෙනෙකුටත්
සාදයට ආරාධනා කළා.
කෙමින් කෙමින්
උපන්දින දවස ලං වුණා.
අවසානයේ,
පවිත් ඇතුළු යාලුවෝ පිරිස
සාදයට සහභාගී වුණා.
හිනාව
සින්දු
ඡායාරූප
සුභ පැතුම්…
සාදය පුරා
සතුට පිරුණත්
දෙන්නාගේ හිතවල
නිහඬ ගැස්මක් තිබුණා.

සෙනිති සහ පවිත්
එක තැන හිටියා.
ඒත්
වැඩිය කතා කළේ නෑ.
ලැජ්ජාව
හිතේ බර
නොකියපු වචන…නිසාවෙන්
පමණක් නොව

යාලුවෝවත් දැනගෙන හිටියේ නෑ
මේ දෙන්නා
මේ තරම් ලංව කතා කරනවා කියලා.
කතා කරන්න බැරි වුණා.
“ආදරෙයි” කියන්න බැරි වුණා.
ඒත්...
හිත් දෙකම
ඒ වචනය හොඳටම දැනගෙන හිටියා.
සාදය අතරතුර
සෙනිති
ජනේලය අසල
නිහඬව හිටගෙන හිටියා.
රෑ ආලෝක
ඇගේ මුහුණට මෘදු ලෙස වැටුණා.
ඒ වෙලාවේ.....
කාටවත් නොදැනෙන්න
පවිත්
හෙමින් ඇගේ අත පිරිමැද්දා.

වචනයක්වත් නැතුව.
ඒ ස්පර්ශය
හිතට සැනසුමක් වුණා.
“මං ඔයාට ආදරෙයි"
කියන වචන

ඒ නිහඬ අත පිරිමැදීම ඇතුළේ තිබුණා.
ආදරේ කියලා
පවසන්න බැරි වුණත්—
ඒ මොහොත
දෙන්නට දෙන්නා
“ආදරෙයි” කියලා
දැනුණු මොහොතක් වුණා.
(Binu🐰🖋️)

අහබු ආදරය( part 03)ඒ පණිවිඩේට පිළිතුරු දෙන්නසෙනිතිට වෙලාව ලැබුණේ නෑ.දවස් කිහිපයක් ගියා.message එකchat list එකේ පහළටම සැඟ...
23/03/2026

අහබු ආදරය( part 03)

ඒ පණිවිඩේට පිළිතුරු දෙන්න
සෙනිතිට වෙලාව ලැබුණේ නෑ.
දවස් කිහිපයක් ගියා.
message එක
chat list එකේ පහළටම සැඟවුණා.
ජීවිතේ සමහර වෙලාවට
මිනිස්සු නොවෙයි,
කාලයම දුරස් කරනවා.
ඒත්…
අහම්බෙන් බැඳෙන හිතවතුන්
එහෙම ලේසියෙන් අතුරුදහන් වෙන්නෙ නෑ.
තවත් දවසක්.
සෙනිතිගේ phone එක ආයෙත් කම්පනය වුණා.
Pavith:

“Hi… මතකද මාව?
ඒ message එක දැක්කම
සෙනිති හෙමින් හිනා වුණා.
“කොහොම අමතක වෙන්නද…”
හිත ඇතුළෙන් එහෙම හිතුනත්
ඇය type කළේ සරල වචන ටිකක්.

“ඉතින් ඔයාට කොහොමද දැන්?
මොනවද කරන්නේ?”
ඒත්
සෙනිති දිගටම කතා කරේ නෑ.
Reply කලා,කතාබහ නැවතුනා.
කෙටි වචන අතර හිරවුණා.
කාලය තවත් ඉස්සරහට ගියා.
ඒ අතරතුර
පවිත්ගෙන් ආයෙත් message එකක් ආවා.

සෙනිති අහම්බෙන් වගේ
කතාව දිගටම ගෙනිගියා.
එදා රෑ
චැට් එක නිහඬ වුණේ නෑ.
මොනවා උනත්
මේ දෙන්න
උසස් පෙළ කාලේ ඉඳන් යාලුවෝ.
කෙසේ වෙතත්,
ඔවුන් පණිවිඩ හුවමාරු කරගත්තා.
ඒකට විශේෂ හේතුවක් තිබුණේ නෑ.
“කතා කරන්න ඕන”
කියන හිතේ ආසාව විතරයි තිබුණේ.
කාලයත් එක්ක
දෙන්නට දෙන්නා
නැතිව බැරි වුණා.
රණ්ඩු වුණා.
යාලු වුණා.
“හරි, කතා නොකර ඉමු” කියලා හිතුවත්,
නිහඬ වෙලා ඉන්න බැරි වුණා.

මේ දෙන්නට දෙන්නා
ආදරේ කළාද?
ඔව්…
හැබැයි
ඒක කවුරුත් කියාගත්තේ නෑ.
වචන වලට එන්න බය වුණු
හිතේ තැන් තිබුණා.
කාලය ගියත් එක්ක
"සෙනිතිගේ ජීවිතේට
අලුත් මාර්ගයක් විවෘත වුණා".

වෙන රටකට ගිහින්
අධ්‍යාපනය හදාරන්න
ඇය සූදානම් වුණා.

එය..
පවිත් දැනගත්ත දවසේ
ඔහු හෙමින් නිහඬ වුණා.
හිත ඇතුළේ
අමුතු කලබලයක්.
අහිමි වීමේ බියක්.
නැතිව යාමේ හිස් බවක්.
හැබැයි..
ඔහු ඒක පෙන්නුවේ නෑ.
“Congratulations”
කියන වචන ටිකක් පස්සේ
ලොකු දුකක් සැඟවුණා.
සෙනිති,
ඒ නිහඬ ප්‍රතිචාරයෙන්
ගොඩක් දුකට පත්වුණා.
“මං යන එක
ඔහුට වැදගත් නැද්ද…?”
ඇගේ හිත ඇතුළේ ප්‍රශ්නයක් උණා.
ඒත් පවිත්ගේ හිතේ තිබුණේ
පරණ මතකයක්.
ඔහුගේ කලින් පෙම්වතියත්
රට ගිහින් ඉගෙනගන්න යද්දී
“දුරස් වෙන සම්බන්ධය
රැකගන්න බෑ”
කියලා
ඒ ආදර කතාව නතර කරලා තිබුනේ,
ඒ තුවාලය
තවමත් සුව වෙලා තිබුණේ නෑ.
ඒ නිසාම.
සෙනිති ගැනත්
ඒම හිතන්න ඔහු පටන් ගත්තා.
“දුර යන කෙනෙක්ට
හිත බැඳගන්න හොඳ නෑ…”
කියලා
ඔහු තමන්වම සන්සුන් කරගත්තා.
ඒත්
හිතේ ආදරේ
නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි…
,(Binu🐰🖋️)

අහබු ආදරය( part 02)කාලය කියන්නේ හරිම නිහඬ ගමන්කාරයෙක්.ඒක කවදාවත් හඬ නගලා යන්නෙ නෑ…ඒත් ජීවිත වෙනස් කරලා යනවා.ඒ වගේම දවසක්...
22/03/2026

අහබු ආදරය( part 02)
කාලය කියන්නේ හරිම නිහඬ ගමන්කාරයෙක්.
ඒක කවදාවත් හඬ නගලා යන්නෙ නෑ…
ඒත් ජීවිත වෙනස් කරලා යනවා.
ඒ වගේම දවසක් සෙනිතිගේ ජීවිතේටත් ආවා.

ඇය තමන්ගේ කාමරේ නිහඬව phone එක අල්ලගෙන හිටියා.
Screen එක හදිසියේම එළිය වුණා.
Message notification.
අහම්බෙන් ආපු පණිවිඩයක්.
නම දැක්කම ඇගේ හදවත පොඩ්ඩක් නතර වුණා වගේ දැනුණා.
ඒ… උසස් පෙළ පන්තියේ හිටපු පරණ මිතුරෙක්.
කාලයක් තිස්සේ කතා නොකරපු,
මතක අතර විතරක් ඉතිරිවෙලා හිටපු
හිතවත් නමක්.
සෙනිති message එක විවෘත කරා.

“මේ සෙනිති… මම පවිත්,
ඔයා දන්න job එකක vacancy තියෙනවනම්
මට message එකක් දෙන්න.
මගේ යාලුවෙකුට.”
සරල වචන.
ඒත් ඒ වචන අතර
බලාපොරොත්තුවක් තිබුණා.
විශ්වාසයක් තිබුණා.
පරණ හිතවත්කමක් තිබුණා.
සෙනිති phone එක අල්ලගෙනම නිහඬ වුණා.
හිත අතීතයට ඇදගෙන ගියා.
පාසල් uniform එක…
classroom එකේ අන්තිම පෙළේ හිනාව
interval එකේ කතාබහ…
කාලය ගිහින් තිබුණත්
ඒ මතක තවමත් නැවුම් .
ඇය හෙමින් සුසුම් හෙළුවා.
“ජීවිතේ මිනිස්සු හමුවෙන්නේ
කාරනාවක් ඇතිව වෙන්න ඇති".

ඇයගේ තාත්තා පෞද්ගලික ආයතනයක වැඩ කරන කෙනෙක්.
ඒ නිසා මේ පුංචි උදව්ව කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා ඇයට හිතුනා.
Keyboard එක මත ඇඟිලි තබන්නට ගත්තා.
“හරි… මං හොයලා බලන්නම්.
තාත්තට කියලා බලන්නම්.”

ඒ message එක යැව්වට පස්සේ
ඇගේ හිතට පුංචි සැනසිල්ලක් දැනුණා.

ඒත් සෙනිති නොදැන හිටියේ .
මේ සරල පණිවිඩ හුවමාරුව
ඇගේ ජීවිතේ නව පිටුවක් ඇරඹෙන ලකුණක් වෙයි කියලා…
(Binu🐰💗🖋️)

අහබු ආදරය( part 01)ඔන්න එක කාලෙක,සෙනිති කියලා චූටි, හරිම නිහතමානි කෙල්ලෙක් හිටියා.ඇයගේ හදවත ඉතාමත් මෘදුයි.ආදරේ විශ්වාස ක...
22/03/2026

අහබු ආදරය( part 01)
ඔන්න එක කාලෙක,
සෙනිති කියලා චූටි, හරිම නිහතමානි කෙල්ලෙක් හිටියා.
ඇයගේ හදවත ඉතාමත් මෘදුයි.
ආදරේ විශ්වාස කරපු,
හදවතින්ම ආදරේ කරන
සෙනෙහසින් පිරුණු කෙනෙක්.
පාසල් යන කාලෙදී
සෙනිතිගේ ජීවිතේට ආදර කතා ඇවිත් ගියා.
ඒ හැම කතාවක්ම
ඇයට ඒ වෙලාවේ ලෝකෙම වටිනවා කියලා හිතුනා.
හැබැයි…
ඒ ආදරයන් දිගු ගමනක් ගියේ නෑ.
උපරිම මාස හයක් වගේ කාලයකින්,
ඒ හැම බැඳීමක්ම
ඇගේ අත් අතරින් නිහඬවම ගිලිහිලා ගියා.
වෙන්වීම් කියන්නේ
හදවතට බර පාඩම් උගන්වන දෙයක්
ඒ එක් එක් සමුගැනීම් එක්ක
සෙනිතිගේ හිත ඇතුළටම කැළඹුණා.
ඇය ඉක්මනින්ම ඉගෙන ගත්තා —
ආදරේ කියන්නේ සතුට විතරක් නෙමෙයි කියලා…
රිදුම්, මතක,
නිහඬව වැටෙන කඳුළුත් එක්ක
එන ගමනක් කියලා.
කාලය නිහඬව ගලා ගියා.

චූටි කෙල්ල
ටික ටික ලොකු වුණා.
ජීවිතේ තේරුම් ගන්න පටන් ගත්තා.
හිතත් මඳක් ශක්තිමත් වුණා.
හැබැයි…

ඒ හිතේ කොණක
ආදරේ ගැන තිබුණ විශ්වාසය
ටික ටික මැලවෙලා ගියා.
අවුරුදු විසි දෙකක් — විසි තුනක් වගේ වෙද්දී,
සෙනිතිගේ ජීවිතේ
සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා.
ඇය දැන් ඉස්සර වගේ
ආදරේ පස්සේ දුවන කෙනෙක් නෙමෙයි.
හදවත ආරක්ෂා කරගන්න ඉගෙන ගත්ත,
නිහඬව ජීවිතේ ගමන යන
ශක්තිමත් කෙල්ලෙක්.

"ආදර සම්බන්ධතා?"

ඒවා දැන් ඇයට
අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි.
පාසල් කාලේ ලැබුණ අත්දැකීම්
ඇගේ හදවතට
පාඩම් ගොඩක් උගන්වා තිබුණා.
ඒ නිසා දැන් ඇය
තනියම ඉන්න එකටත් බය නෑ.
මොකද ?
තනියම හිටියත්,
ඇය
ඇයටම ආදරේ කරන්න
ඉගෙනගෙන තිබුණා.🖋️

(Binu🖋️🐰)

Address

298/1 Siyambalape North Siyambalape
Gampaha
11607

Website

Alerts

Be the first to know and let us send you an email when Binu’s Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category