23/03/2026
අහබු ආදරය (Part 04)
සෙනිති රට යන දින
හෙමින් හෙමින් ලං වෙන්න ගත්තා.
කැලැන්ඩරේ පිටු
ඇයට ඉක්මනට පෙරළෙනවා වගේ දැනුණා.
පාසල් කාලයෙන් පස්සේ
සෙනිති.,
පවිත්ව මුහුණට මුහුණ දැකලා තිබුණේ නෑ.
ඒ හිස් තැන
දැන් හිතට බරක් වෙලා තිබුණා.
“එයාව එක පාරක්වත් බලන්න ඕනෙ…”
ඇගේ හිත ඉල්ලුවා.
ඒ නිසාම
සෙනිතිගේ උපන්දින සාදයට
පවිත්ට ආරාධනා කළා.
ඔහු තනියම එන්නේ නැති වෙයි කියලා හිතපු නිසා
ඇය උසස් පෙළ යාලුවෝ කීප දෙනෙකුටත්
සාදයට ආරාධනා කළා.
කෙමින් කෙමින්
උපන්දින දවස ලං වුණා.
අවසානයේ,
පවිත් ඇතුළු යාලුවෝ පිරිස
සාදයට සහභාගී වුණා.
හිනාව
සින්දු
ඡායාරූප
සුභ පැතුම්…
සාදය පුරා
සතුට පිරුණත්
දෙන්නාගේ හිතවල
නිහඬ ගැස්මක් තිබුණා.
සෙනිති සහ පවිත්
එක තැන හිටියා.
ඒත්
වැඩිය කතා කළේ නෑ.
ලැජ්ජාව
හිතේ බර
නොකියපු වචන…නිසාවෙන්
පමණක් නොව
යාලුවෝවත් දැනගෙන හිටියේ නෑ
මේ දෙන්නා
මේ තරම් ලංව කතා කරනවා කියලා.
කතා කරන්න බැරි වුණා.
“ආදරෙයි” කියන්න බැරි වුණා.
ඒත්...
හිත් දෙකම
ඒ වචනය හොඳටම දැනගෙන හිටියා.
සාදය අතරතුර
සෙනිති
ජනේලය අසල
නිහඬව හිටගෙන හිටියා.
රෑ ආලෝක
ඇගේ මුහුණට මෘදු ලෙස වැටුණා.
ඒ වෙලාවේ.....
කාටවත් නොදැනෙන්න
පවිත්
හෙමින් ඇගේ අත පිරිමැද්දා.
වචනයක්වත් නැතුව.
ඒ ස්පර්ශය
හිතට සැනසුමක් වුණා.
“මං ඔයාට ආදරෙයි"
කියන වචන
ඒ නිහඬ අත පිරිමැදීම ඇතුළේ තිබුණා.
ආදරේ කියලා
පවසන්න බැරි වුණත්—
ඒ මොහොත
දෙන්නට දෙන්නා
“ආදරෙයි” කියලා
දැනුණු මොහොතක් වුණා.
(Binu🐰🖋️)