Geography Explorer

Geography Explorer bitrush

11/10/2024
අපගේ යුටුයුබ් චැනල් එක හරහා ද එකතු වන්න..ලෝකය ගවේෂණය කරන්න අප හා එකතු වන්න..https://youtube.com/?si=GCvkFUFGINpIhu0c
02/02/2024

අපගේ යුටුයුබ් චැනල් එක හරහා ද එකතු වන්න..ලෝකය ගවේෂණය කරන්න අප හා එකතු වන්න..

https://youtube.com/?si=GCvkFUFGINpIhu0c

World shorts

Geography Explorer Support ekak dennaHamoma..subscribe karanna..(youtube )
01/02/2024

Geography Explorer

Support ekak denna
Hamoma..subscribe karanna..(youtube )

World shorts

🤩🤩🤩🤩
31/12/2023

🤩🤩🤩🤩

🤩🤩🤩
14/12/2023

🤩🤩🤩

23/10/2023

මානව දැනුමට.....

ආසියාව (Asia) යනු පෘථිවියේ විශාලතම මහාද්වීපය වන අතර එය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර මිලියන 44.58 ක වපසරියක් ආවරණය කරයි. ආසියාවේ රටවල් 49ක් ඇති අතර, ඒවා කලාපීය කොට්ඨාශ පහකට කාණ්ඩගත කර ඇත: නැගෙනහිර ආසියාව (East Asia), අග්නිදිග ආසියාව (South-East Asia), දකුණු ආසියාව (South Asia), නිරිතදිග ආසියාව (South-West Asia) හා මධ්‍යම ආසියාව (Central Asia).

එම රටවල් සියල්ලේම නම් ලැයිස්තුව පහතින් දැක්වේ 👇

0️⃣1️⃣: ඇෆ්ගනිස්ථානය (Afghanistan)
0️⃣2️⃣: ආර්මේනියාව (Armenia)
0️⃣3️⃣: අසර්බයිජානය (Azerbaijan)
0️⃣4️⃣: බහරේනය (Bahrain)
0️⃣5️⃣: බංග්ලාදේශය (Bangladesh)
0️⃣6️⃣: භූතානය (Bhutan)
0️⃣7️⃣: බෲනායි (Brunei)
0️⃣8️⃣: කාම්බෝජය (Cambodia)
0️⃣9️⃣: චීනය (China)
1️⃣0️⃣: සයිප්‍රසය (Cyprus)
1️⃣1️⃣: ජෝර්ජියාව (Georgia)
1️⃣2️⃣: ඉන්දියාව (India)
1️⃣3️⃣: ඉන්දුනීසියාව (Indonesia)
1️⃣4️⃣: ඉරානය (Iran)
1️⃣5️⃣: ඉරාකය (Iraq)
1️⃣6️⃣: ඊශ්‍රායලය (Israel)
1️⃣7️⃣: ජපානය (Japan)
1️⃣8️⃣: ජෝර්දානය (Jordan)
1️⃣9️⃣: කසකස්තානය (Kazakhstan)
2️⃣0️⃣: කුවේට් (Kuwait)
2️⃣1️⃣: කිර්ගිස්තානය (Kyrgyzstan)
2️⃣2️⃣: ලාඕසය (Laos)
2️⃣3️⃣: ලෙබනනය (Lebanon)
2️⃣4️⃣: මැලේසියාව (Malaysia)
2️⃣5️⃣: මාලදිවයින (Maldives)
2️⃣6️⃣: මොංගෝලියාව (Mongolia)
2️⃣7️⃣: මියන්මාරය - බුරුමය) (Myanmar - Burma)
2️⃣8️⃣: නේපාලය (Nepal)
2️⃣9️⃣: උතුරු කොරියාව (North Korea)
3️⃣0️⃣: ඕමානය (Oman)
3️⃣1️⃣: පකිස්ථානය (Pakistan)
3️⃣2️⃣: පලස්තීනය (Palestine)
3️⃣3️⃣: පිලිපීනය (Philippines)
3️⃣4️⃣: කටාර් (Qatar)
3️⃣5️⃣: සවුදි අරාබිය (Saudi Arabia)
3️⃣6️⃣: සිංගප්පූරුව (Singapore)
3️⃣7️⃣: දකුණු කොරියාව (South Korea)
3️⃣8️⃣: ශ්‍රී ලංකාව (Sri Lanka)
3️⃣9️⃣: සිරියාව (Syria)
4️⃣0️⃣: තායිවානය (Taiwan)
4️⃣1️⃣: ටජිකිස්තානය (Tajikistan)
4️⃣2️⃣: තායිලන්තය (Thailand)
4️⃣3️⃣: ටිමෝරය (Timor)
4️⃣4️⃣: තුර්කිය (Turkey)
4️⃣5️⃣: ටර්ක්මෙනිස්තානය (Turkmenistan)
4️⃣6️⃣: එක්සත් අරාබි එමීර් රාජ්‍යය (United Arab Emirates)
4️⃣7️⃣: උස්බෙකිස්තානය (Uzbekistan)
4️⃣8️⃣: වියට්නාමය (Vietnam)
4️⃣9️⃣: යේමනය (Yemen)

ආසියාව පිළිබඳ කරුණු කිහිපයක් පහතින් දැක්වේ:

විශාලතම මහාද්වීපය: ආසියාව යනු පෘථිවියේ විශාලතම හා වඩාත්ම ජනාකීර්ණ මහාද්වීපය වන අතර එය ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 30% ක් පමණ ආවරණය වන අතර බිලියන 4.6 කට අධික ජනතාවක් වාසය කරයි.

විවිධ භාෂා: මහාද්වීපය පුරා භාෂා දහස් ගණනක් කතා කරන ආසියාව ඇදහිය නොහැකි තරම් භාෂාමය වශයෙන් විවිධ වේ. වැඩිපුරම කතා කරන භාෂා සමහරක් අතර මැන්ඩරින් චීන, හින්දි, අරාබි හා බෙංගාලි ඇතුළත් වේ.

එවරස්ට් කන්ද: ලොව උසම කඳු මුදුන වන එවරස්ට් කඳු මුදුන ආසියාවේ හිමාල කඳුවැටියේ පිහිටා ඇත. එය මුහුදු මට්ටමේ සිට මීටර් 8,848.86 (අඩි 29,031.7) උසින් පිහිටා ඇත.

සංස්කෘතික පොහොසත්කම: ආසියාව එහි පොහොසත් හා විවිධ සංස්කෘතික උරුමයන් සඳහා ප්‍රසිද්ධය. එය බුද්ධාගම, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් හා සීක් වැනි ප්‍රධාන ආගම්වල මෙන්ම කොන්ෆියුෂියානුවාදය හා තාඕවාදය වැනි දර්ශනවල උපන් ස්ථානයයි.

පුරාණ ශිෂ්ටාචාර: ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මෙසපොතේමියාව හා පුරාණ චීනය ඇතුළු ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාර සමහරක් ආසියාවේ වර්ධනය විය.

චීනයේ මහා ප්‍රාකාරය: යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන චීන මහා ප්‍රාකාරය ලෝකයේ මිනිසා විසින් සාදන ලද වඩාත්ම කැපී පෙනෙන ව්‍යුහයන්ගෙන් එකකි. එය සැතපුම් 13,000 (කිලෝමීටර් 21,196) දක්වා විහිදේ.

මෝසම් සමයන්: ආසියාවේ බොහෝ ප්‍රදේශ දේශගුණයට හා කෘෂිකර්මයට බෙහෙවින් බලපාන වෙනස් මෝසම් කාලවල් අත්විඳියි. කලාපයේ ජල සැපයුම සඳහා මෙම මෝසම් ඉතා වැදගත් වේ.

සේද මාවත: පුරාණ සේද මාවත, වෙළඳ මාර්ග ජාලයක්, ආසියාව යුරෝපය හා අප්‍රිකාව සමඟ සම්බන්ධ කළේය. භාණ්ඩ, සංස්කෘතීන් හා අදහස් හුවමාරු කර ගැනීමේදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

තාක්‍ෂණික දියුණුව: ආසියාව තාක්‍ෂණික නවෝත්පාදන හා නිෂ්පාදන සඳහා කේන්ද්‍රස්ථානයකි. ජපානය, දකුණු කොරියාව හා චීනය වැනි රටවල් තාක්‍ෂණය හා කර්මාන්ත සඳහා ඔවුන්ගේ දායකත්වය සඳහා ප්‍රසිද්ධය.

ජෛව විවිධත්වය: අග්නිදිග ආසියාවේ ඝන වැසි වනාන්තරවල සිට මධ්‍යම ආසියාවේ විශාල ස්ටෙප්ස් තණභූමී දක්වා ආසියාව ඇදහිය නොහැකි ජෛව විවිධත්වයකින් යුක්තය. එය බෙංගාල කොටියා හා යෝධ පැන්ඩා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විවිධ විශේෂවල නිවහනකි.
(උපුටා ගැනීමකි)

ඊශ්‍රායල - පලස්තීණ කතාව...යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙ...
22/10/2023

ඊශ්‍රායල - පලස්තීණ කතාව...

යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.
දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය මවනව.
හඳ.. තරු.. අහස.. පොළව... ගහ කොල විතරක් නෙවෙයි.. ආදම් හා ඒව නමින් පලමු ගැහැණිය හා මිනිසාත් දෙවියන් විසින් මවනව.
ඒ ලේඛන කියන ආකාරයට අපි මේ ඉන්නෙ 5782 කියන වර්ශයේ. ඒ කියන්නෙ ලෝකය මැවීමෙන් අවුරුදු 5782 ක් ගතවෙලා ඉවරයි.
යුදෙව් වගේම පහුකාලීන්ව බිහිවෙන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේත් මේ බව විශ්වාස කෙරෙනව.
දැනට අවුරුදු 3834කට කලින් ආබ්‍රහම් කියල පුද්ගලයෙක් උපත ලබන බවට සඳහන් වෙන්නෙත් යුදෙව් ලේඛන තුලමයි.
( ලෝකය නිර්මාණයෙන් වසර 1948කට පසුව තමයි ආබ්‍රහම් උපත ලබන්නෙ)
දෙවියන්ගේ මතයට විරුද්ධව විවිධ ජනකොටස් කටයුතු කරන හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව තෝරා ගන්නව තමන්ගෙ පරපුර ඉදිරියට ගෙනි යන්න.
මෙන්න මේ ආබ්‍රහම් තමන්ගෙ පුතාව දෙවියන්ට බිලි දෙන්න සූදානම් වීම මත දේව ආශිර්වාදයත් කැමැත්තත් දිනාගන්නව.
එයාට ලැබෙන තෑග්ග තමයි කානාන් නම් දේශය.
අද ලෝකයේ පිලිගැනෙන ආගම් අතරින් යුදෙව්... ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් හා ඇදහීම්වල පියා තමයි ආබ්‍රහම්.
ආබ්‍රහම්ගේ පරපුර යුදෙව්වන් විදිහට කානාන් හෙවත් ඊශ්‍රායල් භූමි ප්‍රදේශයේ පදිංචි වෙලා තමන්ගෙ රාජධානිය ගොඩනගනව.
මේ රාජධානියේ අගනුවර තමයි ජෙරුසෙලම.
මේ යුදෙව් මිනිස්සු යුද්ධයේ වගේම වගා කිරීමේත් දක්ශයො. කානාන් දි‍යුණු රාජ්‍යයක් බවට පත්වෙද්දි බැබිලෝනියා හා පාරාවන්ගේ ඊජිප්තු පාලනයේ අවධානයත් ඊර්ශ්‍යාවත් මේ භූමිය දිහාවට යොමුවෙනව.

ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කරනව. ( ශිෂාක්- Shishak, also spelled Shishaq or Susac)
ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් කුදලගෙන අරගෙන එනව ඊජිප්තුවට.
මේ අය වහළුන් විදිහට යොදාගන්නව ඊජිප්තුව ගොඩනගන්න.
ඒ වෙද්දි ඊජිප්තුවේ විවිධ වර්ගයේ දෙවිවරුන් අදහනව.

හදිස්සියේම යුදෙව්වන්ගේ දෙවියන්ට මතක් වෙනව තමන්ගෙ ජනතාව ඊජිප්තුවේ වහළුන් විදිහට වැඩ කරනව කියල.
දෙවියන් විසින් මෝසෙස් කියන පුද්ගලයා හෙවත් ශාස්තෲවරයා තෝරාගෙන මේ යුදෙව් වහළුන් පිරිසට නිදහස ලබාගන්න මග පෙන්වනව.
මෝසෙස් විසින් ඊජිප්තුවේ වහල්කම් කරපු ජනතාව නිදහස් කරගෙන ආයෙත් කානාන් හෙවත් ඊශ්‍රායලයට කැඳවාගෙන එනව. ( ඊශ්‍රායල් භූමියට ඇතුල් වෙන්න කලින් මෝසෙස් මිය යද්දි ජෝශුවා නම් නායකයා තමයි යුදෙව් ජනතාව තමන්ගෙ මව් බිමට කැඳවාගෙන එන්නෙ -
මේ සියල්ල සටහන් වෙන්නෙ යුදෙව් ලේඛණ තුල වුනත් පසුකාලීන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇදහීම් තුල මේ ලේඛන විශ්වාස කරන්න පටන් ගන්නව)

නැවත සැරයක් කානාන් දේශය බලවත් වෙනව. ඉන්පස්සෙ බැබිලෝනියාව විසින් කානාන් ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කමට ගන්නව.
මෙන්න මේ කාලයේදී යුදෙව්වන් තමන්ගෙ ග්‍රන්ථවල ලියනව මෙසියා නම් රජෙකු පහලවෙලා නැවතත් ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් කරන බවට.

කාලය ගතවෙනව.. ටිකෙන් ටික නිදහස ලබාගන්නා යුදෙව්වන් නැවතත් යුදෙව් දේශය ගොඩනගනව.
මේ වෙද්දි රෝම අධිරාජ්‍ය ඉතාම බලවත් වෙමින් යුරෝපයත් මධ්‍යධරණී කලාපයෙත් බලය පතුරවනව.
යුදෙව් රාජ්‍යටත් සිදුවෙනව රෝමයේ පාලනයට යටත් වෙලා උප රාජ්‍යයක් බවට පත්වෙන්න.

ක්‍රිස්තු වර්ශ එකේදී ජේසුස් නම් පුද්ගලයෙක් උපත ලබන්නෙ යුදෙව් පවුලකට අයත්ව මේ කියන යුදෙව් දේශයේදීයි.
යුදෙව්වන්ගෙන් කොටසක් විශ්වාස කරනව මේ උපත ලබන්නෙ මෙසියා හෙවත් ඊශ්‍රායලයේ ගැලවුම් කරු බවට. තවත් කොටසක් මේ අදහස ප්‍රථික්ශේප කරනව. මේ තරුණයා බොහොම විප්ලවවාදී අදහස් ඇති දක්ශ කථිකයෙක්.
කෝපයට පත්වෙන මූලධර්මවාදී යුදෙව්වන් යේසුස්ට මරණ දඬුවම දෙන්න කියල රෝම පාලනයෙන් ඉල්ලනව. මේකෙ ප්‍රථිඵලයක් විදිහට ෆොන්සියු පිලාත් නම් ප්‍රාදේශීය නායකයෙක් යටතේ නඩු අහල ජේසුස්ව කුරුසයේ ඇණ ගහල මරාදානව.

මේ සිද්ධියත් එක්කම යුදෙව් දේශයේ ජනයා කොටස් දෙකකට බෙදෙනව යුදෙව් හා ක්‍රිස්තියානි විදිහට.
යේසුස් දෙවියන්ගේ පුත්‍රයා හා ඊශ්‍රායලයේ ගැලවුම්කරු විදිහට පිලිගන්නා කොටස ක්‍රිස්තියානි වෙද්දි ඒ මතය පිලි නොගන්නා කොටස යුදෙව්වන් විදිහට ඉතිරි වෙනව.
මේ දෙපිරිසම දැන් යුදෙව් දේශයේ ජීවත් වෙනව රෝම පාලනයට යටත්ව.

රෝමයේ අධික බදුබර දරාගන්න ලේසි නෑ. යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායල් ජනතාව මහන්සි වෙලා වැඩකරනව.. වගා කරනව... අළුත් නිර්මාණ බිහිකරනව.
යුදෙව් දේශය හෙවත් ජුදෙයා නැවත වරක් තමන්ගෙ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කරනව විවිධ බෙදීම් මැද.
මේ අය කැරලි ගහනව අධික බදු පැනවීමට හා රෝම නීති රීති වලට එරෙහිව.

ප්‍රථිඵලය වෙන්නෙ රෝමය විසින් යුදෙව් දේශය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරල ජෙරුසෙලමත් එහි පන්සල් හා ආරක්ශක පවුරුත් විනාශ කරන එක.
මේ ආක්‍රමණය සිද්ධ වෙන්නෙ ක්‍රිස්තු වර්ශ 70 අප්‍රියෙල් හා අගෝස්තු මාස අතර කාලයේදීයි.
රෝමන්වරු දන්නව යුදෙව්වන් නැවත වරක් සංවිධානය වෙන්න තරම් හැකියාවක් තියන.. ඒ වගේම නැවත යුදෙව් දේශය ගොඩනගන්න පුළුවන් පිරිසක් බව.
මේ අය කරන්නෙ යුදෙව් දේශය හෙවත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගාල දාන්න පියවර ගන්න එක.
ජුදෙයා දේශයේ නම මේ අය වෙනස් කරනව සිරියා ද පලස්තීනා විදිහට. ( Syria De Palaestina).
රෝමන් ආක්‍රමණයෙන් විනාශ වුනු ජුදා හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ යුදෙව්වන්.. ක්‍රිස්තියානීන්.. පිලිස්ති හෙවත් යුරෝපා මුහුදු කොල්ලකරුවන්.. විවිධ ප්‍රාදේශීය ආගම් වලට අයත් අරාබි ජාතිකයන් ජීවත් වෙනව.

යුදෙව්වන් තවදුරත් තමන්ගේ ආගමේ අගනුවර ජෙරුසෙලම විදිහට සලකද්දි ජේසුස් හරහා බිහිවූ ක්‍රිස්තියානි ඛාන්ඩ ජෙරුසෙලම තමන්ටත් අයිති බව ප්‍රකාශ කරනව.
මේ වෙද්දි රෝමන් පාලකයන් විසින් ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට අරගෙන ගිහින් රෝමානු කතෝලික ආගම බිහිකරනව.

අරාබි ජාතිකයන් පසුවෙන්නෙ කනස්සල්ලෙන්. කාලෙකට කලින් තමන්ගෙ ප්‍රදේශයේ බිහිවූ ආබ්‍රහම් යුදෙවෙක් බවට පත්වෙන ආකාරයත් ... ඉන්පස්සෙ ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට රැගෙන යන ආකාරයත් බලාගෙන ඉන්න අරාබි ජාතිකයන් තමන්ගේම නායකයෙක් ගැන හිතමින් ඉන්න කාලයකයි මොහොමඩ් උපත ලබන්නෙ.
මේ කතා කරන්නෙ ක්‍රිස්තු වර්ශ 570 වගේ මෑත කාලයක් ගැන.
ලංකාවේ නම් පලවෙනි අග්ගබෝධි රජතුමාගේ කාලය.
මෙක්කා නගරයේ උපත ලබන මොහොමඩ් අරාබි ජාතිකයන්ට අහිමි වූ ආගම හා සංස්කෘතිය නැවත ලබාදෙන්න උත්සාහ කරනව.
දෙවියන්ගේ පණිවිඩ කරුවෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා මොහොමඩ් ජෙරුසෙලමේ අයිතිය අරාබි ජාතිකයන් සතු බවත් දෙවියන් විසින් මේ රාජ්‍ය හා නගර යටත් කරගන්නා ලෙස තමන්ට පැවසූ බවත් තමන්ගෙ පාක්ශිකයන්ට කියනව.
මොහොමඩ් විසින් දෙවියන් විදිහට හඳුන්වන්නෙ යුදෙව්වන්ගේ වගේම ක්‍රිස්තියානි භක්තිකයන්ගෙත් එකම දෙවියන්. මේ හැමදෙනාම පැවතෙන්නෙ ආබ්‍රහම් නම් පුද්ගලයාගේ හෝ ශාස්තෲවරයාගේ පරපුරෙන්.
නමුත් මේ අයගෙ භාශාව හා සංස්කෘතිය වෙනස්.
මේ තමයි මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගමේ ආරම්භය.
යුදෙව් සංස්කෘතිය ඊශ්‍රායලයේ හෙවත් සිරියා ද පලස්තීනා දේශයේත්... ක්‍රිස්තියානි සංස්කෘතිය රෝමය මුල්කරගත් යුරෝපයේත් මුල් ඇදගන්නව.
අවුරුදු දාස් ගාණක් තිස්සෙ විවිධ ආක්‍රමණ යුද්ධ වලට මුහුණ දෙන යුදෙව් දේශය මේ හැම දෙයක්ම මැද්දෙ තමන්ගෙ විශ්වාසයත් බැඳීමත් ජෙරුසෙලම වටා තියාගන් උත්සාහ කරන බව අපිට දකින්න පුළුවන්.

ක්‍රිස්තු වර්ශ 636 වගේ වර්ශයක මොහොමඩ් විසින් ගොඩනගන ලද මුස්ලිම් හමුදාව ජෙරුසෙලම හා යුදෙව් දේශය ආක්‍රමණය කරනව. මේ වෙද්දි රෝමය බිඳ වැටීමත් බයිසෙන්ටීන් රාජ්‍ය තවදුරත් පැවතීමත් අපිට දකින්න පුළුවන්.
මුස්ලිම් ආක්‍රමණයත් එක්ක යුදා දේශය හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ විශාල පිරිසකට ඉස්ලාම් ආගම වැලඳගන්න බල කෙරෙනව. නමුත් තමන්ගෙ ආගම වෙනස් කරන්න අකමැති යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් කොටසක් තව දුරටත් යුදා දේශයේ හා ජෙරුසෙලමේ ඉතිරි වෙනව.
මේ කාලය තුල බයිසෙන්ටීන් වරුන්.. අරාබි මුස්ලිම් වරුන්... යුදෙව්වන්... ක්‍රිස්තියානි භක්තිකයන් අතර විවිධාකාර ගැටුම් යුද්ධ හටගන්නව ජෙරුසෙලම හෙවත් දෙවියන්ගේ නගරය වෙනුවෙන්.
ක්‍රිස්තු වර්ශ 1075 දී යුරෝපීය ක්‍රිස්තියානි ජනතාව ජෙරුසෙලම මුස්ලිම් වරුන්ගෙන් බේරාගන්න ශුද්ධ වූ යුද්ධයක් දියත් කරනව. 1075 ඉඳල 1291 වර්ශය දක්වා දිවෙන මේ යුද්ධය අපි හඳුන්වන්නේ පලමු කුරුස යුද්ධය විදිහටයි. ( දෙවන කුරුස යුද්ධය 1291 - 1717 දක්වා දිවෙනව).

බයිසෙන්ටීන් රාජ්‍යය ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ඇදහීම් වලට මුල්තැන දුන් රාජ්‍යයක්.
බයිසෙන්ටීන් රාජ්‍ය බිඳවැටීමත් එක්ක ඉස්ලාම් ආගම මූලික කරගත් ඕටමන් රාජ්‍ය බිහිවෙනව වර්ථමාන තුර්කිය මුල්කරගෙන. ඕටමන් රාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්තිනෝපල් බිඳවැටීම ප්‍රභල මුස්ලිම් ජයග්‍රහණයක් විදිහට සටහන් වෙද්දි 1299 ඕටමන් රාජ්‍යය බිහිවෙන්නෙ තුර්කිය... සිරියාව... ඉරානය හා ඉරාකයේ කොටස්... යුදෙව් දේශය හෙවත් සිරියා පලස්තීන වගේ විශාල බිම් ප්‍රදේශයක් යටත්කර ගනිමිනුයි.
1299 පටන් ගැනෙන ඕටමන් රාජ්‍යය 1921 පලවෙනි ලෝක යුද්ධය දක්වා කාලය තුල සාර්ථක පාලනයක් ගෙනියනව. අපි දන්නව ඕටමන් වරු ඉස්ලාම් වරුන් බව.
මේ කාලයේදී යුදෙව් දේශයේ ජීවත් වූ යුදෙව්වන් ලෝකය පුරා විසිරිලා යන්නෙ තමන්ගෙ බිම් ප්‍රදේශ ඕටමන්වරු යටතේ පාලනය වීමත් ඒ යටතේ මුස්ලිම්වරුන්ට වැඩි සැලකිලි ලැබීමත් යන කාරණා මුල්කරගෙනයි.
මුස්ලිම් පාලනයෙන් මිදිලා යුරෝපයේත් උතුරු ඇමරිකාවේත් ආසියාවේත් යුදෙව් ජනයා ජීවත් වෙන්නෙ තමන්ගේ විශ්වාස හා ඇදහිලි ඒ ආකාරයටම පවත්වාගෙන යන අතරෙයි.
යුදෙව්වන් ඉතාම දක්ශ ව්‍යාපාරිකයන් හා වෙලෙන්දන්... මේ අය අතරෙ විවිධ බුද්ධිමතුන්... ව්‍යවසායකයින්.. කලාකරුවන්... ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ විවිධ ක්ශේස්ත්‍රවල බලවත් පුද්ගලයන් දකින්න ලැබෙනව. නමුත් මේ අය කිසිම විටෙක අමතක කරන්නෙ නෑ තමන්ගෙ මුල්බිම හෙවත් යුදෙව් දේශය ගැන.

මෙන්න මේ කාලයේදී පලමු ලෝක යුද්ධය පටන් ගන්නව.
ජර්මනිය හා ඕටමන් රාජ්‍යය එක් පසෙකත් යුරෝපය හා ඇමරිකානුවන් තවත් පසෙකත් හිඳිමින් පලමු ලෝක යුද්ධය ඇවිලෙනව.
යුරෝපයේ ධනවත් යුදෙව්වන් යුරෝපීය මිත්‍ර හමුදාවට තමන්ගෙ ධනයෙන් උදව් කරනව.
මේ කාලය වෙද්දි යුරෝපයේ ධනවත්ම ව්‍යාපාරිකයන් වෙන්නෙ යුදෙව්වන්.
මේ අයගෙ කොන්දේසියක් තමයි යුද්ධය දිනුවොත් ඕටමන්වරුන් විසින් පාලනය කරන තමන්ගේ මව් බිම තමන්ට නැවත ලබාදිය යුතුයි යන්න.
මේ එකඟතාව බැල්ෆෝ ඩෙක්ලරේශන් නමින් පසුකාලීනව ප්‍රසිද්ධ වෙනව. ( Balfour Declaration)
අපි දන්නව මේ වෙද්දි... වසර සිය ගානක් පුරා යුදෙව් දේශයේ හෙවත් සිරියා පලස්තීනා බිමේ ජීවත් වෙන්නෙ මුහම්මඩ්ගේ ආක්‍රමණයත් එක්ක ව්‍යාප්ත වූ මුස්ලිම්වරුන් බව.
ඒ එක්කම විවිධ බාධක කරදර මැද සුළු යුදෙව් ජනගහනයකුත් .. කුඩා ක්‍රිස්තියානි කන්ඩායම් කීපයකුත් ජෙරුසෙලම අවට ජීවත් වෙනව.
මුස්ලිම්... ක්‍රිස්තියානි හා යුදෙව්වන් තුන්ගොල්ලම ජෙරුසෙලමට උරුමකම් කියනව.

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝ ( Arthur Ba flour) විසින් ලිඛිතව දැනුම් දෙනව ‍යුදෙව් රාජ්‍යයක් එය කලින් තිබූ භූමියේ ස්ථාපනය කරනව කියල.
ඒ 1917 නොවැම්බර් දෙවනිදා බ්‍රිතාන්‍යයේ යුදෙව් සංවිධානයේ ලෝඩ් රොත්ශිල්ඩ්ට ලියන ලද ලියුමක් මගින්.

පලවෙනි ලෝක යුද්ධය අවසන් වෙන්නෙ ජර්මනිය හා ඕටමන් රාජ්‍යයන් පරාජයට පත් කරමින්.
පලස්තීනය හා ඊශ්‍රායලය තිබූ භූමිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙනව.
මේ පාලනය යටතේ තමයි ජෝර්දානය.. පලස්තීනා ජෝර්දානා භූමිය හා ඊශ්‍රායල් භූමි ප්‍රදේශය බිහි වෙන්නෙ.

1917/1948 කාලය පුරාම මේ දේශයන්ගෙ සීමා පිලිබඳ බොහෝ සාකච්චා මත ගැටුම් ඇතිවෙනව. නමුත් මේ ප්‍රදේශවල පදිංචියට යුදෙව්වන් නොකඩවා ඇදිල එන්නෙ ඒ තමන්ට පොරොන්දු වුනු රට නිසා.

පලමු ලෝක යුද්ධයේ කොන්දේසි අනුව යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් බිහි කරන්න බ්‍රිතාන්‍යයයන් ප්‍රමුඛ යුරෝපීයයන් කටයුතු කරන්නෙ නැහැ.
යුදෙව්වන් බොහොම කලකිරීමට පත්වුනත් අඩුම වශයෙන් ඒ අයට තමන්ගෙ උපන්බිමට යන්න හැකියාව ලැබෙනව.

මෙන්න මේ අතරෙදි දෙවන ලෝක යුද්ධය ඇරඹෙනව.
බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවට යුදෙව්වන්ගේ සහාය නැවතත් අවශ්‍ය වෙනව.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නෙ යුරෝපයේ යුදෙව්වන් සමූල ඝාතනය කරමින්.
යුරෝපයේ ධනවත්ම ජන කොට්ඨාශය වූ යුදෙව්වන් හිට්ලගේ ඊර්ශ්‍යාවට ලක්වෙද්දි
මිලියන එක හමාරකට ආසන්න යුදෙව්වන් මරා දමනව කිසිම හේතුවක් නැතුව.

ජර්මනියෙන් පලා ආ යුදෙව්වන් ප්‍රංශයේ..ස්විට්සර්ලන්තයේ හා මහා බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබනව.
මෙන්න මෙතන්දි තමයි බැල්ෆෝ ලියවිල්ල ආයෙත් කරලියට එන්නෙ.
පලමු වන ලෝක යුද්ධයේදී පොරොන්දු වුණු විදිහට සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් යුදෙව්වන්ට ලැබුනෙ නැහැ.
ඒ නිසා නැවත වරක් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා යුදෙව්වන්ට පොරොන්දු වෙනව දෙවන ලෝක යුද්ධය අවසන් වුණු වහාම ස්වාධීන යුදෙව් රාජ්‍ය පිහිටුවනව කියල.

දෙවන ලෝක යුද්ධය අවසන් වෙනව.

1948 මැයි දාහතර වෙනිද අවසන් බ්‍රිතාන්‍ය භටයත් යුදෙව්වන්ට පොරොන්දු වුනු භූමියෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ ස්වාධීන ඊශ්‍රායල් රටේ බිහිවීම ප්‍රකාශයට පත් කරනව.

පලස්තීනා ද සිරියා නමින් පැවතුනු භූමියේ ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් බිම් ප්‍රදේශ වෙන්කිරීම පහසු කාරියක් නෙවෙයි.
හේතුව මේ බිමේ අවුරුදු සිය ගාණක ඉඳල යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ජාතිකයන් මිශ්‍රව ජීවත් වීම.
යුදෙව් හා ඉස්ලාම් ජන කොටස් අතර භූමිය බෙදීම ඉතාම සංකීර්ණ කාර්‍යයක්.
මේ ආකාරයට භූමිය බෙදීම යුදෙව්වන් හෙවත් ඊශ්‍ර්‍රායලය විසින් පිලි ගත්තත් මුස්ලිම් ජන කොටස් හෙවත් පලස්තීනය විසින් මේ ගිවිසුමට එකඟ වෙන්නෙ නෑ.
මෙන්න මේ එකඟ නොවීම හෙවත් පිලි නොගැනීම නිසයි පලස්තීනය ස්වාධීන රාජයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් නොවෙන්නෙ.

මේ ඊශ්‍රායලයේ බිහිවීමට අරාබි රටවල් කොහෙත්ම කැමැත්තක් දක්වන්නෙ නෑ.
මේ ප්‍රශ්ණය ඉතාම සංකීර්ණයි. අරාබි මුස්ලිම රටවල් වුනත් ශීට් හා සුන්නි වශයෙන් දෙකට බෙදිලයි ඉන්නෙ. ඒ නිසා තමා සෞදි අරාබිය සහ ඉරානය කවදාවත් මිතුරන් නොවන්නෙ.
ඒ අතරෙ ලෙබනනය මුල් කරගෙන තවත් ප්‍රශ්ණ දුරදිග යනව.

යුදෙව් රටක් වූ ඊශ්‍රායලයත්, අර්ධ ක්‍රිස්තියානි රටක් වූ ලෙබනනයත් සංවර්ධනය වෙනවට ඒ අවට රටවල් කැමති වෙන්නෙ නෑ.

ඒ අතරෙ ඇමරිකානු හා රුසියානු මැදිහත්වීම්ද කලාපයේ බල අරගලය තවත් උග්‍ර කරනව.

මේ කාලය පුරාවටම ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ට්‍රාන්ස්ජෝර්දානය හා ඉරාකය වරින් වර ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න උත්සාහ කරනව.

1956 සිනායි යුද්ධය.
1967 සය දින යුද්ධය
1973 යොම් කිපූර් යුද්ධය
යුද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නව.

ඊශ්‍රායෙල් යුදෙව්වන් මහන්සි වෙලා වැඩ කරන ජාතියක් නිසා ඊශ්‍රායලය ලෝකයේ බලවත්ම වගේම දියුණුම රාජ්‍යයක් බවට පත්වෙනව.

ඒ අතරෙ පලස්තීන රාජ්‍යයේ දේශපාලන බලය හමාස් වැනි සංවිධාන අතට පත් වෙනව. දේශපාලන අඩපණ කිරීම් වලට යුදෙව්වන්ගේ මැදිහත් වීම් ගැනත් චෝදනා තියනව.

යුදෙව්වන්ට චෝදනා එල්ල වෙනව පලස්තීන භූමි ආක්‍රමණය කරනව කියල. ඒ වගේම පලස්තීනයට චෝදනා එල්ල වෙනව ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරනව කියල.
නමුත් පැහැදිලිව පේන්න තියන දෙයක් තමයි 1948 ඉඳල මේ දක්වා ටිකෙන් ටික පලස්තීන භූමිය ආක්‍රමණය වෙලා තියෙන බව.

සරලව පැහැදිලි කරන්න බැරිතරම් දෙපැත්තටම චෝදනා තියනව.

මේ අතර තමා ජෙරුසෙලම ඊශ්‍රායල් අගනගරය බවට ප්‍රකාශ කරන්නෙ.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේම පිලිගන්නව ඒ බව.

පැත්තක ඉඳන් බලන අපිට කියන්න බැහැ පලස්තීනයට ජයවේවා කියල. මොකද ඉතිහාසය පුරාම මේ යුදෙව්වන්ගේ භූමිය.

අනික් අතට ඊශ්‍රායලයට ජයවේවා කිව්වොත් අසාධාරණයට ලක්වුණු පලස්තීන ජාතිකයන්ට අසාධාරණයි.

මේ දෙගොල්ලම දේශ සීමා සඳහා එකඟ වෙන බවක් පේන්න නෑ.
ඒ අතරෙ පලස්තීන ජාතිකයන් මහන්සිවෙලා වැඩ කරන බවක් පේන්නෙත් නැහැ තමන්ගෙ රට දියුණු කරන්න.

යසර් අර්පත් වැනි නායකයන් යුද්ධ හා ගැටළු වලට නායකත්වය දුන්නා මිස කිසිම විටෙක සංවර්ධන යෝජනා ක්‍රමයකට .. සාමයට මග පෙන්වපු බවක් පේන්න නැහැ.

ඒ අයගෙ එකම චෝදනාව.. අපේ බිම ආක්‍රමණය කරා.. අපේ දෙවියන්ට අපහාස කලා.. අපේ මිනිසුන් මරා දැමුවා කියන එක විතරයි.
ඊශ්‍රායල් භූමිය තුල තියන පලස්තීන වාසභූමිත් ... පලස්තීන ප්‍රදේශ තුල ගොඩනැගුනු යුදෙව් ජනාවාසත් ප්‍රශ්ණය තවත් අවුල් කරනව.
ගාසා තීරයේ හා බටහිර ඉවුරේ ජීවත් වෙන පලස්තීන ජාතිකයන්ගෙන් සීයට හැත්තෑවක් පමණ රැකියා කරන්නෙ ඊශ්‍රායලයේ. මේ පිරිසට වඩා පලස්තීන ප්‍රශ්ණය ඇවිලවීමට උත්සාහ කරන්නෙ සිරියානු.. ඉරාක.. ජෝර්දාන්.. කටාර් ආදී රටවල සංවිධාන වෙන මූලධර්මවාදීන් බව පැහැදිලි කාරණ‍යක්.

අවට අරාබි රටවල් වගේම ඇමරිකා එක්සත් ජනපදය වුනත් පවතින බල අරගලයෙන් වාසි ගන්න බව රහසක් නෙවේ.

ලංකාවේ ගොඩක් දෙනෙක් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා කරනව. ඒ අතින් ඊශ්‍රායලය ලංකාවට ගොඩක් කිට්ටුයි. නමුත් බල අරගල නිසා දුක් විඳින අසරණ පලස්තීන ජාතිකයනුත් අපට අමතක කරන්න බැහැ.

ලිපිය දිග වුනත් දැන් අපි දන්නව ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් රටවල් දෙකක් ඉතිහාසයේ නොතිබුනු බව. දැන් අපි දන්නව යුදෙව්වන් හා මුස්ලිම් වරුන් අදහන්නේ එකම දෙවියන් බව.
මේ අයගෙ තියන සංස්කෘතික .. සමාජයීය... භාශාමය වෙනස්කම් නිසා බෙදීම් ඇතිවුනත් අරාබි වරුන් හා යුදෙව්වන් එක සමාන ජනකොටසක් බව අපිට පැහැදිලියි.
ඒ අනුව බලද්දි මේ දෙපිරිස අතරෙන් එක් පිරිසක් තෝරාගන්න අපිට හැකියාවක් නෑ.

මොනව වුනත් අවුරුදු දාස් ගාණක් පුරා තියෙන ප්‍රශ්ණය ඉවරවෙන පාටක් පේන්න නැහැ අවාසනාවට.

(උපුටා ගැනිමකි )

Taktshang ආරාමය (Tiger's Nest) .... Paro Taktsang ආරාමය 1692 දී භූතානයේ නායකයා වූ Gyalse Tenzin Rabgye විසින් ශුද්ධ ගුහා...
21/10/2023

Taktshang ආරාමය (Tiger's Nest) ....

Paro Taktsang ආරාමය 1692 දී භූතානයේ නායකයා වූ Gyalse Tenzin Rabgye විසින් ශුද්ධ ගුහා වටා ඉදිකරන ලදී. ඔහු 1692 දී ශුද්ධ ගුහා නැරඹීමේදී එහි පළමු ගල තැබීමෙන් ආරාමය ආරම්භ කළේය.

පඩි 700ක් පමණ පහලට ගොස් අවසානයේ පඩි 250ක් ඉහලට ඇත. නමුත් ගමනේ පියවර ඉතා කුඩා කොටසකි.

ආරාමයට යාමට ඇති එකම මාර්ගය කඳු නැගීමයි. ඔබට කඳු තරණය කළ නොහැකි නම්, අශ්වයෙකු කුලියට ගැනීමේ විකල්පය ඔබට එහි භුක්ති විඳිය හැකි බොහෝ ප්‍රීතිමත් වරප්‍රසාද අතර වේ. එය සැතපුම් 4 ක වටකුරු ගමනක් වන අතර එය ඉහළට නැගීම සඳහා පැය 5 සිට 8 දක්වා ගත විය හැකි අතර පසුව මූලික ස්ථානය දෙසට ආපසු යා හැකිය.

හවායි හි O'ahu අසල වාතයේ අඩි 30,000 ක් උසින් Altocumulus වලාකුළුවලට ඉහළින් හිරු බැස යෑමක් දිස්වන්නේ මෙයයි.☁ ☁☁
19/10/2023

හවායි හි O'ahu අසල වාතයේ අඩි 30,000 ක් උසින් Altocumulus වලාකුළුවලට ඉහළින් හිරු බැස යෑමක් දිස්වන්නේ මෙයයි.
☁ ☁☁

ඇල්බට්‍රොස් යනු ගොඩබෑමකින් තොරව වසර ගණනාවක් ගත කළ හැකි විශාලතම කුරුල්ලා ය.  ගැහැණු හා පිරිමි සතුන් හමුවිම සඳහා ගොඩබිමට ප...
18/10/2023

ඇල්බට්‍රොස් යනු ගොඩබෑමකින් තොරව වසර ගණනාවක් ගත කළ හැකි විශාලතම කුරුල්ලා ය. ගැහැණු හා පිරිමි සතුන් හමුවිම සඳහා ගොඩබිමට පැමිණීමට පෙර ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර 6 ගත කරන්නේ සාගරයට ඉහළින් පියාසර කරමින් ය. එය එක් ගමනකදී සැතපුම් 10,000කට වැඩි දුරක් ගමන් කිරීමටත් දින 46කින් ලොව වටා සැරිසැරීමටත් හැකියාව ඇත.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Geography Explorer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share