DS Gampaha

DS Gampaha official page of District Secretariat - Gampaha

Lead Gampaha District to a sustainable development in line with the government policies, through effective resource management and efficient management structure

06/02/2025
ආකල්ප වෙනසක් තුළින් පවුල් ඒකක සංවර්ධනය සඳහා “SMART HOME” – “ සපිරි නිවහන” ව්‍යාපෘතිය ඇරඹේ-------------------------------...
17/01/2025

ආකල්ප වෙනසක් තුළින් පවුල් ඒකක සංවර්ධනය සඳහා
“SMART HOME” – “ සපිරි නිවහන” ව්‍යාපෘතිය ඇරඹේ
------------------------------------------------------
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ” රජයේ ප්‍රතිපත්තිය මූලික කරගෙන, ආකල්ප සංවර්ධනය තුළින් ඉදිරි පරපුර (Next Generation)සඳහා යහපත් සමාජ වටපිටාවක් ගොඩනැංවීම, ගෘහ ඒකකවල ඵලදායිතාව හා ජීවන තත්ත්වය ඉහළ නන්වමින් සමාජයීය පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින් “SMART HOME” – “ සපිරි නිවහන” ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ සංකල්පය හා මගපෙන්වීම අනුව ක්‍රියාවට නංවා ඇති අතර එහි නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි මස ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහනේ මගපෙන්වීම හා සමස්ත අධීක්ෂණය අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් විසින් සිදුකරනු ලබන අතර ඍජු අධීක්ෂණය සහකාර ප්‍රාදේශීය ලේකම් විසින් ද වැඩසටහනේ සම්බන්ධීකාරක ලෙස ඵලදායිතා නිලධාරී නම් කර ඇති අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අදාළ වසමේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර හා පවුල් සෞඛ්‍ය නිලධාරී මගින් සිදුකෙරේ.

රේඛීය අමාත්‍යාංශ හා පළාත් පාලන ආයතනවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින ක්ෂේත්‍ර නිලධාරීන් තම තමන්ගේ රාජකාරී විෂය පථය යටතේ හා ව්‍යාපෘති නිර්ණායක ඔස්සේ අදාළ නිවාසවල ජීවන තත්ත්වය ඉහළ නැංවීම, මගපෙන්වීම හා ක්‍රියාත්මක කිරීම කළ යුතුය.

ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ඵලදායිතා හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි 08 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය “SMART HOME” – “සපිරි නිවහන” domestic productivity program ලෙස නම් කර තිබේ.
ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් වන්නේ,
•ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
•ප්‍රාදේශීය ලේකම් කාර්යාල
•ඵලදායිතා ලේකම් කාර්යාලය
•ප්‍රාදේශීය සභා හා නගර සභා
•පොලිසිය
•ගොවිජන සේවා මධ්‍යස්ථාන
•සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල
•රාජ්‍ය නොවන සංවිධාන
•ආගමික ස්ථාන

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ නියමු ව්‍යාපෘතියක් 2025 ජනවාරි සිට මාර්තු දක්වා ක්‍රියාත්මක වන අතර එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් නිවාස ඒකක 20 බැගින් නිවාස 260ක් ආවරණය කිරීමට බලාපොරොත්තු වේ.

දෙවන අදියර 2025 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී එක් ග්‍රාම නිලධාරී වසමකින් 01ක් නිවාස ඒකකයක් බැගින් නිවාස ඒකක 1,177ක් ආවරණය කිරීමට කටයුතු යොදා ඇත. ඉදිරි පරපුරේ ආකල්ප සංවර්ධනය තුළින් යහපත් පවුල් ඒකකයක් ගොඩනැංවීම මෙහි මූලික අරමුණ වන අතර ගෘහස්ත ඵලදායිතාව තුළින් සමාජයීය, සදාචාරාත්මක හා ආර්ථික අරමුණු ඉටුකර ගැනීමටද බලාපොරොත්තු වේ.

තෝරා ගන්නා නිවාස ඒකක පහත ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ වෙනසකට ලක් කිරීම සඳහා නිවැසියන්/ දරුවන් පෙළඹවීම මේ යටතේ සිදු කෙරේ.
1. ගෙවතු සංවර්ධනය, ඉඩම් පරිහරණය, පරිසර අලංකරණය හා අපද්‍රව්‍ය කළමනාකරණය
•යහපත් කෘෂිකාර්මික පිළිවෙත් , උපරිම භුමි පරිභෝජනය, නවීන කෘෂි ක්‍රමවේද භාවිතය, භූමි හායනය වැලැක්වීම හා ඉඩම් පරිහරණ ක්‍රමවේද, ගෙවතු අලංකරණය, වෙන්කර කසල බැහැර කිරීම හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය.

2. පෝෂණය හා ආහාර සුරක්ෂිතතාවය
•දරුවන් ගැබිණි මව්වරුන් හා වැඩිහිටියන් මූලික කරගත් පෝෂණ ක්‍රමවේද , අඩු වියදමකින් වැඩි පෝෂණයක් ලබාදීම , ආහාර තෝරා ගැනීම හා කල් තබා ගැනීම.

3. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව
•යහපත් ආහාර පුරුදු, බෝ වන හා බෝ නොවන රෝගවලින් ආරක්ෂාවීම, ප්‍රසන්න බව හා පිරිසිදු බව, මානසික හා කායික සෞඛ්‍ය පිළිබඳ අවධානය.

4. ආරක්ෂාව සුරක්ෂිතතාවය හා රැකවරණය
•දරුවන් අතවර හා අපයෝජනවලින් වැළැක්වීම, නිවසේ අනාරක්ෂිත ස්ථාන ඉවත් කිරීම, අනතුරු අවම කිරීම.

5. ආකල්ප සංවර්ධනය
•ආතති කළමනාකරණය, ඇබ්බැහිවීම් වලින් වැළැක්වීම( මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන) ,නායකත්ව ගුණාංග හා පෞරුෂත්ව වර්ධනය, මෘදු කුසලතා /Soft Skills (සහකම්පන ගුණාංග) , කාල කළමනාකරණය හා නියමිත වේලාවට වැඩ කිරීම, අධ්‍යාත්මික සංවර්ධනය හා රසවින්දනය වැඩිදියුණු කිරීම, මිත්‍යාමතවලින් ඉවත් වීම, අනුවර්තනය(Adaptation) හා දරා ගැනීමේ හැකියාව(Tolerance), නීතිරීතිවලට ගරු කිරීම.

6. අරපිරිමැස්ම
•නාස්තිය වැළැක්වීම හා අවධානය , පොදු දේපළ ආරක්ෂා කිරීම.

7. අධ්‍යාපනය
•ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනයේදී දරුවන් පීඩනයට පත් වීම අවම කිරීම සඳහා දෙමව්පියන් දැනුවත් කිරීම, දරුවන්ගේ දක්ෂතා හඳුනාගැනීම හා ඒ අනුව අදාළ ක්ෂේත්‍රවලට යොමු කිරීම, නිපුණතා අනුව වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීම, නව්‍යකරන ක්‍රියාකාරකම් හා නව නිර්මාණ සඳහා යොමු කිරීම.

8. ඵලදායීතා සංකල්ප භාවිතය
•5S සහ අනෙකුත් ඵලදායීතා ශිල්ප ක්‍රම, පිරිසිදු කිරීම් හා පිළිවෙළ.

9. සාමය (බාහිර හා අභ්‍යන්තර) හා සහජීවනය
•ගැටුම් ඇතිවීම වැළැක්වීම, අන් අයගේ අදහස්වලට ගරු කිරීම, සමථ කිරීම.
•ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීම.
•අනෙකුත් සංස්කෘතීන්ට ගරු කිරීම හා අන්තවාදය බැහැර කිරීම.

10. ඉතිරි කිරීම හා වියදම් කළමනාකරණය
•ඉතිරි කිරීම්වලට හුරු කිරීම, ස්වයං රැකියා හා ව්‍යවසායකත්වය, බාහිර පාර්ශ්ව සමග ණය ගනුදෙනු.

11. තාරුණ්‍යය බල ගැන්වීම හා වෘත්තීය මාර්ගෝපදේශකත්වය

12. සැලසුම්, අනාගත ඉලක්ක හා සමාජ සබඳතා
•පවුලේ ආර්ථික ඉලක්ක, දරුවන්ගේ අධ්‍යාපන ඉලක්ක.
•දේපල හා වැදගත් ලියකියවිලිවල ආරක්ෂාව(ඉඩම් ඔප්පු, උප්පැන්න සහතික).
•කණ්ඩායමක් ලෙස වැඩ කිරීම (Team Work),සන්නිවේදන කුසලතා, අනුවර්තන හැකියාව(Adaptation),සදාචාරාත්මක බව හා ආචාර ධර්ම, ස්වයංවිනය.
•නීතිරීතිවලට ගරු කිරීම, රාජ්‍ය හා අනෙකුත් අනුබද්ධිත ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය.

මෙම ව්‍යාපෘතියේ 01 වන සහ 02 වන අදියර මගින් 2025 වර්ෂය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස ඒකක 1,437ක් ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

The “SMART HOME” – “සපිරි නිවහන” Project is launched to Develop households by transforming social attitudes among people.

Based on the Government policy "A Thriving Nation - Beautiful Life," the "SMART HOME” – “ සපිරි නිවහන” project aims to create a better social environment for the next generation by boosting the attitudes of people. It seeks to enhance household productivity and improve living standards, fostering social, environmental, and ethical revitalization. This project covers 13 Divisional Secretariat Divisions in the Gampaha District and has been initiated under the concept and guidance of District Secretary/ Government agent Mr. Lalinda Gamage. The pilot project is set to commence in January 2025.

The project will be guided and monitored by the relevant Divisional Secretaries, under the direct supervision of the Assistant Divisional Secretary. The Productivity officer will serve as the coordinator while Grama Niladhari Officers, Development Officers, Samurdhi Officers, Agricultural Research and Production Assistants, and Family Health Officers will involve in the implementation process. The field officers who have been appointed to Divisional Secretariats by the Line ministries and Local Government Institutions shall lead the implementation to improve living standards of the relevant households in accordance with project criteria.
A briefing session for Divisional Secretaries, District Productivity Officers and Field Officers was held under the patronage of District Secretary Mr. Lalinda Gamage at the District Secretariat on 8th January, 2025.

Stakeholders of the Project

• District Secretariat Gampaha
• Divisional Secretariats
• Productivity Secretariat
• Local Government Authorities (Pradeshiya Sabhas and Municipal Councils)
• Police
• Agrarian Service Centers
• Medical Officer of Health (MOH) Offices
• Non-Governmental Organizations (NGOs)
• Religious Institutions

Phases of the Project

1. Pilot Phase (January to March 2025): Covers 260 households (20 from each Divisional Secretariat Division).

2. Second Phase (April to December 2025): Covers 1,177 households (one household per Grama Niladhari Division).

The prime objective is to build a constructive family unit through the development of the attitudes of the next generation and it is also hoped to achieve social, moral and economic goals through the enriched productivity of the household.
The residents/children in selected households will be motivated to transform under the following key areas.

1. Home Gardening, Land Use, and Environmental adornment and waste management
•Good Agricultural Practices (GAP), optimal land use, modern farming methods, Preventing land degradation and land utilizing methods, environmental adornment and waste segregation and solid waste management.

2. Nutrition and Food Security
•Focus on children, pregnant mothers, and elders; promoting cost-effective, nutritious diets and food selection and preservation.

3. Health and Hygiene
• Emphasis on healthy dietary habits, protection against communicable and non- communicable diseases, cleanliness and pleasantness, mental and physical health.

4. Safety and Security
• Preventing child harassment and abuse, reducing risks, and improving household safety.

5. Development of social attitudes
• Stress management, preventing addictions (e.g., drugs, mobile phones), limiting screen time, personality and leadership development , soft skills (empathy), time management, punctuality, spiritual development, entertainment, avoiding myths, adaptability, tolerance and resilience.

6. Minimizing Waste/ Frugality
• Promoting efficiency, protecting public property, and waste reduction.

7. Education
• Improving parental awareness on the stress suffered by school children undergoing the primary and the secondary education, identifying children’s skills and talents, vocational training, and fostering innovation.

8. Productivity Concepts
• Implementing 5S practices and other productivity techniques, cleanliness and orderliness.

9. Peace (Internal and External) and reconciliation
• Preventing conflicts, respecting others' opinions, and fostering harmony.
• Preventing domestic violence
• Respect other cultural values, Avoiding extremism

10. Savings and expenditure Management
• Encouraging savings, self-employment, entrepreneurship, and responsible borrowing.

11. Youth Empowerment and Career Guidance

12. Planning, Future Goals, and Social Engagement
• Setting economic goals and educational goals,
• Security of essential documents (e.g. deeds, birth certificates)
• Teamwork, communicational skills, righteousness, self -discipline and adaptability.
• Becoming law- abiding citizens
Expected Outcomes

Through these Phases, the project aims to improve 1,437 households in the Gampaha District by the end of 2025.

මිලියන 73ක වියදමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට සූර්ය පැනල පද්ධතියක්--------------------------------------...
15/07/2024

මිලියන 73ක වියදමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට
සූර්ය පැනල පද්ධතියක්
-------------------------------------------------------------
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දැනට ක්‍රියාවට නංවා ඇති “Green Team” වැඩසටහනේ එක් සංරචකයක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් උපරිම අයුරින් යොදවා ගැනීම ඇතුළත් කර ඇත. එම අභිප්‍රාය තවදුරටත් ඵලගන්වමින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සූර්ය පැනල පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන ඇත.

2023 වසරේ විවෘත කරන ලද ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයෙහි මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් ස්ථාපිත කොට ඇත. සත් මහල් ගොඩනැගිල්ලක් වන මෙහි ප්‍රයෝජනය සඳහා අධික විදුලි ඒකක ප්‍රමාණයක් වැය වේ. දැනට මාසිකව 80,000kwකට ආසන්න විදුලි ඒකක ප්‍රමාණයක් වැය වන අතර ඒ සඳහා රුපියල් මිලියන 05කට ආසන්න විදුලි බිලක් මාසිකව ගෙවිය යුතුය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ ඉල්ලීම පරිදි මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇත. මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 73කට ආසන්න වේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති උපදේශන අංශයේ මහාචාර්ය සමිත මානවඩු මහතාගේ උපදෙස් පරිදි Hayleys Fentons Limited ආයතනය මගින් සූර්ය පැනල සවිකිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

සවිකිරීමට නියමිත සූර්ය පැනල මාසිකව විදුලි ඒකක 50,000kwක පමණ ධාරිතාවකින් යුක්ත වේ. එමගින් පෙර පැවති බිල්පත් අගය මාසිකව රුපියල් මිලියන
03කින් පමණ අඩුවනු ඇත.

මේ පද්ධතිය සවිකිරීමෙන් වැය වන විදුලි බිල මාසිකව රුපියල් මිලියන 03 බැගින් අවම කර ගත හැකි වන බවත් ඒ අනුව මාස 24ක් තුළ මෙම ව්‍යාපෘතිය සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය වන මුදල ප්‍රතිපූර්ණය කර ගැනීමට හැකිවන අතර 07 වන මහළට ඉහළින් පවතින වර්ග මීටර් 2000ක වපසරියකින් යුක්ත මුදුනත (Roof Top) උත්සව හෝ වෙනත් කාර්යයන් සඳහා යොදා ගත හැකි වන පරිදි ඉදිකරන සැකිල්ලක් මත මෙම සූර්ය පැනල සවිකිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා මේ පිළිබඳ කළ විමසීමේදී ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

A solar panel system to illuminate Gampaha District Secretariat premises

Maximum utilization of renewable energy sources is one of the fundamental components of the "Green Team" programme recently implemented by the District Secretariat Gampaha. Furthering the said intention, steps have been taken to install a solar panel to meet the electricity needs of the New Administrative Complex Gampaha.

A number of government institutions, including the District Secretariat, have been established in the new Administrative Complex Gampaha, which was vested with the public in 2023. The seven-storey building consumes a significant amount of electricity units per month. At present, about 80,000 kw of electricity units are consumed for which an electricity bill of nearly 5 million Rupees must be paid monthly.

At the request of District Secretary Gampaha Mr. Lalinda Gamage, the Ministry of Home Affairs has allowed the necessary provisions to the District Secretariat to implement the project that will cost approximately 73 million Rupees. Hayleys Fentons Limited will carry out the installation of solar panels as per the advice of Professor Samitha Manavadu from project consultancy department of the University of Moratuwa.

Solar panels to be installed in the District Secretariat will generate electricity of around 50,000 kw. Thus, the monthly electricity bill will be decreased by about 3 million Rupees .District Secretary Gampaha Mr. Lalinda Gamage stated that steps have been taken to install the solar panels on a structure build on the Roof top of the 7 storied building that covers an area of 2000 Square metres and that can be used for festivals or other functions. He further said that since the electricity bill of the entire building can be reduced by 3 million Rupees per month, the total cost of the system born by the Ministry of Home Affairs can be reimbursed within 24 months.

District Media Unit - Gampaha

සියනෑ Ex-Producers Forum ප්‍රථම වැඩසටහන ඇරඹේ(ගම්පහ දිස්ත්‍රික්  අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන්ගේ හමුව)---------...
16/05/2024

සියනෑ Ex-Producers Forum ප්‍රථම වැඩසටහන ඇරඹේ
(ගම්පහ දිස්ත්‍රික් අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන්ගේ හමුව)
--------------------------------------------------------------------------
ගම්පහ දිස්ත්‍රික්කයේ අපනයනය අභිමුඛ කරගත් කර්මාන්ත අංශය නංවාලීමේ අරමුණින් තෝරාගත් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන් සම්බන්ධිකරණය කිරීමේ විශේෂ වැඩසටහනක් මාසිකව පැවැත්වීමට තීරණය කර ඇත.

සියනෑ Ex-Producers Forum (ගම්පහ අපනයනකරුවන් / ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන්ගේ හමුව) ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් හා උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

මේ අනුව අපනයන පාදක කරගත් ක්‍‍ෂේත්‍ර ගණනාවක් යටතේ මෙම වැඩසටහන මාසිකව පැවැත්වීමට අපේක්ෂිතය.
මෙහිදී,

(i) පොල් ආශ්‍රිත කොහු අපනයන නිෂ්පාදිත කර්මාන්තය (coir industry)

(ii) ආහාර හා පාන වර්ග අපනයන නිෂ්පාදන කර්මාන්තය (Food and beverages industry)

(iii) කෘෂි නිෂ්පාදන හා කුළුබඩු අපනයන නිෂ්පාදන කර්මාන්තය (Agri products and spicy product industry)

(iv) ආයුර්වේද නිෂ්පාදන හා රූපලාවණ්‍ය අපනයන නිෂ්පාදන කර්මාන්තය (Herbal and beauty care products industry)

(v) විසිතුරු භාණ්ඩ හා ස්වර්ණාභරණ අපනයන නිෂ්පාදන කර්මාන්තය (ornaments Accessories products industry)

(vi) නිමිඇඳුම් සහ සම් භාණ්ඩ අපනයන නිෂ්පාදන කර්මාන්තය (Garment and leather products industry) යන ක්ෂේත්‍ර මාසිකව ආවරණය කිරීමට බලාපොරොත්තු‍ වේ.

මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ දිස්ත්‍රික්කයට අදාළ ඝෘජු අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදනකරුවන් එකිනෙකා හඳුනා ගැනීමත් එම අවස්ථාවන්හිදී තම නිෂ්පාදනවල සාම්පල ප්‍රදර්ශනය කිරීම මගින් අපනයනකරුවන්ට ඒ සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදනයන් හඳුනාගෙන ඔවුන් වෙත උප කොන්ත්‍රාත්කරුවන් ලෙස සැපයුම්කරුවන් හඳුනාගැනීමට අවස්ථාව සැලසීමත්ය.

මීට සමගාමීව ප්‍රථම වැඩසටහන ලෙස පොල් ආශ්‍රිත කොහු නිෂ්පාදන හා අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන්ගේ හමුවක් පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන් 100 වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී සියලුම නිෂ්පාදකයන් විසින් ඔවුන්ගේ නිෂ්පාදන සාම්පල් ප්‍රදර්ශනය කිරීමද සිදු විය. එම සාම්පල පරීක්ෂා කර බලා , එම නිෂ්පාදනයන්හි තිබෙන ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගැනීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, සමෘද්ධි අංශය, විදාතා අංශය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA), කාර්මික තාක්ෂණ ආයතනය (ITI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යන තාක්ෂණ අංශවල නිලධාරීන් මගින් උපදෙස් ලබා දීම හා එම ආයතන මගින් සපයන පහසුකම් පිළිබඳ තොරතුරු ලබාදීම සිදු විය.

මෙම අවස්ථාවට පොල් සංවර්ධන මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), අපනයන සංවර්ධන මණ්ඩලය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, සමෘද්ධි අංශය, විදාතා අංශය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -ගම්පහ

The first programme of Siyane Ex-Producers Forum begins
(Gampaha District Exporters/Buyers and Producers gathering)
-------------------------------------------------- ------------------------
It has been decided to conduct a special programme to coordinate exporters/buyers and producers from selected export sectors once a month with the aim of boosting the export oriented industry sector in Gampaha district.

Siyane Ex-Producers Forum is implemented according to the concept and instructions of Gampaha District Secretary/Government Agent Mr. Lalinda Gamage.

Under this programme export industrial sectors including
(i) Coconut related coir export industry
(ii) Food and beverages industry
(iii) Agricultural products and spices industry
(iv) Herbal and beauty care products industry
(v) Ornaments & Accessories industry and
(vi) Garment and leather products industry are expected to be covered monthly.

The programme would be an ideal opportunity for those who are involved in the sector since the direct exporters/buyers are met with the small and medium scale producers of the district and got to know each other. The most important point is the producers are given the opportunity to introduce samples of their products thereby the exporters can identify high quality products and identify suppliers as subcontractors to them.

Furthermore, the first programme of the gathering of coconut-related coir products industrial exporters/buyers and producers was held recently at the auditorium of District Secretariat Gampaha. More than 100 exporters/buyers and manufacturers participated in the event and all the manufacturers displayed their product samples.

Representatives from Small Businesses Development Division, Samurdhi Division, Vidatha Division, National Entrepreneurs Development Authority (NEDA), Industrial Technology Institute (ITI), Export Development Board (EDB) and Industrial Development Board (IDB) examined the samples, gave instructions on how to improve the quality of their products with the technical knowhow of the officials in the technical departments of the above institutions and provided information about the facilities provided by them.

The officials including Coconut Development Board, Coconut Development Authority, Industrial Development Board, Export Development Board, Small Businesses Development Division, Samurdhi Division, Vidatha Division and National Entrepreneurs Development Authority and several others in the sector participated at the occasion.

District Media Unit -Gampaha

“Green Team” ගම්පහ පරිසර සමාජ ඇරඹේ----------------------------------ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ආව...
30/04/2024

“Green Team” ගම්පහ පරිසර සමාජ ඇරඹේ
----------------------------------

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ආවරණය වන පරිදි හඳුනාගත් පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “Green Team” පරිසර සමාජ 13ක් ලෙස ආරම්භ කර ඇත.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මාසිකව ඒ ඒ ප්‍රදේශවල හඳුනාගත් පරිසර ගැටලු විසඳීම සඳහා පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම “Green Team” පරිසර සමාජය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ නිලධාරීන් 20 දෙනකුගෙන් යුක්ත වන අතර මේ සඳහා පරිසර සංවිධාන, ප්‍රජා සංවිධාන, පාසල් නියමු භට කණ්ඩායම් ඇතුළු පරිසරය සුරැකීමට උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්ව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

මෙම “Green Team” වැඩසටහනේ ආරම්භක වැඩසටහන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ වෙන් කරගත් භූමි ප්‍රමාණයක නාගරික වන උද්‍යානයක් ( Urban Forest) නිර්මාණය කිරීම මැයි මාසයේදී සිදු කෙරේ.

මේ යටතේ පැළ රෝපණය කිරීම, වෙරළ පිරිසිදු කිරීම, ප්ලාස්ටික් හා පොලිතින් ඉවත් කිරීම, කඩොලාන සංරක්ෂණය කිරීමේ වැඩසටහන් සෑම මසකම අවසන් සිකුරාදා දිනයේදී සිදු කිරීමට අපේක්ෂිතයි.

මාසිකව ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පරිසර වැඩසටහන් 13ක් සිදුකිරීමත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්, පාසල් පරිසර භට කණ්ඩායම්, පරිසර සංවිධාන, ප්‍රජා සංවිධාන හා පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව ඒකරාශී කර ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වීමත් මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වනු ඇත.

දිස්ත්‍රික් මධ්‍ය ඒකකය - ගම්පහ

“Green Team” environmental clubs have been inaugurated

13 "Green Team" environmental clubs have been established at the level of each Divisional Secretariat Division in order to implement identified environmental programmes covering all the 13 Divisional Secretariat Divisions of Gampaha District.

Under this initiative executed by the instruction and supervision of Gampaha District Secretary / Government Agent Mr. Lalinda Gamage, programmes will be implemented monthly to solve environmental issues identified in each area.

This "Green Team" environmental club has 20 officers attached to the Divisional secretariats in the District and programmes will be implemented in collaboration with environmental organizations, community organizations, school environmental pioneer groups and other parties interested in protecting the natural habitat.

As aninitial step of this programme, an urban forest will be created in the premises of the Gampaha District Secretariat in the month of May.

Furthermore, the programmes of planting trees, beach cleaning, collecting non- biodegradable waste such as plastic and polythene, and conservation of mangroves are expected to be carried out on the last Friday of every month.

Completion of 13 programme senvisioned environmental protection on a monthly basis together with the contribution of government officials, school environmental pioneer groups, environmental organizations, community organizations and other parties interested in enhancing the beauty of nature will be the prime objective of this initiative.

District Media Unit - Gampaha

“𝐏𝐮𝐛𝐮𝐝𝐚𝐦𝐮 𝐊𝐞𝐤𝐮𝐥𝐮” 𝐚𝐧𝐝 "𝐋𝐚𝐦𝐚 𝐏𝐨𝐤𝐮𝐫𝐚" 𝐬𝐨𝐜𝐢𝐚𝐥 𝐰𝐞𝐥𝐟𝐚𝐫𝐞 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞𝐬 𝐡𝐚𝐯𝐞 𝐛𝐞𝐞𝐧 𝐢𝐧𝐢𝐭𝐢𝐚𝐭𝐞𝐝 𝐢𝐧𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚.----------------------------...
10/04/2024

“𝐏𝐮𝐛𝐮𝐝𝐚𝐦𝐮 𝐊𝐞𝐤𝐮𝐥𝐮” 𝐚𝐧𝐝 "𝐋𝐚𝐦𝐚 𝐏𝐨𝐤𝐮𝐫𝐚" 𝐬𝐨𝐜𝐢𝐚𝐥 𝐰𝐞𝐥𝐟𝐚𝐫𝐞 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞𝐬 𝐡𝐚𝐯𝐞 𝐛𝐞𝐞𝐧 𝐢𝐧𝐢𝐭𝐢𝐚𝐭𝐞𝐝 𝐢𝐧
𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚.
------------------------------------
As per a concept and the guidance of Gampaha District Secretary 𝐌𝐫. 𝐋𝐚𝐥𝐢𝐧𝐝𝐚 𝐆𝐚𝐦𝐚𝐠𝐞, arrangements have been taken to implement a programme of distribution of dry rations and school equipment and a psychological enhancement programme for children from low-incomeAs per a concept and the guidance of Gampaha District Secretary Mr. Lalinda Gamage, arrangements have been taken to implement a programme of distribution of dry rations and school equipment and a psychological enhancement programme for children from low-income families and children from households listed under vulnerable families covering all 13 Divisional Secretariats in Gampaha District.

Under the first phase of this programme, it is proposed to provide dry rations and school equipment for 1177 children, selecting one from each GN division. In the meantime, Lama Pokura psychological enhancement programme will be implemented for 650 children selecting 50 from each Divisional Secretariat. These programs will be funded by non-governmental organizations (NGOs), community organizations, the private sector and professionals representing many fields.

Psychological enhancement programme is intended to reduce the stress of children from households listed under vulnerable families, to identify mental, economic and various other problems faced by those children and to provide solutions so that an environment will be created for them to enjoy the beauty of childhood. This has been designed as an awareness programme as well to the parents/guardians of the children on their nutrition, care and mental safety and that includes various activities for children to win gifts and get inspirated.

Accordingly, the first "Lama Pokura" programme was commenced on 23rd of March 2024 with the participation of 50 children at the Divisional secretariat Ja- Ela.

"Pubudamu Kekulu", Gampaha Divisional Secretariat Programma was held on 2nd of April at the District secretariat auditorium. 101 selected school children covering all 101 GN divisions in Gampaha Divisional secretariat division were granted parcels of dry rations and school equipment at the occasion and a parcel exceeding the amount of Rs. 7500/- was given to each child.

These grants that include exercise books, school equipment, vouchers for shoes and dry food items including rice were sponsored by government officials of the Divisional secretariat and District secretariat Gampaha, Pre-School Association, Registrars, business professionals and organizations of elders in the area.

District Media Unit - Gampaha

ගම්පහ දරුවන් සඳහා " පුබුදමු කැකුළු" හා "ළමා පොකුර" සමාජ සත්කාරක වැඩසටහන් ඇරඹේ-------------------------------------------...
10/04/2024

ගම්පහ දරුවන් සඳහා " පුබුදමු කැකුළු" හා "ළමා පොකුර" සමාජ සත්කාරක වැඩසටහන් ඇරඹේ
---------------------------------------------------------------------

ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුවන් හා අවදානම් ලැයිස්තුගත පවුල්වල දරුවන් හඳුනා ගනිමින් එම දරුවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහන් සහ මානසික සත්කාරක වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් හා මගපෙන්වීම අනුව " පුබුදමු කැකුළු" හා "ළමා පොකුර " වැඩසටහන ආරම්භ කොට ඇත.

මෙම වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම එක් දරුවෙකු බැගින් දරුවන් 1177 දෙනෙකු සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් උපකරණ ලබාදීමට යෝජිත අතර එම දරුවන් අතරින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් දරුවන් 50 බැගින් දරුවන් 650 දෙනෙකු සඳහා " ළමා පොකුර " මානසික සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වැඩසටහන් සඳහා ප්‍රතිපාදන රාජ්‍ය නොවන සංවිධාන (NGO), ප්‍රජාමූල සංවිධාන, පෞද්ගලික ව්‍යාපාරික අංශය හා විවිධ වෘත්තිකයන් හරහා සපයා ගැනීමට කටයුතු කරනු ඇත.

එම සත්කාරක වැඩසටහන යටතේ අවදානම් ලැයිස්තුගත පවුල්වල දරුවන්ගේ මානසික ආතතිය අවම කිරීම, දරුවන්ගේ මානසික හා ආර්ථික ගැටලු අවබෝධකර ගැනීම, දරුවන් මුහුණදෙන ගැටලු ප්‍රාථමික අවධියේම හඳුනාගෙන විසඳුම් සපයා ළමා ලෝකයේ සුන්දරත්වය විඳගැනීමට අවැසි පරිසරය නිර්මාණය කිරීම සිදු කරනු ඇත. එහිදී එම දරුවන්ගේ දෙමාපියන්/ භාරකරුවන්ට දරුවන්ගේ පෝෂණය, රැකවරණය හා මානසික සුරක්ෂිතතාව පිළිබඳව දැනුවත් කිරීම ද විවිධ ක්‍රියාකාරකම් හා ත්‍යාග ලබාදීම ඇතුළත් සත්කාරක වැඩසටහනක් ලෙස මෙය සකස් කර තිබේ.

මේ යටතේ "ළමා පොකුර " ප්‍රථම වැඩසටහන ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් දරුවන් 50 දෙනෙකු සඳහා මාර්තු 23 දින ආරම්භ විය.

"පුබුදමු කැකුළු" වැඩසටහන යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන අප්‍රේල් 02දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ග්‍රාම නිලධාරී වසම් 101ම ආවරණය වන පරිදි තෝරා ගත් පාසල් සිසු දරුවන් 101 දෙනෙකු වෙනුවෙන් මෙහිදී වියළි ආහාර පාර්සල් හා පාසල් උපකරණ ප්‍රදානය කළ අතර මෙහි එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 7500/- ඉක්මවන ප්‍රදානයක් ලබා දෙන ලදී.

මෙම ප්‍රදානයන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් මෙන්ම ගම්පහ පෙරපාසල් එකමුතුව , රෙජිස්ට්‍රාර්වරු, ව්‍යාපාරික ප්‍රජාව සහ වැඩිහිටි සංවිධාන මගින් අනුග්‍රහය දක්වා තිබිණි. ප්‍රදානයන් වශයෙන් අභ්‍යාස පොත් , පාසල් උපකරණ , සපත්තු සඳහා වවුචර් පත් සහ සහල් ඇතුලු වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදු කෙරිණි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

ජයගමු ශ්‍රී ලංකා - 𝟐𝟎𝟐𝟒 - 𝐆𝐥𝐨𝐜𝐚𝐥 𝐅𝐚𝐢𝐫------------------------------------🔵 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් සංවි...
10/04/2024

ජයගමු ශ්‍රී ලංකා - 𝟐𝟎𝟐𝟒 - 𝐆𝐥𝐨𝐜𝐚𝐥 𝐅𝐚𝐢𝐫
------------------------------------
🔵 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන "ජයගමු ශ්‍රී ලංකා - 2024" ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 හා 06 දෙදින ගම්පහ නගර සභා ක්‍රීඩංගණයේ දී පැවැත්විණි.

🔵 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතනයවල සේවාවන් එකම ස්ථානයකින් ජනතාව වෙත ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන මෙහි 09 වන අදියරයි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ මෙහෙයවීමෙන් වැඩසටහන් රැසක් මේ යටතේ පැවැත්විණි. මේ අනුව විදෙස් රැකියා සඳහා යොමුවිමට මඟපෙන්වීම, විදේශ රැකියා පුහුණු අවස්ථා, වෘත්තීය පුහුණු අවස්ථා සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවාවන් මෙහිදි ලබාගැනීමට ගම්පහ ජනතාවට අවස්ථාව උදා විය.

🔵 ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මෙරට අවිධිමත් අංශයේ සේවය කරනු ලබන සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් ලබාදෙන "ගරු සරු" වැඩසටහනද, තාරුණ්‍යයේ සිහින යථාර්තයක් බවට පත් කිරීමට හඳුන්වා දුන් සහ රැකියා වෙළෙදපොලේ නව ප්‍රවනතාවලට සූදානම් කරන Smart වැඩ්ඩන් බිහි කරන "Smart youth club" පිහිටුවීම ද සිදු කෙරිණි.

🔵 ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ පළමු දිනයේදී, විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණ ස්වඋත්සාහයෙන් සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නිරත වන විගමණික ශ්‍රමිකයන් 12 දෙනෙකු හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය. විගමනික ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය අගය කරමින් ඔවුන්ගේ පවුල්වල ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු පරිත්‍යාග කිරීමත් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ අවස්ථා කීපයකදීම ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය 100 දෙනෙකු ඇගයීමට ලක් කිරීමත් මෙහිදී සිදු විය.

🔵 මීට අතිරේකව මේ වන විට විදේශයන්හි සේවය කරනු ලබන විගමනික ශ්‍රමිකයින්ගේ සහ මෙරටට පැමිණ සිටින විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් 485 දෙනෙකු හට පාසල් උපකරණ ප්‍රදානය කරනු ලැබූ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් 160 දෙනෙකු හට ශිෂ්‍යත්වයන් ලබාදීමටද දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 1300 දෙනෙකුට පාසල් උපකරණ ප්‍රදානය ද මෙහිදී සිදු කෙරිණි.

🔵 මෙම වැඩසටහනට සමගාමිව විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර පිහිටුවීමට Smart Board 13ක් ලබාදීමටද පියවර ගනු ලැබීය.

🔵 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, පෙරදා මෙන්ම රට ගොඩ නගමු සටනට, ජයගමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව එක්වෙන බව විශ්වාස බවත් රටේ ආර්ථිකයට ගුවන්තොටුපොළ හරහා, වෙළෙඳ කලාප හරහා දැවැන්ත ශක්තියක් ලබා දෙන දිස්ත්‍රික්කයක් බවට පත් ව ඇති බවත් සඳහන් කළේය.

🔵 බියගම කර්මාන්ත පුරය, ආයෝජන ප්‍රවර්ධන කලාප මේ සියල්ල රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරම්භ කළ ව්‍යාපෘති වන අතර ආයෝජන ප්‍රවර්ධන කලාප බියගමින් පටන් ගෙන මුළු රටේ ම ව්‍යාප්ත කරන්න කටයුතු කළ බව පැවසූ අතර එතුමාගේ එම දැක්ම හා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් වෙනසක් ඇති කළ හැකි ස්මාට් පරපුරක් මේ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින බවට විශ්වාසයයි. කඩා වැටුණු ආර්ථිකය නගා සිටුවන්න අද අපට ප්‍රායෝගික විසඳුම් අවශ්‍ය වී තිබේ. රටේ දරුවන්ගේ අනාගතය නගා සිටුවන්න නම් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. ඒ සඳහා අනාගත ලෝකයට ගැළපෙන ස්මාට් වැඩ්ඩන් හදා කර්මාන්ත ක්ෂේත්‍රයට ශක්තියක් වි රටේ නිෂ්පාදන ආර්ථිකය සකස් කර රට ණය බරින් නිදහස් කරන දීර්ඝ ගමනක ආරම්භය ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් සිදු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

🔵 ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රතිලාභ රැසක් ලැබෙන බවත් විශේෂයෙන්ම විගමනික පවුල්වල දරු දැරියන්ට ප්‍රතිලාභ රැසක් හිමිවන අතර තරුණ තරුණියන්ගේ විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට උපකාරී වන සියලු ආයතන මේ ස්ථානයට සම්බන්ධ වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ඇති ගැටලු විසඳා ගැනීමට, විමසුම් සිදු කිරීමට අවස්ථාව ලැබෙන බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පැවසීය.

🔵 එමෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ශ්‍රමිකයන්ට, සේවකයන්ට, ශ්‍රී ලංකා මහ බැංකුව, සේවක නියුක්තිකයන්ගේ භාරකාර මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන මගින් ගැටලු විසඳා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන් 1300කට ආසන්න පිරිසකට පාසල් උපකරණ ප්‍රදානය මගින් ප්‍රතිලාභ රැසක් හිමි වන බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ගම්පහ දිස්ත්‍රික්කය මූලික කර ගෙන මෙම වැඩසටහන පැවැත්වීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාට ස්තූතිය පළ කරන බව ද සඳහන් කළේය.

🔵 මෙහි දෙවන දින එනම් අප්‍රේල් 06 දින වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා වෙළෙදපාළක් පැවැත්වූ අතර SMART වැඩ්ඩන් සමගින් Smart Youth Club වැඩසටහන ද පැවැත්වීය. මෙරට අවිධිමත් අංශයේ රැකියා කරනු ලබන සියලුදෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබාදීමට ගරුසරු වැඩසටහන් ආරම්භ වූ අතර මෙම අවස්ථාවේදී අවිධිමත් අංශයේ රැකියාවල නිරත පිරිසට තම කුසලතා සහතිකපත් ලබා ගැනීමට පහසුකම්ද සලසා දී තිබුණි.

🔵 මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසායක රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි , සම්බන්ධීකරණ කමිටු සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, මන්ත්‍රීරුන් වන කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන අධිකාරිය , ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ආශු මාරසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් ආර්.පි.ඒ.විමලවීර, කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර, මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජි.එච්.එච්.ආර්.කිරිඇල්ල, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් රුචිර විතාන, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක ‍යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභින් රැසක් සහභාගි වුහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

Address

District Secretariat Gampaha
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when DS Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DS Gampaha:

Share