Ginigathhena Primary School

Ginigathhena Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ginigathhena Primary School, Public School, Ginigathena.

18/02/2026

ළමා මළල ක්‍රීඩා උළෙල –2026 🌟
ආදරණීය දුවේ පුතේ,
අපගේ ළමා මළල ක්‍රීඩා උළෙල අති සාර්ථක අන්දමින් පවත්වා අවසන් කිරීමට හැකි විය. එහි සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන් ඔබයි.
ඔබගේ අසමසම ධෛර්යය, කැපවීම සහ සියලු බාධක මැඩගෙන ඉදිරියට ගමන් කළ ආකාරය අපට මහත් ගෞරවයක් ගෙන දුන්නා. ඔබ අභියෝග වලට මුහුණ දීමට සූදානම්, ශක්තිමත් දරු පරපුරක් බව මෙම අවස්ථාවෙන් පැහැදිලි විය.
එදින ඔබ ඔබේ ජීවිතයට අමතක නොවන අත්දැකීම් රැසක් එකතු කර ගත් බව අපි විශ්වාස කරනවා.
ගිනිගත්තේන ප්‍රාථමික විද්‍යාලයේ ගෞරවය හා අභිමානය රැකගනිමින් කටයුතු කළ ඔබ සියලු දෙනාට අපගේ ආදරණීය ස්තුතිය පුද කරමි.
මතු දින ලොව ජයගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආත්ම විශ්වාසය නිබඳවම තිබෙන බව අපට හොඳින්ම විශ්වාසයි.
🌸 ඔබට ජය!

28/01/2026

මතු දවස ජයගන්න.. අවසරයි ඉගිලෙන්න..

2025 “සුරු විරු අභිසස්” වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථක ලෙස නිමාවට පත්විය.මෙම උත්සවය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය...
29/12/2025

2025 “සුරු විරු අභිසස්” වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්ථක ලෙස නිමාවට පත්විය.
මෙම උත්සවය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ජේෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ A.W. ලාල් චන්ද්‍ර වීරකෝන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්, හැටන් කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ G.K.M. වසන්ත කවිරාජ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්ත් අතිශය උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.
මෙහිදී දරු දැරියන් 300කට අධික පිරිසක් වෙනුවෙන්
🏆 ත්‍යාග 565ක්,(මුද්‍රිත පොත්)
📜 සහතික 317ක්,
🥇 පදක්කම් 34ක්
ප්‍රදානය කරනු ලැබීය.
දරු දැරියන්ගේ දක්ෂතා අගයමින් අධ්‍යාපනික ජයග්‍රහණ උද්දීපනය කළ මෙම උත්සවය සාර්ථක කරගැනීමට දායක වූ සියලුදෙනාට හෘදයාංගම ස්තුතිය 🙏

10/11/2025

විද්‍යාලයේ තවත් විශිෂ්ට ව්‍යවහාරයක්...

18/07/2025
විද්‍යාලයේ 589 ක් වූ සියලුම සිසුන්ට අවස්ථාව ලබා දුන් පොසොන් බැති ගී සරණිය 2025 06.11. ශ්‍රී අභිනවාරාම පොසොන් කලාපයට සමගා...
14/06/2025

විද්‍යාලයේ 589 ක් වූ සියලුම සිසුන්ට අවස්ථාව ලබා දුන් පොසොන් බැති ගී සරණිය 2025 06.11. ශ්‍රී අභිනවාරාම පොසොන් කලාපයට සමගාමීව විහාරස්ථානයේදී පැවැත්විය.

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය  සංවිධානය කරන ලද සාහිත්‍යය නිර්මාණ තරගාවලිය 2024. 1,2,3  ශ්‍රේණි චිත්‍ර තරගයෙන් මධ්‍යම...
02/06/2025

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය සංවිධානය කරන ලද සාහිත්‍යය නිර්මාණ තරගාවලිය 2024. 1,2,3 ශ්‍රේණි චිත්‍ර තරගයෙන් මධ්‍යම පළාත් දෙවන ස්ථානය දිනා ගත් 2 B ශ්‍රේණියේ R.P. මෙතුකි ලෙසන්යා රාජපක්ෂ දියණියටත්, එම වයස් කාණ්ඩයේම කුසලතා සහතික දිනාගත් 2 B ශ්‍රේණියේ W.A. ඔසඳ පින්සර පුතණුවන්ටත්, 4,5 ශ්‍රේණි කුසලතා සහතික දිනාගත් R.P.H. හෙසලි රාජපක්ෂ දියණියටත් උණුසුම් සුබ පැතුම්...! ගිනිගත්හේන මහජන පුස්තකාලයට අපගේ ස්තුතිය...

නිල තරු අභිසෙස් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය... 2020 මැයි මස 20 වැනිදා විද්‍යාලයීය ප්‍රධාන ශාලා වේදී  පවත්වන ලද...
30/05/2025

නිල තරු අභිසෙස් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය... 2020 මැයි මස 20 වැනිදා විද්‍යාලයීය ප්‍රධාන ශාලා වේදී පවත්වන ලදී. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, අඹගමුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, ජී.ජී. ධම්මික සුදත් කුමාර මහතාගේ හා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. විජේන්ද්‍රන් මැතිතුමාගේ සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය. ශිෂ්‍ය නායක නායිකාවන් 44 දෙනකු සඳහා පදකම් ප්‍රදානය මෙහිදී සිදුවිය. 5 ශ්‍රේණියේ සෑම ශිෂ්‍යයකුම නායකයකු ලෙස කිරුළු පැළඳවීමේ විශිෂ්ට ව්‍යවහාරයේ දෙවන අදියර ලෙස 5 B ශ්‍රේණියේ දරුවන් නායකයින් ලෙස පත් කරන ලදී.

පාසලේ ප්‍රවේශ දොරටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දැකුම්කළු අයුරින් පැවතීම දරුවා පාසල කෙරෙහි ආකර්ෂණය වීමටත් , ඉගෙනුම් ක්‍රියාවලි...
29/03/2025

පාසලේ ප්‍රවේශ දොරටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දැකුම්කළු අයුරින් පැවතීම දරුවා පාසල කෙරෙහි ආකර්ෂණය වීමටත් , ඉගෙනුම් ක්‍රියාවලියේ සාර්ථකත්වයටත් හේතුවේ. පාසලේ පිවිසුම් දොරටුව හා අවට සුන්දර සහ ආකර්ශනීය අයුරින් පිළිසකර කර දුන් නිදුක දිල්රුවන් පුතණුවන්ගේ පියා ප්‍රධානව කලිප පුතණුවන්, නෙතුලි දියණියන් ගේ දෙමාපියන්ටත් විද්‍යාලයේ ප්‍රණාමය පුදකර සිටිමු.

Address

Ginigathena

Telephone

+94512242477

Website

Alerts

Be the first to know and let us send you an email when Ginigathhena Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category