Pradeshiya Sabha - Ambagamuwa

Pradeshiya Sabha - Ambagamuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pradeshiya Sabha - Ambagamuwa, Government Organization, 46/3, Hatton Road, Ginigathena.

📚පාඨකයන්ගේ දැඩි ඉල්ලීම මත අඹගමුව ප්‍රාදේශීය සභාවේ Kapila Nakandala මහතාගේ උපදෙස් පරිදි ගිනිගත්හේන මහජන පුස්තකාලය 2026 සැ...
28/08/2026

📚පාඨකයන්ගේ දැඩි ඉල්ලීම මත අඹගමුව ප්‍රාදේශීය සභාවේ Kapila Nakandala මහතාගේ උපදෙස් පරිදි ගිනිගත්හේන මහජන පුස්තකාලය 2026 සැප්තැම්බර් මාසයේ සිට ඉරිදා දිනයේත් විවෘතව තැබීමට පියවර ගනී.

☑️ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් දිවයින පුරා පවත්වනු ලබන ඵලදායීතා තරගාවලියේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ විශිෂ්ටතා කටයු...
25/08/2026

☑️ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් දිවයින පුරා පවත්වනු ලබන ඵලදායීතා තරගාවලියේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ විශිෂ්ටතා කටයුතු අද දින සාර්ථකව ක්‍රියාත්මක විය.🏁

​එහිදී පැමිණ සිටි විනිශ්චය මණ්ඩලය හමුවේ සභාපතිතුමා විසින් ආයතනයේ ඵලදායීතා ඉලක්ක ළඟා කරගැනීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

​අනතුරුව විනිශ්චය මණ්ඩලය විසින් ආයතනයේ සෑම අංශයක්ම විනිශ්චයට ලක් කරමින් ඵලදායීතා ප්‍රමිතියට අනුකූලව කටයුතු සිදුවන්නේද යන්න පිළිබඳ නිරීක්ෂණයක නිරත විය.

​විනිශ්චය අවසානයේ කාර්යාලයේ ඵලදායීතා ප්‍රවර්ධනයට සභාපතිතුමා, මන්ත්‍රී මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ කැපවීම අගය කරන බව ප්‍රකාශ කරන ලදී.

සියලුම අංශවල කාර්ය මණ්ඩලයේ උනන්දුව සහ කැපවීම අගය කරන අතර, අවසන් ජයග්‍රාහකයින් තේරීමට අපි ඉතා ආශාවෙන් බලාපොරොත්තු වන්නෙමු!

14/08/2026
🏛️ ජනතා සේවයට වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන්!​අඹගමුව ප්‍රාදේශීය බලප්‍රදේශයේත්, මස්කෙලිය ප්‍රදේශයේත් ජනතාවගේ පිරිසිදුකම හා ආර...
11/08/2026

🏛️ ජනතා සේවයට වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන්!

​අඹගමුව ප්‍රාදේශීය බලප්‍රදේශයේත්, මස්කෙලිය ප්‍රදේශයේත් ජනතාවගේ පිරිසිදුකම හා ආරක්ෂාව තහවුරු කිරීමට අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඊයේ දින ක්ෂේත්‍ර නිරීක්ෂණයක! 🚜🌾

​මස්කෙලිය රිකාටන් කසළ අංගන පරිශ්‍රයේ ඇති වූ කුඩා නායයෑමේ තත්ත්වය පිළිබඳව සොයා බලා, කඩිනම් විසඳුම් ලබාදීමටත්; එතැන ක්‍රියාත්මක කොම්පෝස්ට් ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමටත් එතුමන්ලා එක්විය.

​එමෙන්ම ජනතාව වෙනුවෙන් කැපවෙන සේවක මහත්ම මහත්මීන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසමින්, ඉදිරි කටයුතු තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට උපදෙස් ලබා දුන්නේය. 🤝🌱

​(ආදායම් පරීක්ෂක මහතා සහ පරිසර නිලධාරී මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලය ද මේ සඳහා එක්විය.)

ජල සැපයුම නැවත යථා තත්ත්වයට! 💧✨​සිදුවීම: අයහපත් කාලගුණයෙන් බිඳවැටුණු ජල මාර්ගය අඹගමුව ප්‍රාදේශීය සභාවේ ආපදා කළමනාකරණ ඒකක...
10/08/2026

ජල සැපයුම නැවත යථා තත්ත්වයට! 💧✨

​සිදුවීම: අයහපත් කාලගුණයෙන් බිඳවැටුණු ජල මාර්ගය අඹගමුව ප්‍රාදේශීය සභාවේ ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී.

​වත්මන් තත්ත්වය: ජල සැපයුම නැවත ප්‍රදේශවාසීන් වෙත සාමාන්‍ය පරිදි ලබාදී ඇත.

​ස්තූතිය: ප්‍රජාව දැක්වූ ඉවසීම සහ ලබාදුන් සහයෝගයට අපගේ ගෞරවනීය ස්තූතිය!

​— අඹගමුව ප්‍රාදේශීය සභා ආපදා කළමනාකරණ ඒකකය

10/08/2026
ජන ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තවත් පියවරක්... 🛑🌳අද දින ගිනිගත්හේන රෝහල් හන්දිය ඉදිරිපිට, රෝහලට ප...
10/08/2026

ජන ජීවිතයේ ආරක්ෂාව වෙනුවෙන් අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තවත් පියවරක්... 🛑🌳

අද දින ගිනිගත්හේන රෝහල් හන්දිය ඉදිරිපිට, රෝහලට පිවිසෙන ප්‍රධාන මාර්ගයට දැඩි තර්ජනයක් මෙන්ම අවදානමක්ව පැවති විශාල ගස කපා ඉවත් කිරීමට අඹගමුව ප්‍රාදේශීය සභාවේ ආපදා කළමනාකරණ ඒකකය විසින් කඩිනමින් කටයුතු කරන ලදී.

ගිනිගත්හේන රෝහල වෙත පැමිණෙන රෝගීන්ගේ, ප්‍රදේශවාසීන්ගේ සහ ගමනාගමනයේ යෙදෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගරු සභාපතිතුමාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම සේවාව ක්‍රියාත්මක විය.

මෙම අවදානම් සහිත මෙහෙයුම සාර්ථක කර ගැනීමට අප වෙත සුවිශේෂී සහයෝගයක් ලබා දුන්,

* CEB ප්‍රයිවට් ලිමිටඩ් (ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය) වෙතත්,
* බූම් රථය (Boom Truck) ලබා දෙමින් සහය දැක්වූ නිලානි දැව ප්‍රවාහන ආයතනය වෙතත්,
* ක්ෂේත්‍රයේ රැඳී සිටි සේවක පිරිස වෙනුවෙන් රසවත් තේ පැන් සංග්‍රහයක් පිරිනමමින් සහය දැක්වූ විනු කුෂන් ආයතනයේ ගරු අධිපතිතුමා වෙතත්,

අඹගමුව ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ ගෞරවපූර්ව ස්තූතිය මෙසේ පිරිනමන්නෙමු! 🙏✨

ජනතාවගේ සුභසිද්ධිය සහ ආරක්ෂාව උදෙසා අප සැමවිටම කැපවී සිටින්නෙමු.

📌 ගිනිගත්තෙන නගරය සහ බස් නැවතුම්පොළ සංවර්ධනය උදෙසා විශේෂ සාකච්ඡාවක්! 🚌✨​ගිනිගත්තෙන නගරයේ යටිතල පහසුකම් නැංවීම සහ මගී ජනත...
08/08/2026

📌 ගිනිගත්තෙන නගරය සහ බස් නැවතුම්පොළ සංවර්ධනය උදෙසා විශේෂ සාකච්ඡාවක්! 🚌✨

​ගිනිගත්තෙන නගරයේ යටිතල පහසුකම් නැංවීම සහ මගී ජනතාව වෙනුවෙන් වඩාත් විධිමත් බස් නැවතුම්පොළක් ස්ථාපනය කිරීමේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2026.08.07 දින අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

​මෙම විශේෂ සාකච්ඡාව සඳහා:

🔹 නුවර එළිය දිස්ත්‍රික්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ,දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ගරු සභහපති මංජුල සුරවිර මැතිතුමන්
🔹 අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභහපති ප්‍රමුක නිලධාරී මන්ඩලය
🔹 ප්‍රාදේශීය ලේකම්තුමා
🔹 නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නිලධාරීන්
🔹 මාර්ග සංවර්ධන අධිකාරියේ (RD) නිලධාරීන්

​ඇතුළු රාජය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Address

46/3, Hatton Road
Ginigathena
20680

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha - Ambagamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share