Yomal Thiwanka Media

Yomal Thiwanka Media සැබෑ ජනතා ආදරය හා ප්‍රසාදය ඉහළම ජයග්‍රහණයයි..! ❤

ජන රජුණිනිදහස්, වෙන්න ‼️පාර්ලිමේන්තුවෙි සරළ බහුතරයකින්  ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම් පණත  සම්මත කර පසු විජේරාමේ ...
10/09/2025

ජන රජුණි
නිදහස්, වෙන්න ‼️

පාර්ලිමේන්තුවෙි සරළ බහුතරයකින් ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම් පණත සම්මත කර පසු විජේරාමේ ගෙදර රජයට මහින්ද භාරදී

ආණ්ඩුව මහින්දගේ ආරක්ෂාවට යොදවා ඇති සියළු භටයන් නතර කර,

රජයෙන් ලබා දී ඇති වාහනයක් තිබෙනම් ඒවා භාරදී

මහින්දට වෛද්‍ය රක්ෂණයක් ආදිය ලබා දී ඇත්නම් එයත් භාරදී.

ජනාධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප ලෙස ජනාධිපතිගේ වැටුපෙන් හිමිවෙන 1/3 කොටසත් කැමැත්තෙන්ම එපා කියා එයත් භාරදී.

මහින්ද නිදහස් වී ජනතාව අතරට එන්නට උවමනාය.

❌ මහින්දට ගෙයක් මහා සංඝරත්නය පින්ඩපාතය වැඩම කර කොළඹින් ලබා දෙනු ඇත්තේය.

මහා සංඝරත්කය මහින්ද හමුවීමට වැඩම කර එවැනි පොරොන්දුවක් මහින්දට ලබා දී ඇත්තේය.❤️

❌ විශ්‍රාම ගිය හමුදාවේ විශේෂ බලකා වල වැනි යුධ විරුවන් කංඩායමක් සකසා ඔවුන් මහින්දගේ ආරක්ෂාවට කැපවෙනු ඇත්තේය.

ඔවුන්ට ඇවන්ගාඩ්,වැනි ජාත්‍යන්තරව ආරක්ෂක සේවාවල යෙදෙන සමාගම් පහසුකම් සපයන්න ඉදිරිපත් වෙනු ඇත.❤️

❌ මහින්දට අවශ්‍ය වාහන දේශීය ව්‍යාපාරිකයන් සපයා දෙනු ඇත.

මීට පෙර එවැනි ව්‍යාපාරිකයන් වාහන අවශ්‍ය නම් සපයන්කට කැමැත්ත පලකරතිබුණි.❤️

❌ මහින්දට වෛද්‍ය ආධාර අවශ්‍ය මොහොතක ඔහුට ඒවා සපයන්න පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික සහ රජයේ නියම සිංහල ජාතිකවාදී වෛද්‍යවරු සහ දානපතියන් ඉදිරිපත්,වෙනු ඇත.❤️

එහෙත් මහින්දට රට ඉදිරියේ සමාව ගත යුතු,තැනක් ඉතුරු වන්නේය

එයට මහින්ද ප්‍රසිද්ධියේ රට ඉදිරියේ ඔවුන්ගෙන් සමාව ගත යුතුය

ඒ මේ රටේ මහින්ද හැර හිටපු ජනපතිවරුන්ගෙන්ය ‼️

විශේෂයෙන් ගෝඨාභයගෙන්ය.

මක් නිසාද හිටපු,ජනාධිපතිවරුනට තමන්ගේ ජනාධිපතිධුරය දැරීම නිසා හිමිවුන වරප්‍රසාද අහිමි වුයේ ජනාධිපති මහින්ද නිසාය මහින්දගෙන් තනිව පලිගන්න බැරිකම හංදාය..‼️

ලෝකයේම මිනිස්සු ඇමරිකන් පුරවැසි කම එහි රැකියාවක් පෞද්ගලික ජීවිතය ගතකිරීම යන්න ලබා ගැනීමට සිහින දකිද්දී

මහින්දගේ කීමට රට ගැන සිතා ඇමරිකන් පුරවැසි කම එහි රැකියා සහ පෞද්ගලික ජීවිතය අතහැර රට පැත්තේ හිට ගත්ත ගෝඨාභයට මහින්ද නිසා ඒ සියල්ල අහිමි විය.⭕

තමන්ගේ ඇහැ රටට දන් දුන් තමන්ගේ දරුවන් ලග රටට නායකත්නය දෙන්න අවශ්‍ය නිසා ඉන්නට අහිමි වු චන්ද්‍රිකාට ලැබුන දෙයක්,ඇත්නම් එයත් අහිමි වුනේ මහින්ද නිසාය.⭕

රණසිංහ ප්‍රේමදාස විවාහ කර නොගත්තා නම් හේමා ප්‍රේමදාස වැන්දඔු වන්නේ නැත ඇයට සැමියා අහිමි වුනේ රටේ ජනාධිපති තනතුර රණසිංහ ප්‍රේමදාස දැරැව නිසාය..⭕

එවැනි අහිමි,වෙන දේවල් නැවත ලබා ගන්නට හිටපු,ජනාධිපතිවරුන්ට දැන් නොහැකිය

ඒ හංදා තනි එක පුද්ගලයෙක් ලෙස 2015 ඉදන් අද දක්වා තනි එක පුද්ගලයෙක් ලෙස මහින්දගෙන් පලි ගන්නට කරන වැඩ නිසා එයිනි අගතියට පත්වෙන මිනිස්සු වෙනුයෙන්

මහින්ද සමාව ගත යුතුය..‼️

ඉදින් ඉන් පසු මහින්ද රජය ඔබට සපයා තිබු වරප්‍රසාද තිබුණත් නැතත්

මේ රට එක්සේසත් කරපු 06 දෙනා අතරින්..,

දුටුගැමුණු විජයබාහු 06 වැනි පරාක්‍රමබාහු

තරමටම ඔබ ජනතාව විසින් ඉතිහාසයට ඔසවා ගෙන යන්නේය.‼️

ඔබට වරප්‍රසාද ආරක්ෂාව නිළ නිවාස අයින් කරා කියලා

මේ රටේ දේශප්‍රේමී මහජනයා ඔබ මහපාරේ,මැරෙන්න හරින්නේද? නැත.

ජනතාවගේ බදු මුදලින් ඔබව ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුවකට වුනාට

ජනතාව බදු නොවන ඔවුන් උපයන මුදලින් අදට වඩා හොදට රැකගන්කට ඉදිරිපත් වී ඉන්නේය.

ඉදින් නිදහස් වෙන්න ‼️

ඔබ නිසා අගතියට පත් වුන අනිත් පස්දෙනාට සමාවෙන්න කියන්න ‼️

ජනතාවගේ රජුන්,වෙන්නට නොහැකි දුර්වලයන් ඔබව රිදවන්න බලන විට

ජනතාව තමන්ගේ රජුන්,ලෙස අදත් ඔසවා ගෙන යන ඔබව

අද මෙන්ම හෙටත් ආරක්ෂා කරනු ඇත ❤️❤️

ජීවිතේ ජයග්‍රහණය ගැන ලස්සන කතාවක්..!🏆️⭕  ඔබ දන්නවද?"මම වැටුනා" කියන එකයි, "මම පැරදුනා" කියන එකයි අතර වෙනස..?⭕  ජීවිතේ ඕන...
30/08/2025

ජීවිතේ ජයග්‍රහණය ගැන ලස්සන කතාවක්..!🏆️

⭕ ඔබ දන්නවද?
"මම වැටුනා" කියන එකයි, "මම පැරදුනා" කියන එකයි අතර වෙනස..?

⭕ ජීවිතේ ඕනෑම මොහොතක අපි වැටෙන්න පුළුවන්.
හැබැයි වැටුනාට පස්සේ නැවත නැගිටින්න උත්සාහ කරන තුරු අපි පරාජය වෙලා නැහැ..!

"මට මේක කරන්න බැහැ, මට බෑ" කියලා එක තැන නතර වුණු මොහොත තමයි අපි ඇත්තටම පරාජය වෙන්නේ.

⭕ එහෙනම්, ඔබත් වැටුනාට පස්සේ නැගිටින්න උත්සාහ කරන්න.
ඒ උත්සාහය තුළ තමයි ජයග්‍රහණයේ ඇත්ත රහස තියෙන්නේ..! 💪✨

සියළු රණශූරයන් අතරින් ශක්තිමත්ම රණශූරයන් වන්නේ " කාලය සහ ඉවසීම" යි.කාලය යනු නොනවතින බලවේගයකි, පවතින සෑම දෙයක්ම හැඩගස්වන ...
26/08/2025

සියළු රණශූරයන් අතරින් ශක්තිමත්ම රණශූරයන් වන්නේ " කාලය සහ ඉවසීම" යි.

කාලය යනු නොනවතින බලවේගයකි, පවතින සෑම දෙයක්ම හැඩගස්වන නිහඬ නමුත් බලවත් රණශූරයෙකි.

කාලයෙහි බලය හඳුනා ගන්නා අය එම ක්‍රියාවලිය විශ්වාස කිරීමට ඉගෙන ගන්නා අතර, සාර්ථකත්වය සහ වෙනස් වීම එක රැයකින් ළඟා කර ගත නොහැකි බව වටහා ගනී.

අනෙක් අතට, ඉවසීම යනු බලාපොරොත්තු හෝ උද්යෝගය නැති කර නොගෙන දුෂ්කරතා, ප්‍රමාදයන් සහ පසුබෑම් විඳදරාගැනීමේ හැකියාවයි.

එය ඉතා ඉක්මනින් අත්හරින අයගෙන් ජයග්‍රහණයට පත් වූවන් වෙන් කරන ගුණාංගයකි.

නිරන්තරයෙන් ක්ෂණික ප්‍රතිඵල ඉල්ලා සිටින ලෝකයක, ප්‍රගතිය මන්දගාමී හෝ අදෘශ්‍යමාන ලෙස පෙනුනත්, ඉවසීම පුද්ගලයන්ට තම අරමුණු සඳහා කැපවීමෙන් සිටීමට ඉඩ සලසයි.

සැබෑ ශක්තිය පවතින්නේ ආක්‍රමණශීලීත්වයේ හෝ කඩිමුඩියේ ගන්නා තීරණ හෝ කරන ක්‍රියාවන්හි නොව, විඳදරාගැනීමේ සහ නොපසුබට උත්සාහය වේ.

අභිලාෂයන් කුමක් වුවත්, අවසානයේ ජයග්‍රහණය කරනු ලබන්නේ කාලය සහ ඉවසීම තම ආයුධය කර ගන්නා අයයි..

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන, අම්බලන්ගොඩ, රජ්ගම, හබරාදුව සහ බද්දේගම යන ආසනවල කොට්ඨාස සංවිධායකවරුන් පත් කිරීම සිදු කර අතර, අම්බලන්ගොඩ ආසන සංවිධායක, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කේ. පුෂ්පලාල් කුමාරසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් හා ගාල්ල දිස්ත්‍රික් නායක නිතීඥ මොහාන් පී. ද සිල්වා මැතිතුමාගේ මගපෙන්වීම අනුව, අම්බලන්ගොඩ ආසන්නයේ ආරච්චිකන්ද කොට්ඨාසයේ කොට්ඨාස සංවිධායක ලෙස මා පත් කර අතර, එහි පත්විම් ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ නාමල් රාජපක්ෂ මැතිතුමා සුරතින් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මැතිතුමා, පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානි ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මැතිතුමා, හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මැතිතුමා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී. වීරසිංහ මැතිතුමා සහ ඉසුරු දොඩම්ගොඩ මැතිතුමා සහභාගී විය.

සතුට මිස දුක මොකට ද..?සෙ‍නහස හා ලෙංගතුකම මහමෙරයි.ස්තුතියි...!ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික නායක නාමල් රාජපක්ෂ මැතිතුමා...
09/06/2025

සතුට මිස දුක මොකට ද..?
සෙ‍නහස හා ලෙංගතුකම මහමෙරයි.
ස්තුතියි...!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික නායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක, රත්ගම ආසන සංවිධායක නිතිඥ මොහාන් පී. ද සිල්වා මැතිතුමාගේ ආශිර්වාදයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ ආසන සංවිධායක කේ. පුෂ්පලාල් කුමාරසිංහ මැතිතුමා මඟ පෙන්වීම අනුව, 2025 - පළාත් පාලන මැතිවරණය සඳහා ආරච්චිකන්ද කොට්ඨාසය නියෝජනය කරමින් අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවට තරඟ කිරීම සඳහා මඟහසර විවිර කරදුන් දේශපාලන නායකත්වයට පළමුව ගෞරව පූර්වකව ස්තූතිය පුද කරමි.

නවක අපේක්ෂකයෙක් හා කොට්ඨාසයේ ලාබාලතම අපේක්ෂකයා ලෙස අසීරු කාලපරිච්ජේදයක ඔබ හමුවට පැමිණි මා වෙනුවෙන් සෙනෙහසේ දෑත දිගුකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හා මා වෙනුවෙන් මනාපය භාවිතා කළ ආරච්චිකන්ද කොට්ඨාසයේ ආදරණීය ප්‍රගතිශීලී ජනතාවට ගෞරවනිය ස්තූතිය පුද කරමි.

මැතිවරණයේ ජය පරාජය කුමක් වුවත්, මා ගම වෙනුවෙන් හා ඔබ සැම වෙනුවෙන් කොන්දේසි රහිතව මට හැකි සෑම අයුරින්ම ඉදිරියටත් ඔබ සැමගේ සුභ සාධනය උදෙසා මට හැකි සේවය සිදු කිරීමට මම ඇප කැප වී ක්‍රියා කරමි. ඒ වෙනුවෙන් ඔබ සැමගේ ලෙංගතු සහයෝගය ද මා ගෞරවයෙන් අපේක්ෂා කරමි.

දේශපාලනයේ පරිණත නායකයන් විශාල ප්‍රමාණයක් අභිමුව අභියෝගාත්මක මොහොතක කාලය හා ශ්‍රමය කැප කරමින් මා කෙරෙහි ඔබ සැම ලබා දුන් ලෙංගතු සහයෝගයට මෙන්ම ආදරයට නැවතත් ස්තූතිය එක් කරමින්, ඔබ සැම මා කෙරෙහි තැබු අපේකම, ගමේකම හා ලෙංගතුකම මෙන්ම සහයෝගය කිසිදා අමතක නොකරමි. ආයෙමත් ඔබ හමුවට පැමිණ ලබා දුන් ලෙංගතු සහයෝගයට හා ආදරයට ස්තූතිය එක් කරමි.

මම
ඔබට ලෙංගතු,

එච්.ඒ.පී. යොමාල් තිවංක,
අම්බලන්ගොඩ ආසනයේ තරුණ පෙරමුණේ සභාපති,
ආරච්චිකන්ද කොට්ඨාස සංවිධායක,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

06/05/2025
29/04/2025

ඔයාගේ ජීවිතයේ "දැල්වෙන"දෙයක් හැමවිටම තියාගන්න.

ඒක ඔයාගේ වෘත්තිය වෙන්න පුළුවන්.

දක්ෂතාවය වෙන්න පුළුවන්.

පෞරැෂය වෙන්න පුළුවන්.

නැත්නම් සුන්දරත්වය වෙන්නත් පුළුවන්..

මොන දේ වුනත් ඔයාගේ ආත්මයෙන් පිටතට දැල්වෙන දෙයක් තියෙන්න ඕනි.
එහෙම නෑ.. කියලා හිතන්න එපා..
හැමවිටම හැම කෙනෙක් තුළම දැල්වෙන දෙයක් දීප්තියක්, ෂයින් එකක් තියෙනවා..
ඒක හරියට හඳුනාගන්න.
එක තමයි වටින්නේ.
එහෙම දැල්වෙද්දී ඔයාගේ ජීවිතය ආලෝකමත් වෙනවා.

ඔයා ඉස්සරහට යන්නේ ඒ බලයෙන් හා
ඒ ආලෝකයෙන්..

27/04/2025

රබර් බෝලයක් වතුර යට තියන්න බැහැ
කොයි මොහොතේ හරි උඩ එනවා.
අවංකකම..මනුස්සකම.. හදුනන

- ආරච්චිකන්ද කොට්ඨාසයේ ජනතාවගේ හිතවතා -

🌟එච්.ඒ.පී. යොමාල් තිවංක🌟

හෙට දවස ඔබේ දවසයි..එන්න.. ශක්තියක් වෙන්න..ගමේකම.. අපේකම.. මනුස්සකම වෙනුවෙන්..අද රටට ගැලපෙන මැද මාවතේ දේශපාලන නායකත්වය.. ...
23/04/2025

හෙට දවස ඔබේ දවසයි..
එන්න.. ශක්තියක් වෙන්න..
ගමේකම.. අපේකම.. මනුස්සකම වෙනුවෙන්..

අද රටට ගැලපෙන මැද මාවතේ දේශපාලන නායකත්වය.. 💛💙

මේක මනුස්සකම එක්ක බැදුණු ගමනක්...

ආරච්චිකන්ද කොට්ඨාසයේ හැමෝම කතා කරන තාරුණ්‍යයේ නායකත්වය එච්.ඒ.පී යොමාල් තිවංක.

පළාත් පාලන මැතිවරණය - 2025.නොවෙනස්වූ ගතානුගතික සම්ප්‍රදායික දේශපාලන රටාවෙන් මිදුණු රටක් ❤️කඩතොලු පාරෙන් මිදුණු අලුත් මඟක...
23/04/2025

පළාත් පාලන මැතිවරණය - 2025.

නොවෙනස්වූ ගතානුගතික සම්ප්‍රදායික දේශපාලන රටාවෙන් මිදුණු රටක් ❤️

කඩතොලු පාරෙන් මිදුණු අලුත් මඟක් 🤝

තරුණ ජවයක් සහිත පළපුරුදු තරුණ නායකත්වයක් සොයන සුවහසක් ජනතාව උදෙසා විශ්වාසනීය නැවුම් තරුණ ජවසම්පන්න නායකත්වයක් කරා 💪
දකුණුලක අග නගරය වූ ගාලු පුර ආරච්චිකන්ද කොට්ඨාසයේ ඔබ වෙනුවෙන් 🥰

මනුසත් කමින් දහවත් පිරුණු...
රටට අවැසි..
ගමට හිතැති..
මනුදම් පිරි..
ඔබයි මිනිසා හඳේ රැඳෙනා..

එච්.ඒ.පී. යොමාල් තිවංක.

Address

Lansiyaduwa Watta, Baddegama Road
Gonapinuwala
80230

Telephone

+94776065490

Website

Alerts

Be the first to know and let us send you an email when Yomal Thiwanka Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yomal Thiwanka Media:

Share