SJB Habaraduwa

SJB Habaraduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SJB Habaraduwa, Political organisation, Galle, Habaraduwa.

උණුසුම් සුභ පැතුම්
21/11/2024

උණුසුම් සුභ පැතුම්

20/11/2024

මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කරන්න හේෂා ආණ්ඩුවෙන් ඉල්ලයි

"පුවත් පතක සදහන් වුණා මන්ත්‍රිවරන්ගේ වරප්‍රසාද හතක් පිළිබඳ සඳහන් වෙලා තිබුණා. ඒ වරප්‍රසාද හත ඉවත් කරන බවට වුණ පොරොන්දුව තමයි ජාතික ජනබලවේගයේ ජනවරම තුළ තිබෙන්නේ.
මේ වරප්‍රාසද නතර කිරිම වෙනුවෙන් විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙනවා. මගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.

අනුර දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මව කේන්ද්‍ර කරගෙන කාරණ කිහිපයක් ඉදිරිපත් කළා. ඒ කාරණ පැය 24 ක් තුළ ඉවත් කරන බව ඔහු සඳහන් කළා නමුත් තවම ඉවත් කරලා නෑ. හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පැය 24 ක් තුළ ඉවත් කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් තවමත් ඉවත් කරලා නැහැ. ඒ නිසා මුලින්ම ඒ වරප්‍රසාදය ඉවත් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මම සහ හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ආහාර ලබාගැනිම ප්‍රතික්ෂේප කරලා ලිඛිතව ලිපියක් භාර දුන්නා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා වෙනුවෙන්ම පාර්ලිමේන්තුව තුළ ආහාර සැකසිම සිදුකරනවා. නමුත් ඇතැම් දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතා අඩු ප්‍රමාණයක් තමයි පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ලබා ගන්නා අවස්ථා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවට ආරක්ෂක විදුලි පහන් හතර ඉවත් කරන බව සඳහන් වුණා එය වහාම ඉවත් කරන්න කටයුතු කරන්න. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන උදැසන සහ දිවා ආහාර සම්පුර්ණයෙන් නතර කළ යුතුයි. අවශ්‍යනම් මුදල් ගෙවලා මන්ත්‍රීවරුන්ට කැම ලබාගැනීමේ වටපිටාවක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන දහයක ණයක් ලබාදෙනවා. එය අවශ්‍ය වෙන්නේ නැ එය සම්පුර්ණයෙන් නතර කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදෙන ආරක්ෂාව නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම වර්තමානයේ කැබිනට් ඇමැතිවරු පොලොවේ පය ගහලා වැඩ කරපු ඇමැතිවරු සිටින්නේ. ඒ නිසා ඔවුන්ට කොළඹ සුපිරි නිවාස අවශ්‍ය වෙන්නේ නැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට සාධාරණයක් කරමින් ඇමැතිවරුන්ට ලබාදෙන නිවාස කුලි පදනම මත ලබාදිලා ඒ මුදල් මහපොළ අරමුදලට ලබා දෙන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා.

ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට ලක්ෂයක මුදලක් ලබාදිලා තිබෙනවා. ඒ මුදල අවශ්‍ය වෙන්නේ නෑ. ඒ මුදල් කපා හැරලා මන්ත්‍රිවරයෙකුගේ මුලික වැටුප ලබා දිමට කටයුතු කරන්න. නැතිනම් ඒ මුදලත් නොමැතිව ගරු සේවයක් බවට පාර්ලිමේන්තුව පත් කරන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. ඒ වගේම අනෙකුත් දිමනා නරත කර ජනතාවට පොරොන්දු වුණ ආදර්ශය ලබාදෙන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා.

ඒ වගේම මදිවෙල නිවාස මන්ත්‍රිවරුන්ට ලබානොදෙන්න කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිවාස විශ්ව විද්‍යාල දරුවන්ට නේවාසිකාර ලෙස ලබාදෙන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලිමක් කරනවා. ඊට වඩා හොද යෝජනාවක් රජයට හෝ ජනාධිපතිවරයාට තිබෙනවානම් එය ක්‍රියාත්මක කරන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා.

ඒ වගේම රක්ෂණ ආවරණය ලෙස මන්ත්‍රිවරුන්ට ලක්ෂ දහයක මුදලක් ලබා දෙනවා. නමුත් පසුගිය ආණ්ඩුව ඒ මුදල් ප්‍රමාණය වැඩි කර ගත්තා. ඒ රක්ෂනාවරණය වහාම නරත කරන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප පැය විසි හතරෙන් ඉවත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් එය සිදුවෙලා නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප වහාම අහෝසි කරන්න කටයුතු කරන්න කියලා සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම පර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට කතා කිරිමට තිබෙන නිදහස අහිමි කරන්න කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මන්ත්‍රිවරයෙකුට සමාජය තුළ දකින ප්‍රශ්න කෙරෙහි මාධ්‍ය ඉදිරියේ සිදුකරන්න බැරි කාරණා පාර්ලිමේන්තුව තුළ කියන්න හැකියාව තිබෙනවා. එය නියාමනය කළ යුතුයි. මන්ත්‍රිවරුන්ගේ ප්‍රභුත්වය නැති කරලා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කියන තැන ආරක්ෂා කළ හැකි මන්ත්‍රිවරු හදන සැබැ අපේක්ෂාවක් අනුර දිසානායක ජනාධිපතිවරයාට තිබෙනවානම් ඒ සඳහා සමගි ජන බලවේගය ශක්තිය දෙන්න සුදානම්.

මේ කියපු කාරණාවලින් බොහෝමයක් ඉටු කරන්න ආණ්ඩුවේ මන්ත්‍රිවරු සුදානම් නැහැ. අනුර දිසානායක ජනාධිපතිවරයාට පුලුවන් නම් මේ වරප්‍රසාද ඉවත් කරන බවට වන පොරොන්දුව ජනතාවට ලබාදෙන්න කියලා සමගි ජනබලවේගයේ අපි ඉල්ලා සිටිනවා"

මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා .

19/11/2024

රට වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඉටු කරන්න සජබ කටයුතු කරනවා

"විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයට පත්වන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ අනුව රට වෙනුවෙන් විශාල කාර්යය භාරයක් රට වෙනුවෙන් ඉටු කරන්න විපක්ෂය ලෙස සමගි ජනබලවේගයට අවස්ථාව උදා වෙලා තිබෙනවා.ජනාධිපතිවරයා සිටින , තුනෙන් දෙකක බලයක් තිබෙන පක්ෂයක් සමඟ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යය ඉටු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරනවා. ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය , ආරක්ෂා කර ගනිමින් ඒ කාර්යය ඉටු කරන්න අපි කටයුතු කරනවා."

මේ බව කියා සිටියේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .

14/11/2024
11/11/2024
විජයග්‍රාහි ජන රැළිය - කිරුළපන ☎️✖️සැප්තැම්බර් 11 වන දින ප.ව 04.00 ටලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී
10/09/2024

විජයග්‍රාහි ජන රැළිය - කිරුළපන ☎️✖️
සැප්තැම්බර් 11 වන දින ප.ව 04.00 ට
ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී

මහනුවර ශක්තිය☎️✖️☎️✖️☎️✖️
10/09/2024

මහනුවර ශක්තිය
☎️✖️☎️✖️☎️✖️

Address

Galle
Habaraduwa
80130

Website

Alerts

Be the first to know and let us send you an email when SJB Habaraduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share