Divisional Secretariat Panduwasnuwara West

Divisional Secretariat Panduwasnuwara West Divisional Secretariat Panduwasnuwara West

පඬුවස්නුවර බටහිර හා නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා  ATG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන “පඬුපුරෙන් මිහිමවට” පැළ දස දහ...
02/09/2026

පඬුවස්නුවර බටහිර හා නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ATG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන “පඬුපුරෙන් මිහිමවට” පැළ දස දහසක් රෝපණය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද දිනය පුරා
මුණමල්දෙණිය සාම ව්‍හාරය,
මුණමල්දෙණිය වේලුවන අසපුව,
මල්වානේගෙදර ශ්‍රි පුෂ්පාරාම ව්හාරය,
ඇහැටුමුල්ල මුස්ලිම දෙවස්ථානය,
මුණිහිරිගම වෙරගල ව්හාරය,
හෙට්ටිපොළ දේවස්ථාන යන ආගම්ක ස්ථානවලදී පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් නුවන් තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් හා ATG ආයතනයේ නිලධාරීන්ගේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් නුවන් තිලකරත්න මහතාගේ ‌මෙහෙයවීම මත කාර්යාලයීය සේවක මහත්ම මහත්මීන්ගේ රසවින්දනය දියුණුකර...
02/09/2026

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් නුවන් තිලකරත්න මහතාගේ ‌මෙහෙයවීම මත කාර්යාලයීය සේවක මහත්ම මහත්මීන්ගේ රසවින්දනය දියුණුකරනු වස් සංස්කෘතික අංශය මඟින් සංවිධානය කළ "කවි දහයට ගී දහයක්" වැඩසටහන කථිකාචාර්ය රන්දික රාජපක්ෂ මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගියදා කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.මෙහිදී කාර්යාලයීය ගායන වෘන්දය ගීත ගායනයෙන් සහය විය.

මෙවපර අ.පො.ස. උසස් පෙල විභාගයට මුහුණ දුන් දුවා දරුවන්ගේ ඉදිරි උසස් අධ්‍යාපනය හා වෘත්තීය ජීවිතය පිළිබඳව මඟ පෙන්වීමේ අරමුණ...
31/08/2026

මෙවපර අ.පො.ස. උසස් පෙල විභාගයට මුහුණ දුන් දුවා දරුවන්ගේ ඉදිරි උසස් අධ්‍යාපනය හා වෘත්තීය ජීවිතය පිළිබඳව මඟ පෙන්වීමේ අරමුණින් පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මාර්ගෝපදේශන වැඩසටහන 2026.09.07 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. සැමට ආරාධනා!

අප කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ලෙස සේවය කරමින් සිට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත පඬුපුර බටහිර පවුලෙන් සදහටම සමුගත්...
26/08/2026

අප කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ලෙස සේවය කරමින් සිට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත පඬුපුර බටහිර පවුලෙන් සදහටම සමුගත් හිමාලි නදීකා මහත්මියට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සහෝදර කාර්‍ය මණ්ඩලය

14/08/2026
Clean Sri Lanka - අත්තම වැඩසටහන 2026/08/08 ජාතික පවිත්‍රතා දින වැඩසටහන යටතේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ...
14/08/2026

Clean Sri Lanka - අත්තම වැඩසටහන 2026/08/08

ජාතික පවිත්‍රතා දින වැඩසටහන යටතේ පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "අත්තම"වැඩසටහන 2026.08.08 දින කඩවලගෙදර ග්‍රාමයේදී සමාරම්භ වූ අතර හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හෙට්ටිපොළ සිට හම්මාලිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස පිරිසිදු කිරිම,කසළ කළමනාකරණය ,අවශ්‍ය ස්ථාන වල රුක් රෝපණය මෙහිදී සිදු කෙරිණි. මේ සඳහා ප්‍රදේශීය ලේකම්තුමන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකත්වය සහභාගී විය.

2025 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ජාතික වැඩමුළුවේ සමස්ත ලංකා ජයග්‍රහණ ලද පඬුවස්නුවර බටහිර කොට්ඨාසයේ දැහැමි දෙව්මිණි, ළ...
14/08/2026

2025 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ජාතික වැඩමුළුවේ සමස්ත ලංකා ජයග්‍රහණ ලද පඬුවස්නුවර බටහිර කොට්ඨාසයේ දැහැමි දෙව්මිණි, ළිහින් මින්සර, තිසුලි හේරත් යන දරුවන් අගය කිරීමේ උලෙළ පසුගියදා දිග්ගලගෙදර ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරාධිපති, දේවමැදි හත්පත්තුවේ උපප්‍රධාන සංඝනායක, පූජ්‍ය වහන්තරේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මැතිතුමන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් දිග්ගලගෙදර ශ්‍රී මේධංකර දහම් පාසලේ දී සිදු කෙරිණි.
පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදේශකත්වයෙන් කාර්‍යාලයේ සිප් සවිය පදනමේ අනුග්‍රහයෙන් ජයග්‍රාහී සිසු දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානයක් ද සිදු කෙරිණි .

Address

Hettipola
Hettipola

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:29
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

0372291038

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Panduwasnuwara West posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share