Mahara Pradeshiya Sabha

Mahara Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahara Pradeshiya Sabha, Government Organization, Pahalakaragahamuna, kadawatha.

The Mahara Pradeshiya Sabha jurisdiction is bounded by Ja Ela, Wattala, Kelaniya Divisional Secretariat Divisions in the West, Attanagalla and Dompe Divisional Secretariat Divisions in the East, Gampaha Divisional Secretariat Division in the North, and By

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ වෙසක් මංගල්‍යට සමගාමීව සංවිධාන කළ සම්බුද්ධරශ්මි 2026 වෙසක් කලාපය ඊයේ දින ඇරඹිණි.මෙම...
31/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ වෙසක් මංගල්‍යට සමගාමීව සංවිධාන කළ සම්බුද්ධරශ්මි 2026 වෙසක් කලාපය ඊයේ දින ඇරඹිණි.

මෙම වෙසක් කලාපය සර්වඥ ධාතු ප්‍රදර්ශනය, වෙසක් පහන් කූඩු තරඟය, බැති ගී සරණිය, දර්ශනීය වෙසක් තොරණ ඇතුළු අංග රැසකින් සමන්විත අතර වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් දන්සල් ද සංවිධාන කර ඇත.

ඊයේ දිනයෙන් ඇරඹී හෙට දින ඇතුළුව පුරා දින 3 ක් පුරාවට පැවැත්වෙන මෙම වෙසක් කලාපයේ සමාරම්භක අවස්ථාව සඳහා මහා සංඝරත්නය, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධුරංග මහතා, මහර ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල කළුආරච්චි මහතා ඇතුළු මන්ත්‍රි මණ්ඩලයද මහර ප්‍රාදේශිය සභාවේ ලේකම් මංජුලා සමන්ති මහත්මිය ඇතුළු නිලධාරි මණ්ඩලයද , ආරක්ෂක අංශ ප්‍රධානීන්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන්, ව්‍යාපාරිකයින් සහ මහර, කඩවත, බියගම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ නන්දෙසින් පැමිණි ජනතාව එක්ව සිටියහ.

" පින්බර ධර්ම දේශනාව - සිත්පහන් කල මොහොතක් " තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු තෙමගුල සිහිපත් කරමින් මහර ප්‍රාදේශිය සභාව...
29/05/2026

" පින්බර ධර්ම දේශනාව - සිත්පහන් කල මොහොතක් "

තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු තෙමගුල සිහිපත් කරමින් මහර ප්‍රාදේශිය සභාවේ අංක 03 උප කාර්යාලයේ කාර්යභාර නිලධාරී හා සේවක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සුමධුර ධර්ම දේශනය 2026.05.27 වන දින ඌරුවල් පේරුව උප කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.

මහර ප්‍රාදේශිය සභාවේ අංක 01 උප කාර්යාලයේ කාර්යභාර නිලධාරී හා සේවක මණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සව් දන්සල ...
29/05/2026

මහර ප්‍රාදේශිය සභාවේ අංක 01 උප කාර්යාලයේ කාර්යභාර නිලධාරී හා සේවක මණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සව් දන්සල 2026.05.27 වන දින ප.ව 2.30 සිට මහර ප්‍රාදේශිය සභා පරිශ්‍රය ඉදිරිපිටදී සාර්ථකව පවත්වන ලදි.

සම්බුද්ධරශ්මී 2026 මහර වෙසක් කලාපය සමඟ බැති සිතින් එක්වෙමු!🙏දර්ශනීය මෙන්ම නිර්මාණාත්මක වෙසක් කූඩු ඉදිරිපත් කිරීම සඳහා දැ...
19/05/2026

සම්බුද්ධරශ්මී 2026 මහර වෙසක් කලාපය සමඟ බැති සිතින් එක්වෙමු!🙏

දර්ශනීය මෙන්ම නිර්මාණාත්මක වෙසක් කූඩු ඉදිරිපත් කිරීම සඳහා දැන්ම අයදුම් කරන්න, අවසාන දිනය මැයි මස 20 වන දින

වෙසක් මස 30, 31 සහ පොසොන් මස 01 වන දින...

කඩවත උසාවි සංකීර්ණය අසල මාර්ගයේදී...




සම්බුද්ධරශ්මී 2026 මහර වෙසක් කලාපය සමඟ බැති සිතින් එක්වෙමු!🙏✨ කප් සිටුවීමේ මංගල්‍යය  මැයි මස 13 වන දින උදෑසන 09.06 ට කඩව...
12/05/2026

සම්බුද්ධරශ්මී 2026 මහර වෙසක් කලාපය සමඟ බැති සිතින් එක්වෙමු!🙏

✨ කප් සිටුවීමේ මංගල්‍යය මැයි මස 13 වන දින උදෑසන 09.06 ට කඩවත උසාවි සංකීර්ණය අසල පරිශ්‍රයේදී... ✨

✨ සත්කර්මයෙන් සමාජය ආලෝකමත් කරන කප් සිටුවිමේ මංගල්‍යයට බැති සිතින් සැවොම එක්වෙමු ✨




සාම පා ගමන මහරට වැඩවිම අප්‍රේල් 27   #මහර
26/04/2026

සාම පා ගමන
මහරට වැඩවිම අප්‍රේල් 27

#මහර

🔴දිවයිනේ පළාත් පාලන ආයතන 341ම ඩිජිටල්කරණට පියවර මහා නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රදේශීය සභා 276ක් වන මෙරට පළාත් පාලන...
22/04/2026

🔴දිවයිනේ පළාත් පාලන ආයතන 341ම ඩිජිටල්කරණට පියවර

මහා නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රදේශීය සභා 276ක් වන මෙරට පළාත් පාලන 341ම සේවා සැපයීම් හා ගෙවීම් මාර්ගගත ක‍්‍රම ඔස්සේ සිදුකිරීමට හැකි ආයතන තත්ත්වයට පත්කිරීම සඳහා වන ඩිජිටල්කරණ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වනවා.

ඒ වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ අනුව යමින්.

එම වැඩසටහන වඩා වේගවත් කිරීමටත් එම පහසුකම් දෝෂ රහිත, වඩා පහසු, ඉක්මන් හා ලාභදායී සේවාවන් ලෙස ජනතාවට සමීප කිරීමටත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (20) කොළඹ, යූනියන් පෙදෙස, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණා.

ඒ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

බදු ගෙවීම්, සේවා ලබාගැනීම සඳහා සිදුකරන වෙන්කරවා ගැනීම්, ජල බිල්පත් ගෙවීම්, බලපත‍්‍ර හා සහතික ලබාගැනීම්, වීදි ලාම්පු නඩත්තුව හා කළමනාකරණය, රථ ගාල් වෙත සිදුකරන ගෙවීම්, පැමිණිලි යොමු කිරීම් ආදී සියලූ සේවා හා ගෙවීම් පළාත් පාලන ආයතන වෙත පැමිණීමකින් තොරව සිදු කරගැනීමට හැකිවන තත්ත්වයට පත්කිරීම මෙහි අපේක්ෂාවයි.

එමෙන්ම පළාත් පාලන ආයතනයන්හි සිදුවන නාස්තිය, දූෂණය අවම කිරීමත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල හරහා සිදුවනවා.

නෝට්ටු හා කාසි භාවිතය අවම කරගනිමින් වැඩි වශයෙන් ඩිජිටල් පද්ධති හරහා ගනුදෙනු කිරීම මගින් එක් රැස්වන දත්ත ඔස්සේ ආර්ථිකය චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබීම රටක් ලෙස ඉදිරි සැලසුම් කිරීම් හා තීරණ ගැනීම් සඳහා ද විශාල සහායක්.

පළාත් පාලන ආයතන වෙත කිසිඳු වියදම් දැරීමකින් තොරව මෙම පහසුකම් ලබාදී සියලූම පළාත් පාලන ආයතන මධ්‍යගත හා ඒකාබද්ධ වූ පද්ධතියකට එක් කරගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ එක් එක් පළාත් පාලන ආයතන වෙන් වෙන් වශයෙන් විවිධ තාක්ෂණික විසඳුම් මේ වෙනුවෙන් නිර්මාණය කරගෙන තිබුණ ද මේ වන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින්, කිසිදු රාජ්‍ය නොවන බාහිර පාර්ශ්වයක් සමග සම්බන්ධ නොවී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට හැකිවී ඇති නිසාවෙනුයි.

එමෙන්ම මීට පෙර පළාත් පාලන ආයතන සියල්ලම එකට එකතු කරගනිමින් ක්‍රියාත්මක වූ පොදු වැඩපිළිවෙලක් නොතිබීම නිසාත් පළාත් පාලන ආයතන මධ්‍යගත හා ඒකාබද්ධ වූ පද්ධතියකට එක් කරගැනීමට හැකිවී තිබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව දිරිගැන්වීමේ ත්‍යාග හා ප්‍රතිලාභ සහිත ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ශ‍්‍රී ධනපාල ඇතුළු අමාත්‍යාංශ ද්විත්වයේම නිලධාරී මහත්ම මහත්මීන්, ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) හා ලංකා පේ (LankaPay) නියෝජිත මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්වුණා.
READ MORE >>> https://www.itnnews.lk/afsk

සියලු ජනතාවට සෞභාග්‍යයෙන්, සතුටින්,සැනසීමෙන් සහ සෞඛ්‍යයෙන් පිරිසමෘද්ධිමත් නව වසරක් ලැබේවායිහෘදයාංගම සුභාශිංසන පිරිනමමි.එ...
14/04/2026

සියලු ජනතාවට සෞභාග්‍යයෙන්, සතුටින්,
සැනසීමෙන් සහ සෞඛ්‍යයෙන් පිරි
සමෘද්ධිමත් නව වසරක් ලැබේවායි
හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.
එකමුතුවෙන් ඉදිරියට යමින්
අපගේ ප්‍රදේශය තවත් සංවර්ධනය කරගැනීමට
නව අවුරුද්ද ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරමි. 🌸
— සභාපති
මහර ප්‍රාදේශීය සභාව

මහර ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන් ඇරඹෙන ස්වයං රැකියා පාඨමාලාව අප්‍රේල් 02 පෙරවරු 10:00ට මහර ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්ය...
29/03/2026

මහර ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහයෙන් ඇරඹෙන ස්වයං රැකියා පාඨමාලාව අප්‍රේල් 02 පෙරවරු 10:00ට මහර ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්වේ
ඔබ සැමට ආරාධනා ...!!!

හිරිපිටිය මහජන ක්‍රීඩාංගනයට රාත්‍රී කාලයේ ශරීරික සුවතා කටයුතුවල නිරත වන්නන්ගේ පහසුව වෙනුවෙන්සෝලා ලයිට් පද්දතියක් එක්කරන ...
23/03/2026

හිරිපිටිය මහජන ක්‍රීඩාංගනයට රාත්‍රී කාලයේ ශරීරික සුවතා කටයුතුවල නිරත වන්නන්ගේ පහසුව වෙනුවෙන්
සෝලා ලයිට් පද්දතියක් එක්කරන ලදී !!

Address

Pahalakaragahamuna
Kadawatha
11850

Opening Hours

Monday 08:00 - 16:45
Tuesday 08:00 - 16:45
Wednesday 08:00 - 16:45
Thursday 08:00 - 16:45
Friday 08:00 - 16:45

Alerts

Be the first to know and let us send you an email when Mahara Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share