03/08/2026
කලවාන ඩිප්ඩීන් දෙමළ විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය...
කලවාන ඩිප්ඩීන් දෙමළ විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය අද දින (2026.08.03) පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා ද සහභාගි වූහ.
එමෙන්ම කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත සුමිත් සෝමදාස මහතා,පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.